Steve Jobs ගේ ජීවිතය ඇසුරෙන් වන අප්‍රසිද්ධ පාඩම් ගැන මෙම ලිපිය මීට පෙර ඉදිරිපත් කල ලිපියේ දෙවැනි කොටසයි. පෙරලිපිය කියවූයේ නැත්නම්, මෙතැනින් පලමු ලිපිය කියවන්න.
නිහඩ සේවය
Steve Jobs බොහෝ දෙනෙක් හදුනා ගන්නේ ව්‍යාපාරිකයෙක් ලෙස පමණයි. ඇතැම් විට ඔහු මුදල් හා ව්‍යාපාර පිලිබදව සිතූ පුද්ගලයෙක් ලෙසත් ඇතැමුන් හදුන්වනවා. නමුත් ඔහුගේ ජීවිතයේ තිබෙන අප්‍රකට කරුණක් තමයි, ඔහු නිහඩව බොහෝ ආධාර උපකාර ලබා දුන් කෙනෙක් කියන කාරණය.
ආධාර කිරීම පිලිබද Steve දැරූ ප්‍රබල මතය තමයි, ආධාර කරනවානම්, එය නිහඩව හා අප්රසිද්ධව කල යුතුයි කියන දේ. මොකද ඔහු බොහෝ සෙයින්ම බුදුදහමේ ඇති, අපේක්ෂාවකින් තොරව අත් හැරීමට හා ධානය දීමට හුරු විය යුතුයි යන්න විශ්වාස කලා.
දුෂ්කර ආරම්භය
Steve Jobs කියන්නේ ඔහුගේ දෙමාපියන් විසින් හදා වඩා ගැනීමට ලබා ගත් දරුවෙක්. එමෙන්ම ආර්ථික දුශ්කරතා හමුවේ ජීවත් වුන දරුවෙක්. ඔහු ආහාර වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයා ගැනීමට හිස් කෝක් බෝතල් එකතු කිරීම පවා තරුණ කාලයේදී සිදු කලා.
ඔහුගේ එම දුෂ්කර ආරම්භය සහ දුෂ්කර තත්වයන්ට හුරු වූ මානසිකත්වය, ව්‍යාපාර ලෝකයේ සිදු වූ බිදවැරීම් නිසි අයුරින් දරාගෙන ඉදිරියට යාමට ලොකු පිටිවහලක් වුනා.
I-Pad තහනම
Steve Jobs කියන්නේ තමන්ගේ දරුවන්ට iPad සහ iPhone භාවිතා කිරීම තහනම් කල පියෙක්. ඔහු එයට හේතු ලෙස දැක්වූයේ ඇබ්බැහි වීම වැලැක්වීම කියන කාරණය. ඔහු සෑම විටම දරුවන්ට විනයක් සහිතව තාක්ෂණය භාවිතා කිරීමට හුරුවෙන තෙක් තාක්ෂණය සීමා කිරීම සිදු කලා.
ජීවිතය ලිවීම
Steve Jobs තමන් දිනෙක මිය යන බව දැනගෙන ජීවත් වූ කෙනෙක්. ඒ නිසාම ඔහු ජීවත්ව සිටියදීම, Walter Isaacson සමග ඔහුගේ ජීවිතයේ සැබෑ තත්වයන් සාකච්චා කිරීම සිදු කලා. ඔහුගේ අවශ්‍යතාවය වුනේ, තමා මියගිය පසුත් තම ජීවිතයෙන් ඉගෙන ගත හැකි දේවල් නිවැරැදිව සටහන් කර තැබීම.
මොකද ඔහු සෑම විටම සාම්ප්‍රධායිකව ලබන අධ්‍යාපණයට වඩා, අත්දැකීම් තුල නිර්මාණය වන අධ්‍යාපණය මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන බව දැඩිව විශ්වාස කලා.
වැඩ කරන්නට අමාරු මිනිසෙක්
Steve Jobs ඉතාම සුවිශේෂී මිනිසෙක් ලෙස බොහෝ දෙනෙක් හදුනා ගත්තත්, ඔහු වැඩ කිරීමට ඉතාම අසීරි ප්‍රධානියෙක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඔහු සෑම විටම උපරිම නිමාව අපේක්ෂා කල නිසා, ඔහු සමග වැඩ කිරීම සේකයන්ට මානසික වශයෙන් පීඩා කාරී අත්දැකීමක් වුනා.
නමුත් ඔහුගේ ඒ චරිත ස්වභාවය නිසා තමයි, සෑම විටම ඔහුගේ ආයතන සමස්තය අභිබවා ගියේ. එය තේරුම් ගත් පිරිස පමණක් ඔහු සමග යහපත් සම්බන්දතාවයන් ගොඩනගා ගත්තා.
යෝගා ආහාර
ඔහු සෑම විටම ආහාර ගැනීමේදී ඉන්දියානු යෝගා හා වෛදික දැනුම් පද්ධතීන් තුල වන ආහාර රටාවන් අනුගමනය කලා. ඔහු සෑම විටම, පලතුරු, ස්වභාවික එලවලු හා කජු වර්ග වැනි දේ ආහාර ලෙස භාවිතා කලා.
විශේෂයෙන්ම මේ ආහාර රටාවන් මානසික සමබරතාවය රැක ගනිමින් ජීවත් වීම අරමුණු කරගෙන ඉන්දියානු සංස්කෘතිය තුල භාවිතා වෙනවා.
සටහන,
චතුස්ක අමරසේකර
(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)
මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.
Comments