top of page
Writer's pictureChathuska Amarasekara

The Untold Stories#1 - Steve Jobs

Steve Jobs කියන්නේ අපි කාටවත් අලුතෙන් හදුන්වලා දෙන්න ඕනේ චරිතයක් නෙමේ. හැබැයි අපි ඔහු ගැන දන්න දේවල් වලට වඩා ඔහු ගැන නොදන්න දේවලුත් ඕනෑ තරම් තිබෙනවා. මේ ලිපිය Steve Jobs ගේ ජීවිතයේ නොදන්නා පැත්ත සහ ඒ හරහා අපිට අපේ ජීවිතය වෙනස් කරගන්න උගත හැකි පාඩම් ගැන.


Calligraphy පන්තිය

අපි බොහෝ දෙනෙක් දන්න කරුණක් තමයි, Steve Jobs කියන්නේ Drop out කෙනෙක් කියන දේ. එහෙමත් නැත්නම් අතර මත අධ්‍යාපනයෙන් උවත් වුන කෙනෙක් කියන එක. නමුත් බොහෝ දෙනෙක් නොදන්න කරුණ තමයි ඔහු රීඩ් විද්‍යාලයේ අධ්‍යාපණය අතර මග නතර කලාට, ඔහු නතර කලේ තමන් අකමැති දේවල් ඉගෙන ගන්න එක කියන දේ.


ඔහු අධ්‍යාපණය අත හැර දැමුවත්, ඔහු කැමති දේ උගන්වන පන්තිවලට ගිහින් ඉදගෙන සිටීම ඔහු දිගටම කලා, ඒ අතර Calligraphy පන්තිය විශේෂයි. Calligraphy කියන්නේ හැඩ අකුරු අධ්‍යනය කියන එක.


මේ විදිහට විවිධ රටාවන්ට අකුරු ලියන එක Steve ට මහ පුදුම කරුණක් වුනා. ඔහු නොනවත්වාම මේ රටාවන් අධ්‍යනය කලා. පසු කාලීනව, ඒ ඉගෙන ගත් දේ Apple පරිගණක තුල ඔහු භාවිතා කලා. (ඇතැම් විට ඒ කාලයේ ඇපල් පරිගනක තුල වූ අක්ෂර රටාවන් එයට කොතරම් සුවිශේෂී බවක් ගෙන දුන්නාද යන්න ඔබටත් මතක ඇති) එය Apple පරිගණක සමස්තය අභිබවා ගිය විශේෂ දෙයක් කරන්න ලොකු දායකත්වයක් ලබා දුන්නා.


සමහර වෙලාවට අපි හිතන්නේ නැති දේවල්, හිතන්නේ නැති විදිහට අපේ ජීවිතයට වැදගත් වෙනවා. ඒ නිසා, තමන් ආස කරන දේවල් ඉගෙන ගන්න, වෙනස් දේවල් ඉගෙන ගන්න පොඩි වෙලාවක් හැම දවසකම වෙන්කර ගන්න.


සමහර දේවල් අනාගතයට ඍජු බලපෑමක් කරන බව නොපෙන්නුවාට ඒ දේවල් නොහිතනා තැන් වලදී අපිට වැදගත් වෙනවා. ඒ වගේම ඒවා සාමාන්‍ය තත්වයන් අභිබවා යන්න අපිට උදව් වෙනවා.


 Pixar පරිච්චේදය

අපි බොහෝ දෙනෙක් Steve Jobs ගැන කතා කරන්නේ Apple එක්ක විතරයි, නමුත් ඔහු Pixar තුල කල පරිවර්ථනය ඇපල් තුල කල දේවල් වලට කිසි සේත්ම දෙවැනි නෑ.


Pixar කියන්නේ ඒකාලයේ පරිගණක දෘඩාංග, එහෙමත් නැත්නම් Computer Hardware ආයතනයක්, ඒ වගේම යහමින් "පාඩු ලැබූ" ආයතනයක්.


Steve Jobs මේ ආයතනය සජීවීකරණ චිත්‍රපට නිර්මාණය කරන ආයතනයක් ලෙස උඩු යටිකුරු කලා. ඒ වගේම ඔහු Pixar පරිපූර්ණත්වයේ සංකේතයක්, එහෙමත් නැත්නම්, කරන වැඩේ උපරිම විදිහට කරන ආයතනයක් ලෙස ව්‍යාපාර ලෝකයේ ස්ථාන ගත කලා.


ඒකට තියෙන හොදම උදාහරණයක් තමයි Toy Story! Toy Story චිත්‍රපටය, කීප වතාවක්ම Steve ට අවශ්‍ය ප්‍රමිතියට නැති නිසා ඔහු එලි දැක්වීම පමා කලා.


Steve මෙහෙම කරන්න හේතුව තමයි, අලුත් දෙයක් කරනකොට ඒක උපරිමයෙන් නොකලොත්, පසුව එය අභිබවා යන දේවල් තරගකරුවන් විසින් නිර්මාණය කරන්න පටන් ගන්නවා. නමුත්, මුලින්ම කරන දේ උපරිමයෙන් කලොත්, තරගකරුවන් අතර වැඩි කාලයක් කැපී පෙනෙන්න අපිට සුවිශේෂී හැකියාවක් ලැබෙනවා.


Think Different දැන්වීම

Think Different දැන්වීම කියන්නේ බොහෝ දෙනෙක් ඇපල් වැලදගත්ත සුවිශේෂී තැනක්. Steve Jobs ඇපල් ආයතනයෙන් ඉවත් කලාට පස්සේ, ඇපල් ක්‍රියාත්මක වුනේ සාම්ප්‍රධායික ලාභය අරමුණුකරගත් ආයතනයක් විදිහට. 1990 කාලයේදී එය තරගකාරීත්වයත් එක්ක ටිකක් අමාරුවෙන් ඇදගෙන ගිය ආයතනයක් වුනා. නමුත් 1997 දී Steve නැවත ඇපල් ආයතනය බාර ගන්නවාත් සමග, ඔහු මේ Think Different කියන සංකල්පය ආයතනයේ වගේම පාරිබෝගිකයන්ගේත් සංස්කෘතිය බවට පත් කලා.


වෙනස් විදිහට හිතන, ලෝකය වෙනස් කරන්න පුලූවන් කියලා හිතන, අමුතු මිනිස්සුන්ගේ ආයතනයක් විදිහට ඔහු ආයතනෙයේ Culture එක වෙනස් කලා. ඔහු බොහොම සූක්ෂම විදිහට මිනිසුන්ගේ හිත අභ්‍යන්තරයේ තියෙන සමස්තයෙන් වෙනස් වීමට ඇති ආශාව තමන්ගේ ව්‍යාපාරය සමග බද්ධ කලා.


එයම තමයි අදටත් ඇපල් විශේෂ වෙන්න හේතුව. අදටත් ඇපල් දුරකතන බොහෝ මිනිසුන් මිලදී ගන්නේ එය ඇපල් නිසා...එහෙම නැතුව එහි තියෙන පහසුකම් නිසාම නෙමෙයි.


ඒ නිසා අවශ්‍යතා හා උවමනා වෙනුවට, හැගීම් වලට භාන්ඩ හා සේවා ඉදිරිපත් කිරීම කියන දේ කොතරම් ප්‍රබලද කියන දේ Steve Jobs මේ දේ හරහා ලෝකයට පාඩමක් ලෙස ඉගැන්වුවා.


Steve Jobs ගැන දෙවැනි ලිපියෙන් හමුවෙමු.


සටහන,

චතුස්ක අමරසේකර

(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)


 

මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.

113 views

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Sep 27
Rated 5 out of 5 stars.

Great artical.I Thanks Chathuska Sir for writing this artical for us🙏🏻

Like
bottom of page