top of page

මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #1 : Reciprocity


ree

Reciprocity කියන්නේ මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය, එහෙමත් නැත්නම් මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කර විකිණීම කියන කාරණයේදී භාවිතා වන ඉතාම වැදගත් සංකල්පයක්.


මෙහිදී සරලවම සිදුවෙන දේ තමයි, ඔබේ පාරිබෝගිකයාගේ විකුණුම් තීරණයට ප්‍රති උපකාර කිරීම කියන හැගීම හරහා දිරිමත් කිරීම් ලබා දීම.


ඒ කියන්නේ සාමාන්‍යයෙන් බහුතරයක් මිනිසුන් තුල තියෙන සාමාන්‍ය ස්වභාවික තත්වය තමයි, තමන්ට උපකාරයක් කල කෙනෙක්ට ප්‍රතිඋපකාරයක් කල යුතුයි යන හැගීමක් ඇතිවීම. මෙහිදී සිදුවෙන්නේ අන්න ඒ ප්‍රතිඋපකාර කල යුතු බවට වන හැගීම මිලදී ගැනීමේ තීරණයකට බලපාන විදිහට සැලසුම් කරලා, ඒ හරහා පහසුවෙන් විකුණන්න පුලුවන් තත්වයක් නිර්මානය කර ගැනීම.


මේ දේ කරන්න පුළුවන් විවිධ ක්‍රම රාශියක් තියෙනවා. මේ ගැන අදහසක් ඇතිකර ගැනීම වෙනුවෙන් ඒ අතරින් කීපයක් මම ඔබට සටහන් කරන්නම්.


01. විකුණුම්කරුවෙක් වීමට පෙර පාරිබෝගිකයෙක් වීම

ඔබේ පාරිබෝගිකයා ව්‍යාපාරිකයෙක්නම්, ඔබට පුළුවන් ඔහුට යමක් විකුණන්න කලින්, ඔහුගෙන් යමක් මිලදී ගන්න, එහෙමත් නැත්නම් ඔහුට ගණුදෙනුවක් කර ගන්න හෝ ලාභයක් උපයා ගන්න අවස්ථාවක් ලබා දෙන්න. එහිදී ඔහුට ඔබව දැනෙන්නේ ඔහුට උපකාරයක් කල කෙනෙකු විදිහට, ඒ නිසා දෙවැනි අවස්ථාවේදී ඔබ යමක් ඔහුට විකුණන්න උත්සාහ කරන විට බෑ කියන්න බැරි ස්වභාවයක් ඔහු තුල නිර්මානය වෙනවා.


02. ත්‍යාග ලබා දීම

ඔබ දැක ඇති ඇතැම් ආයතන තමන්ගේ පාරිබෝගිකයින්ට සහ පාරිබෝගිකයින් කරගන්න උත්සාහ කරන අයට උපන්දින හෝ වෙනත් විශේෂ අවස්ථාවන් සදහා තෑගී බෝග, විදේෂ සංචාර වගේ දේවල් ලබා දෙන ආකාරය. මේ හරහාත් විකුණන්න උත්සාහ කරන අවස්ථාවේදි ඉතාම පහසුවෙන් මිලදී ගැනීමේ තීරණයක් වෙත පාරිබෝගිකයින්ව මෙහෙයවීමේ හැකියාවක් නිර්මාණය කරගන්න පුලුවන්.


03. විපතේදී පිහිට වීම

මෙහිදී සිදුවෙන්නේ, පාරිබෝගිකයා යම් අසීරු අවස්ථාවක සිටින විට ඒ වෙනුවෙන් උදව් කර, ප්‍රතිඋපකාර කිරීමේ හැගීම නිර්මානය කිරීම. උදාහරණයක් ලෙස පාරිබෝගිකයා අසීරුවෙන් සිටින විට වට්ටම් ලබා දීම, සහන හෝ ණය ලබා දීම වැනි දේ මෙයට ඇතුලත් වෙනවා.


04. නොමිලේ වටිනා දේ ලබා දීම

බොහෝ විට මේ උපක්‍රමය අධ්‍යාපණ වැනි ක්ෂේත්‍ර තුල භාවිතා වෙනවා. විශේෂයෙන්ම වටිනා දැනුම නොමිලේ ලබා දීම, නොමිලේ වැඩමුලු පැවැත්වීම වැනි දේ හරහා පාරිබෝගිකයා තුල ප්‍රතිඋපකාර ලබා දීමට ඇති හැගීමක් ගොඩනගා, තම සේවා විකුණන අවස්ථාවේදී පහසුවෙන් ඔවුන්ව මිලදී ගැනීමේ තීරණ වෙත පෙලබවීමක් කිරීම මෙහිදී සිදුවෙනවා.


මේ වගේ විවිද ආකාර වලින් Reciprocity කියන දේ ඔබේ විකුණුම් ක්‍රියාවලිය තුල භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා නිර්මාණශීලීව හිතලා, ඔබට ගැලපෙන ආකාරයෙන් Reciprocity ඔබේ විකුණුම් ක්‍රියාවලිය තුලත් අත් හදා බලන්න.


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප පිලිබද මේ ලිපි මාලාව අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම Psychological Selling පාඨමාලාව හැදෑරූ අයට ලබා දෙන අමතර කියවීමක් ලෙසට. ඔබ තවම Psychological Selling පාඨමාලාව ආවරණය කලේ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතැන Click කරන්න



 
 
 

Comments

Rated 0 out of 5 stars.
Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page