top of page

මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #7 : Story Telling

මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කළ අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත.


මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් විකිණීමේදී ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි උපක්‍රමයක් තමයි Story Telling කියන්නේ.


මේ Story Telling කියන දේ ඔබට ඔබේ Sales Pitch එක ඇතුළට සාර්ථකව රැගෙන එන්න පුළුවන් නම්, පාරිභෝගිකයාගේ හැඟීම් ඔබට වඩාත් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. ඒ හරහා ඔබට පාරිභෝගිකයා ඔබට අවශ්‍ය තීරණය ගන්නා තැනට පත් කර ගන්න වඩාත් සුදුසුයි.


Story Telling කරන්නේ කොහොමද?

Story Telling කියන්නේ ඉතාම සරල දෙයක්. ඔබ මෙතැනදී කරන්න ඕනේ දේ වෙන්නේ, විකිණීමකට අදාළ යමක් පැවසීමේදී එය කතාවක් ලෙස පැවසීම.


උදාහරණයක් ලෙස ඔබ ජංගම දුරකථනයක් විකුණනවා කියලා හිතමු.

එතැනදී ඔබට මේ දුරකථනයේ ඉතාම ඉහළ තත්ත්වයේ කැමරාවක් තියෙනවා කියලා කියනවා වෙනුවට, ඔබට කියන්න පුළුවන්,


"මමත් මේක පාවිච්චි කරනවා Trip එකක් යනකොට Photo ගන්න, මේකෙන් ගන්න Photo මාර Quality" වැනි දෙයක්.


එතැනදී පාරිභෝගිකයාට ඔබ කියන දේ හිතට යන ප්‍රමාණයත්, ඒ වගේම ඔබ කියන දේ විශ්වාස කරන ප්‍රමාණයත් ඉතාම සුවිශේෂී මට්ටමකින් වැඩි වෙනවා.


මාස කීපයකට කලින් මගේ පුද්ගලික උපදේශන සේවාවලට සම්බන්ධ වන රක්ෂණ නිලධාරියෙක් ඔහු සේවාවේ ගුණත්වය ගැන කොතරම් පැහැදිලි කළත්, පාරිභෝගිකයන් රක්ෂණ වන්දි ලැබෙයිද කියන දේ ගැන සැකයෙන් බලනවා යැයි සඳහන් කළා.


එහිදී මම ඔහුට උපදෙස් දුන්නේ, ඔවුන් නිසි පරිදි වන්දි ගෙවීම කරන බව නොකියා, ඔහුගේ පාරිභෝගිකයින්ට වන්දි ගෙවූ අවස්ථා ගැන කියන්න කියලා.


ඒ නිසා, ඔහු එතැන් පටන්, "පසුගිය දවසක ඔය වගේම ගැටලුවක් වෙලා මම කතා කරලා දවස් දෙකෙන් වන්දිය අනුමත කරලා දුන්නා" වැනි දේවල් Sales Pitch එකට ඇතුළත් කළා.


ඒ නිසාම ඔහුට බොහොම පහසුවෙන් පාරිභෝගිකයින්ගේ සිත් දිනා ගැනීම කළ හැකි වූ බව පසුව ඔහු මට සඳහන් කළා.


ඒ නිසා මේ Story Telling කියන දේ කොතරම් දුරට ඔබේ Sales Pitch එකට ඇතුළත් කරගන්න පුළුවන්ද කියන දේ කල්පනා කරලා, අවශ්‍ය වෙනස්කම් කරගන්න කටයුතු කළොත්, විකිණීම කියන දේ ඔබට වඩාත් පහසු දෙයක් බවට පත් කරගන්න පුළුවන් වේවි.


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප පිලිබද මේ ලිපි මාලාව අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම Psychological Selling පාඨමාලාව හැදෑරූ අයට ලබා දෙන අමතර කියවීමක් ලෙසටයි.

ඔබ තවම Psychological Selling පාඨමාලාව ආවරණය කලේ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතැන Click කරන්න


댓글

별점 5점 중 0점을 주었습니다.
등록된 평점 없음

평점 추가
bottom of page