සාර්ථකත්වය යනු මානසික තත්වයකි. එය ඇතැම් විට ඇබ්බැහි වීමට අපහසු මත්ද්‍රවයක් වැනිය. බොහෝ දෙනෙකුට සාර්ථකත්වයට ඇබ්බැහි වීම අපහසුය නමුත් එයට ඔබ ඇබ්බැහි වුවොත් එය ඔබ කිසි දිනෙක අත් නොහරිනු ඇත.
මතට ඇබ්බැහි වූ මිනිසෙක් දෙස බලන්න, බැලූ බැල්මට ඔහු කුමකට හෝ ඇබ්බැහි වී ඇති බව අපට කිව හැකි වනු ඇත. ඔහුගේ චර්යාවන්, කතා බහ අදී සියල්ල වෙනස් වනු ඇත. එමෙන්ම සාර්ථකත්වයට ඇබ්බැහි වූ මිනිසුන්ද එසේමය ඔවුන් තුලද අනෙක් මිනිසුන්ට වඩා බොහෝ වෙනස් කම් දැකිය හැක. පහත කරුනු ඔබ තුලත් යම් ප්රමානයකින් හෝ ඇත්දැයි බලන්න. එසේනම් ඔබත් සාර්ථකත්වයට ඇබ්බැහි වෙමින් පවතී.
1. ඔවුන් සෑම විටම විශාල සිහින හා බලාපොරොත්තු සමග ජීවත් වේ . එමෙන්ම එය සැබෑවක් කර ගත හැකි බව දැඩිව විශ්වාස කරයි.
2. අනෙක් සියල්ලටම වඩා තමාගේ ශක්තිය පිලිබදව විශ්වාස කරයි. කිසිවක් තම ගමනට බාදාවක් ලෙස නොසලකයි. බාදක අභියෝග ලෙස සිතයි. ඒවා ජය ගෙන ඉදිරියට යාමෙන් විශාල තෘප්තියක් ලබයි.
3. සිහින හා ඉලක්ක වෙන් වෙන්ව හදුනා ගනී. ලිඛිත නිශ්චිත ඉලක්ක ඇත.
4. සෑම දිනක් සදහාම සැලැස්මක් ඇත. ලගා කර ගැනීමට දෛණික ඉලක්ක ඇත. සෑම දිනක් අවසානයේම සාර්ථකත්වය මැන බැලීමේ පුරුද්දක් ඇත.
5. කාලය හැකි පමන ඉතිරි කර ගැනීමටත්, සෑම විටම තම කාලය සැලසුම් කල පරිදි සාර්ථකත්වය වෙනුවෙන් වැය කරයි.
6. අනෙක් සියල්ලටම වඩා සාර්ථකත්වය ගැන කතා කරන්නට, අසන්නට, දකින්නට, කියවන්නට ඇලුම් කරයි.
7. දින සැලසුම් හා දිනපොත් නැතිවම බැරි බව හැගේ
8. කියවන දේ හි, ඇසුරු කරන පුද්ගලයන් පිලිබද, අසනු ලබන දේ පිලිබදව, නරබන රූපවාහිනී හා චිත්‍ර පට වැනි දේ පිලිබදව දැඩි තත්ව පාලනයක් ඇත.
9. දැඩි තීරන ගනී. කල හැකි දේ වෙනුවට කල යුතු දේ පිලිබද සිතයි. බොහෝ විට බහුතර මිනිසුන් දරන මතයට එරෙහි වේ. එමෙන්ම ප්‍රතිවිරුද්ද ආකාරයෙන් ක්‍රියා කරයි. ( සියල්ල දෙස වෙනත් කෝනයකින් දකී, සෑම දෙයක් තුලම සිදිවිය හැකි ප්රථිඵලයන් මුලින් දකී)
10. කියවීමට, දැනුම ගවේෂණයට ප්‍රිය කරයි.
11. අනෙක් සියලු දෙනා අභිබවා ගිය කැපවීමකින් යුතු වේ.
12. අනුන්ගේ වැරැද්ද දකී, එමෙන්ම ඒ සදහා තමන්ට කල හැකි දේ කුමක්ද යන්න සිතා වගකීම බාර ගැනීමට පෙලබේ.
13. සුවපහසු බවට වඩා නිදහස අගය කරයි. අපහසු යයි කියා තම ඉලක්ක අත් නොහරී.
14. ජීවිතයේ සියලු අංශ වල සමබර තාවයක් ඇති කර ගනී. සියලු දේ විශිෂ්ඨ ලෙස සාර්තක කර ගැනීමට අසීමිතව වෙහෙසේ.
15. නිදහසට කරුනු නැගීම අප්‍රිය කරයි.
16. සෑම අසුභ දෙයක් තුලම ධනාත්මක දෙයක් සොයා ගනී. එය ජීවිතයට එක්කර ගනී.
තවත් කාලය නාස්ති නොකර සාර්ථක වෙන හැටි හරියටම ඉගෙන ගන්න
* සාර්ථකත්වය වෙනුවෙන් සිතුවිලි හා ආකල්ප වෙනස් කරන ආකාරය
* හිතේ තියෙන බලාපොරොත්තු නිවරැදිව ඉලක්ක බවට පත්කරන ආකාරය
* ආර්ථිකය, ආදරය හා පවුල් සබදතා, සෞඛ්‍ය වෙනුවෙන් නිවරැදිව ඉලක්ක පිහිටුවීම
* ඉලක්ක වෙනුවෙන් දිගු කාලීන කෙටිකාලීන සැලසුම් සකස් කිරීම
* සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දින සැලසුම් සැකසීම.
* සාර්ථකත්වය වෙනුවෙන් තමා ජීවත් වෙන පරිසරය සකසා ගැනීම
සහ තවත් බොහෝ දේ උදාහරණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙන ගන්න. Winners Lounge Goal Setting & Planning Guide Pack එක ඔබත් අදම ඇනවුම් කරන්න
වැඩි විස්තර සදහා පිවිසෙන්න > Goal Setting Guide Pack
Comments