top of page
Writer's pictureChathuska Amarasekara

ආකර්ෂණයේ නීතියෙන් එහාට යටි සිතේ බලය 02 (සිතන දේ ලැබෙන බලය)

Updated: Jun 3, 2022



මේ ලිපිය අපි කලින් ඉදිරිපත් කල " ආකර්ෂණයේ නීතියෙන් එහාට යටි සිතේ බලය 01" ලිපියට සම්බන්දයි, ඒ නිසා, මේ ලිපිය හරියටම තේරුම් ගන්න නම් ඔබ ඒ ලිපිය කියවන්නම ඕනේ. ඒ නිසා, ඔබ ඒ ලිපිය කියවූයේ නැත්නම්, මේ ලිපිය කියවන්න කලින් " ආකර්ෂණයේ නීතියෙන් එහාට යටි සිතේ බලය 01" ලිපිය කියවලා මේක කියවන්න පටන් ගන්න.


මේ ලිපියෙන් අපි ඍජුවම කතා කරන්නේ Manifesting කියන දේ ගැන. Manifesting කියන්නේ, අපේ මානසික ක්‍රියාකාරීත්වය පමණක් භාවිතා කරලා අපිට අවශ්‍ය දේවල් අපේ ජීවිතය තුල නිර්මාණය කර ගැනීමේ හැකියාවකට.


සරලවම කිව්වොත් මේ කියන්නේ අපි හිතන දේ ඉබේම අපිට ලැබෙන තත්වයක් ගැන.


මේකත් Law of Attraction ගැන කතා කරන බොහෝ දෙනෙක් ඉවක් බවක් නැතුව පාවිච්චි කරන, ගොඩක් අඩුපාඩු තියෙන සංකල්පයක්. ඒ වගේම ඇතැමුන් බොරු කියලා බැහැර කරන, ඒ වගේම ඇතැමුන් අගක් මුලක් නොදැන විශ්වාස කරන අදහසක්.


පෞද්ගලිකව මම මගේ ජීවිතයේ Manifesting ගැන කතා කරලා තියෙන්නේ, ඉතාම සුවිශේෂී කන්ඩායමක් වෙනුවෙන් කල එකම එක පුහුණු වැඩසටහනකදී විතරයි, අනිත් බොහෝ වැඩසටහන් වලදී මම කියන කතාව වුනේ, මේ වගේ දේවල් ගැන හිතන්නේ නැතුව, ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්න කියන කතාව.

මම එහෙම කිව්වේ, Manifesting කියලා දෙයක් නැති නිසා නෙමෙයි, , Manifesting කියන්නේ ඉතාම ප්‍රායෝගික විශයක්, විශේෂයෙන්ම තන්ත්‍ර වැනි දැනුම් පද්දතීන් තුල ඒ තත්වයන් දක්වා මනස දියුණු කල යුතු ආකාරය ගැන පැහැදිලි ඉගැන්වීම් තිබෙනවා.


බොහෝ වෙලාවට පසු කාලීනව බටහිර සුබවාදී චින්තකයින් මේ දේවල් අහුල ගත්තේ මේ වේදීක දැනුම් පද්දතියේ කොටස් වලින් කියන දේ අපිට බැලූ බැල්මට පෙනෙනවා.


කෙසේ වෙතත් මේ ගැන මම මේ ගැන වැඩිය කතා නොකරන්න එක විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුවෙන්ම මම මේ ලිපිය පටන් ගන්නම්...අපි මේ පැහැදිලි කිරීම පුංචි කතාවකින්ම ආරම්භ කරමු මොකද, ඒක මේ දේ සරලව තේරුම් ගන්න ඔබට ගොඩක් වැදගත් වෙයි.


මෙන්න මෙහෙමයි කතාව,


එක්තරා පුද්ගලයෙක්ට දවසක්, තමන්ගේ සිත දියුණු කිරීමේ ආශාවක් ඇති වුනා, ඒ නිසා ඔහු ගියා ඒ පිලිබද තමන්ට ඉගැන්විය හැකි මනස දියුණු කල ගුරුවරයෙක් ලගට.


මෙන්න මෙහෙම ඉන්නකොට, දවසක් මේ ගුරුවරයා තමන්ගේ මේ අලුත් ශිෂ්‍යාට, තමන්ගේ ආශ්‍රමයේ තියෙන රහස් තැනක් ගැන සදහනක් කලා. ඒ තමයි කල්ප වෘක්ෂය. (කල්ප වෘක්ෂය කියන්නේ සිතන සිතන දේ ක්ෂණිකව ලබා දෙන්නට හැකි, දිව්‍යමය බලයක් ඇති ගසකට )


මේ වෘක්ෂය තියෙන තැන මේ ගුරුවරයා මේ ශිෂ්‍යාට පෙන්වූවත්, ඔහු මේ ශිෂ්‍යයාට තදින් අවවාද කලා කිසිම දවසක තමන් උපදෙස් දෙන තෙක් එතැනට වැරැදීමකින් වත් නොයන ලෙසට.


නමුත් මෙය දැකපු දවසේ සිට මේ ශිෂ්‍යයාට මෙතැනට යන්න ඉවසීමක් තිබුනේම නෑ.


ඒ නිසා ඔහු දවසක් තමන්ගේ ගුරුවරයාට හොරෙන්, ඔහු ආශ්‍රමයේ නැති වෙලාවක් බලලා, මේ කල්ප වෘක්ෂය ලගට ගියා.


ගිහින් ඔහු හිතුවා රසවත් කෑම වේලක් ගැන, එක් වරම ඔහු හිතපු විදිහේ කෑම වේලක් ඔහු ඉදිරියේ මැවෙන්නට පටන් ගත්තා.


ඔහුට පුදුම හිතුනා, මීලගට ඔහු හිතුවා, රසවත් බීමක් ගැන, එක් වරම එය ඔහු ඉදිරියේ මැවෙන්නට පටන් ගත්තා.


ඔහුට හරි පුදුමයි


ඊට පස්සේ ඔහුට එක පාරටම හිතුනා මේ දේ වෙන්නේ කොහොමද කියන දේ ගැන කුතුහලයක්.


ඒ එක්කම ඔහුට මතක් වුනා තමන්ගේ ගුරුවරයා තමන්ට වැරැදීමකින්වත් එතැනට ලගා වෙන්න එපා කියපු කතාව. ඔහුට හිතුනා මේකේ යම් කිසි බූත ආත්මයක්වත් ඉන්නවාද දන්නේ නෑ කියලා. මේක හිතෙනවාත් එක්කම බූතයෙක් ඔහු ඉදිරියේ පෙනෙන්නට පටන් ගත්තා.


ඔහු ඒ දේ දැක්ක ගමන්ම බය වුනා, ඒතකොට ඔහුට හිතුනා, මේ බූතයා දැන් මට කරදරයක් කරයිද දන්නේ නෑ කියලා. එතකොටම ඒ බූතයා ඔහුට පහර දෙන්න ගත්තා.


මේ පහර දීමෙන් ඔහු තවත් බය වුනා, ඔහුට හිතුනා මේ බූතයා ඔහුව මරන්න හදන බව, ඒ සමගම බූතයා ඔහුව මරා දැම්මා.


ටික වෙලාවකට පස්සේ මේ පුද්ගලයාගේ ගුරුවරයා ආශ්‍රමයට ආවා. එහිදී ඔහු දැක්ක කල්ප වෘක්ෂය ලග මිය ගිහින් ඉන්න තමන්ගේ අලුත් ශිෂ්‍යයාව.


ඔහු ඉන්පසු සියල්ලටම කලින් තමන්ගේ අනිත් ගෝලයින් එතැනට රැස් කරලා මේ සිදුවීම පෙන්නලා අපූරු පාඩම්ක් කියලා දුන්නා...


ඒ තමයි, මනා පාලනයකින් තොර මනසක් සහිත කෙනෙක් කල්ප වෘක්ෂය ලගට ගියොත්, සිතන ඕනෑම දෙයක් ලබා දෙන ඒ දිව්‍යමය බලයම ඔහුගේ විනාශය රැගෙන එනවා කියන පාඩම.

Manifesting කියන්නේ ඇත්තටම බොරුවක් නෙමේ, අපිට අපේ මනස තුල වෙන යම් යම් දියුණු තත්වයන්ට ලගා වුනාම, මේ දේ කල හැකියි. මේ මොහොත වෙනකොටත් එවැනි හැකියාවන් සහිත මිනිසුන්, ඒ වගේම ඒ දේවල් වෙනුවෙන් පුහුණු වෙන මිනිසුන් ලෝකයේ ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා.


නමුත් අපි ඒ ශක්තීන් භාවිතයට ගන්නවානම්, එතැනට ලගා වෙන්න කලින් මනස තුල ගොඩනැගිය යුතු තත්වයන් රාශියක් තියෙනවා.


එහෙම නැතුව අපි මේ දේවල් කරන්න ගියොත් අපිට සිද්ද වෙන්නේ, හොරෙන් කල්ප වෘක්ෂය ලගට ගිය කෙනාට වුන දේම තමයි.


ඒ නිසා, සාමාන්‍යයෙන් සක්‍රීය නොවුන මානසික ශක්තීන් සක්‍රීය කර ගන්නවා නම්, පියවර වශයෙන්, හරි පදනම් සකස් කර ගනිමින්, පිලිවෙලට ඉදිරියට යන එක වැදගත්.


මොකද Manifesting කියන්නේ ගොඩක් සිත් ඇදගන්නා සුලු දෙයක්. ඉතින් එතැනදී ඒ දේවල් ඉගෙන ගත්තාට පස්සේ, ඔබ ඒ වෙනුවෙන් සූදානම් වුනත් නැතත් ඒවා නොකර ඉන්න ඔබට හිතෙන්නේ නෑ. හැබැයි අනවශ්‍ය මානසික මට්ටමක ඉන්න කෙනෙක් ඒ ඇතැම් අභ්‍යාස වලට යොමු වුනොත්, ඒ වගේම හරි සූදානමක් නැතුව ඒ වෙනුවෙන් යොමු වුනොත් ඒක ගැටලුවක් වෙන්නත් පුලුවන්.


අන්න ඒ නිසා මනස දියුණු කරන්න, මනසේ සැගවුනු අමුතු ශක්තීන් අවදි කරගන්න ඔබටත් ආශාවක් තියෙනවානම්, ඒ වැඩේ පියවර වශයෙන් දිරියට යන එක වැදගත්.


ඒ වෙනුවෙන් අවශ්‍ය මූලිඛ තත්වයන් දියූනු කරගෙන මානසික ශක්තීන් අවදි කර ගැනීමේ ගමනට ආරම්භයක් ගන්න හැටි ගැන, "ආකර්ෂණයේ නීතිය" පොත තුල මම පැහැදිලි කරලා තියෙනවා


එහි පලමු ලිපියේ සදහන් කල ආකාරයටම ඔබේ මනසේ තියෙන ඔබ භාවිතා නොකරන කොටස භාවිතයට ගැනීම වෙනුවෙන් අවශ්‍ය දොරටු විවර කරගන්න සකස් කල විශේෂ පියවර 7ක් ගැන උපදෙස්, ඒ වගේම ඒ දේවල් ක්‍රියාත්මක කරන්න දින 90ක සැලසුම් ආදී සියල්ල ඇතුලත්.


එතැනින් පටන් ගන්න. මොකද මනස තුල වන ශක්තීන් කොතරම් ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඒක ඔබට අත්දැකීමක් විදිහට ලබන්න බැරිනම්.


මොකද ඔබේ සිත කියන්නේ ඔබට ඇති වටිනාම වස්තුව, එය එතරම්ම ප්‍රබලයි, ඒ නිසා එහි ශක්තියෙන් වැඩ ගන්න පටන් ගන්න පුලුවන් නම්, ඔබේ ජීවිතය නියත වශයෙන්ම, ඔබ මෙතෙක් අත්වින්දාට වඩා බොහෝ සෙයින් වෙනස් එකක් බවට පත් වෙනවා.


ඒ වගේම මේ යටි සිතේ බලය ගැන කතාකරන ලිපි මාලාවේ මීලග ලිපියෙන් මම ඔබට කියලා දෙනවා, තවත් වටිනා මාතෘකාවක් ගැන,

ඒ තමයි, මේ යටි සිතේ බලය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි, මේ වගේ දේවල් කරන්න පුලුවන් නම්, ඒ මාර්ගය දන්න මිනිස්සුත් ඉන්නවානම් ඇයි ඒ මිනිස්සුන්ට මේ ලෝකයේ අති සාර්ථක මිනිසෙක් ලෙස, ඒ වගේම ලෝකයේ ලොකුම ධනවතුන් ලෙස ඉන්න බැරි කියන කාරණය.


අපි ඒ ගැන මීලග ලිපියෙන් ඔබට කියලා දෙන්නෙම්, මොකද ඒක ඔබේ මනස වෙනම මානයකට රැගෙන යන දෙයක්.


අපි මීලග ලිපියෙන් නැවත හමුවෙමු!


ආකර්ෂණයේ නීතිය පොත තවමත් කියවූයේ නැත්නම්, මෘදු පිටපතක් ලෙස බාගත කර ගැනීම වෙනුවෙන් පහත සබැදියට පිවිසෙන්න.



වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්.


ඒ වෙනුවෙන් 👉 +94764393624 අංකයට පහතින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න

205 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page