top of page

ආකර්ෂණයේ නීතියෙන් එහාට "යටි සිතේ බලය" 01 - ආකර්ෂණයේ නීතිය හා සිතේ බලය ගැන ඇත්ත කතාව

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Jun 3, 2022



වේද දැනුම් පද්දතිය තුල නිසි ආකාරයෙන් දියුණු කල මිනිස් මනස හදුන් වන්නේ "කල්ප වෘක්ෂය" වැනි දෙයක් විදිහට, කල්ප වෘක්ෂය කියන්නේ, සිතන ඕනෑම දෙයක් ලබා දෙන්නට හැකි දිව්‍යමය බලයක් ඇති ගසකට.


සරලවම සදහන් කලොත් මෙහි අදහස තමයි, නිසි අයුරින් දියුණු කල මනසක් සහිත පුද්ගලයාට ජීවිතේ ලගා කරගත නොහැකි දෙයක් නෑ කියන අදහස.


මෙන්න මේ ආකාරයෙන් වන මිනිස් සිතේ විශ්මිත ශක්තීන් පිලිබද, ඒ වගේම එම ශක්තීන් අවදි වීමත් සමග මිනිස් ජීවිතේ සිදුවන පුදුම සහගත වෙනස් කම් පිලිබදව, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක් 1974 වසරේදී විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කලා.


ඒ වගේම ඔවුන් මේ පරීක්ෂණ වාර්ථාව 1976 වසරේදී නිල වශයෙන් නිකුත් කලා.


මෙහිදී ඔවුන් ඉදිරිපත් කල අපූරු කරුණක් තමයි, සැබෑවටම මානසික ශක්තීන් දියුණු කල මිනිසෙක්ට, ඔහුගේ ජීවිතයට පමණක් නෙමෙයි, ඔහු වටා සිටින, ආසන්න වශයෙන් සිය දෙනෙකුගේ පමණ ජීවිත වලට ප්‍රබල බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා කියන කාරණය.


ඔවුන් මෙය වඩාත් ගැබුරින් පරික්ෂා කිරීම වෙනුවෙන් කල පරීක්ෂණය තමයි, මේ ආකාරයෙන් මානසික ශක්තීන් දියුණු කල මිනිසුන් ඇමරිකාවේ විවිද ප්‍රදේෂ වලට යවමින්, ඒ ප්‍රදේශ වල ඔවුන් ජීවත් වෙන කාලය තුල, එම ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන් තුල සිදුවන වෙනස් කම් සූක්ෂමව අධ්‍යයනය කිරීම.


මෙතැනදී ඔවුන්ට පෙනී ගිය කරුණ තමයි, මෙම මානසික ශක්තීන් දියූණු කල මිනිසුන් එම ප්‍රදේශ වල ජීවත් වෙන කාලය තුල එම ප්‍රදේශ වල, අපරාද සිදුවෙන ප්‍රමාණය වේගයෙන් පහල වැටීම, හදිසි අනතුරු සිදුවන ප්‍රමාණය පහල වැටීම, ආර්ථික දියුණුව වේගයෙන් ඉහල යාම, ලෙඩ රෝග අඩුවීම, මිනිසුන් තුල වන සතුට සාමය වැනි දේ ප්‍රබල මට්ටමකින් ඉහල යාම වැනි විවිද වෙනස් කම් ඉතාම ප්‍රබල මට්ටමකින් සිදුවනවා කියන එක.


ඒ වගේම ඔවුන් එම ප්‍රදේශ වලින් ඉවත් වූ විට නැවතත් එම දත්ත සාමාන්‍යයෙන් පැවැති තත්වයටම පත්වෙනවා කියන එක.

ඒ වගේම මේ තත්වය ඇමරිකාවේ තිබෙන, අතිශය දරුණු මිනිසුන් ජීවත් වෙන, නීති විරෝදී කටයුතු බහුලව සිදුවන ප්‍රදේශ වල පවා ඒ ආකාරයෙන්ම සිදුවීම ඔවුන්ගේ විශ්මයට හේතු වුන කරුණක් වුනා.


ඒ වගේම පසුකාලීනව එය තවදුරටත් තහවුරු කර ගැනීම වෙනුවෙන්, ඇමරිකාවෙන් පිටත ලෝකයේ විවිද රටවල විවිද ප්‍රදේශයන් යොදා ගනිමිනුත් මේ පරීක්ෂණය නැවත නැවත මේ පරීක්ෂණ කන්ඩායම විසින් සිදු කලා.


එහිදීත් ඔවුන්ට පෙනුන දේ වුනේ, කිසිදු බේදයකින් තොරව ඒ සෑම ප්‍රදේශයකම මෙය සිදුවන බව.


මෙය මනස තුල වන ශක්තීන් කොතරම් ප්‍රබලද යන්න පිලිබද විද්‍යාත්මකව තහවුරු වූ එක ප්‍රබල අවස්ථාවක්.


ඒ නිසා මිනිස් මනස කියන්නේ අපි හිතනවාටත් වඩා ප්‍රබල ශක්තීන් රැසක් එක්තැන් වුන අතිශය ප්‍රබල තැනක්.


මනෝවිශ්ලේශණයේ පියා ලෙස හදුන්වන සිග්මඩ් ප්‍රොයිඩ් සදහන් කරන විදිහට සාමාන්‍ය මිනිසෙක්, සාමාන්‍ය මට්ටමේදී තමන්ගේ සිතේ පවතින ශක්තීන්ගෙන් 90% ක්ම භාවිතා කරන්නේ නෑ.


ඒ වගේම වේදික දැනුම් පද්දතිය, පෙරදිග මනෝවිද්‍යාත්මක සංකල්ප එක්ක බැලුවාම, සාමාන්‍ය මිනිසෙක් ඇත්තටම 99%ම තම මනසේ වන ශක්තීන් භාවිතා කරන්නේ නෑ යනුවෙන් අදහස් දක්වන්නත් පුලුවන්.


නමුත් අදහසක් ලෙස සිතන්න, ඔබේ මනසේ වන හැකියාවන්ගෙන් 1% පමණ භාවිතා කරන ඔබ මේ කරන දේවල් එක්ක බැලුවාම, අඩුම තව 1% - 2% වගේ ප්‍රමාණයක් ඔබ භාවිතා කරන්න පටන් ගත්තත් එතැනදී ඔබේ ජීවිතය අදට සාපේක්ෂව කොතරම් වෙනස් එකක් වෙයිද?


නියත වශයෙන්ම එය ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනස් කම් රාශියක් ඇති කරන මට්ටමක්.


මානසික ශක්තීන් ප්‍රායෝගික ජීවිතයේ සාර්ථකත්වයට යොදා ගැනීම කියන දේ ගැන ඔබ උනන්දු වෙන කෙනෙක් නම්, නියත වශයෙන්ම ඔබ ආකර්ෂණයේ නීතිය කියන කියන මාතෘකාව ගැන මේ වන විටත් ඔබ අසා ඇති.


නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන කරුණ තමයි, එසේ අසා තිබෙන 99% දෙනා මෙහි සැබෑ කතාව නොදන්නා බව.


මොකද ආකර්ෂණයේ නීතිය කියන්නේ, මානසික ශක්තීන් දියුණු කිරීම පිලිබද වේදික දැනුම් පද්ධතිය වැනි දැනුම් පද්ධතීන් තුල තිබෙන මූලිඛ කරුණු මත බටහිර සුබවාදී චින්තකයින් විසින් සකස් කල සංකල්පයක්.


මෙය සුබවාදී චින්තනයට හුරුවෙන්න, ඉතා හොද සංකල්පයක් වුවත්, ආකර්ෂණයේ නීති සංකල්පය තුල සාකච්චා කරන තමන් සිතන දේ තමන් වෙතට ආකාර්ෂණය වීම වැනි දේවල් එක්ක බැලුවාම නම්, එය නූතන විද්‍යාවට අනුවත්, මෙම සංකල්ප ඇති වීමට මූලිඛ වූ වේදික දැනුම් පද්ධතිය අනුව බැලුවත් අඩුපාඩු රැසක් තියෙන අදහසක්.

මේ නිසා තමයි මානසික හා ආධ්‍යාත්මික ශක්තීන් දියුණු කිරීම පිලිබද ප්‍රායෝගික අවබෝධයක් ඇති බොහෝ දෙනා ආකර්ෂණයේ නීතිය යන සංකල්පය බැහැර කිරීම සහ අර්ධ සත්‍යයක් ලෙස හැදින්වීම සිදු කරන්නේ.

නමුත් මෙම ආකර්ෂණයේ නීති සංකල්පයන් ගොඩනැගෙන්න හේතු වුන මූලිඛ පදනම් දෙස බැලුවොත් එය, ඔබ සාමාන්‍යයෙන් භාවිතයට නොගන්නා, 99% වූ මානසික ශක්තීන් වෙත ලගා වීමට අවශ්‍ය දොරටු විවර කර ගැනීම වෙනුවෙන් අතිශය සාර්ථක ක්‍රමයක්.


නමුත් සාමාන්‍යයෙන්, තමන් සිතන දෙය තමන් වෙතට ලගා වෙන විශ්වීය නීතියක් ලෙස සලකමින් මෙය ඉගෙන ගැනීම නිසා, බොහෝ දෙනෙක් එම දොරටු විවර කර ගැනීම වෙනුවට කරන්නේ, එම දොරටු තවත් තද කර වසා ගැනීමක්.


උදාහරණයක් ලෙස බැලුවොත් මෙම ආකර්ෂණයේ නීතිය යන සංකල්පයට පදනම් වූ සංකල්ප තුල තිබෙනවා, ඔබේ ජීවිතය තුල ඔබට අවශ්‍ය ඕනෑම තත්වයන් ගොඩනගා ගැනීම වෙනුවෙන් සකස් කර ගත යුතු මූලිඛ මානසික තත්වයන් 7ක් පිලිබද ප්‍රායෝගික අදහසක්.


මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙක්ට, එම තත්වයන් 7 තමන්ගේ මනස තුල තමන්ට ගොඩනගා ගැනීමට අවශ්‍ය දේට සාපේක්ෂව ගොඩනගා ගත හැකි නම්, එතැනදී ඒ පුද්ගලයාට ඉතාම වේගයෙන් එම බලාපොරොත්තු වෙන තත්වයන් ගොඩනගා ගැනීමක් කරන්න පුලුවන්.


නමුත් ගැටලුව වෙන්නේ මේ පියවර 7 ගැන, ආකර්ෂණයේ නීතිය උගන්වන හෝ ඉගෙන ගත්ත අය දන්නවාද කියන එක! ඔවුන්ගෙන් 99% දෙනා එය දන්නේ නෑ.


නූතන සුබවාදී චින්තකයින් මෙය සමාජ ගත කරන්න කලින් මෙහි මූලිඛ පදනම් සකස් වෙන්නේ, හරි අපූරු තත්වයක් පදනම් කරගෙන, ඒ තමයි, මානසික ශක්තීන් දියුණු කිරීම වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ගේ නිදහස කියන දේ පදනම් කරගෙන.


මොකද මානසික ශක්තීන් දියුණු කිරීම කියන දේ, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නිදහසක් නැති මිනිසෙකුට කරන්න බෑ. නමුත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිසෙක්ට ඒ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය වැය කර ක්‍රියාත්මක වෙන මිනිසෙක්ට මෙන් නිදහසක් සොයා ගැනීම පහසු දෙයක් නෙමෙයි.


මේ නිසා මේ මූලිඛ දැනුම් පද්දතීන් තුල සාමාන්‍ය ජීවිතය ගෙවන අතරේම තම මානසික ශක්තීන් දියුණු කරමින් පරිපූර්ණ මිනිසෙක් වීම වෙනුවෙන් විවිද ක්‍රම උපායන් නිර්මාණය වීම සිදු වුනා.


මේ ආකර්ෂණයේ නීතියට අදාල මූලිඛ ඉගැන්වීමුත් එවැන්නක්. එතැනදී ඒ හරහා බලාපොරොත්තු වෙන දේ තමයි, සාමාන්‍ය ජීවිතයේ දියුණුව බාදාවක් කර නොගෙන තම මානසික තත්වයන් ගොඩනගා ගැනීමට අවශ්‍ය නිදහස ඇති කර ගැනීම.


මොකද මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක්ට, භෞතික ජීවිතයේ සාර්ථකත්වය ගැන ගැටලු ඇතිවීම ඉතාම අඩු නිසා, කිසිම ගැටලුවකින් තොරව, තම මානසික හා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් නිදහස ඇතිකර ගැනීම ඔවුන්ට කල හැකි වෙනවා.


නමුත් ඒ තත්වය නැති වුනොත් ඒ පුද්ගලයාට වෙන්නේ, හැමදාම මුදල් ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ වගේ දේවල් එක්ක හැමදාම ගැටි ගැටී ඉන්න, එතැනදී තමන්ගේ මානසික දියුණුව වෙනුවෙන් වැඩ කරන්න තියා හිතන්නවත් නිදහසක් ලැබෙන්නේ නෑ.


තවත් උදාහරණයක් දැක්වුවොත්, මෙන්න මේ වගේම දෙයක් තමයි පැරැණි කාම විද්‍යාවන් තුල තියෙන්නෙත්, ලිංගිකත්වය සහ මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය කියන්නේ, එකට පවත්වාගෙන යා හැකි තත්වයන් දෙකක් නෙමෙයි.


ඒ නිසා විවාහ වී සිටින, ලිංගික ජීවිතයක් සතු පුද්ගලයෙක්ට එම මාර්ගයේ යන්නට අවශ්‍ය නම්, ඒ සියල්ල අත් හැර මේ වෙනුවෙන් වෙනම යොමු වීමක් කරන්න සිදු වෙනවා.


නමුත් කාම විද්‍යාව වැනි විශයන්, සාමාන්‍ය ලිංගික ජීවිතය උපරිමයෙන් රස විදින ගමන්ම, එම කාම ශක්තීන් ආධ්‍යාත්මික ශක්තීන් බවට පරිවර්ථනය කිරීම වෙනුවෙන් මග පෙන්වනවා.


මෙන්න මේ වගේ පදනම් මත සිට තමයි මේ බොහෝ මූලිඛ සංකල්පයන් ගොඩනැගෙන්නේ.


ඒ නිසා ඒ පදනම් මතම සිට මේ දේවල් හරි ආකාරයෙන් ඉගෙන ගන්නවානම්, ඔබට සාමාන්‍ය ජීවිතය තුල සාර්ථක වෙන අතරම, මානසික වශයෙනුත් ඉතාම ඉහල තත්වයන් වෙත ලගා වීම ප්‍රායෝගිකව කල හැකි දෙයක් වෙනවා.


මෙන්න මේ ආකාරයෙන් වන ආකර්ෂණයේ නීති සංකල්ප සහ ඒ වෙනුවෙන් ඔබ කල යුතු ප්‍රායෝගික අභ්‍යාස ගැන, අපි අපේ "ආකර්ෂණයේ නීතිය - ප්‍රායෝගික උපදෙස් පොත" හරහා සාකච්චා කර තිබෙනවා. තවමත් එය කියවූයේ නැත්නම්, පහතින් එය Download කරගෙන කියවන්න. මේ පොත කියවූ අය, "ආකර්ෂණයේ නීතියෙන් එහාට යටි සිතේ බලය" ඉහල මානසික ශක්තීන් දියුණු කිරීම පිලිබද උපදෙස් පොත ලගදීම බලාපොරොත්තු වන්න.


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්.


ඒ වෙනුවෙන් 👉 +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න


 
 

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page