top of page

2017ත් ඉවරයි, තාම එකම තැනද?




සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය මැන බලන්න මතක් වෙන අවස්ථාවක් වෙන්නේ වසරක අවසානය. නමුත් අවාසනාවකට වගේ මේ අවස්ථාවෙදී බොහෝ දෙනෙක්ට, "මම ගොඩක් සාර්ථකයි " කියලා සිතනවාට වඩා සිතන්න වෙන්නේ " තාම මටන් ගත්ත තැනමයි " කියන දේ!


මේ වෙනකොට 2017 වසර අවසන් වෙන්න තියෙන්නේ තව දින කීපයක් විතරයි. මේ මොහොතේ ඔබ ගැන, ඔබ මේ වසරේ කොතරම් සාර්ථකද යන්න පිලිබදව ස්ව‍යං විශ්ලේෂණයක් කලොත් ඔබට සිතෙන්නේ මොනවාද?


ඔබ ඔබේ රැකියාව අද්‍යාපනය, ආර්ථිකය, පවුල් ජීවිතය , සෞඛ්‍ය වැනි හැකියාවන්ගෙන් සැලකියයුතු සාර්ථකත්වයක් ලගා කරගෙන තිබෙනවාද?


පිලිතුර නැහැ යන්නනම් එසේ වූයේ ඇයි යන්න සොයා බැලීම ඉතා වැදගත්ය.


මූලිඛ වශයෙන් 90% දෙනාට තමන් බලාපොරොත්තුවන තමන් සිහින දකින ඉලක්කයට ලගා වෙන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව වන්නේ බොහෝ දෙනෙක්ට සිහින තිබුනට ඉලක්ක නොතිබීම හා ඉලක්කයක් ලගා කර ගැනීමට අවශ්‍ය නිවරැදි මානසිකත්වයක් නොතිබීමයි.


මදක් මේ වසරේ ආරම්භය ගැන සිතන්න. මේ වසර මුල නිසකවම මේ වසර තුල ලගා කරගැනීමට බලාපොරොත්තුවන කුමන හෝ දෙයක් පිලිබදව ඔබට බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති. නමුත් ඔබට ඒ වෙනුවෙන් නිශ්චිත සැලැස්මක් තිබුනාද? ඔබ ඔබේ බලාපොරොත්තුවට ලගා වෙන්නේ කවර දිනයකද? ඒ සදහා ක්‍රියාකරන්නේ කොහොමද යන්න පැහැදිලිව පියවරෙන් පියවර සහිතව සකසන ලද සැලැස්මක් ඔබට තිබුනාද?


එහෙමත් නැත්නම් ඔබට තිබුනේ ඔබ කැමති දෙයක් වෙනුවෙන් ඇතිවූ බාලාපොරොත්තුවක් හා එය කොහොම හරි ලගා කරගගන්න ඕනේ යනුවෙන් වන හැගීමක් පමණක්ද?


මදක් හොදින් සූක්ෂමව සිතන්න,


ඔබ මේ වසරේදී ලගා කරගැනීමට සිතූ දේ වෙනුවෙන් ක්‍රියා කලයුත්තේ කෙසේද? ඔබ ජනවාරි 1වනදා ක්‍රියාකල යුත්තේ කෙසේද, 2වනදා ක්‍රියා කල යුත්තේ කෙසේද? 3 වනදා ක්‍රියා කල යුත්තේ කෙසේද , ජනවාරි මස අවසානයේ ඔබ කොතරම් ඔබේ ඉලක්කයට ලගා වී තිබිය යුතුද? පෙබරවාරි මාසය අවසන් වන විට කොතරම් ලගා වී තිබිය යුතුද? යන ආකාරයෙන් පැහැදිලි අදහසක් ඔබට මේ වසරේ ඔබ ලගා කර ගැනීමට බලාපොරොත්තු වූ දේ සම්බන්දයෙන් ඔබට තිබුනාද?


මදක් ලෝකයේ තිබෙන ඉතා හොදින් දියුනුවන ආයතනයන් කීපයක් ගැන සිතන්න. ආයතනයක් වශයෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කරන්න.


මේ සෑම ආයතනයක්ම වසර මුල තමන් වසර අවසානයේ ලගා විය යුතු තැන නිශ්චිතව තීරණය කරයි. එය ලාභයක් ලෙසනම් නිශ්චිත වශයෙන් කුමන අගයක්ද යන්නඔවුන් තීරණය කරයි. වෙනත් ආකාරයක දියුනුවක් නම් එයද නිශ්චිතව එය ලගා කරගත්තාද නැද්ද යන්න තීරනය කල හැකි අයුරින් , නිශ්චිත ඉලක්කයක් ආකාරයෙන් පිහිටුවයි.


ඒ වගේම ඔවුන් මාසයෙන් මාසයට තමන් ලගාවිය යුතු මට්ටම පිලිබදව පැහැදිලි අවබෝධයක් සහිත සැලැස්මක් සකසයි. එමෙන්ම මාසික ඉලක්ක වෙනුවෙන් දෛනිකව ලගාකරගත යුතු මට්ටම් වෙනුවෙන් එය ලගා කරගත යුතු ආකාරය වෙනුවෙන් සැලසුම් සකස් කරයි. ඒ අනුව ක්‍රියාත්මක වෙයි. දෛණික ඉලක්ක පවා ලගා කරගත්තාද? ඇති වූ ගැටළු මොනවාද? නිවරැදි කරගත යුත්තේ මොනවාද යන්න පිලිබදව පරික්ශා කරමින් ඉලක්ක වෙනුවෙන් කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. කිසි විටෙකත් තම ඉලක්ක අමතක නොකරයි. පරාජයන් හමුවේ නතර නොවෙයි. ඉලක්ක ලගා කරගැනීම පිනිස අවශ්‍ය වෙනස් කම් කරමින් ඉදිරියට යයි.


දැන් නැවතත් ඔබ, ඔබ ගැනත්, ඔබගේ බලාපොරොත්තු ගැනත් සිතන්න. ඔබ ඔබගේ බලාපොරොත්තු වෙනුවෙන් ක්‍රියා කලේ මේ ආකාරයෙන්ද?


90%කගේ පිලිතුර නැත යන්න බව අප දනිමු. ගැටළුව ඇත්තේ ගෙවී ගිය කාලය ගැන නොව, ඉදිරියට ලැබීමට ඇති වසර ගැනයි. ඔබ එම වසරේදීත් ක්‍රියා කරන්න යන්නේ මේ ආකාරයෙන්මද?


එකම දේ කරමින් ඔබට වෙනස් ප්‍රතිඵල ලගා කරගැනීමට හැකියාවක් නැත අළුත් ප්‍රථිඵල ලගා කරගැනීමටනම් ඔබ අළුත් දේවල් කල යුතුය. මේ වසරේදීත් ඔබ ක්‍රියා කරන්නේ ඔබ කලින් ක්‍රියා කල අයුරින්මනම් , ඔබ සිතන්නේ කලින් වසර තුල සිතූ අයුරින්මනම් නිසකවම ඔබට ලැබෙන්නේද කලින් වසරවල් වල ලැබූ ප්‍රතිඵලයන්මය.


ඕනෑම ප්‍රථිඵලයක් ලැබීමට නිශ්චිත හේතුවක් ඇති බව බුදු දහමේ සදහන් වෙයි. ඒ ආකාරයෙන්ම සාර්ථකත්වය යන්නද ඉබේ පහල නොවෙයි. මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට සාර්ථකත්වය නම් ප්‍රථිපලය ලගා කරගැනීමට අවශ්‍ය පරිදි මනස සකසා ගත හැකිනම්, නිශ්චිත සැලැස්මකට අනුව ක්‍රියා කල හැකිනම් නිසකවම ඒ පුද්ගලයා කුමන රටක කුමන ජාතියක , කුමන ආගමක , කුමන ආර්ථික සාමාජීය තත්වයක කුමන ආකාරයේ පුද්ගලයකු වුවත් ඔහුට හෝ ඇයට තම සාර්ථකත්වය කරා යාමට පැහැදිලි අවස්ථාවක් ඇත.


ඔබට 2018 වෙනුවෙන් තව දින කීපයක් ඇත. වසරක ආරම්භය යනු අලුත් සිතුවිලි සහිත පරිසරයක් තුල අළුත් ගමනක් ආරම්භ කිරීමට ඉතාමත් සුදුසු වෙලාවකි. එහෙයින් මේ දින කීපය තුල ඔබට ඔබගේ මනස හා ආකල්ප නිවරැදි ආකාරයෙන් වෙනස් කරගැනීමටත් , නිවරැදි ඉලක්ක , සැලසුම් සකස් කරගනිමින් නිශ්චිත ගමනක් යාමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකිනම් , ඔබටත් 2018 අවසානයේ සිහින දකින තවත් එක් පුද්ගලයකු නොවී , සිහින ලගා කරගත් අයෙකු ලෙස ජීවත් වීමට හැකි වනු ඇත.


--

2018 වසර වෙනුවෙන් නිවරැදිව මනස හා ආකල්ප සකසා ගන්නා ආකාරය, නිවරැදිව ඉලක්ක පිහිටුවන ආකාරය, සැලසුම් සකස් කරන ආකාරය, ඕනෑම සැලැස්මක් ගැටළුවකින් තොරව, අතර මග නතර නොකර සාර්ථක වෙනතුරුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ප්‍රායෝගිකව මනස සකසා ගැනීම, ඇතුළු බොහෝ දේ සමගින් ප්‍රායෝගික ප්‍රථිඵල සහිත 2018 වසරක් ලගා කරගැනීම වෙනුවෙන් උපදෙස් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත E-BOOK එකක් ලබා ගන්න.


වැඩි විස්ථර සදහා මෙතැන click කරන්න


81 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page