top of page

අර්බුධයේ අමාරුකම් වලින් ගොඩ එන්න නම් ඔබ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කල යුතු පියවර 5ක්

Updated: Dec 1, 2022

මේ වෙලාව ලංකාවේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට අමාරු කාලයක්. ඒ නිසා මේ ලිපිය ඍජුවම ලියන්නේ, මේ වෙලාවේ රටේ තියෙන ප්‍රශ්ණ එක්ක ටිකක් අමාරුවෙන් ජීවත් වෙන අය වෙනුවෙන්.


ඔබත් මේ වෙලාවේ අන්න ඒ වගේ අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් නම්, මේ ලිපිය මිනිත්තු කීපයක් වෙන්කරගෙන කියවන්න. මොකද මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ, මේ අර්බුධකාරී වෙලාවේ, අපිට මුහුණ දෙන්න වෙන අමාරුකම් වලින් ගොඩ එන්න නම් ඔබ කල යුතුම දේවල් 5ක් ගැන.


හරියට තේරුම් අරගෙන මේ දේවල් ටික ඔබේ ජීවිතය තුල ක්‍රියාත්මක කරන්න පටන් ගන්න පුළුවන් නම්, මේ වෙලාවේ මේ පියවර 5ත් එක්ක, ඔබේ ජීවිතය තුල ලොකු වෙනසක් ඇතිකර ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්.


01. අර්බුධය, ඔබට දැනෙන මට්ටමෙන් එහාට ගිය අර්බුධයක් කරගන්න එක නතර කරන්න.


ඕනෑම ප්‍රශ්ණයකින් ගොඩ එන්න නම්, මුලින්ම ඔලුව කෙලින් තියාගෙන ඒ ප්‍රශ්ණයට මුහුණ දෙන්න පුළුවන් මට්ටමක ඉන්න ඕනේ, එහෙම නැතුව කිසිම ප්‍රශ්ණයකට හරි ආකාරව මුහුණ දෙන්න බෑ.


ඒ නිසා, මේ වෙලාවේ, ලංකාවේ තියෙන ප්‍රශ්ණ ඔක්කෝම ඔබේ ඔලුවට දා ගන්න එපා, එහෙම දාගෙන, අයියෝ, අපි ඉවරයි, රට ඉවරයි කිය කියා මැරෙන්න හදන්න එපා.


තමන්ට අදාල ප්‍රශ්ණ ටික විතරක් හරියට තෝරා බේරා ගන්න. මොකද ඔක්කෝම ප්‍රශ්ණ ඔලුවට දා ගත්තා කියලා අපිට ඒ හැම ප්‍රශ්ණයක්ම විසදන්න බෑ. එහෙම තමන්ගේ මට්ටමෙන් පිලිතුරු හොයන්න බැරි ප්‍රශ්ණ ඔලුවට දා ගන්න එකෙන් වෙන්නේ, තමන්ගේ මානසිකත්වය අනවශ්‍ය විදිහට පල්ලෙහාට වැටෙන එක විතරයි.


උදාහරණයක් විදිහට බලුවොත්, මේ වෙලාවේ රටට ගෑස් නැති එක මගේ ප්‍රශ්ණයක් නෙමේ, මගේ ප්‍රශ්ණය වෙන්නේ, මට උයන්න ක්‍රමයක් නැති වීම විතරයි, එතැනදී, මට පුළුවන් නම් ඒකට, පොල්කටු අගුරු ලිපක් හරි , Bio Gas Unit එකක් හරි පාවිච්චි කරලා ඒකට විකල්පයක් හදා ගන්න, මගේ ප්‍රශ්ණය එතැනින් ඉවරයි,.


හැබැයි මම මගේ ප්‍රශ්ණය තෝරා බේරා ගන්නේ නැතුව, රටේ ප්‍රශ්ණය ඔලුවට දා ගත්තොත් වෙන්නේ, මට විසදන්න බැරි ප්‍රශ්ණයක් ගැන Worry වෙන්න සිදුවෙන එක විතරයි.


ඒ නිසා රටේ තියෙන ප්‍රශ්ණ වලින් තමන්ට බලපාන ටික හරියට තෝරා බේරාගෙන, මුලින්ම ඒවාට විසදුම් හොයන්න පටන් ගන්න, එතකොට රටේ මොන ප්‍රශ්ණ තිබුනත් ඔබට ඒවා දැනෙන ප්‍රමාණය සෑහෙන මට්ටමකින් අඩු කරගන්න පුළුවන්.


02. නිර්මානශීලී බවට මුල්තැන දෙන්න.


ඕනෑම ප්‍රශ්ණයකදී ඔබේ උදව්වට ඉන්න හොඳම යාළුවා තමයි, ඔයාගේ නිර්මාණශීලී බව. මේ වෙලාවේ ඔයා මුහුණ දෙන හැම ප්‍රශ්ණයකටම උත්තර තියෙන බවත්, උත්තර නෑ වගේ පෙනෙන්නේ ඔයාගේ නිර්මාණශීලී බව ඒ ප්‍රශ්ණයට උත්තරයක් හොයන්න තරම් දියුණු නැති වීම පමණක් බවත් තේරුම් ගන්න.


ඒ වගේම ඔබ කොතරම් නිර්මානශීලීද කියන එක, ඔබ කොතරම් සුමට විදිහට ප්‍රශ්ණ වලය මුහුණ දෙනවාද? ඒ වගේම ඒ ප්‍රශ්ණ කොතරම් දක්ෂ විදිහට අවස්ථා බවට පරිවර්ථනය කර ගන්නවාද කියන දේ තීරණය කරනවා.


උදාහරණයක් විදිහට පසුගිය දවසක මගේ මිත්‍රයෙක් පැවසූවේ, කිරිපිටි හිගය නිසා, එයට ආදේශකයක් ලෙස, ඔහුගේ බිරිද විසින්ම සකස් කල වට්ටෝරුවක ධාන්‍ය කැඳ භාවිතා කරන බවත්, එය මාසික කිරි පිටි වියදම සමග සංසන්දනය කරන විට, සෑහෙන තරම් ආර්ථික වාසියක් ඔහුට ලබා දෙන බවයි.


එමෙන්ම, පසුගිය කාලය පුරාවටම මම විදුලි බලය නොමැති වෙලාව යොදා ගත්තේ, ව්‍යායාම කිරීම, භාවනා කිරීම හා පොත් කියවීමටයි. එලිමහන් උද්‍යානයක, ව්‍යායාම කර, භාවනා කර, පොතක් කියවීම, කිසි ලෙසකින්වත්, විදුලිය නැතිවීමට බැන බැන සිටිනවා තරම් අප්‍රසන්න අත්දැකීමක් නොවෙයි.


ඒ නිසා හැම වෙලාවෙම නිර්මාණශීලී බවට මුල්තැන දෙමින් මේ අමාරු කාලය ගත කරන්න.


03. Focus එක හදා ගන්න.


මේ වෙලාවේ ඍණාත්මක අදහස් සමාජගත වීමේ වේගය ඉතාම වැඩියි, ඒ නිසා, හැම වෙලාවෙම ඔයාගේ මානසික ඒකාග්‍රතාවය, තමන්ගේ අරමුණු කෙරෙහි පවත්වාගෙන යන එක වැදගත්,


මේ වෙලාවේ රටේ තියෙන තත්වයත් එක්ක, අපිට ඉදිරියට යන්න තියෙන ඇතැම් මාර්ග වැහෙනවා, හැබැයි ඒ වගේම ඒ වැහෙන හැම පාරක් එක්කම තවත් පාරවල් කීපයක් ඇරෙනවා.


අරමුණුගත බව හරි විදිහට පවත්වාගෙන යන්න බැරිනම්, අලුත් මාර්ග විවර වෙන වේගයට හදුනා ගන්න හරි අමාරුයි.


ඒ වගේම මේ තියෙන ප්‍රශ්ණ එක්ක, අපිට වෙනදා වගේ අපේ වැඩ රාජකාරී වලට ලොකු කාලයක් යොමු කරන්න ලැබෙන්නේ නෑ. එතකොට පොඩි කාලයක් තුල ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න වෙනවා. එතැනදී ඔබේ වැඩ ගැන පූර්ණ මානසික ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් වීම තියෙන එක ඉතාම වැදගත්.


04. සැලසුම් සහගතව වැඩ කරන්න ඉගෙන ගන්න.


මේ වෙලාවේ හරියට, තමන්ට තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජණ අරගෙන, සැලසුම් සහගතව තමන්ට ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න ඔබ දක්ෂ නැත්නම්, මේ අමාරුකම් වලින් ගොඩ එනවා කියන්නේ හරි අමාරු දෙයක්.


මොකද සමහර වෙලාවට, මේ තියෙන විදිලි ප්‍රශ්ණ, ඉන්දන ප්‍රශ්ණ වගේ නොයෙකුත් ප්‍රශ්ණ එක්ක ඔබ වෙනදාට පැය 8කින් කරපු වැඩ ටික පැය 4කින් කරන්න වෙනවා.


එතැනදී, ඔබට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ, ඔබ හරිම සූක්ෂම විදිහට, ඔබේ කාර්යක්ෂතාවය උපරිම වෙන විදිහට සැලසුම් කරලා, වැඩ කලොත් විතරයි.


මේ වෙලාව, සාමාන්‍ය දින සැලසුමට, To Do List එකෙන් එහාට ගිහින්, Planning කරන්න ඕනේ වෙලාවක්.


05. Unconscious Behavior Reprogramming ගැන සැලකිලිමත් වෙන්න.


Unconscious Behaviors කියන්නේ අපි කාලයක් තිස්සේ පුරුදු කරගෙන ඉන්න, අපි නොහිතා අපි තුලින් පුරුද්දට වගේ සිදුවෙන ක්‍රියාකාරකම් වලට සහ මානසික පෙලබවීම් රටා වලට.


මෙන්න මේ වගේ මානසික පෙලබවීම් රටා සහ අපි තුලින් පුරුද්දට වගේ සිදුවෙන ක්‍රියාකාරකම් කියන්නේ මේ වෙලාවෙදි බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්ණ වලින් ගොඩ එන්න බාධා කරන දෙයක්.


උදාහරණයක් විදිහට, කිරි පිටි හිග වෙලාවේදී, ඔබට කිරි එකක් බොන්න ඕනේම නම්, ඒ පුරුද්ද කඩා ගන්න බැරි නම්, විකල්ප තිබුනත්, ඔබට ඒවාට යොමු වෙලා ප්‍රශ්ණයෙන් මිදෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා.


අන්න ඒ නිසා, අවස්ථාවට ගැලපෙන විදිහට තමන්ගේ Unconscious Behavior Reprogram කර ගන්න එක හරිම වැදගත් දෙයක්.


මේ දේවල් ගැන වැඩි දුරටත් ඉගෙන ගන්න, පහත පොත් තුන පරිශීලණය කරන්න


මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.



ඔබේ සැලසුම් සහගත බව ප්‍රබල මට්ටමකින් වැඩි කර ගනිමින්, ඔබේ වැඩ කටයුතු වල කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වය ගොඩනගන ආකාරය පිලිබද සකස් කල විශේෂ කෘතියකි.



සාමාන්‍ය ආකර්ෂණ නීති සංකල්ප වලින් එහාට ගොස්, අවිංඥාණික මනස තුල වන ශක්තීන් ප්‍රායෝගිකව අවධි කරන ආකාරය පිලිබද උපදෙස් හා පියවර සහිත අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.


1,731 views

コメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
bottom of page