top of page
Writer's pictureChathuska Amarasekara

නැවත නැවත මිලදී ගන්න පෙලබවීමේ කලාව (5 Steps)

Updated: Oct 9, 2024



ඔබේ ව්‍යාපාරය සමග රැදී සිටිමින්, නැවත නැවත ඔබෙන් මිලදී ගන්නා පාරිබෝගිකයින් නිර්මාණය කරගන්න ඔබට පුලුවන් නම්, විකුණුම්කරුවෙක් ලෙස ඔබේ විකුණුම් ඉලක්ක පහසුවෙන් ජය ගැනීමත්, ව්‍යාපාරිකයෙක් ලෙස ව්‍යාපාරය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමත් ඔබට වඩාත් පහසු දෙයක් බවට පත් වෙනවා.


මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්නේ, අන්න ඒ වගේ නැවත නැවත් ඔබෙන් මිලදී ගන්නා පාරිබෝගිකයින් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණය ගැන.


01. විවිධ දේ විකුණන්න.

ඔබේ පාරිබෝගිකයින් නැවත නැවත ඔබෙන් මිලදී ගන්න තැනට පත් කරන්න නම්, ඔබට කරන්න පුළුවන් පලවෙනි දේ තමයි, මිලදී ගන්න විවිධ දේ නිර්මාණය කරන එක.


මොකද ඔබ පොත් කඩයකට ගිහින් පොතක් ගත්තට පස්සේ, ඒ පොතම ආයේ ගන්න ඒ පොත් කඩයට නැවත යන්නේ නෑ. ඔබට නැවත ඒ පොත් කඩයට යන්න නම්, ඔබට එහි මිලදී ගන්න තවත් පොත් තියෙන්න ඕනේ.


අන්න ඒ වගේ එකම දෙයක් විකුණන්නේ නැතුව, විවිධ භාන්ඩ හා සේවා විකුණන එක හරහා, නැවත නැවත ඔබෙන් මිලදී ගන්න පාරිබෝගිකයෝ ඔබට නිර්මාණය කරගන්න පුලුවන්.


02. කල් පනින හා යාවත්කාලීන කල යුතු ස්වභාවය ඇති කිරීම

මුල් කාලයේදී නිර්මාණය කල විදුලි බුබුලු සාමාන්‍යයෙන් පැය 2500කට වඩා දැල්වෙන විදිහටයි නිර්මාණය කලේ, මේ නිසා විදුලි බුබුලක් මිලදී ගන්න කෙනෙක්ට, සෑහෙන කාලයක් යනකන් නැවත විදුලි බුබුලක් මිලදී ගන්න අවශ්‍ය වුනේ නෑ.


මේ නිසා, විදුලි බල්බ නිශ්පාධනය කරන ආයතන එකතු වෙලා, පසු කාලීනව කිසිදු ආයතනයකට පැය 1000කට වඩා දැල්වෙන විදුලි බල්බ නිර්මාණය කරන්න බැරි විදිහට නීතිමය රාමුවක් සකස් කර ගත්තා. ඒ හරහා, විදුලි බල්බ වෙනුවෙන් නිරන්තර ඉල්ලුමක් නිර්මාණය කරගැනීම සිදු වුනා.


අන්න ඒ වගේ කල් පැනීමකට ලක් වෙන, එසේත් නැත්නම් යාවත් කාලීන කිරීමක් කරන්න වෙන විදිහේ තත්වයන් භාන්ඩ හා සේවා තුලට ඇතුලත් කිරීම හරහා ඔබට නැවත නැවත පාරිබෝගිකයින් ඔබෙන් මිලදී ගන්න තත්වයක් නිර්මාණය කරගන්න පුලුවන්.


03. කුතුහලය සමගින් අසම්පූර්ණ බව නිර්මාණය කිරීම

ටෙලි නාට්‍ය නැවත නැවත නැරැබීම කෙරෙහි මිනිසුන් පොලබවා ගැනීම වෙනුවෙන් කරන එක දෙයක් තමයි, එක කොටසක් අවසානයේ ලොකු කුතුහලයක් ඉතිරි කරලා අවසන් කරන එක. ඒ නිසා ඒ කොටස බලපු කෙනා මීලග කොටස බලන්න සූදානම් වෙනවා.


ඒ වගේම ඔබ දැකලා ඇති ඇතැම් චොක්ලට් සමාගම්, විවිධ සෙල්ලම් බඩු වල කොටස් චොක්ලට් මිලදී ගැනීමේදී තෑගි කරනවා. එතකොට ඉතිරි කොටස් ටිකත් ලබා ගන්න හිතාගෙන නැවත නැවත චොක්ලට් මිලදී ගන්නවා.


මෙතැනදී පාවිච්චි කරන්නේ කුතුහලය හා අසම්පූර්ණ බව නිර්මාණය කිරීම කියන දේ, ඒ හරහා නැවත නැවත පාරිබෝගිකයින් ඔබ වෙතට ගෙන්වා ගන්න පුලුවන්.


04. සාමාරිකත්ව ප්‍රධානය

ඔබ දැකලා ඇති සුපිරි වෙලදසැල් වල තියෙන ලෝයල්ටි ක්‍රමය. ලෝයල්ටි ක්‍රමය හරහා වෙන්නේ, අදාල ආයතනයේ පාරිබෝගිකයෙක් ලෙස ලියාපදිංචි වුනාට පසු අනිත් අයට නොලැබෙන විදිහේ වට්ටම් හා දීමනා යටතේ මිලදී ගන්න පුලුවන් තත්වයක් නිර්මාණය කිරීම.


ඒ නිසා, පාරිබෝගිකයාට වෙනත් තැනකට නොයා, නැවත නැවත අදාල ආයතනයටම එන්න පෙලබවීමක් ඇති වෙනවා. මෙවැනි ක්‍රම හරහාත් ඔබට නැවත නැවත පාරිබෝගිකයින් ඔබ වෙතටම ගෙන්වා ගන්න පුලුවන්.


05. හුරු වීමේ වට්ටම්

හුරු වීමේ වට්ටම් කියන්නේ, ආයතනය හුරු වෙනතෙක් විශේෂ වට්ටමක් යටතේ භාන්ඩ හා සේවා ලබා ගන්න ලබා දෙන අවස්ථාවක්.


උදාහරණ ලෙස වාහන අලුත් වැඩියා කරන ආයතන විසින් පලමු සේවා වාර 05 වෙනුවෙන් අඩු සේවා ගාස්තුවක් ලබා දීම. රූපලාවන්‍යාගාර සේවා තුල අවස්ථා කීපයක් නොමිලේ හෝ අඩු මිලට සේවා ලබා දීම වැනි දේ අපිට මේ යටතේ හදුනා ගන්න පුළුවන්.


සටහන,

චතුස්ක අමරසේකර

(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)


 

අධ්‍යාපණික අරමුණු වෙනුවෙන් මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.




174 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page