top of page

සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න කැමති අය කරන්නම ඕනේ වැඩ දෙකක්

Updated: Jul 2, 2018


අපි අපේ ලිපි වලින් නිතරම කියන එක කාරනයක් තමයි, ඕනෑම ලොකු ගමනක ආරම්භය පුංචි පියවරක් කියන එක. හැම ගමනක්ම ගොඩ නැගෙන්නේ පුංචි පුංචි පියවරයන් රාශියකින්. මේ නිසා අපිට මේ පාඩම් මාලාවත් පටන් ගන්න වෙන්නේ පුංචි පියවරකින්. හැබැයි අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් ජීවිතේ ඇතිකරගන්නවා කියන අදිෂ්ඨානය ඇතුව.


හොදයි අපි මේ පාඩම් මාලාවේ මූලිඛ පියවරක් විදිහට මෙහෙම පටන් ගමු! , ඔයා සමහරක් විට ඉංග්‍රීසි ටිකක් දන්න කෙනෙක් වෙන්න පුලුවන් . . නැත්නම් ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන් , එත් කතා කරන්න බය කෙනෙක් වෙන්න පුලුවන්, සමහරක් විට ඉංග්‍රීසි ලියන්න හොදටම පුලුවන් ඒත් කතා කරන්න බය කෙනෙක් වෙන්න පුලුවන්, නැත්නම් මෙලෝම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් වෙන්නත් පුලුවන්! ගැටලුවක් නෑ, අපි කීවනේ මේ ලිපි අපි ලියන්නේ ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වෙන්න කියලා. ඒ නිසා ඔයා කවුරු උනත් මොන මට්ටමක හිටියත් ගැටළුවක් නැතුව මේ ලිපි තුලින් ඔයාගේ ඉංග්‍රීසි ක්‍රමානුකූලව හදා ගන්න පුලුවන්!


අපි එහෙනම් ඉංග්‍රීසි ටිකක් දැනගෙනම වැඩේ පටන් ගමු. ඕනම භාෂාවක් පටන් ගන්නෙ එක තැනකින්, එක පුංචි තැනකින්.එතනින් තමා අද අපි පටන් ගන්නෙ.


අපි පොඩි කාලේ හොදටම සිංහලවත් කතා කරේ නැහැනෙ. මුලින්ම කිව්වෙ අම්මා , තාත්තා කියල. එහෙම එකේ අපි කොහොමද මේක එක පාර කරන්නේ.. ඉංග්‍රීසිත් අපි එහෙම ඉගෙන ගමු, සිංහල භෂාව ගන්න. එ භාෂාවෙ සරලම පටන් ගැන්ම මොකක්ද. පොඩි අණ කිරීමක්. එහෙමත් නැත්නම් පුංචි ඉල්ලීමක්, ආයාචනයක්...


ඉතින් අපි මේ වැඩෙත් එතනින් පටන් ගමු. හැදින්වීමේ ලිපියෙදී කිව්වා වගේ ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් , මේක පාඩම් කලා කියලා පුරුදු වෙන්න බෑ. ඇත්ත ජීවිතයේදී පාවිච්චි කරන්නම ඕනේ. මේ නිසා අපි අපේ ජීවිතයට අදාලව මේ දේ ඉගෙන ගැනීම හරිම වැදගත්.


මුලින්ම ඔයා කරන්න ඕනේ මෙහෙම වැඩක්, කොලයක් අරගෙන තමන් දවසේ වැඩිම වෙලාවක් ඔබ කියන්න වෙන අන කිරීම්, ඉල්ලීම් වගේ දේවල් ටිකක් ලියා ගන්න. යන්න , එන්න , කන්න , බොන්න, ගන්න දෙන්න, කියන්න, කරන්න වගේ පොඩි පොඩි දේවල් ටිකක්!


ඊට පස්සේ ඔයා මේ දේවල් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් සිංහල , ඉංග්‍රීසි ශබ්දකෝෂයක් අරගෙන මේ ටිකට අදාල වචන ටික හොයා ගන්න!


Ex.

Come(කම්) - එන්න

Drink(ඩ්‍රින්ක්) -බොන්න

Go(ගොඋ)-යන්න

Tell(ටෙල්) - කියන්න

Do(ඩු) - කරන්න


ඊට පස්සේ මේ හොයාගත්ත වචනේ පාව්ච්චි කරන්න වෙන කිසිම වෙලාවක, ඒක සිංහලෙන් කියන්නේ නැතුව, ඉංග්‍රීසියෙන්ම කියන්න. ඔයා එහෙම කතා කලා කියලා කාටවත් ලොකුවට වෙනසක් තේරෙන්නේ නෑ. , එන්න කියන්න වෙන වෙලාවක Come (කම්) කියලා කියන්න, යන්න කියන්න වෙන හැම වෙලාවකම Go (ගොඋ) කියලා කියන්න. ටික දවසක් යනකොට මේක ඔයාට පුරුද්දක් වෙනවා! වැඩිය ඕනේ නෑ දවස් 3ක් කලානම් එක දිගට ඕක ඔයාට පුරුදු වෙනවා!


ඊට පස්සේ ඔයාට හිතෙනවානම් මේ මට්ටම ටිකක් සරල වැඩියි කියලා , අපිට පුලුවන් වචන දෙකේ තුනේ වාක්‍ය කන්ඩ ටිකක් මේ වගේම ලියාගෙන ඒ ටික ඉංග්‍රීසියෙන් කතා කරන්න. උදාහරණයක් විදිහට,


Come here (කම් හිඅ)-මෙහෙට එන්න

Drink some water(ඩ්‍රීන්ක් සම් වොඅට(ර්)) - වතුර ටිකක් බොන්න

Go home (ගU හෞම්) - ගෙදර යන්න

Tell me (ටෙල් මී) - මට කියන්න

Do something (ඩු සම්තිං(ග්) )- මොනවහරි කරන්න


වගේ ඉතාම සරල කොටස් ටිකක් අරගෙන ඒ ටික නිතර භාවිතා කරන්න! ඔයා මේ අභ්‍යාසය හරියට කලොත් ඒ කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයට අදාලව ඉංග්‍රීසි කතා කරන්න තියන්න ඕනේ පලවෙනි අඩිය තියලා ඉවරයි!


මම ආයෙත් කියන්නේ ඉංග්‍රීසි කියන්නේ භාෂාවක් , ඒක පාවිච්චි කරන්න කරන්න තමයි හුරු වෙන්නේ ඒක නිසා මම කියපු විදිහට මේ අභ්‍යාසයේ නිරත වෙන එක තමා වැදගත්ම වෙන්නේ! ඒ හැරෙන්න ඔයා කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙනවද කියන එක මත ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් හැකියාවනම් තීරනය වෙන්නේ නෑ!

අපි මේ කරගෙන යන්නේ ඉංග්‍රීසි භාෂාව ඇත්ත ජීවිතේදී චතුරව භාවිතා කරන්න පුලුවන් තැනට පත්වෙන්න අවශ්‍ය කරන දේවල් කීපයක්. සාමාන්‍යයෙන් ඔයා ඉංග්‍රීසි උගන්වන පන්තියකට ගියානම් ඔයාට මීට සමාන ක්‍රමයකින් උගන්වන්නේ නැති වෙන්න පුලුවන්, මුලින්ම වලින් පටන් අරන් භාෂාව කියා දෙන්න පටන් ගන්නවා වෙන්න පුලුවන්. නමුත් එහෙම හරි ගියේ නැති නිසානේ ඔයා තවමත් ඔහොම ඉන්නේ! ඒක නිසා ඒ ක්‍රමත් එක්ක මේ ක්‍රමය ආදේෂ කරන්න යන්න එපා!


අපි තාම භාෂාවේ තියෙන දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ නෑ, පි තාම කරන්නේ මෙච්චර කල් ඉගෙන ගන්නකොට මගහැරුනු ඉතාමත් වැදගත් කොටස් ටිකක් ආවරනය කරන එක. ඒ නිසා කෝ මේකේ ඉංග්‍රීසි නෑනේ කියලා කලබල වෙන්න එපා! අපි පිලිවෙලට යමු!


අපි ඊයේ කතා කලේ ඉංග්‍රීසි කතා කරන්න, ඉංග්‍රීසි වලට තියෙන බය පොඩ්ඩක් විතර අඩු කරගන්න තියෙන පොඩි උපක්‍රමයක් ගැන. අද අපි කතා කරන්නෙත් ඒ වගේ දෙයක් ගැන!


ඉංග්‍රීසි ඉගෙන ගන්න කොට සවන්දීම ඉතාම වැදගත් , මොකද ඉංග්‍රීසි ඇහෙන්න ඇහෙන්න අපිත් නොදැනීම අපේ මොලය ඒ භාෂාව ග්‍රහනය කරගැනීමක් සිදුවෙනවා. පොඩි කාලේ අපි සිංහල කතා කලේ පාඩම් කරලා නෙමේනේ. අහගෙන ඉදලා ටිකෙන් ටික ඒවා අනුකරනය කරලා! ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අහගෙන ඉන්න එක ඉතාම වැදගත්.


මමනම් කියන්නේ ඔයාට ඉක්මන් ප්‍රතිඵල අවශ්‍යනම් අඩුම තරමේ දවසට පැය 3ක් වත් ඉංග්‍රීසි ඇහෙන්න ඕනේ. දැන් කොහොමද ඉංග්‍රීසි ඇහෙන තැනට අපි අපේ පරිසරය සකසා ගන්නේ?


හරි ලේසියි, ඔයා අහන රේඩියෝ චැනල් එක මාරු කරන්න, බලන ටීවී චැනල් එක මාරු කරන්න... මාරු කරන්න කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මෙහෙයවන චැනල් එකකට මාරු කරන්න. චිත්‍රපට බලනවානම් උපසිරස නැතිව ඉංග්‍රීසි චිත්‍රපට විතරක් බලන්න.


මේ දේවල් නිරන්තරයෙන්ම ඔයාගේ පරිසරය ඉංග්‍රීසි භාවිතා වෙන පරිසරයක් බවට පත් කරනවා! සමහර විට ඔයා පුරුදු වෙච්ච දේවල් ටිකක් වෙනස් වෙන නිසා පලවෙනි දවස් 2,3 පොඩ්ඩක් අමාරු වෙන්න පුලුවන්, නීරස වෙන්න පුලුවන්. නමුත් නවත්තන්න එපා එක දිගටම කරගෙන යන්න. ටික කාලයක් යනකොට ඔයා ඒකට ඉබේම හුරු වෙනවා. ඒ වගේම ඔයාට කලින් නොතේරෙන පොඩි පොඩි දේවල් තේරුම් යන්න පටන් ගන්නවා! ඉතා වේගයෙන් කතා කරගෙන යන දෙයක් පවා ඔයාට තේරෙන්න පටන් ගන්නවා! ඒ වගේම මේ ක්‍රමය කතා ශෛලීන් වගේ දේවල් තමන් තුලට කාවද්දවා ගැනීමට ඉතාම වැදගත්.


ඉංග්‍රීසි කතා කරනකොට ලස්සන වෙන්නේ, ඒ හරි ශෛලියට කතා කලොත් විතරයි. එහෙම නැතුව කොච්චර ඉංග්‍රීසි කතා කලත් ඒකේ ඒ තරම්ම ලස්සනක් නෑ. මේ නිසා අපි ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ දෙවැනි පියවර විදිහට මෙන්න මේ පාරසරික වෙනස්කම කරමු.


_________________

ඉංග්‍රීසි කියන්නේ අපේ රටේ ප්‍රධාන භාෂාව නොවූවත් යමක් කරන්න උත්සාහ කරන කෙනෙක්ට, ඉදිරියට යන්න උත්සාහ කරන කෙනෙක්ට භාෂාවක් විදිහට ඉතාමත් වැදගත්ම සාදකයක් වෙන්නේ ඉංග්‍රීසි!


ඔබ රැකියාවක් කරන කෙනෙක්නම් ඉංග්‍රීසි ලියන්න, කතාකරන්න පුළුවන් කියන එකේ තියෙන වාසිය ඔබට අමුතුවෙන් පැහැදිලි කර දෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඔබ ශිෂ්‍යයෙක් නම්, දැනුම ලබා ගැනිම කියන කාරනයේදීත් , ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාර කටයුතු වලසාර්ථකත්වය වෙනුවෙනුත් ඉංග්‍රීසි කියන දේ විශාල දායකත්වයක් ලබා දෙනවා!


මේ කෙසේ වෙතත් අපි කොච්චර ඉංග්‍රීසි කියන දේ තුල තියෙන වැදගත්කම තේරුම් අරගෙන හිටියත් තවමත් ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි කියන්නේ ප්‍රශ්ණයක්.


ඇත්තටම බැලුවොත් ලංකාවේ තියෙන භාෂා වලින් ඉතා පහසුවෙන්ම ඉගෙන ගන්න පුලුවන් භාෂා වලින් එකක් තමයි ඉංග්‍රීසි කියන්නෙ! ඒ වගේම අද වන විට හැම පසලකම 1 වසරේ ඉදලා 13 වසර දක්වාම ඉංග්‍රීසි විශයක් විදිහට උගන්වනවා. විශ්ව විද්‍යාලයකට ගියත් මූලිකව ඉංග්‍රීසි දැනුමක් ලබා දීම බොහෝමයක් විශ්ව විද්‍යාල සිදුකරනවා!

ඒ වගේම අද වන විට ලංකාවේ ඕනෑම නගරයක ඉංග්‍රීසි ඉගෙන ගන්න අඩුම අමතර පන්ති දෙක තුනක්වත් තිබෙනවා, පොත් සාප්පුවකට ගියොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෑ තරම් පොත් පත් හොයා ගන්න පුලුවන්!


නමුත් මෙච්චර දේවල් තිබියදීත්, මෙච්චර ඉංග්‍රීසි ඉගෙනගෙනත් හරියට බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද?


ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්, ඔබට පීනන්න අවශ්‍යනම්, පිහිනීම ගැන පොතක් කියවලා පීනන්න ඉගෙන ගන්න බෑ වගේම, භාෂාවක් කියන දේ ප්‍රායෝගිකව භාවිතා නොකර ඉංග්‍රීසි ඉගෙන ගන්න හැකියාවක් නෑ. නමුත් අපි ගොඩ දෙනෙක් කරන්නේ ඉංග්‍රීසි පාඩම් කරන එක. මේ නිසා මේක පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුනම බය හිතෙනවා, හරියයිද, වරදියිද වගේ නොයෙකුත් දේවල් වෙලා වැඩේ අවුල් වෙනවා!


මේ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට එය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් වෙන විදිහකට සරල තැනක සිට ප්‍රායෝගික පුහුණුවක් එක්ක ඉගෙන ගනන් එක වැදගත්!

ඒ වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මුලින්ම ඉගෙන ගන්න ඕනේ කතා කරන්න, ඊට පස්සේ තමයි ව්‍යාකරන වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ අපි සිංහල ඉගෙන ගනිද්දී මුලින්ම ව්‍යාකරන ඉගෙන ගත්තේ නෑනේ! මුලින්ම ඉගෙන ගත්තේ වචනයක් දෙකක් අල්ලගෙන කතා කරපු එක. ඊට පස්සේ තමයි ව්‍යාකරන , වගේ දේවල් ඉගෙන ගත්තේ! එහෙමනම් ඇයි අපි ඉංග්‍රීසි වලට විතරක් මුලින්ම ව්‍යාකරන ඉගෙනගෙන, පස්සේ කතා කරන්න යන්නේ?


අනිත් එක තමයි භාෂාවක් ඉගෙන ගන්නකොට අහගෙන සිටීම, අනුකරනය කිරීම වගේ අනුගමනය කරන්න ඕනේ විශේෂ ක්‍රම තියෙනවා. නමුත් අපිට ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ගෙන් 90%ක්ම වගේ මේ දේවල් හරි ආකාරයෙන් පාවිච්චි කරන්නේ නෑ. මේ නිසා අවුරුදු ගානක් ඉගෙන ගත්තත් බොහෝ දෙනෙක්ට ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, තේරුම් ගන්න හැකියාවක් ලැබී නෑ.


මේ නිසා අපි හිතුවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්යතාවයක් තියෙන හැමෝම වෙනුවෙන් කිසිම බාදාවකින් තොරව, ඉතා සුලු කාලයක් යොදවලා ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් විදිහේ ලිපි පෙලක් , ප්‍රායෝගික අභ්‍යාස වගේම මනෝවිද්‍යාත්මක පසුබිමකුත් සහිතව ඉදිරිපත් කරන්න


ජූලි 3 වනදා සිට නිකුත් වෙන මෙම ලිපි පෙල ලබා ගැනීමට ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් REG හිස්තැනක් ENGTIPS ලෙස සදහන් කර 77000ට SMS කරන්න.


දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි,


768 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page