
විකුණුම්කරුවෙක් ලෙස සාර්ථක වීමට ඔබට අවශ්‍යනම්, එතැනදී ඔබ එයට ගැලපෙන මානසිකත්වයක් ඔබ තුල ගොඩනගා ගැනීම අතිශය වැදගත් වෙනවා.
"දක්ෂ විකුණුම්කරුවන් සිතන්නේ කොහොමද?" යන්න යටතේ ඉදිරිපත් කරන මේ ලිපියෙනුත්, ඉදිරි ලිපි වලිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ, විකුණුම්කරුවෙක් ලෙස ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රායෝගික අභියෝග හමුවේ, තමන්ගේ මනස හැසිරවිය යුත්තේ කොහොමද කියන දේ ගැන ඔබට කියලා දෙන්න.
පහසුවෙන් මිලදී නොනැගීමේ ප්‍රශ්ණය.
බොහෝ විකුණුම්කරුවන් තමන්ගේ වෘත්තිය ඇතුලේ මුහුණ දෙන ඉතාම සුලබ ප්‍රශ්ණයක් තමයි, කොච්චර උත්සාහ කලත්, පාරිබෝගිකයින් මිලදී නොගැනීමේ ප්‍රශ්ණය.
බොහෝ වෙලාවට "සිය පාරක් විතර Call කලා, සෑහෙන පාරක් හමුවෙන්න ගියා, ඒත් Sale එක Close කරගන්න බැරි වුනා" කියලා කියන්න වෙන පාරිබෝගිකයින් ලයිස්තුවක් නැති විකුණුම්කරුවන් නැති තරම්.
ඒ වගේම මේ වගේ තත්වයන් නිසා, සමහර වෙලාවට තමන්ගේ වෘත්තිය ගැන ඍණාත්මකව සිතන්න පටන් ගන්න, සරලව කියුවොත්, රස්සාව එපා වෙන තැනට පත්වෙන විකුණුම්කරුවනුත් බොහෝමයක් ඉන්නවා.
මේ නිසා, මම මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ, මෙන්න මේ වගේ කොච්චර උත්සාහ කලත් මිලදී නොගැනීමේ ප්‍රශ්ණයට මුහුණ දෙන්න මනස සකස් කරගත යුතු විදිහ ගැන.
මිලදී නොනැගීමේ ප්‍රශ්ණය ඇත්තටම ප්‍රශ්ණයක් නෙමේ.
මෙතැනදී සරලවම ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, දැනුවත් කිරීම් සහ මිලදී ගැනීමට ඉල්ලීම් කිරීම හමුවේ මිනිසුන් මිලදී ගන්නවා නම්, ඇත්තටම කිසිම ආයතනයකට විකුණුම්කරුවෝ ඕනේ වෙන්නේ නෑ කියන එක.
ඒ කියන්නේ, බොහොම පහසුවෙන් මිනිසුන් මිලදී ගන්නවා නම්, ආයතන වලට Marketing සහ Advertising වගේ දේවල් විතරක් තිබුනාම ඇති. එතැනින් එහාට Sales කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ.
ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, ඔබට රැකියාවක් ලැබිලා තියෙන්නේම, මිනිස්සු පහසුවෙන් මිලදී ගැනීමේ තීරණ වලට එන්නේ නැති නිසා කියන එක.
ඔබේ රැකියාව වෙන්නේ ඇත්තටම, Leads හොයලා Call කරන එකවත්, Appointments ගන්න එකවත්, Appointments වලට හිහින් Presentation කරන එකවත් නෙමෙයි. ඇත්තටම ඔබේ රැකියාව වෙන්නේ, Creative විදිහට හිතලා, ස්වභාවයෙන්ම මිලදී නොගන්න මිනිස්සු මිලදී ගන්න තැනට පත් කිරීම කියන එක. අන්න එතැනින් තමයි ඔබේ රැකියාව ඇත්තටම ආරම්භ වෙන්නේ.
2% Rule
මේ කාරණාව වඩාත් තාක්ෂණිකව පැහැදිලි කරනවා නම් මෙන්න මෙහෙමයි, සාමාන්‍යයෙන් විකිණීමට උත්සාහ කිරීම කියන කාරණාව ඇතුලේ 2% පමණ සාර්ථක වීමේ අවස්ථාවක් ස්වභාවිකවම තියෙනවා.
ඒ කියන්නේ, Cold Calling ලෙස ලබා ගන්න ඇමතුම් 100ක් ඇතුලේ සාමාන්‍යයෙන් ඔබේ Product එක හර් Service එක හරි මිලදී ගන්න කැමැත්තක් දක්වන දෙදෙනෙක් විතර සාමාන්‍යයෙන් ඉන්නවා.
එහෙමත් නැත්නම්, ඔබ ඔබේ Advertising Campaign එකක් ඇතුලේ Inquiries 100ක් ලබා ගත්තොත්, ආසන්න වශයෙන් මිලදී ගැනීමේ තීරණයක් ගන්න දෙදෙනෙක් විතර ඉන්නවා.
ඒ කියන්නේ ඉතුරු 98% ම ඉන්නේ, පෙලබවීමකින් තොරව මිලදී ගැනීමක් කරන්නේ නැති අය. ඔන්න ඔය නිසා තමයි ඇත්තටම ආයතන වලට ඔබව , එහෙමත් නැත්නම් වෘත්තීය මට්ටමේ දක්ෂ විකුණුම්කරුවන් ඕනේ වෙන්නේ.
වෙනත් විදිහකින් කියුවොත්, මේ නිසා තමයි පාරිබෝගිකයන්ව හරියට තේරුම් අරගෙන, Creative විදිහට හිතලා, මිලදී ගැනීමක් නොකරන කෙනාගේ මනස, මිලදී ගැනීමක් කරන්න හිතෙන තැනට පත් කරන්න පුලුවන් මට්ටමේ විකුණුම්කරුවෝ ආයතන වලට ඕනේ වෙන්නේ.
ඒ නිසා හොදින් තේරුම් ගන්න! මිනිසුන් පහසුවෙන් මිලදී ගැනීමේ තීරණ නොගන්නා නිසා තමයි ඇත්තටම ඔබට රැකියාවක් තියෙන්නේ. ඒ වගේම ඒ තත්වයට Creative විදිහට මුහුණ දීලා සාර්ථක වෙන එක තමයි ඔබේ සැබෑ රැකියාව වෙන්නේ.
අන්න ඒ දේ කරන්න ඔබ කොතරම් දක්ෂද කියන දේ මත තමයි, වෘත්තිකයෙක් විදිහට ඔබට Brand එකක් හැදෙන්නේ.
සටහන,
චතුස්ක අමරසේකර
(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)
අධ්‍යාපණික අරමුණු වෙනුවෙන් මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.
විකුණුම්කරුවෙක් ලෙස ඔබේ මානසිකත්වය ගොඩනගා ගත යුත්තේ කෙසේද යන්න පිලිබද පැවැත්වූ SALES MINDSET දෙදින Online වැඩසටහනේ පටිගත කල වීඩියෝව දැන් ඔබට ලබා ගන්න පුලුවන්.
වැඩි විස්තර ලබා ගැනීම සදහා SMD ලෙස සදහන් කල පණිවිඩයක් 0769705622 අංකයට WhatsApp හරහා යොමු කරන්න.
Thank you