top of page
Writer's pictureChathuska Amarasekara

මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප #4 : කැන්වස් එකක ඇඳපු එක ඉරක් කෝටි ගනනකට විකුණපු හැටි




මෙම ලිපිය Psychological Selling පාඨමාලාව ආවරණය කල අය වෙනුවෙන් වන අමතර කියවීමක් ලෙස ඉදිරිපත් කර ඇත.


Barnett Newman කියන චිත්‍ර ශිල්පියා ඇඳපු Onement VI කියලා චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රයේ තියෙන්නේ, නිල්පාට කැන්වස් එකක හරි මැදින් සිරස්ව ඇදපු සුදු ඉරක් විතරයි. හැබැයි මේ චිත්‍රය, 2013 දී, ඇමරිකානු ඩොලර් මිලියන 43.8 ට අලෙවි වුනා.


ඒක රුපියල් වලින් බැලුවොත් රු.14,121,348,000 ක්, ඒ කියන්නේ රු. "බිලියන" 14.12.


කොහොමද මෙච්චර ලොකු අගයකට මේ වගේ සරල චිත්‍රයක් අලෙවි වුනේ, මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න යන්නේ ඒ ගැන.


විකුණුම් රහස මොකක්ද?

කතාව සරලයි, මෙතැන තියෙන්නේ Psychological Value කියන සංකල්පය භාවිතයට ගැනීම.


Psychological Value කියන්නේ, "පාරිබෝගිකයාගේ සිතේ තිබෙන වටිනාකම" කියන එකට, Psychological Value එකේ තියෙන මනෝවිද්‍යාත්මක කාරණාව තමයි, මිනිස්සු ගනුදෙනු කරන්නේ, ඇත්තටම භාන්ඩයක හෝ සේවාවක තියෙන සැබෑ වටිනාකම මත නෙමෙයි. මිනිස්සු ගණුදෙනු කරන්නේ, යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් ගැන ඔවුන්ගේ හිතේ තියෙන වටිනාකම අනුව.


ඔන්න ඔය කාරණය මත තමයි Psychological Value කියන සංකල්පය ගොඩනැගෙන්නේ.


දැන් එමු ආයෙත් චිත්‍රයේ කතාවට.


මේ චිත්‍රය ඉතාම සරල චිත්‍රයක් තමයි. හැබැයි, මේ චිත්‍රයේ තියෙන Psychological Value එක ගොඩක් වැඩියි.


Barnett Newman කියන්නේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම මේ චිත්‍රය අයිති වෙලා තිබ්බේ Paul Allen ට (මයික්‍රෝසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ). මේ වගේ කාරණා එක්ක පාරිබෝගික මානසිකත්වය තුල ඉතාම විශාල Psychological Value එකක් හදන්න පුලුවන්.


ඒකත් එක්ක මේ ගානට මේ චිත්‍රය අලෙවි වුන එක අරුමයක් නෙමේ.


දක්ෂ විකුණුම් කරුවන් සහ සාමාන්‍ය විකුණුම් කරුවන් අතර තියෙන ලොකු වෙනසක් තමයි, සාමාන්‍ය විකුණුම්කරුවන්, භාන්ඩයක හෝ සේවාවක තියෙන සැබෑ වටිනාකම ගැන හිතලා විකුණන්නකොට, දක්ෂ විකුණුම්කරුවන් Psychological Value එක මත විකිණීම.


අන්න ඒ නිසා ඔවුන්ට පුලුවන් වෙනවා, බොහෝ වෙලාවට සාමාන්‍ය විකුණුම්කරුවෙක් මහන්සි වෙන ප්‍රමාණයටත් වඩා අඩුවෙන් මහන්සි වෙලා, තුන් හතර ගුණයක් විශාල ප්‍රතිඵලයක් ගේන්න.


ඒ නිසා, විකුණුම්කරුවෙක් විදිහට, හැම වෙලාවෙදිම Psychological Value එක ගැන හිතන්න, තමන්ගේ Product එක හරි Service එකේ තියෙන සැබෑ වටිනාකම වෙනුවට, පාරිබෝගිකයාට එය කොතරම් වටිනවාද කියන දේ ගැන හිතන්න.


ඒ වගේම ඔබේ පැත්තෙන්, අමතරව කොතරම් ප්‍රමාණයක Psychological Value එකක් ගොඩනගන්න පුලුවන්ද කියන දේ ගැන හිතන්න. ඒ අනුව ඔබේ විකුණුම් ක්‍රියාවලිය සැලසුම් කරන්න.


එතකොට ඔබට වැටහෙයි, විකුණුම් තුල ඉහල වටිනාකම් ලබා ගැනීම එතරම් අමාරු නෑ කියන කාරණාව.


මනෝවිද්‍යාත්මක විකුණුම් සංකල්ප පිලිබද මේ ලිපි මාලාව අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම Psychological Selling පාඨමාලාව හැදෑරූ අයට ලබා දෙන අමතර කියවීමක් ලෙසටයි.

ඔබ තවම Psychological Selling පාඨමාලාව ආවරණය කලේ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න මෙතැන Click කරන්න





1,191 views

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Dec 06, 2024
Rated 5 out of 5 stars.

Thank you

Like
bottom of page