මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය, එහෙමත් නැත්නම් මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් විකිණීම කියන්නේ, විකුණුම් තුල තියෙන තරගකාරීත්වය හා වෙහෙස අවම කරගෙන, වඩාත් පහසුවෙන් තමන්ගේ විකුණුම් ඉලක්ක ජය ගන්න හිතන කෙනෙක් අවදානය යොමු කරන්නම ඕනේ කොටසක්.
ඒ නිසා මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්නේ මෙන්න මේ මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය ගැන සහ ඒ හරහා පහසුවෙන් හා වේගයෙන් විකුණන්න පුලූවන් තත්වයන් නිර්මාණය කරගන්නේ කොහොමද කියන දේ ගැන.
මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය කියන්නේ මොකක්ද?
මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය කියන්නේ, සරලවම, "මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කරලා", පාරිබෝගිකයා විසින් අපිට (විකුණුම්කරුට) අවශ්‍ය තීරණ ගන්නා තැනට පෙලබවීම් හරහා විකිණීමක් සාර්ථක කර ගැනීම කියන එකට.
සාමාන්‍ය විකිණීමක්, මනෝවිද්‍යාත්මක විකිණීමකින් වෙනස් වෙන හැටි
සාමාන්‍ය විකිණීමක් සහ මනෝවිද්‍යාත්මක විකිණීමක් වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි,
සාමාන්‍ය විකිණීමකදී අපි බොහෝ වෙලාවට කරන්නේ, මිලදී ගැනීමක් කරන්න කියන ඍජු ඉල්ලීමක් කරන එක. එහෙමත් නැත්නම් මිලදී ගැනීමක් වෙනුවෙන් පාරිබෝගිකයාව ඍජුව Push කරන එක.
හැබැයි මනෝවිද්‍යාත්මක විකිණීමක් කියන දේ ඊට වඩා වෙනස් මෙතැනදී අපි පාරිබෝගිකයාව, මිලදී ගැනීමක් වෙනුවෙන් ඍජුව Push කරන්නේ ඉතාම අඩුවෙන්. ඒ වෙනුවට අපි මෙහිදී වැඩි අවදානයක් දෙන්නේ, මිලදී ගන්නේ නැතුව ඉන්න බැරි තැනට පාරිබෝගික මනස පත් කිරීම. කියන කාරණය වෙනුවෙන්.
වෙනත් විදිහකින් කිව්වොත්, මනෝවිද්‍යාත්මක විකුණුම් කියන්නේ පාරිබෝගිකයාට විකුණන බව නොදැනෙන්න විකුණන එකට.
මේ දේ තවත් සරලව තේරුම් ගන්න උදාහරණයක් දෙන්නම්,
ඔබ දැකලා තියෙනවාද, Super Market වල, චොකලට්, ටොෆී සහ රසකැවිලි තියලා තියෙන තැන්? බොහෝ වෙලාවට Super Market වල මේ වගේ දේවල් ගබඩා කරන්නේ පහලම මට්ටමේ තියෙන රාක්ක වල.
මොකද එහෙම තිබුනාම, ඒවා කුඩා දරුවන්ගේ ඇසට ලේසියෙන් හසු වෙනවා, ඒ වගේම එයාලට ඒවා ගන්නත් හරිම පහසුයි.
සාමාන්‍යයෙන් සෞඛ්‍යමය හේතු නිසා, අම්මලා තාත්තලා, කුඩා දරුවන්ට මේ වගේ දේවල් අරගෙන දෙන්නේ පලනයක් ඇතුව, එතකොට උසින් තියෙන රාක්ක වල මේවා තිබ්බොත් ඒවා මිලදී ගැනීම සිදුවෙන්නේ, වැඩිහිටියන්ගේ තෝරා ගැනීම් වලට යටත්ව විතරයි. එතකොට බොහෝ දෙනෙක් ඒවා මිලදී ගන්නේ ඉතාම අඩුවෙන්.
හැබැයි, යට රාක්කවල තිබුනොත්, ඒවා ඕනේ කියලා අඩන ළමයි නලවා ගන්න, අකමැති වුනත් ඒවා මිලදී ගන්න දෙමාපියන්ට සිදු වෙනවා.
ඒ කියන්නේ අපි එතැනදී සාමාන්‍ය විකිණීමකදී වගේ පාරිබෝගිකයාට රසකැවිලි මිලදී ගන්න කියලා ඉල්ලීමක් කරන්නේ නෑ. හැබැයි පාරිබෝගිකයාටත් නොදැනෙන විදිහට මිලදී නොගෙන යන්න බැරි තැනට පත් කරනවා. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතයෙන් විකිණීම කියලා කියන්නේ.
මනෝවිද්‍යාත්මක විකුණුම් භාවිතයේ වාසි
දැන් ඔබට අවබෝධ වෙන්න ඕනේ, මනෝවිද්‍යාත්මක විකුණුම් කියන්නේ, පස්සෙන් පන්නගෙන ගිහින් දඩයම් කිරීමක් නෙමෙයි, උගුල අටවලා බලාගෙන ඉන්නවා වගේ වැඩක් කියලා.
අන්න ඒ නිසා මනෝවිද්‍යාත්මක විකුණුම් තුල තියෙන ලොකුම වාසිය තමයි, සාමාන්‍ය විකුණුම් තුල තියෙන වෙහෙස සහ මානසික පීඩනය ඉතාම අවම මට්ටමක් දක්වා අඩු කරගන්න හැකි වීම.
මොකද මේ ක්‍රමයේදී අපි පාරිබෝගිකයාගේ පස්සෙන් ගිහින්, මිලදී ගන්න කියලා ඉල්ලීම් කර කර වද වෙන්නේ නෑ. ඒ නිසා විකුණුම්කරුවෙක් විදිහට පාරිබෝගිකයා "එපා" කියන එකේ පීඩනය එන්නේ ඉතාම අඩුවෙන්.
සාමාන්‍ය විකුණුම් තුලින් මනෝවිද්‍යාත්මක විකුණුම් වෙත මාරු වෙන්නේ කොහොමද?
ව්‍යාපාරයකට වුනත්, විකුණුම්කරුවෙක්ට වුනත් මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය භාවිතයට ගැනීම ආරම්භ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
පලවෙනි ක්‍රමය තමයි, සාමාන්‍ය විකුණුම් ක්‍රියාවලිය ඇතුලේ, සුදුසු පරිදි මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතා කිරීම කියන එක.
උදාහරණයක් විදිහට, සාමාන්‍ය ආකාරයට විකුණන්න උත්සාහ කරන අතරේ මිල ඉදිරිපත් කරනකොට රවුම් අගයන් ඉදීරිපත් කරනවා වෙනුවට, සුලු අඩුවක් සහිත කැඩුනු අගයක් ඉදිරිපත් කිරීම වැනි දේ හරහා මිල අඩු බවට හැගීමක් ඇති කිරීම වගේ උපක්‍රම භාවිතය මෙයට ඇතුලත් වෙනවා.
උදා: මිල රු.10000/- කියනවා වෙනුවට , මිල රු 9850/- ක් ලෙස ඉදිරිපත් කිරීම.
නමුත් මේ ආකාරයට මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතය, වඩාත් සාර්ථක ක්‍රමයක් නෙමේ. මොකද මෙහිදී ඔබ මේ උපක්‍රම භාවිතා කරන්නේ සාමාන්‍ය ක්‍රමයට විකිණන අතරේම නිසා, මේ ක්‍රම හරහා ඇති කරන බලපෑමේ පුංචි අඩුවක් නිරන්තරයෙන්ම ඇති වෙනවා.
ඒ වගේම මනෝවිද්‍යාත්මක විකුණුම් භාවිතා කරන්න පටන් ගන්න පුලුවන් දෙවැනි ක්‍රමය තමයි, සම්පූර්ණ විකුණුම් ක්‍රියාවලියම මනෝවිද්‍යාත්මක පදනමක් මත සකස් කරගෙන විකිණීම කියන එක.
ඒ කියන්නේ, පාරිබෝගිකයින් සොයා ගැනීම (Leads සොයා ගැනීම) වැනි මූලික පියවර වල ඉදලා, විකිණීම අවසන් කිරීම (Closing) යන අවසන් පියවර දක්වාම මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් සකස් කරලා භාවිතයට ගැනීම කියන එක.
මේ විදිහට වැඩේ පටන් ගන්න එක ඇතුලෙනම්, පලවෙනි ක්‍රමයට වඩා සෑහෙන ඉහල ප්‍රතිඵලයක් ලබන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව තමයි, මෙතැනදි මුල ඉදලාම පාරිබෝගිකයාව ප්‍රමාණවත් මට්ටමකින් මනෝවිද්‍යාත්මක පෙලබවීම් වලට ලක් කිරීම.
මනෝවිද්‍යාත්මක විකුණුම්කරණය ගැන වැඩි දුර ඉගෙන ගන්න කැමති නම්, ඒ පිලිබද සකස් කල, පැය 05ක අන්තර්ගතයක් සහිත, Psychological Selling Video පාඨමාලාව අධ්‍යයනය කරන්න.
මෙම වැඩසටහන හරහා ඔබට Leads සොයා ගැනීමේ සිට Closing දක්වාම මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිතය සිදු කල යුතු ආකාරයන් පිලිබද මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
වැඩි විස්තර ලබා ගැනීම සදහා P24 ලෙස සදහන් කල පණිවිඩයක් 0769705622 අංකයට WhatsApp හරහා යොමු කරන්න.
සටහන,
චතුස්ක අමරසේකර
(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)
අධ්‍යාපණික අරමුණු වෙනුවෙන් මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.
Vetaran instructor
Very usefulthanks