top of page

ආදරය තුල ප්‍රශ්ණ ඇතිවෙන්නේ ඇයි?

Updated: Apr 27, 2020


සාර්ථක ආදරයක් හා පවුල් ජීවිතයක් කියන්නේ මිනිසෙකුගේ ජීවිතය තුල තෘප්තිමත් බව, සතුට ඇතිකරන එක් ප්‍රබල සාදකයක්. යහපත් ආදරණීය සබදතාවක් පැවතීම , සතුට තෘප්තිමත් බව වගේම, මානසික හා ශාරීරික සෞඛ්‍යයට මෙන්ම පුද්ගලයකුගේ ආර්ථිකය, නිර්මාණශීලී බව, පෞර්ෂත්වය වැනි සාදක වෙනුවෙනුත් ප්‍රබලව බලපාන බව අද වන විට විද්‍යාත්මකව පවා තහවුරු වුන කරුණක්.


නමුත් මෙවැනි වැදගත් කරුණක් පිලිබදව නිවරැදි වටිනාකමක්, අවදානයක් ඔබ ඔබේ ජීවිතය තුල ලබා දෙනවාද? සැබවින්ම ඔබ ආදරණීයද? සැබවින්ම ඔබ ඔබේ ආදරය තුල සාර්ථකද? ඔබ තෘප්තිමත්ද? එය තුල ඔබ ප්‍රබෝධමත්, ආදරණීය, සවිමත්, ආශ්වාදයක් හා තෘප්තිමත් බවක් අත්විදිනවාද?


එහෙමත් නැත්නම් ඔබේ ආදරය තුලත් ආදරයට වඩා තියෙන්නේ, ප්‍රශ්ණ ගැටලු හා මානසික පීඩාවන්ද? එහෙමනම් එසේ වන්නට තියෙන සැබෑම හේතූන් මොනවාද?


ආදරය කිරීම, සබදතාවයක් පවත්වාගෙන යාම කියන්නෙත් කලාවක්, එහෙමත් නැත්නම් යම් ක්‍රමයකට කල යුතු දෙයක්. එසේ නොවන්නට ඔබට සබදතාවයක් පවත්වාගෙන යන්නට අවශ්‍ය වූ පමණින් එවැන්නක් පවත්වාගෙන යාමට පටන් ගැනීම කිසිම විටෙක සාර්ථක , තෘප්තිමත් ජීවිතයකට උපකාරී වෙන්නේ නෑ. එය බොහෝ විට ඔබේ ප්‍රශ්ණ තවත් වැඩි කිරීම පමනයි සිදුකරන්නේ. මේ නිසා ආදරය කිරීම , සබදතාවයක් පවත්වාගෙන යාම කියන දේ ගැනත් යම්කිසි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම, ශක්තිමත් ආදරණීය සබදතාවයක් හරහා ඔබේ ජීවිතයේ තෘප්තිමත් බව වැඩිකරගන්න ඉතා වැදගත් වෙනවා.


මිනිසා කියන්නේ ස්වභාවයෙන්ම පිරිස් වශයෙන් , සබදතා සහිතව ජීවත්වීම වෙනුවෙන් සැකසුනු ජීවියෙක්. මේ නිසා සැබවින්ම මිනිසුන් වශයෙන් අපට ඕනෑම කෙනෙකු සමග සුහද සබදතාවයක් පැවැත්වීමේ හැකියාව උපතින්ම හිමිවෙනවා. නමුත් සමාජය වෙනස් වීමත් සමග අප බොහෝ දෙනෙකු තුල මෙම හැකියාව තිබුනත්, සබදතාවයක් තුල ශක්තිමත් බවක් ඇතිකරගැනීමට අවශ්‍ය වන, තේරුම් ගැනීමේ හැකියාව හා සබදතවයක් තුල ක්‍රියාත්මක වීමේදී තිබිය යුතු විනයානුකූල බව බොහෝ දෙනෙකු තුල නිසි අයුරින් ස්ථපනය වී නැති බවක් තිබෙනවා. මේ නිසා ඉතා හොදින් සබදතාවයන් පවත්වාගෙන යා හැකි අය පවා නිකරුණේ තම සබදතා තුල ප්‍රශ්න ගැටලු ඇතිකර ගැනීම සිදුකරනවා.


ලෝකයේ 90%ක්ම සබදතා විනාශ වී අයන්නේ මෙන්න මේ ආකරායෙන් තේරුම්ගැනීමේ ගැටලු නිසා හා සබදතාවයක් තුල ක්‍රියාත්මක වීමේ ගැටලු නිසා මිස සැබවින්ම ඔවුන්ට එකට ජීවත්විය නොහැකි නිසාවත්, ඔවුන් නොගැලපෙන නිසාවත් නොවේ.


සබදතාවක් තුල ගැටලු ඇතිවෙන්න බලපාන ප්‍රධාන කාරණා 4.


1. මිනිසුන් වශයෙන් ඔබ දෙදෙනාගේ අපේක්ෂාවන් නිවරැදිව හදුනා නොගැනීම


මානවයන් වශයෙන් අප සෑම කෙනෙකුම, ගැහැනු පිරිමි, ජාති, ආගම්, සංස්කෘතික බේදයකින් තොරව සබදතාවයක් තුල බලාපොරොත්තු වෙන අවශ්‍යතාවයන් කීපයක් තියෙනවා. එම සබදතා මත තමයි ඇත්තටම අපි අපේ ජීවිතයේ ඇතිකරගන්නා ඕනෑම සබදතාවයක පදනම සකස් වන්නේ මෙන්න මේ දේ ගැන අවබෝධයක් නැති එක තමයි සබදතාවයක් නැතිවෙන්න, ප්‍රශ්ණ ඇතිවෙන්න බහුලවම බලපාන්නේ.


2. ගැහැනු පිරිමි අවශ්‍යතා හදුනා නොගැනීම


පොදුවේ සෑම කෙනෙකුම සබදතාවයක් හරහා බලාපොරොත්තු වෙන සබදතාවයන් වගේම ගැහැනු පිරිමි වශයෙනුත් අප එකිනෙකාගෙන් සබදතාවයක් තුල බලාපොරොත්තුවෙන විශේෂ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ පිලිබදව අවබෝධයක් නැති වීම තමයි දෙවනුවට ඔබ සබදතාවයක් තුල අසාර්ථක වෙන්න බලපාන දෙවැනි කාරනය වන්නේ.


3. ආදරයේ විනය පවත්වාගෙන නොයාම


මා කලින් සදහන් කල ආකාරයටම ආදරය කිරීම කියන්නේ කලාවක්. එතැනදී ඔබට යම්කිසි විනයකට අනුව කටයුතු කරන්න සිදුවෙනවා. එසේ නොවන්නට ඔබේ සබදතාවය බිදවැටෙන්න තියෙන ප්‍රවනාතවය ඉතා වැඩියි. මේ නිසා ඔබ ආදරයක් තුල ක්‍රියා කිරීමේදී ඔබ ඉගෙනගත යුතු මූලිඛ රීතීන් පිලිබදව ඉගෙනගැනීමත් ඒ අනුව ඔබේ ආදරයේ විනය පවත්වාගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත්. එය නොමැති වීම තමයි මීලගට ඔබේ ආදරය ගැටලු වලින් පිරෙන්න බලපාන 3 වන සාදකය.


4. ආදරයේ ගැටලු විසදා ගන්න හැටි නොදැනීම


දෙදෙනෙකු එකට ජීවත් වීමේදී ප්‍රශ්න ඇතිවීම සාමාණ්‍ය දෙයක්. එය අනිවාර්යයෙන්ම ඔබට මුහුන දෙන්න වෙන දෙයක්. නමුත් එවැන්නක් ඇතිවුනාම ඔබ එය සාර්ථකව විසද ගන්න දන්නේ නැත්නම් ඔබට සිදුවෙන්නේ හිතා ගන්න බැරි ප්‍රශ්ණ ගොඩකට මැදිවෙන්න. ඇතැම් විට වචනයක් වැරදීම වගේ ඉතා දේවල් නිසා ඇතිවෙන ගැටලු පවා විශාල ගැටලු බවට පත්වීම වැනි තත්වයන්ට,මේ ගැටලු විසදා ගැනීමට ඔබ සතු නොහැකියාව නිසා ඔබට මුහුන දෙන්න සිදුවෙනවා.


මේ ලෝකයේ කවුරු හරි කෙනෙක්ට මේ කරුණු 4 නිවරැදිව වෙනස් කරගන්න පුලුවන්නම් ඔහුට හෝ ඇයට ඉතා පහසුවෙන් තමන්ගේ සබදතාවය තුල ඇතිවෙන ගැටලු 80% - 90%ක් පමණ අඩුකරගන්න පුලුවන්.


ඔබේ ආදරයේ ගැටලු විසදාගෙන , ඔබේ ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතුම කරුණු ඇතුලත් "සාර්ථක ආදරයකට මග" Quick Read eBook එක පහතින් ලබා ගන්න.




493 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page