top of page

Successful 2020

නොවැ 24 ඉරිදා

|

South Asia Partnership Sri Lanka (SAPSRI

2020 අති සාර්ථක ජයග්‍රාහී වසරක් කර ගැනීම වෙනුවෙන් වන ප්‍රායෝගික පුහුණු වැඩසටහන.

Registration is Closed
See other events
Successful 2020
Successful 2020

Time & Location

2019 නොවැ 24, 09.30 – 2019 නොවැ 25, 17.30

South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka

About the event

හැදින්වීම

මෙය 2020 නව වසර ඔබ ජීවිතයේ ගත කල අති සාර්ථකම, ජයග්‍රාහීම වසර කරගැනීම වෙනුවෙන් ඔබ ප්‍රායෝගික ජීවිතයේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබද ඉගැන්වීම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ඔබව ප්‍රායෝගිකව පුහුණු කරන ප්‍රායෝගික පුහුණු වැඩසටහනකි. එමෙන්ම මෙය පැමිනෙන සෑම පුද්ගලයකු වෙතම උපදේෂකවරයාගේ පෞද්ගලික අවදානය යොමු කල හැකි ආකාරයෙන් සීමිත පිරිසක් පමණක් සහබාගී කරගනිමින් මෙහෙයවනු ලබන වැඩසටහනකි. 

මෙය 100% ප්‍රායෝගික ප්‍රතිඵල අරමුණු කරගත් වැඩසටහනක් වන අතර, එය තහවුරු කිරීම වෙනුවෙන් වැඩසටහනට සහබාගී වන සෑම කෙනෙකුටම වැඩසටහනෙන් පසු මාස 3ක කාලයක් දක්වා උපදේෂකවරයා පෞද්ගලිකව මුන ගැසෙමින් හෝ දුරකතන මාර්ගයෙන් සම්බන්ද වෙමින් , තම ගැටලු නිරාකරනය කර ගැනීම හා අඩුපාඩු සකස් කරගැනීම වෙනුවෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමේ අවස්ථාව ලැබේ. 

සියලුම ප්‍රායෝගික අභ්‍යාස වැඩසටහන තුලදී ප්‍රායෝගිකව සිදුකරමින් පුහුණු කරනු ලැබේ. ඉලක්ක සකස් කර ගැනීම්, සැලසුම් සකස් කරගැනීම් හා අනෙකුත් කළමණාකරන කටයුතු වෙනුවෙන් විශේෂයෙන් සකස් කල 2020 Year Planner Pack එකක් සහබාගී වන සෑම කෙනෙකු වෙනුවෙන්ම ලබා දෙනු ලැබේ. වැඩසටහනෙන් පසු උපදේෂණ සේවා ලබා දීමේදී 2020 Year Planner Pack තුල ඔබ සැලසුම් සකස් කරගෙන ඇති ආකාරය හා සැලසුම් ක්‍රියාත්මක කර ඇති ආකාරය පරික්ෂාකර බලමින්, ප්‍රායෝගික මට්ටමකින් උපදෙස් ලබා දීම සිදුකරනු ලැබේ. 

වැඩසටහනේ අන්තර්ගතය

  • 2020ට සූදානම් වන්නේ කොහොමද?

2020 වසර වෙනුවෙන් අරමුණු හා ඉලක්ක ස්ථාපනය ( මූළ්‍ය, අද්‍යාපණික, සෞක්‍ය, ආදරය හා පවුල් ජීවිතය , ආද්‍යාත්මික )

  • 2020 සමබර කර ගන්නේ කොහොමද?

මූළ්‍ය, අද්‍යාපණික, සෞක්‍ය, ආදරය හා පවුල් ජීවිතය , ආද්‍යාත්මික ආදී සියලු අංශයන්ගෙන් එක ලෙස සාර්ථක වන සමබර 2020ක් සකස් කර ගන්නේ කොහොමද?

  • අභියෝග හමුවේ නොසැලෙන 2020ක් සකස් කර ගන්නේ කොහොමද?

2020 තුල ඇතිවෙන කිසිදු අභියෝගයක් හමුවේ , තම ඉලක්ක අත් නොහරිමින්, ශක්තිමත්ව, තම ඉලක්කය වෙතට ලගා වෙනතෙක්ම ක්‍රියාත්මක වන මානසික මට්ටමක් ගොඩනගා ගැනීම හා පවත්වාගැනීම සිදුකරන ආකාරය 

  • උද්‍යෝගිමත් 2020ක් ගොඩනගා ගන්නේ කොහොමද?

2020 වසරේ සෑම දිනයක්ම , උද්‍යෝගිමත්, ක්‍රියාශීලී , ධනාත්මක දිනයක් කරගැනීම වෙනුවෙන් වන ප්‍රායෝගික මානසික හා ශාරීරික අභ්‍යාස.

සල්ලි උතුරන 2020ක් ඇතිකර ගන්නේ කොහොමද?

2020 තුල පහසුවෙන් හා වේගයෙන් ඔබේ ආදායම් මට්ටම වැඩි කරගැනීමට භාවිතා කල හැකි උපක්‍රම.

  • ආදරය උතුරන 2020ක් ඇතිකර ගන්නේ කොහොමද?

සෑම කෙනෙකුගේම සිත දිනාගත හැකි ආදරයට හා ගෞරවයට පත්වන, සෑම කෙනෙකුගේම විශ්වාසය හා පිලිගැනීම දිනා ගන්නා  2020ක් ගොඩනගා ගන්න භාවිතා කල හැකි. මනෝවිද්‍යාත්මක උපක්‍රම. 

  • නිරෝගී 2020ක් සකස් කරගන්නේ කොහොමද?

නීරෝගිමත් බව, සෞක්‍ය සම්පන්න බව වසර පුරාම පවත්වාගෙන යාම වෙනුවෙන් වන මානසික හා ශාරීරික අභ්‍යාස. 

  • 2020 සැලසුම් කරන්නේ කොහොමද?

නියත සාර්ථකත්වයක් ලගා කරගත හැකි ලෙස 2020 තුල වන දින 365 සැලසුම් කරන හැටි.

  • දෙගුණයක් වේගවත් 2020ක් සකස් කරගන්න හැටි

2020 තුල නිවරැදිව කාලය කළමණාකරනය කර ගනිමින්, කෙටි කාලයක් තුල සාපේක්ෂව වැඩි වැඩකොටසක් ඉටු කරමින් තම සාර්ථකත්වයේ වේගය දෙගුණ කර ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි උපක්‍රම

  • දෙගුණයක් වාසනාවන්ත 2020ක් සකස් කර ගන්න හැටි

තමන් සිතන ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් ඉතා පහසුවෙන් තමන් වෙතට ආකර්ෂණය කරගැනීම වෙනුවෙන්, තමන් සිතන දේ සිදුවන ජීවිතයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් භාවිතා කල හැකි මානසික ශක්තීන් බල ගැන්වීමේ ක්‍රම ශිල්ප. 

  • ප්‍රීතිමත් සැහැල්ලු 2020ක් ගොඩනගා ගන්න හැටි

කොතරම් බාදක , අභියෝග පැමිනියත්, සතුටින් හා මානසික සැහැල්ලුවකින් යුතුව එම තත්වයන්ට මුහුණ දිය හැකි මානසික මට්ටමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වන මානසික අභ්‍යාස. 

________

වයස අවුරුදු 16ට වඩා වැඩි ඕනෑම කෙනෙකු සදහා මෙම වැඩසටහන සුදුසු වේ.

ආහාර පාන, නිබන්දන ඇතුලු සියලු දේ අප විසින් ලබා දෙනු ලැබේ. 

මෙහෙයවීම

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

( Motivational Speaker & Trainer, Author, Researcher, Founder: Winners Lounge Training & Development & Blue Whale Business Management ) 

Tickets

  • Workshop Pass

    US$35.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page