top of page

Change Your Destiny (1)

ජූලි 11 බ්‍රහස්

|

South Asia Partnership Sri Lanka (SAPSRI

Change Your Destiny යනු ඔබේ මනස තුල වන ඕනෑම ආකාරයක බලාපොරොත්තුවක් , සිහිනයක් ප්‍රායෝගික ජීවිතය තුල යථාර්තයක් කරගැනීම වෙනුවෙන් , ඔබ ප්‍රායෝගික්ව මනස හා ක්‍රියාකාරකම් මෙහෙය විය යුතු ආකාරය පිලිබද ප්‍රායෝගිකව ඔබව පුහුණු කරන ප්‍රායෝගික පුහුණු වැඩසටහනකි.

Registration is Closed
See other events
Change Your Destiny (1)
Change Your Destiny (1)

Time & Location

2019 ජූලි 11, 09.00 – 13.00

South Asia Partnership Sri Lanka (SAPSRI, 1175/2 Lake Crescent, Kotte Rd, Sri Jayawardenepura Kotte 10107, Sri Lanka

About the event

Change Your Destiny යනු පසුගිය වසර කීපය පුරාවට බොහෝ දෙනෙකුගේ ජීවිත ප්‍රායෝගිකව වෙනස් කරමින් ඉහල සාර්ථක ප්‍රතිඵල ප්‍රායෝගිකව අත්කර දෙන්නට සමත්වූ ප්‍රායෝගික වැඩසටහනකි. මෙය ඔබේ මනස තුල වන ඕනෑම ආකාරයක බලාපොරොත්තුවක් , සිහිනයක් ප්‍රායෝගික ජීවිතය තුල යථාර්තයක් කරගැනීම වෙනුවෙන් , ඔබ ප්‍රායෝගික්ව මනස හා ක්‍රියාකාරකම් මෙහෙය විය යුතු ආකාරය පිලිබද ප්‍රායෝගිකව ඔබව පුහුණු කරන ප්‍රායෝගික පුහුණු වැඩසටහනකි.

ඔබේ මනසේ තිබෙන ආර්ථික වශයෙන්, ආදරය හා පවුල් ජීවිතය, සෞඛ්‍යය, අධ්‍යාපනය හෝ වෙනත් ඕනෑම ආකාරයක සිහිනයක් හෝ බලාපොරොත්තුවක් කරා සැබෑ ජීවිතය තුල ලගා වීමට නම් , ඔබ ඔබේ මනස මෙහෙයවිය යුතු නිශ්චිත ආකාරය, ඔබ ක්‍රියාත්මක විය යුතු නිශ්චිත ආකාරය කුමක්ද යන්න මෙහිදී සාකච්චා කරනු ලබන අතර, මීලග දිනයේ සිටම ප්‍රායෝගිකව තමන්ගේ සාර්ථකත්වය වෙතට තමන් කොතරම් ලගා වුනාද? තව කොතරම් ඉදිරියට යා යුතුද යන්න පිලිබද තමන්ටම දැනෙන මට්ටමට ඔබේ ජීවිතය වෙනස් කිරීම මේ හරහා සිදුවේ.

👉 වැඩසටහන තුල ආවරණය වන මාතෘකා

☄️ තමන් තුල සැගව පවතින සැබෑ ශක්තිමත් බව හදුනා ගනිමින් සාමාන්‍ය මිනිසුන් සිතන්නට , බලාපොරොත්තු ඇතිකර ගැනීමට මැලිවන තත්වයේ, ඉහල සාර්ථකත්වයක් වෙත පවා තමන්ට ප්‍රායෝගිකව ලගා විය හැකිය යන දැඩි විශ්වාසය තමන් තුල ප්‍රායෝගිකව ගොඩනගා ගන්නේ කොහොමද?

☄️සැබෑ ලෙසින්ම ඔබ කවුද, ඔබ ඔබේ ජීවිතය තුල ලබන්නට කැමති උපරිම තෘප්තිමත් බව කුමක්ද යන්න නිශ්චිත වශයෙන් , නිවරැදිව හදුනා ගන්නේ කොහොමද? එයත් සමග සාර්ථකත්වය කරා යන ගමන දැඩි ආශාවකින් හා තෘප්තිමත් බවකින් යුතු එකක් බවට පත්කර ගන්නේ කොහොමද?

☄️තමන්ගේ මනස නිරන්තරයෙන්ම තමන්ගේ සාර්ථකත්වය කරා අරමුණු ගතව පවතින මනසක් බවට ප්‍රායෝගිකව පරිවර්ථනය කර ගන්නේ කොහොමද?

☄️තමන්ගේ සිහින හා ඉලක්ක කිසිදු බාදාවක්, අභියෝගයක් , ගැටලුවක් හමුවේ අත් නොහරින, ශක්තිමත්, තමන් සාර්ථක වෙනතෙක්ම වෙනස් නොවන පූර්ණ විශ්වාසයක්, ඉවසීමක් හා බාදක ජය ගැනීම වෙනුවෙන් වන ඉහල නිර්මාණශීලී බවක් ඇති මට්ටමක් දක්වා ඔබගේ මනසික තත්වය වර්ධනය කරගන්නේ කොහොමද?

☄️තමන්ගේ සිතේ තිබෙන බලාපොරොත්තු වෙනුවෙන් ඉහල ඵලදායීතාවයකින් යුත්, ඔබව නිරන්තරයෙන් අභිප්‍රේරණය කරන ආකාරයේ , නිශ්චිත ප්‍රායෝගික සැලැස්මක් නිර්මාණය කරගන්නේ කොහොමද?

☄️සාමාන්‍ය මිනිසෙක්ට සාපේක්ෂව වැඩි වැඩ කොටසක් , ඉහල ජවයකින් හා ප්‍රබෝධමත් බවකින් යුතුව ඉටු කරන්නට හැකි ආකාරයෙන් කාලය කළමණාකරණය කරගන්නේ කොහොමද?

☄️ඔබේ යටි සිත තුල පවතින ශක්තීන් ප්‍රායෝගිකව දියුණු කරමින් , ඔබගේ සාර්ථකත්වය කරා යන ගමන, ඉතා පහසු එකක් බවට පත්කර ගන්නේ කෙසේද?

👉 වැඩසටහනෙන් පසු ඔබේ ජීවිතය තුල අත්විදින්නට ලැබෙන ප්‍රායෝගික වෙනස්කම්

☄️මෙම වැඩසටහනෙන් පසුව ඔබට සාමාන්‍ය පූද්ගලයකුට සාපේක්ෂව ඉතා ඉහල සාර්ථකත්වයක් හබා යාමට අවශ්‍ය විශ්වාසය ප්‍රායෝගිකව ඔබ තුල ගොඩනැගීමත්, ඉහල ජවයකින් , අභිප්‍රේරණයකින් යුතුව ඔබේ අරමුණු හබාගෙන යාමේ හැකියාව ඔබ තුල නිර්මාණය වේ.

☄️ඕනෑම දෙයක් දිහා ධනාත්මකව බලමින්, නිර්මාණශීලීව ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ග්‍රහණය කර ගනිමින් වේගවත්ව ඉදිරියට යාමේ හැකියාව නිර්මාණය වේ.

☄️වෙනස් නොවන නිශ්චිත අරමුණු ගත මනසකින් යුතුව, සැලසුම් සහගතව , සෑම දිනකම ඔබ කොතරම් ඔබේ සාර්ථකත්වය වෙත ලගා වූවාද යන්න මැන බලමින් ප්‍රායෝගිකව ඔබේ ඉලක්ක වෙත ගමන් කිරීමේ හැකියාව ඔබ තුල නිර්මාණය වෙයි.

👉 මෙම වැඩසටහන තුල ඔබ අපේක්ෂා කරන ඕනෑම ආකාරයක සාර්ථකත්වයක් , ප්‍රායෝගික ජීවිතය තුල ලගා කරගැනීම වෙනුවෙන් ඔබ ඇතිකරගත යුතු අනිවාර්‍යය මානසික තත්වයන් ඇතිකර ගැනීම, චර්‍යාත්මක තත්වයන් ඇතිකර ගැනීම හා එයට අදාල මනෝවිද්‍යාත්මක හා කළමණාකරන අභ්‍යාසයන් ප්‍රායෝගිකව සිදුකරන ආකාරය ප්‍රායෝගිකව පුහුණු කිරීමක් සිදුවේ. එබැවින් මෙයට සහබාගී වන ඕනෑම අයෙකුට මීලග දිනයේ සිටම තම අරමුණු වෙත ප්‍රායෝගිකව ලගා වීමේ හැකියාව ලැබේ.

කෙසේ වෙතත් මෙය 100% ප්‍රායෝගික සාර්ථකත්වය අරමුණු කරගත් වැඩසටහනක් බැවින්, එවැනි තත්වයක් ඇතිකර ගැනීමේ යම් ගැටලුවක් ප්‍රායෝගිකව ඇති වුවහොත් ඒ වෙනුවෙන් ඔබට දේෂකවරයා සමග පෞද්ගලිකව සාකච්චා කරමින් පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ පහසුකමද අප විසින් සලසා ඇත.

👉 ඉහත සේවාවන් සැපයීමේදී සෑම අයෙකු වෙනුවෙන්ම දේෂකවරයාගේ පෞද්ගලික අවදානය යොමු කිරීමේ පහසුව සලසා, මෙම වැඩසටහනට සහබාගී කරගන්නා පිරිස සීමා සහිත බව කරුණාවෙන් සලකන්න. ඔබට මෙම වැඩසටහනට සහබාගී වීමට අවශ්‍යනම් පහත අංකය හරහා ආසනයක් වෙන්කරගෙන පැමිනිය යුතු බව කරුණාවෙන් සලකන්න.

Tickets

  • Special Promo Ticket

    US$15.00
    Sale ended
  • Workshop Pass

    US$30.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page