top of page

සල්ලි උපයන කලාව

Updated: Mar 19, 2020


ree

මුලින්ම මේ රටේ බෝතල් කල පානීය ජලය ව්‍යාපාරයක් ලෙස පටන් ගන්න කොට හැමෝම හිතුවේ ඒක අසාර්ථක වෙයි කියලා. ඒකට හේතුව තමයි, මේ රට වතුර හිග රටක් නොවීම, ඒ වගේම අපේ රටේ තියෙන සංස්කෘතිය. ඕනෑම කෙනෙක්ගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් වතුර ටිකක් නොදෙන මිනිස්සු මේ රටේ නෑ. ඒ නිසාම මේ තරම් හැම තැනම වතුර තියෙන රටක, ඕනෑම කෙනෙක්ට ඕනේ වුනොත් නොමිලේ වුනත් කාගෙන් හරි ඉල්ල ගන්න පුලුවන් දෙයක් මුදලට විකුනන්න උත්සාහ කිරීම ඒතරම් හොද ව්‍යාපාරික අදහසක් ලෙස බොහෝ දෙනෙක් දැක්කේ නෑ.


නමුත් අද මොකද වෙලා තියෙන්නේ? මෙච්චර වතුර තියෙන රටේ විවිද සන්නම් නාම යටතේ පවා වතුර විවිද මිල ගනන් වලට විකුණනවා. ඒ හරහා විශාල ආදායම් ලබනවා. නමුත් අදටත් අපේ රටේ වතුර ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම අවශ්‍ය කෙනෙක්ට නොමිලේ වුනත් ඕනෑම කෙනෙක්ගෙන් බොන්න වතුර ටිකක් ඉල්ල ගන්න පුලුවන්.


හොදට හිතන්න මේක හරියට ඇස්කිමෝ වරුන්ට අයිස් ක්‍රීම් විකුණනවා වගේ දෙයක් නේද? නමුත් ඒ දේ කරන්න පුලුවන්. ඔබට මුදල් උපයන්න ඕනේනම් ඒ දේ ඔබට ඕනෑම දෙයක් හරහා කරන්න පුලුවන්. එකම දේ ඔබ මුදල් උපයන කලාව හරියට දැන ගෙන ඉන්න ඕනේ... එච්චරයි!


ඒ කලාව ඔබ දන්නවානම් , ඔබට කරන්න පුලුවන් ඕනෑම දෙයක් හරහා මුදල් උපයන එක හරිම පහසු වැඩක්. ඔබ හිතන විදිහයි වෙනස් වෙන්න ඕනේ. මුදල් ඉපයීම කියන්නේ වෙනමම කලාවක්, වෙනමම විශයක්.


සටහන මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර


මුදල් උපයන කාලාව ගැන පිලිවෙලට ඉගෙන ගන්න , පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොත මෙතැන Click කර Download කර ගන්න.

ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page