
ඔබේ මනසට , ඔබේ සිතුවිලි වලට විවිද දේ ඔබ වෙතට ආකර්ෂණය කරදිය හැකි බව ඔබට විශ්වාස කරන්න පුළුවන්ද?
මදක් පහත සිදුවීම දෙස අවදානය යොමු කරන්න, අනිවාර්යයෙන්ම මෙවැනි සිදුවීම් ඔබේ ජීවිතයේදීත් ඔබට මුහුන දීමට සිදුවී ඇති!
1. ඔබ මතක් කරමින් සිටින කෙනෙකු හදිසියේ ඔබට දුරකතනයෙන් කතා කිරීම.
2. ඔබට අද මුනගැසේවියැයි සිතෙන කෙනෙකු ඒ ආකාරයෙන්ම මුන ගැසීම.
3. ඔබ ප්‍රිය කරන මෝටර් රථයක් හෝ මිලදී ගැනීමට සිතන මෝටර් රථයකට සමාන රථ නිතර නිතර පාරේ දාවනය වන ආකාරය ඔබට දිස් වීම.
4. ඔබ මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින භාන්ඩයක් නිතර නිතරවිවිද පුද්ගලයන් භාවිතා කරන ආකාරය, සාප්පු වල විකිනීමට තබා ඇති ආකාරය වැනි දේ සුලබව ඇස ගැටීමට පටන් ගැනීම.
ඔබ සිතන්නේ මේ දේවල් ඉබේ සිදුවනවායි කියාද?
අපේ ශරීරයේ තිබෙන සෑම අංශයකටම පැවරුන යම්කිසි නිශ්චිත කාර්යයක් ඇත. උදාහරනයක් ලෙස ගතහොත් පෙනහලු, හදවත, වකුගඩු ආදී විවිද කොටස් ශරීරයේ තමන්ට පැවරුන එක් සුවිශේෂී කාර්යයක් ඉටුකරනු ලබයි. මේ ආකාරයෙන්ම ඔබේ මනසටත් පැවරුන යම් කිසි නිශ්චිත කාර්යයක් ඇත.
ඔබේ මනස , යටි සිත, උඩු සිත යන ආකාරයෙන් කොටස් 2කට බෙදෙන බව ඔබ අසා ඇති. මෙහිදී ඔබගේ යටි සිතට පැවරී ඇති ඒ විශේෂ කාර්යයක් වන්නේ ඔබේ සිතේ තිබෙන සිතුවිලි යතාර්ථයක් කිරීමට අවශ්‍ය අභ්‍යන්තර හා බාහිර කාර්යයන් සිදු කිරීමයි.
ඔබට යම් බලාපොරොත්තුවක් හෝ සිතුවිල්ලක් ඇත්නම් එය උඩු සිත විසින් යටි සිතට බාරදුන් මොහොතේ පටන් එය යතාර්ථයක් කිරීමට අවශ්‍ය දේ ඉටු කිරීම යටි සිත සිදු කරයි! එය ඔබගේ සිතුවිලි හෝ බලාපොරොත්තුවට සාපේක්ෂව ඔබගේ අවදානය යොමු කරයි. ඔබගේ චර්යාවන් වෙනස් කරයි. එමෙන්ම අවට සිටින මිනිසුන්ගේ මානසිකත්වයට මෙන්ම භෞතික දේ වලටද බලපෑම් එල්ල කරයි!
නමුත් ඔබේ යටි සිතට ඔබ සිතන්නේ හොද දෙයක්ද නරක දෙයක්ද යන්න තෝරාගැනීමට හැකියාවක් නැත. එහෙයින් එය කුමක් සිතුවත් එය ඔබට ලබා දීමට කටයුතු කරයි.
බොහෝ පවුල් ආරවුල් වල මූලාරම්භය දෙස හොදින් බලන්න. බොහෝ විට ඒ සියල්ල ඉතා කුඩා සිදුවීම් නිසා ඇති වූ ගැටලුය. ඇතැම් විට තම බිරිද හෝ සැමියා වෙනත් පුද්ගලයකු සමග කතා කිරීම , සිනා සීම වැනි ඉතා සුළු සිදුවීම් මත නැගෙන සැකය නිසා සබදතා අවසන් වන තැනටම මග පෑදෙන අවස්ථා ඕනෑ තරම් සොයා ගත හැකිය.
බොහෝ විට මෙය සිදුවන්නේ එවැනි සිදුවීමක් හරහා ඇතිවන සැකය යටි සිතට ඇතුලත් වීම නිසා යටි සිත ක්‍රියාත්මක වීමට පටන් ගැනීමෙන් තත්වය දරුනු අතට පත්වීමයි. සැකය යටි සිතට ඇතුලු වූ මොහොතේ පටන් එය සත්‍ය වුවත් නැති වුවත් එය යතාර්ථයක් කිරීමට අවශ්‍ය දේ ඉටු කිරීමට යටි සිත ක්‍රියාත්මක වේ.
එතැන් පටන් ඔබ දකින , අසන , කියවන, සෑම දෙයක් පිලිබදවම වන දත්ත ඔබේ සැකයට සාපේක්ෂව එය යතාර්ථයක් කිරීමට අවශ්‍ය පරිදි සකසා ඔබේ මොලයට නිකුත් කිරීමට යටිසිත කටයුතු කරයි. මෙය ඔබේ චර්යාවන් වෙනස් කරයි, එවැනි තත්වයන් යටතේ ඔබගේ බිරිද හෝ සැමියා කතා කරන දේ , අදින පලදින ආකාරය, හැසිරෙන ආකාරය ආදී සියලු දේ ඔබට වැරදියට පෙනෙන්නට පටන් ගනී. එය යතාර්ථයක් වන තෙක්ම යටි සිත ක්‍රියාත්මක වේ.
එමෙන්ම අවට සිටින පුද්ගලයන්ගේ සිතුවිලි ද එයට සාපේක්ෂව වෙනස් කිරීමට ඔබේ යටි සිතේ තරංග ක්‍රියා කරයි. එය කොතරම් දුරකට ක්‍රියාත්මක වනවාද යන්න අනෙක් පුද්ගලයාගේ යටි සිතේ ශක්තිමත් බව අනුව ක්‍රියාත්මක වුවත් , ඔබේ යටි සිත තමන්ට හැකි අයුරින් එය කිරීමට උත්සාහ කරයි!
ඔබ දන්නවාද මා කලින් සදහන් කල ආකාරයේ පවුල් ගැටළු වල ස්වභාවය පසුව නිරීක්ෂණය කිරීමේදී පරීක්ෂකයන්ට සොයාගැනීමට හැකි වූ එක් සාදකයක් නම්,
සැකයක් ඇති වී ගැටළුව පටන් ගත් මොහොතේදී සැබවින්ම එවන් ගැටළුවක් එම පවුල තුල නොතිබුනත්, සැකය ඇතිවී කාලයක් ගතවූ පසු සැබවින්ම සැකයට සමාන ගැටළුවක් එම පවුල තුල ඇති වී ඇති බවයි
ඔබේ යටි සිත සැබවින්ම විශ්මය ජනකය, එයට ඔබ වෙනුවෙන් බොහෝ දේ සිදු කල හැකිය . එයට ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය ජීවිතය ගොඩ නගා දිය හැකිය. එහෙයින් යටි සිතේ බලය පිලිබද හරි අවබෝදයකින් ක්‍රියා කිරීම ඔබට පහසුවෙන් ඔබ දකින සාර්ථකත්වයට ලගා වීමට උපකාරී වනු ඇත.
මීලග ලිපිය තුලින් >> සිතුවිලි වල ශක්තියෙන් බාහිරව පවතින භෞතික දේවල් වල වෙනසක් ඇති කල හැකිද?
සැබවින්ම තමන් බලාපොරොත්තුවන ජීවිතය තමන් වෙතට තම මානසික ශක්තිය භාවිතා කර ආකර්ශණය කරගත හැකි ක්‍රමයක් තිබෙනවාද ? එසේනම් එය කල හැක්කේ කෙසේද? ලෝකයේ සාර්ථක වූ චරිත එය භාවිතා කලේ කෙසේද? ආදී බොහෝ දේ දැනගන්න. ඔබේ ජීවිතයේ වෙනසක් ප්‍රායෝගිකව අත්විදින්න.
අපගේ Law of Attraction Tips ලිපි සේවාව සමග සම්බන්ද වන්න, ඔබගේ Dialog | Airtel හෝ Hutch දුරකතනයෙන්, REG හිස්තැනක් LOAT ලෙස සදහන් කර 77000ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
Comentaris