top of page

👑 අසිරිමත් යටි සිත 01 : ඔබේ ප්‍රශ්ණ වලින් 90% විසදන්නට බලය ඇති "යටි සිත".

Updated: Nov 23, 2023


ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ වලින් 90%ම වගේ, ඉතාම පහසුවෙන්, ඔබේ යටි සිතේ ශක්තිය භාවිතා කරලා විසඳා ගන්න පුළුවන් කියලා මම ඔබට කිව්වොත්, ඔබට ඒක විශ්වාස කරන්න පුළුවන්ද?

සමහර වෙලාවට, ඒක ඔබට එක පාරට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක් වෙයි. හැබැයි ඒක තමයි ඇත්ත.. ඒ නිසා මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ ප්‍රායෝගිකව සිද්ද කරන්නේ කොහොමද කියන දේ තාර්කිකව පැහැදිලි කරලා දෙන්න.


ඒ නිසා, ඔබත් මේ වෙලාවේ, ප්‍රශ්ණ එක්ක ජීවත් වෙන කෙනෙක් නම්, ඒ වගේම ප්‍රශ්ණ වලින් මිදෙන්න මගක් හොයන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න. මොකද ඔබට මේ හරහා ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම වෙනුවෙන් මගක් හොයා ගන්න නිසැකවම පුළුවන්.


ඔබට ඔබේ ජීවිතයේ තියෙන මොකක් හරි ප්‍රශ්ණයක් විසඳා ගන්න බැරි තැනක ඉන්නවා නම්, ඒ දේ වෙනස් කර ගන්න, ඔබට කරන්න පුළුවන් පහසුම දේ තමයි, ඔබේ ප්‍රශ්ණය විසදීමේ බලය, ඔබේ යටි සිතට බාර දෙන එක.


මේක මේ මහා විශ්මිත කාරණාවක් නෙමේ. මේක හරිම සරල දෙයක්. මෙතැනදී වෙන්නේ හරියටම මේකයි,


අපේ යටි සිත කියන්නේ, අපේ අවිංඥාණික ක්‍රියාකාරකම් මෙහෙයවන ප්‍රධාන තැන. (බර වචන වලට බය වෙන්න එපා, අවිංඥාණික ක්‍රියාකාරකම් කියන්නේ, අපි හිතලා නොකරන, ඉබේම අපි තුලින් සිදුවෙන දේවල් වලට) මේ දේ සිදුවෙන්නේ, අපේ යටි සිතේ තියෙන, අවිංඥාණික මනස කියන කොටසින්.


අවිංඥාණික ක්‍රියාකාරකම්

අවිංඥාණික ක්‍රියාකාරකම් කියන දේ සරලව උදාහරණයකින් කිව්වොත් මෙහෙමයි,


අපි හිතමු අපේ මූනේ මදුරුවෙක් වහලා ඉන්නවා කියලා. අපිට ඕනේ නම් පුලුවන්, හිතලා පහරක් ගහලා මේ මදුරුවා මරණයට පත් කරන්න. ඒක අපි හිතලා කරන දෙයක්. ඔන්න ඔය වගේ හිතලා කරන දේවල් වලට අපි සවිංඥාණික ක්‍රියාකාරකම් කියලා කියනවා.


හැබැයි, සමහර වෙලාවට, මදුරුවා මූනේ වහනකොටම, හිතන්නේ නැතිව, අපේ අත ඉස්සිලා, මදුරුවා මරා දමන වෙලාවලුත් තිබෙනවා. මේ වගේ දේවල් ඇත්තටම අපි දැනුවත්ව හිතලා කරන දේවල් නෙමේ, ඒවා ඉබේ අපෙන් වෙන දේවල්. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි අවිංඥාණික ක්‍රියාකාරකම් කියලා හදුන්වන්නේ. මේ වගේ දේවල් මෙහෙයවන්නේ, අපේ යටි සිතේ තියෙන, අවිංඥාණික මනස කියන කොටසින්.


අරමුණුගත අවිංඥාණික ක්‍රියාකාරකම්

සරලව අපි මෙහෙම හදුනා ගත්තාට අවිංඥාණික ක්‍රියාකාරකම් කියන්නේ මේ දේ විතරක්ම නෙමේ.


අපේ අවිංඥාණික මනසට ඇත්තටම ආකාර දෙකක අවිංඥාණික ක්‍රියාකාරකම් මෙහෙයවන්න පුළුවන්. ඉන් එකක් තමයි අපි ඔය හදුනා ගත්ත අවිංඥාණික ක්‍රියාකාරකම්.


අනිත් එක තමයි, "අරමුණුගත අවිංඥාණික ක්‍රියාකාරකම්". අපි මේ ලිපියට පදනම් කර ගත්ත ප්‍රශ්ණ විසදීමේ හැකියාව කියන දේ තියෙන්නේ මෙන්න මේ "අරමුණුගත අවිංඥාණික ක්‍රියාකාරකම්" මෙහෙයවීමට ඇති හැකියාව ඇතුලේ.


"අරමුණුගත අවිංඥාණික ක්‍රියාකාරකම්" කියන්නේ සරලවම පැහැදිලි කලොත්, යම්කිසි අරමුණක් වෙත ලගා වීම වෙනුවෙන්, අවිංඥාණිකව මෙහෙයවීමට ඇති හැකියාව කියන එකට.


අපිට අපේ ජීවිතයේ තියෙන ඕනෑම අරමුණක් ජය ගන්න නම්, අපිට දේවල් දෙකක් කරන්න පුලුවන් හැකියාව අවශ්‍යයි.


ඒ දේවල් දෙක තමයි,


  1. තමන්ගේ අරමුණ වෙත ලගා වෙන්න නම් තමන් හරියටම කරන්න ඕනේ මොනවාද කියන දේ තේරුම් ගන්න හැකි වීම.

  2. කරන්න ඕනේ දේ, හරියට කරන්න හැකි වීම.

මේ දෙකෙන් එකක් හරි අපිට හරියට කරගන්න බැරි නම් අපේ අරමුණු, ජය ගන්න බැරි වුන ප්‍රශ්ණ බවට පත් වෙනවා.


උදාහරණයක් විදිහට ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දෙන ඕනෑම ප්‍රශ්ණයක් දිහා බලන්න.


ඒ ඕනෑම ප්‍රශ්ණයක් පවතින්න හේතු වෙලා තියෙන්නේ, එක්කෝ, ඔබට ඒ ප්‍රශ්ණයෙන් මිදෙන්න මොනවාද කරන්න ඕනේ කියලා තේරුම් ගන්න බැරි නිසා, එහෙම නැත්නම්, ඒ දේ තේරුම් ගත්තත්, ඔබට කරන්න ඕනේ දේ කර ගන්න බැරි නිසා.


ඒක මොන ප්‍රශ්ණයටත් පොදුයි,


සමහර විට ඔබට ණය ප්‍රශ්නයක් ඇති, එහෙනම් ඇයි ඒ දේ ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ කියලා හිතන්න...(නියත වශයෙන්ම හේතුව, එක්කෝ ඔබට ණය ගෙවන්න මොනවාද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ, නැත්නම්, තමන්ට කල යුතු දේ තේරුණත් ඒ දේවල් කර ගන්න බෑ)


ඒ වගේම සමහර විට ඔබට, බිදුණු ආදරයක් නිසා වුන මානසික වේදනාවක් ඇති... එහෙනම් එතැනදිත්, ඒ ප්‍රශ්ණය ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ ඇයි කියලා හිතන්න. (නියත වශයෙන්ම හේතුව, එක්කෝ හිත හදා ගන්න කරන්න ඕනේ මොනවාද කියලා ඔබට හිතා ගන්න බෑ. නැත්නම් තමන්ට කල යුතු දේ තේරුණත් ඒ දේවල් කර ගන්න බෑ)


මේ විදිහට ඔබ ඔබේ ජීවිතයේ තියෙන මොන ප්‍රශ්නයක් දිහා බැලුවත්, ඔබට නතර වෙන්නේ, ඔය තත්වයන් දෙකෙන් එකක් හෝ දෙකම නෑ කියන තැනින්.


ඒ වගේම තමයි, අනිත් පැත්තට හිතුවොත් ඔන්න ඔය තත්වයන් දෙක වෙනස් කර ගන්න පුළුවන් නම්, එතැනින් එහාට, අපේ ජීවිතයේ තියෙන කිසිම ප්‍රශ්ණයක් ප්‍රශ්ණයක් විදිහට පවතින්නේත් නෑ.


අපි ඔය කලින් සදහන් කල "අරමුණුගත අවිංඥාණික ක්‍රියාකාරකම්" මෙහෙයවීමට ඇති හැකියාවේදී ඇත්තටම වෙන්නේ, අපි අවිංඥාණික මනසට ඇතුලත් කරන අරමූණු පදනම් කරගෙන, ඒ අරමුණු ජය ගැනීම වෙනුවෙන්, කල යුත්තේ කුමක්ද කියන දේ අවිංඥාණිකව තේරුම් ගැනීමක් සහ කල යුතු දේ කිරීම වෙනුවෙන් අවිංඥාණිකව අපිව මෙහෙයවීමක් කිරීමේ ක්‍රියාවලියක්.


ඒ නිසා, එතැනදී, යම් අරමුණක් ජය ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් යනකොට, අපි දන්නේම නැතුව අපි කරපු දේවල් නිසා, අපිට අවශ්‍ය දේ සිද්ද වෙලා වගේ තත්වයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.


ඒ නිසා, මේ දේ කාට හරි නිවැරැදිව භාවිතා කල හැකිනම්, තමන්ගේ ජීවිතේ තියෙන ඕනෑම ප්‍රශ්නයක්, එය විසදා ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලයක් තුලදී, හරිම පහසුවෙන් විසදා ගැනීමේ හැකියාව අපි හැම කෙනෙකුටම තියෙනවා.


ප.ලි


එහෙනම් ඇයි අපේ ප්‍රශ්ණ වලින් 100% විසදා ගන්න මේ දේ භාවිතා කරන්න පුළුවන් කියලා නොදා 90% දැම්මේ..ඒ ගැන අපි මීලග ලිපියෙන් ඉගෙන ගනිමු.

 

යටි සිතේ බලය ගැන වැඩි දුරටත් ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න, පහත දැක්වෙන ආකර්ෂණයේ නීතිය ප්‍රායෝගික උපදෙස් පොත කියවන්න.

ආකර්ෂණයේ නීති සංකල්ප සමාජ ගත වීමට පෙර සිට පැවැති, ආකර්ෂණයේ නීතිය ලෙස වර්ථමානයේ හදුන්වන සංකල්ප නිර්මාණය වීමට පදනම සැපයූ යටි සිත බලගැන්වීමේ නිවැරැදි ක්‍රම හා එම ක්‍රම නිසි ලෙස ප්‍රායෝගික සාර්ථකත්වය වෙනුවෙන් භාවිතයට ගැනීම සිදු කරන ආකාරය පිලිබද ප්‍රායෝගික උපදෙස් පොත ( පිටු 265 )


වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

871 views

Related Posts

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Oct 31, 2023
Rated 5 out of 5 stars.

😍Nice Article, Waiting for the Next

Like
bottom of page