ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි පටන් ගන්න සල්ලි නෑ කියන කාරනාව. ඇත්තටම ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි ඕනේද? කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය සල්ලි හොයා ගන්නේ?
ව්‍යාපාරයක් කියූ පමනින් බොහෝ දෙනෙක් හිතන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඉක්මනින්ම සල්ලි හොයන්න පුලුවන් කියලා. නමුත් ඇත්තටම ප්‍රායෝගික තත්වය වෙන්නේ මේ කතා දෙකම බොරු.
ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි තියෙන්නම ඕනේ නෑ. ලෝකයේ අංක එකේ සමාගම් බොහෝමයක අතීතය බැලුවොත් ඒ සියල්ල පටන් ගත්තේ අතේ සතයක්වත් නැතුව. එහෙමත් නැත්නම් ඉතාමත් සුලු මුදලක් ඇතුව. ඇපල් සමාගම පටන් ගන්න කාලේ ස්ටීව් ජොබ්ස් ට හිස් බෝතල් එකතු කරලා විකුනලා සල්ලි හොයා ගන්න සිදු වුනා. ඇපල් සමාගම මුලින්ම පටන් ගත්තේ ගරාජයක් ඇතුලේ. ගූගල් සමාගමත් එහෙමයි. ලංකාවේ පවා බිහිවුන ප්‍රබලම සමාගම්වල ආරම්භය අපි ඕනේ කෙනෙක්ට පය තියන්න පුලුවන් ඉතා කුඩා තැනක්. මැලිබන් සමාගම ආරම්භ වුනේ මහ පාරේ බිස්කට් අලෙවි කිරීමෙන්. ලාෆ් වගේ සමාගම් ආරම්භ වුනේ තනි පුද්ගලයකුගේ පරිශ්‍රමයෙන්. ඉතා සුලු මුදලකින්.
සල්ලි හොයාගෙන තමන් හිතාගෙන ඉන්න ව්‍යාපාරය ආරම්භ කරනවා වෙනුවට මුලින්ම තමන්ට පුලුවන් විදිහට අවම තැනින් තමන්ගේ ගමන යන්න පටන් ගන්න. ඔබට හොද හෝටලයක් දමන්න අදහසක් ඇති ඒත් ඒකට සල්ලි නැත්නම් ඔබට පුලුවන් මුලින්ම ඔබට පුලුවන් විදිහට කොල කැද විකුනන්න හරි පටන් ගන්න.
ඒ ලැබෙන මුදල් හරියට කලමණාකරණය කරගෙන ආයෝජනය කරගෙන ඉදිරියට ගියොත් ඔබට ලෝකයේ හොදම හෝටලය වුනත් ආරම්භ කරන්න හැකියාවක් අනිවාර්යයෙන්ම තිබෙනවා. පසුගිය දවසක මට මුන ගැසුනා එක්තරා ආහාර සපයන ආයතනයක ප්‍රධානී මහතෙක්, අද ඔබට ඔහුව මුන ගැසුනොත් ඔබට පෙනෙන්නේ ඉතා වටිනා සුකෝපබෝගී වාහනයක්, නිවසක් ඇතුව ඉතාමත් සුවපහසු ජීවිතයක් ගෙවන පුද්ගලයකු ලෙසට, නමුත් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද ඔහු මේ තත්වයට පත්වුනේ වසර ගනනාවක් තිස්සේ බසයෙන් බසයට නැග, එහෙමත් නැත්නම් පදික වේදිකාවේ අව්වට වැස්සට තෙමෙමින් සිදුකල සුලු වෙලදාමකින් පටන් ගත් ගමනකින් බව.
ලංකාවේ ඉහල පෙලේ ආයතන වල මුල් පුටු දෙස බැලුවොත් මෙවැනි පුද්ගලයන් බොහෝ දෙනෙකු සොයා ගන්න පුලුවන්. ඒක නිසා මුලින්ම ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි නැත්නම් තියෙන මුදලින් පටන්ගන්න පුලුවන් විදිහට ඒ දේ ඉතා සුලු පියවරකින් පටන් ගන්න. කාලයත් සමග ඔබට ඔබ සිහින දකින ව්‍යාපාරය ගොඩ නගන්න පුලුවන් වේවී. ඔබ එහෙම කලොත් ඒ හරහා ඔබට ලැබෙන අත්දැකීම් , කුසලතා හා හැකියාවන් ඔබව කිසිදා නොවැටෙන ව්‍යාපාරිකයෙකු බවටත් පත් කරාවි. මොකද ඔබට කොතරම් සල්ලි තිබුනත් ඔබට ව්‍යාපාරය හා මුදල් නිසි පරිදි කලමනාකරනය කරගනිමින් , නිවරැදි ආයෝජනයන් කරමින් ඉදිරියට ගෙනියන්න නම් ඒ සදහා ප්‍රායෝගික දැනුමක්, අත්දැකීම් හා කුසලතා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
දෙවැනි කාරනය ඔබට ඉක්මනින් පහසුවෙන් පොහොසත් වෙන්න අවශ්‍යනම් ඒ සදහා ව්‍යාපාර තෝරා ගන්න එපා. ලෝකයේ අලුතින් ආරම්භ වෙන 80% කට වැඩි ව්‍යාපාර ප්‍රමානයක් පලවෙනි අවුරුදු 5 ඇතුලත විනාශ වෙන්න ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාර ආරම්භ කරන්නන් ඉතා පහසුවෙන් හා වේගයෙන් ධනවත් වෙන්න හිතාගෙන ව්‍යාපාර ඇරබීම. ව්‍යාපාරයක් ඇරබීමෙන් ඔබට රැකියාවකට වඩා හොද ස්ථාවර මූල්‍ය තත්වයක් හදා ගන්න පුලුවන් බව ඇත්ත. ඒ වගේම ඔබට මූළ්‍යමට්ය වශයෙන් ස්ථාවර වෙන්න අවශ්‍යනම්, මුදල් ප්‍රශ්න වලින් නිදහස්ව මූල්‍ය නිදහස් බව කරා යන්න ඕනේ නම් ඔබ ගමන් කල යුතු හොදම මාර්ගය වෙන්නේද ව්‍යාපාර වලට යොමු වීම. නමුත් එය ඉතා ප්‍රබල ධනාත්මක මානසිකත්වයක් තුල, නිවරැදි තීරණ ගනිමින්, ඉතා බුද්ධිමත්ව යා යුතු ගමනක්. ඒක නිසා එය කිසිම විදිහකින් පහසු ගමනක් වෙන්නේ නෑ.
යන්න තියෙන මාර්ගය කටුක බව දැනගෙනම තමන්ගේ ගමන පටන් ගත්තොත් ඔබට ඒ කටුක බවට සාර්ථකව මුහුන දෙමින් ඉදිරියට යන්න හැකි වේවි.
ධනාත්මකව, අභියෝග වලට බිය නොවී කටුක බව පරාජය කරගෙන ඉදිරියටම යනවා කියල හිතාගෙන. බාදක ගැන හිත හිත කල් නොහැර තමන්ට පුලුවන් විදිහට, පුලුවන් තැනකින් තමන්ගේ ගමන යන්න පටන් ගත්තොත් ලෝකය හොල්ලන ඊලග සමාගම් අතර ඔබේ ව්‍යාපාරයත් තියන්න ඔබට හැකි වේවි.
ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඔබේ මනසේ අරමුණුගත බව උපරිම මට්ටමකට ගෙන එන හැටි, නිවරැදිව සැලැස්මක් සකසා ගන්න හැටි, ප්‍රායෝගිකව ධනාත්මක ආකල්ප ඇතිකරගන්න හැටි වගේම ඔබේ සාර්ථකත්වයට බලපාන බාහිර සාදක සාර්ථකව වෙනස් කරගන්න ඔබ ප්‍රායෝගිකව පියවර වශයෙන් ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " ජීවිතය දිනන ප්‍රායෝගික මග " PDF eBook එක ඔබත් Download කරගන්න.
Comments