top of page
Writer's pictureChathuska Amarasekara

Titanic ඇත්තටම ගිලුනේ නෑ, හැන්ගුවා!



1912 අප්‍රේල් 14 වෙනිදා සුප්‍රකට ටයිටැනික් නෞකාව, උතුරු අත්ලාන්ටික් සයුරේදී, අයිස් කන්දක හැපී මුහුදුබත් වුනා. එමෙන්ම ඒ අනතුරෙන් මිනිසුන් 1517ක් මරණයට පත් වුනා.


මේ අපි සාමාන්‍යයෙන් ටයිටැනික් ගැන දන්න කතාව, නමුත් එය ඇත්තටම වුනේ එහෙමද? මේ ගැන පසු කාලීනව තිරය පිටුපස කතා ගොඩක් දිගහැරෙන්න පටන් ගත්තා.


මේ ලිපිය අන්න එහෙම දිගහැරුණු, තිරය පිටුපස, බොහෝ දෙනෙක් නොදන්න කතා ගැන.


Titanic මිනී මැරුම


මේ විදිහට ටයිටැනික් ගැන දිග හැරුණු තිරය පිටුපස කතා වලින් එකක් තමයි, මේ නැව ගිල්වීම පිටුපස, මිනීමැරුමක් කිරීමේ අදහසක් තිබුනා කියන එක.


ටයිටැනික් නෞකාවේ අයිතිකරු වූ මිලියනපති John Pierpont Morgan කියන්නේ, ඒ වෙනකොට ලෝකයේ මූල්‍ය වෙලදපොලේ හිටපු දැවැන්තයා. හැබැයි ඔහුට ඒ කාලයේදී ඒ වගේම තවත් ප්‍රබල මිලියනපති ව්‍යාපාරිකයින් තුන් දෙනෙකු සමග ව්‍යාපාරික වශයෙන් ගැටුම් තිබුනා.


ඔවුන් නම් වශයෙන් Jacob Astor, Isidor Straus සහ Benjamin Guggenheim. මේ තිදෙනාම, ටයිටැනික් අනතුරින් මිය ගියා.


ඒ වගේම පසුකාලීනව මේ සම්බන්දයෙන් ගොඩනැගුණු තවත් කතාවක් තමයි, JP Morgan ට මේ නැව ගිල්වීමේ උවමනාවක් කොහොමත් තිබූ අතර, යුරෝපයේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් වන Rothschild පවුලේ උවමනාවක් සහ JP Morgan ගේ අවශ්‍යතාවය මත මේ අවස්ථාව මේ මිනී මැරුම වෙනුවෙන් යොදා ගත්තා කියන එක.


මියගිය Jacob Astor, Isidor Straus සහ Benjamin Guggenheim.

JP Morgan ඇත්ත ටයිටැනික් නැව හන්ගලා වෙන නැවක් දියත් කලා


JP Morgan සතුව, ටයිටැනික් නැවට අමතරව, එයට ඉතාම සමාන, ඔලිම්පික් යන නමින් නම් වූ නෞකාවක් තිබුනා. එය ඒ වන විට බොහෝ අබලන්ව තිබුනු අතර, එය අලුත් වැඩියා කිරීම් අත්‍යවශ්‍ය තත්වයක තිබුනු නෞකාවක්.


ටයිටැනික් තිරය පිටුපස කතා අතර මතු වුන තවත් කතාවක් තමයි, මේ පාවිච්චියට ගන්න අමාරු ඔලිම්පික් නැව, ටයිටැනික් නමින් ගිල්වා, රක්ෂණ වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවක් JP Morgan ට තිබුනා කියන එක.


ඒ නිසා ඔහු, නැවු දෙක මාරු කර, තමන්ගේ පැරැනි නැව ගිල්වා, අලුතින් නිර්මාණය කල ටයිටැනික් නැව රහසේම තියා ගත්තා කියලා බොහෝ දෙනෙක් සැක කරන්න පටන් ගත්තා.


හැබැයි, මේ කතාව බැලූ බැල්මට වෙන්න පුළුවන් දෙයක් කියලා පෙනුනට, රක්ෂණ වන්දිය සහ නැවක් ගිල්වීමේ අලාභය ගනන් බැලුවාම ඒක ඒ තරම් සාධාරණ කතාවක් නෙමේ කියලත් පෙනෙනවා.


ඔලිම්පික් නෞකාව

ටයිටැනික් ගිලුනේ ශාපයකින්


මේ කතාව, Margaret Brown කියන ටයිටැනික් අනතුරින් දිවි ගලවා ගත් කාන්තාව ඇමරිකාවේ ඩෙන්වර්හි පිහිටි කවුතුකාගාරයකට රැගෙන යමින් සිටි ඊජිප්තු කෞතුක භාන්ඩ එක්ක සම්බන්ද කර ගොඩනැගුණු කතාවක්.


ඒ කතාව අනුව, එහි ශාප ලත්, Unlucky Mummy යනුවෙන් හැදින්වූ, අයිතිකරුවෙක් හදුනා නොගත් ලීයක අදින ලද කාන්තා මමී රූපයක් තිබූ බවත්, එය නිසා මෙය සිදු වූ බවත් පැවැසුනා.


මෙහි මෙම කෞතුක භාන්ඩය කොහෙන් කොහොම ලැබුනාද, එය කවුරුන් සොයා ගත්තාද යන්න නොදන්නා බව සත්‍ය නමුත්, මෙය තවමත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති බව, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පසුව තහවුරු කර තිබුනා.


Unlucky Mummy ලෙස හදුන්වන කෞතුක භාන්ඩය

100 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page