
ව්‍යාපාරයක් පටන් ගන්න එක ගැන හිතනකොට, මුලින්ම හරහට එන සෙනසුරා තමයි, සල්ලි. එහෙමත් නැත්නම් ප්‍රාග්ධනය. මේ තත්වයත් එක්ක ව්‍යාපාර අදහස ඔලුවේ තියාගෙන පටන් ගන්න බැරුව ඉන්න මිනිස්සු අපිට බොහෝ තැන් වලදී හමුවෙනවා.
මේ නිසා මම මේ ලිපියෙන් ඔබට කියලා දෙන්න යන්නේ, හිතේ තියෙන ව්‍යාපාර අදහස සුලු ප්‍රාශ්ධනයකින් ආරම්භ කරන්නේ කොහොමද කියන දේ ගැන. එහෙමත් නැත්නම් ආරම්භක ප්‍රාග්ධනය අවම මට්ටමකට ගෙන එන්න කරන්න පුලුවන් දේවල් ගැන.
01. ව්‍යාපාරය Online ව්‍යාපාරයක් කිරීම
වර්ථමාණයේදී ඔබට බොහොම පහසුවෙන් ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය තුල එලි දක්වන්න ඕනෑ තරම් අවස්ථාවන් තියෙනවා. අන්න ඒ දේ හරියට පාවිච්චි කලොත් ඔබට ව්‍යාපාර ස්ථානයක් වෙනුවෙන් අවශ්‍ය වෙන මූලික ප්‍රාග්ධනය බොහොම අඩු මුදලක් දක්වා හෝ ඇතැම් විට 0 දක්වා පහලට ගෙන එන්න පුලුවන්.
උදාරණයක් විදිහට ඔබට Coffee Shop එකක් පටන් ගන්න ඕනේනම් මුලින්ම ඔබට පුලුවන් ඒක Uber Eats වගේ App එකක් තුල ආරම්භ කරන්න.
ඔබට අවශ්‍යනම් ඇදුම් අලෙවිසැලක් පටන් ගන්න. මුලින්ම ඔබට පුළුවන් ඒ වැඩේ Social Media තුල හෝ Amazon, eBay, Daraz වගේ වෙබ් අඩවියක පටන් ගන්න.
එතැනදී ව්‍යාපාර ස්ථානයක් ලබා ගන්න හෝ නඩත්තු කරන්න ඔබට අමතර වියදමක් යන්නේ නෑ.
02. Social Media Advertising වලින් පටන් ගන්න
Social Media කියන්නේ ඔබේ ව්‍යාපාරයට හොද නමක් හදා ගන්න වගේම හොඳ ප්‍රචාරනයක් ලබා දෙන්න භාවිතා කරන්න පුළුවන් වියදම් අඩුම මාධ්‍යය. හරි විදිහට මේ වැඩේ කලොත් කෙටි කාලයකින් Market එකේ තියෙන ලොකුම ආයතන එක්ක වුනත් හැප්පෙන්න පුලුවන් මට්ටමේ නමක් Social Media ඇතුලේ ඔයාට, ලොකු වියදමක් නොකර හදා ගන්න පුළුවන්.
03. Zero Skill , Free Tools වලින් පටන් ගන්න
Zero Skill , Free Tools කියන්නේ, විශේෂ දැනුමක් නැතිකෙනෙක්ට වුනත් භාවිතා කල හැකි ඒ වගේම නොමිලේ ලබා ගත හැකි Tools වලට. මෙන්න මේ වගේ දේවල් මුලින්ම ඔයාගේ ව්‍යාපාරය Manage කරන්න වැඩියෙන් භාවිතා කරන්න
උදාහරණයක් විදිහට, ඔබට Ads වෙනුවෙන් අවශ්‍ය Artworks, එහෙම හදා ගන්න ඔබට Canva වගේ Tool එකක් භාවිතා කරන්න පුළුවන්. ඒක Graphic Designing ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම මේ වගේ Tools සීමිත පහසුකම් යටතේ නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා මේ දේවල් වලින් ඔබට මූලික වැඩ ටික අමතර වියදම් නැතුව කරගන්න පුළුවන්.
04. සේවකයින් වෙනුවට, Outsource Services භාවිතා කරන්න
ඒ කියන්නේ, ඔයාගේ ව්‍යාපාරයේ තියෙන වැඩ පුලුවන් තරම් සේවකයින් ගන්නේ නැතුව වෙනත් ආයතන වලට බාර දෙන එක.
උදාහරණයක් විදිහට, ඔබට Accountant එකෙක් අවශ්‍ය නම්, ඒ වෙනුවට ඔබට පුළුවන් සරලවම Accounting Firm එකකට වැඩේ බාර දෙන්න.
Accounting Firm එකක් කියන්නේ, ගොඩක් ආයතන එක්ක වැඩ කරන ආයනතනක් නිසා, එහිදී ඔබට Accountant කෙනෙක් රැකියාවකට අරගෙන ගිණුම් කටයුතු කරගන්නවාට වඩා ගොඩක් අඩු මුදලකට වැඩ ටික කරගන්න හැකියාව ලැබෙනවා.
05. Freelance සේවා භාවිතයට ගන්න.
Freelance කියන්නේ, රැකියා බැදීමක් නැතුව, වැඩ කරනවා කියන එක. මේකත් ඔබට සේවකයින්ගේ පඩිනඩි වෙනුවෙන් වැයවෙන පිරිවැය අඩු කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්.
මෙහිදී වෙන්නේ, ඔයාගේ ව්‍යාපාරයේ කරන්න තියෙන වැඩ, ඒ වැඩේ කරන්න දන්න Expert කෙනෙක් ලවා කරගන්න එක. හැබැයි එතැනදී ඔබ ගෙවීම් කරන්නේ කරන වැඩේට එකග වූ මුදලක් පමණයි. සේවකයෙක් රැකියාවකට අරගෙන වැටුප් ගෙවනවා වගේ බැදීමක් එතැන නෑ.
ඒක හරියට, ගමනක් යන්න ඕනේ වෙලාවට විතරක් Taxi එකක් Book කරලා යනවා වගේ වැඩක්.
මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා ඔබට ආරම්භයේදී අවශ්‍ය වෙන ප්‍රාග්ධනය සෑහෙන මට්ටමකින් අඩුකර ගන්න පුළුවන්.
තව මේ වගේ Tips ටිකක් දෙවැනි කොටසින් අරගෙන එන්නම්...
සටහන,
චතුස්ක අමරසේකර
(ව්‍යවසායක, ඵලදායීතා සංවර්ධන හා ව්‍යාපාර උපදේශක)
අධ්‍යාපණික අරමුණු වෙනුවෙන් මෙම ලිපිය රචකයාගේ නම සදහන් කිරීම හා මෙම මුල් ලිපියේ සබැදිය (Website Link) සදහන් කිරීම සහිතව උපුටා ගැනීම හා ඵල කිරීම සිදුකල හැක. නමුත් භාන්ඩ හා සේවා ප්‍රවර්ධනයට අදාල මෙවලමක් ලෙස වානිජමය අරමුණින් යොදා ගැනීම සපුරා තහනම් වේ.
Komentari