top of page
Writer's pictureChathuska Amarasekara

වර්ථමානය තුල ජීවත් වීමේ "බොරුව" සහ ආධ්‍යාත්මික අබ්බගාත බව.



අපි හැමෝම ජීවිතයේ යම් යම් තැන්වල දැන හෝ නොදැන අතරමං වෙනවා. හැබැයි, ඒ බොහෝමයක් තැන් වල අපි අතරමං වෙන්නේ, නැවත නිවැරැදි වන්නට අවස්ථාවකුත් එක්ක.


හැබැයි ඔන්න ඔය විදිහට යම් කෙනෙක් ආධ්‍යාත්මය තුල අතරමං වෙනවානම්, එය හිතනවාට වඩා බැරෑරුම් කාරණයක්. ඒ නිසා මේ ලිපිය සහ මෙතැනින් එහාට අවස්ථානුකූලව ලියන්නට බලාපොරොත්තු වෙන "ආධ්‍යාත්මය" සම්බන්ද ලිපි කීපය හරහා මම බලාපොරොත්තු වෙන්නේ. "ආධ්‍යාත්මික ගුරුවරුන්" ලෙස පෙනී සිටිමින් ආධ්‍යාත්මික වීම පිලිබද හිතලු ප්‍රකාෂ සිදු කරන පිරිසගේ අදහස් තුල වන එකාදිකාරය බිදීමට ලක් කරන්න.


එහි පළමු පියවර විදිහට "මේ මොහොතේ ජීවත් වීම" යන ඉගැන්වීම මගේ මාතෘකාව බවට පත් වෙනවා.


අතීතය හා අනාගතය තුල ජීවත් වීම වෙනුවට, වර්ථමාණය තුල, එසේත් නැත්නම් මේ මොහොත තුල ජීවත් වීමට උත්සාහ කරන්න. එය මහා නිවීමකට මග පෙන්වන්නා වූ දෙයක් බව ප්‍රකාෂ කිරීම, බොහෝ ආධ්‍යාත්මික ප්‍රතිරූපකයින් විසින් පවසන ආකර්ෂණීය අදහසක්.


නමුත් මෙය ඇත්තක්ද?


හොදින් සිතන්න.


අතීතය හා අනාගතය යනු කාල දෙක ලෙස හදුනා ගත්තත්, එය සැබෑවටම ඔබේ මනස තුල වන ක්‍රියාවලීන් දෙයක් පමණයි.


අතීතය යනු මතක ආවර්ජණයයි (Memory) , අනාගතය යනු පරිකල්පනයයි. (Imagination). මතක ආවර්ජණය හා පරිකල්පනය යන මානසික හැකියාවන් දෙක නොවන්නට අප කිසිවෙකුටවත් අතීතයක් හෝ අනාගතයක් පිලිබද කිසිදු හැගීමක් ඇතිවන්නේ නැත.


ඒ නිසා අතීතය හා අනාගතය යනු මනසේ නිර්මාණයක් පමණි. එමෙන්ම එය වර්ථමාණය තුලම නිර්මාණය වන්නකි.


මේ අනුව, අප කිසිවෙක් කිසි දිනෙක අතීතය තුල හෝ අනාගතය තුල ජීවත් වන්නේ නැත, අප සෑම විටම ජීවත් වන්නේ මේ මොහොත තුලයි.


එහිදී සිදුවන එකම දෙය වන්නේ අපේ මානසික ක්‍රියාකාරීත්වය අසමබර වී, වැඩි වශයෙන්, මතක ආවර්ජණයට හෝ පරිකල්පණයට යොමු වීම පමණි.


මිනිසෙකුගේ මතක ආවර්ජණ හැකියාව හෝ පරිකල්පණ හැකියාව, ඉවත් කිරීමට තැත් කිරීම, එසේත් නැත්නම්, වර්ථමාණය තුල ජීවත් වීමට තැත් කිරීම කිසි දිනෙක සාර්ථක වන්නාවූ දෙයක් වන්නේ නැත. එසේ කලත් එය යම් විදිහකින් කලත් කිසි දෙනෙක ඒ හරහා ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් මර්ගයන් විවර කරන්නේද නැත.


එය හුදෙක් මානසික වශයෙන් අබ්බගාත වූ මිනිසෙක් බිහි කිරීමක් පමණි.


ඔබට සැබෑවටම ආධ්‍යාත්මික වශයෙන් අවදි වීමක් අවශ්‍ය නම්, ඔබ කල යුතු වන්නේ, මතක ආවර්ජණය, පරිකල්පනය හා සවිංඥාණික බව යන මානසික ක්‍රියාකාරීත්වයන් තුන තුල, මනා මෙහෙයවීම් කුසලතාවයක් ලබා ගැනීමයි.


ඔබට අවශ්‍ය විට, මතකයටත්, අවශ්‍ය වූ විට පරිකල්පණයටත්, එමෙන්ම අවශ්‍ය වූ විට සවිංඥාණික බවටත් රැගෙන ආ හැකි මානසික පාලනයක් ගොඩනගා ගැනීමයි.


ආධ්‍යාත්මික වීම යනු කැලෑවක් මැද. මතකයන් හෝ පරිකල්පනයකින් තොරව අබ්බගාත වීමක් නොවෙයි. ආධ්‍යාත්මික වීම යනු, ඔබේ මනස, ශරීරය හා ශක්ති පද්දතිය තුල වන උපරිම හැකියාවන් වෙත ලගා වීමයි.


ඔබ කන්දක මුදුනකට ලගා වූ කන්ද පහල නොපෙනුන බොහෝ දේ පෙනෙන්නට පටන් ගනී, එය ඔබට කන්ද පහලදී ඔබට නොතේරුන බොහෝ දේ අවබෝධ කරයි.


ආධ්‍යාත්මය තුල ඔබ ලබන අවබෝධය හා සැනසීමත් එවැන්නකි. ඔබ මානසික, ශාරීරික හා ශක්තිමය ක්‍රියාකාරීත්වය තුල ඉහලට යන විට, ඔබට මෙතෙක් නොපෙනුන බොහෝ දේ පෙනෙන්නට පටන් ගනු ඇත. එය ඔබට වෙනත් තලයක අවබෝධයක් ලබා දෙනු ඇත. එමෙන්ම එම අවබෝධය, බොහෝ දේ පිලිබද දුක් වීම විහිලුවක් බවට පත් කරනු ඇත.


එය කුඩා කල චොක්ලට් එකක් බෙදා ගැනීමට නොහැකිව අඩමින්, තරහා වී සිටි මිතුරන් දෙදෙනෙක්, වැඩිහිටියන් වූ විට, ඒ පිලිබද කතා කරමින් සිනා සෙනවා වැනි දෙයකි.


ආධ්‍යාත්මික අබ්බගාත වීමකට නොයන්න. එය දිනෙක ඔබ කනගාටුවන ලොකුම දෙය බවට පත් වනු ඇත!


 

මානසික එකාග්‍රතාවය, අරමුණු ගත ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම පිලිබද පියවර සතිත උපදෙස් හා අභ්‍යාස සහිතව සකස් වුන, "මානසික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ මග" ප්‍රායෝගික උපදෙස් පොත පහත සබැදිය හරහා Download කර ගන්න.

Online ගෙවීම් කරන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ Ez Cash හරහා ගෙවීම් සිදු කිරීමෙන්, මෙය email එකට ලබා ගන්න පුලුවන්. ඒ සදහා 0764393624 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න





298 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page