top of page

👑 ධනාත්මකව සිතීමේ කලාව 10 | Vision (iv) : Vision එකක් ඕනේ ඇයි?

Writer: Chathuska AmarasekaraChathuska Amarasekara

Updated: Jan 16, 2023


උපදේශකවරයෙක් ලෙස මා මෙතෙක් ගත කල වෘත්තීය ජීවිතයේදී, සාර්ථක වෙන්න උත්සාහ කරන පුද්ගලයින් වගේම, සාමාන්‍ය මිනිසෙක්ගේ දෘෂ්ඨියෙන් බැලුවාම, අති සාර්ථකයි කිව හැකි ආකාරයේ පුද්ගලයිනුත් මා හමුවීමට පැමින තිබෙනවා.


බොහෝ වෙලාවට මේ සාර්ථක මිනිසුන් මා හමුවීමට ආ ගැටලු වලින් ප්‍රධානම ගැටලුවක් තමයි, සියල්ල තිබුනත් සතුට, තෘප්තිය නෑ කියන ගැටලුව.


ජීවිතයේ යම් කිසි දෙයක් නැති නිසා ඔබ දුකින් නම්, එහි ගැටලුවක් නෑ, ඔබට ඒ දේවල් ලබා ගෙන ඒ තත්වය වෙනස් කරගන්න පුලුවන්, නමුත් ඔබට සියල්ල තිබිලත්, ඔබට සතුටින්, තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බැ කියලා දැනෙන එක ඔබට මේ ලෝකයේ අත්විදින්න ලැබෙන ලොකුම ගැටලු වලින් එකක්.


මොකද ඒ මොහොතේදී ඔබට දැනෙනවා, ඔබ වසර ගනනක් මහන්සි වෙලා ගොඩනගා ගත්ත සියල්ලම වැඩක් නෑ වගේ හැගීමක් සහ කල කිරීමක්. අන්න ඒ නිසා ජීවිතය කියන්නේ හරි පරිස්සමෙන් මෙහෙයවන්න ඕනේ දෙයක්.


මෙන්න මේ විදිහට සියල්ලම තිබුනත්, ජීවිතේ සතුටක් , තෘප්තියක් නෑ, ජීවිතය විදින්න විදිහක් නෑ කියන බොහෝ දෙනෙක්ගේ ජීවිත සියුම්ව අධ්‍යනය කරනකොට, ඒ 99% දෙනාගේ ගැටලු වල මූලය බවට පත් වෙන්නේ, ජීවිතය ගැන හරි දැක්මකින් තොරව ජීවිතය ගොඩනැගීම.


එහෙම නැත්නම් Vision Base එක නොදැන, Vision Structures පස්සේ යාම.

මට හමුවෙලා තියෙනවා තමන්ට මුදල් අවශ්‍ය නිදහසේ ජීවත් වීමට කියන දේ හරියට තේරුම් නොගෙන, ඉහල වැටුප් ලැබෙන නමුත් නිදහස නැති රැකියාවන් තෝරාගෙන, එයින් ඉතාම ඉහල තත්වයන්ට ගිහින්, සල්ලි තිබුනත් නිදහස නෑ කියන, ඒ වගේම රැකියාව නැති කරගන්නත් බැරි තැනක හිර වෙලා ඉන්න මිනිස්සු.


ඔවුන් බොහෝ වෙලාවට පිටතින් බැලුවාම අති සාර්ථකයි, නමුත් ඔවුන් අභ්‍යන්තරයෙන් හිර වෙලා.


ඒ නිසා, හැම වෙලාවෙදිම Vision Base එක නොදැන, Vision Structures පස්සේ ගියොත් ඔය දේ අපි හැමෝටම වෙනවා.


ඒ වගේම අපි හැමෝම ස්වභාවිකව සකස් වෙලා තියෙන්නේ තෘප්තිමත් බව ලගා කරගැනීම වෙනුවෙන්, යමෙක් තමන්ගේ පරම තෘප්තිය හදුනාගෙන එය හබාගෙන යනවානම්, ඔහු හෝ ඇය තුල ඉතා විශාල ශක්තියක් නිර්මාණය වෙනවා. මොන බාදක ආවත් ඉදිරියට යන්න පුලුවන් තත්වයක් ඇති වෙනවා.


නිකමට මතක් කරලා බලන්න, ඔබ පාසල් යන කාලයේදී විනෝද චාරිකාවක් යන දවසේ උදෑසන ගැන, ඔබට මතක ඇති වෙනදා වගේ නැතුව, එදාට ඔබව ඉබේම පාන්දර අවදි වුන බව. අනිත් දවස් වල පාසල් යන්න හරි අමාරුවෙන් අවදි වුන ඔබට දැනුන නිදිමත එදාට නොදැනුන බව.


ඇයි ඒ, අපේ මොලය, මනස, ශරීරය ඇතුලු සියල්ල, තෘප්තිය මූලිඛ කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ, අපි යමකින් තෘප්තිමත් නම්, ඒ දේ කරන්න අවශ්‍ය ලෙස සියල්ල ඉබේම අපි තුල සකස් වෙනවා, හැබැයි අපි යමකින් තෘප්තිමත් නැත්නම්, එය අපිට කොතරම් ඕනේ දෙයක් වුනත්, ඒ වැඩේ කරන එක හරි අමාරු දෙයක් බවට පත් වෙනවා.


Vision Base, Vision Structures හදුනාගෙන ක්‍රියාත්මක වෙන මිනිසෙක්ගේ ජීවිතය ගොඩනැගෙන්නේ තෘප්තියම පදනම් කරගෙන, මෙන්න මේ නිසා, ඒ වගේ පුද්ගලයෙක් තුල හැම වෙලාවේදිම ජීවිතේ පහසුවෙන් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන අසීමිත ශක්තියක් ගොඩනැගෙනවා.


මෙන්න මේ නිසා තමයි ඔබ ඔබේ Vision එක හරියට හදුනා ගන්න ඕනේ!


 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page