ධනාත්මක චින්තනය, අභිප්‍රේරණය වගේ විශයන් ඇතුලේ, ධනවත් වීම වෙනුවෙන් ලැබෙන ඉතාම ප්‍රසිද්ධ උපදෙසක් තමයි " ධනවතෙක් වෙන්න ඕනේ නම්, මුලින්ම ධනවතෙක් වගේ හිතන්න පටන් ගන්න" කියන එක.
මේ උපදෙස ඇත්තටම වැරැදි දෙයක් නෙමේ. හැබැයි, ප්‍රායෝගිකව අපි බොහෝ දෙනෙක් මේ උපදෙස තේරුම් අරගෙන ඉන්න විදිහේ නම්, ලොකු අවුලක් තියෙනවා. ඒ නිසා මේ ලිපිය , ඇත්තටම ධනවතෙක් වගේ හිතන්නේ කොහොමද කියන දේ ගැන.
සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නවානම්, ඒ වැඩේ ප්‍රායෝගිකව කරන්න ඕනේ කියන දේ මම හැම වෙලාවෙම ඔබට කියන දෙයක්, ඒ නිසා මේ කතාවත් ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරමු.
නිකමට හිතලා බලන්න, "ධනවතෙක් වගේ හිතීම" කියන දේ ඔබට තේරෙන විදිහ මොකක්ද කියන දේ ගැන.
ධනවතෙක් වගේ හිතීම කියන්නේ, ඇත්තටම කොහොම හිතන එකටද?
මම මේ ගැන, මගේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ද වෙන අයගෙන් ඇහුවාම, බොහෝ වෙලාවට මේ "ධනවතෙක් වගේ හිතීම" කරන හැටි ගැන ලැබෙන පොදු පිලිතුරු ටිකක් ලැබෙනවා.
ඒ පිලිතුරු මෙන්න මෙහෙමයි,
වඩාත් සුබවාදීව, මට ධනවත් වෙන්න පුළුවන් කියලා හිතන එක.
අභිප්රේරණාත්මකව ( හොද Motivation එකක් ඇතුව) මම කොහොම හරි මගේ අරමුණු ජයගන්නවා කියලා හිතන එක.
බාධක හමුවේ, අරමුණු අත් නොහැර ඉදිරියට යන්න හිතන එක.
ඔබටත් "ධනවතෙක් වගේ හිතීම" කියන දේ තේරුණේ මෙන්න මේ විදිහටද? එහෙනම් මට ඔබට කියන්න තියෙන්නේ, ඔබ තවමත්, ධනවතෙක් හිතන විදිහ ගැන "මෙලෝ මල සංසාරයක් දන්නේ නෑ" කියලා.
ධනවතෙක් වගේ හිතන විදිහ කියන්නේ ඕකට නෙමේ, ඔය ධනවතෙක් හිතන විදිහ කියලා අපි හිතන විදිහ.
ධනවතුන්ගේ චිනතන රටාව ගැන මගේ අධ්‍යයනය අවුරුදු 10කට වැඩියි, ධනවතෙක් හිතන විදිහ, ඇත්තටම අධ්‍යයනයක් කලොත්, ඒක ඔබ "ධනවතෙක් හිතන විදිහ" කියලා හිතාගෙන ඉන්න විදිහට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව ඔබට තේරෙනවා.
ඇත්තටම කිව්වොත්, ඒක සාමාන්‍ය මිනිසෙක් හිතන විදිහට වඩා පරස්පර විරෝදීයි.
මම මේ දේ සරලව තේරුම් ගැනීම වෙනුවෙන් පුංචි උදාහරණ ටිකක් දෙන්නම්, පහත තියෙන්නේ, ධනවත් බව ගොඩනැගීම ගැන, ධනවතුන් දරන, ඉතාම සරල මට්ටමේ ආකල්ප ටිකක්. එහෙම නැත්නම්, ධනවතෙක් තමන්ගේ දරුවෙක්ට මුලින්ම කියලා දෙන මූලිඛම මට්ටමේ සංකල්ප ටිකක්.
බලන්න මේ සංකල්ප ඔබට තේරෙනවාද කියලා.
ස්තීර ආදායමක් ලැබෙන, නිශ්චිත, සුරක්ෂිත රැකියාවක් කියන්නේ, කිසිම දවසක තෝරා නොගත යුතු ආකාරයේ, මෝඩ තීරණ වලින් එකක්. ඔබ මේ මාර්ගය තෝරා ගත්තොත්, ධනවතෙක් වීම කියන්නේ හීනයක් විතරයි.
ණය ගැනීම කියන්නේ හොඳ පුරුද්දක්. කරන දේවල් පුලුවන් තරම් ණය වෙලා කරන්න.
මුදල් ඉතිරි කිරීම කියන්නේ නරක මූල්‍ය පුරුද්දක්. මුදල් ඉතිරි කිරීමට හුරු වෙන්න හොද නෑ.
මේ අදහස් ටික ගැන ඔබට මොකද හිතෙන්නේ.
ඔබට මේ අදහස් පෙනෙන්නේ, සාමාන්‍යයෙන් මූල්‍යමය වශයෙන් ස්ථාවර බවක් ඇති කරන්න කල යුතු දේවල් විදිහටද, නොකල යුතු දේවල් විදිහටද?
නොකල යුතු දේවල් විදිහට නම්, ඒකට හේතුව තමයි, ඔබට ධනවතුන් ලග තියෙන සංකල්ප ගැන අවබෝධයක් නැති කම.
මේ අදහස් එකක්වත් වැරැදි දේවල් නෙමේ, උදාහරණයක් විදිහට බැලුවොත්, ස්තීර ආදායමක් ලැබෙන, නිශ්චිත, සුරක්ෂිත රැකියාවක් කියන්නේ, කිසිම දවසක තෝරා නොගත යුතු ආකාරයේ, මෝඩ තීරණ වලින් එකක්. කියන කතාව හරියටම හරි. එහෙම තමයි ඇත්තටම හිතන්න ඕනේ.
ගැටලුව තියෙන්නේ, ඒක හරි වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති එක. එහෙම තේරෙන්නේ නැතුව, ඔබට එහෙම හිතන්න බෑ.
අන්න ඒ නිසා, ධනවතෙක් වගේ හිතන්න නම්, ධනවතෙක් හිතන විදිහ තීරණය කරන්න බලපාලා තියෙන සංකල්ප ගැන දැනුම සහ අවබෝධය හැම දේටම කලින් අපිට තියෙන්න ඕනේ
එහෙම නැති කිසිම කෙනෙක්ට, ධනවතෙක් වගේ හිතන්න බෑ. එයාට පුලුවන්, ධනවතෙක් හිතන විදිහ කියලා එයා හිතන විදිහට හිතන්න විතරයි.
හැබැයි සාමාන්‍ය මිනිසුන් ධනවතුන් හිතන විදිහ කියලා හිතන විදිහයි, ඇත්තටම දනවතුන් හිතන විදිහයි කියන්නේ, අහසයි පොලවයි වගේ වෙනස තත්වයන් දෙකක්.
ඒ නිසා, ධනවතෙක් වෙන්න ඕනේ නම්, මුලින්ම ධනවතෙක් වගේ හිතන්න පටන් ගන්න ඕනේ. හැබැයි, ඒකට ඔය කියපු පලියට කරන්න පුලුවන් දෙයක් නෙමේ. එහෙම හිතන්න නම්, ධනවතුන්ගේ සංකල්ප, මුලින්ම ඔබ තේරුම්ගෙන අවබෝධ කර ගන්නම ඕනේ.
අන්න ඒ දේ වුනාට පස්සේ තමයි, ඔබට සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන, ධනවතෙක්ට තේරෙන දේවල් තේරුම් යන්න පටන් ගන්නේ, ධනවතෙක් වගේ තීරණ අරගෙන, ධනවතෙක් වගේ වැඩ කරන්න පුලුවන් වෙන්නේ.
ඔන්න ඔය දේ කරන්න බැරි නිසා තමයි, ධනවත් වෙන්න හීන දකින බොහෝ දෙනෙක්ට ඇත්තටම ධනවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ.
---
ධනවතුන්ගේ චින්තන රටාව නිර්මාණය කරන්න හේතු වෙන, සාමාන්‍ය මිනිසුන් සිතන ආකාරයට වඩා පරස්පර විරෝදී සංකල්ප ගැන වැඩි දුරටත් හැදෑරීමට සහ එම සංකල්ප අවබෝධ කර ගැනීම තුල ධනවත් බව පහසුවෙන් ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට, පහතින් පොහොසත් බවේ රන් දොරටු ප්‍රායෝගික උපදෙස් පොත Download කරගෙන කියවන්න.
ප්‍රායෝගික මූල්‍ය සැලසුම් සැකසිම වෙනුවෙන්, පියවර සහිත උපදෙස් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments