ඔබ හිතන්නේ ඔබට සාර්ථක වෙන්න තව කල් තියෙනවා කියලද? එහෙමනම් මම ඔබෙන් අහන්න කැමතියි ඔබට නිශ්ඡිතවම කොපමන කාලයක් තියෙනවාද කියලා!
ඔබට පිලිතුරක් නෑ නේද?
අපි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපිට තව කල් තියෙනවා කියලා, නමුත් අපි කිසි කෙනෙක් දන්නේ නෑ ඇත්තටම තව කොපමණ කාලයක් තියෙනවාද කියලා.
ඔබට තව ජීවත් වන්නට ඇත්තේ තව වසරක කාලයක් පමණක් බව නිකමට සිතන්න. එවිට ඔබ පෙර වසරවල් වල කොතරම් කාලයක් නිකරුනේ අපතේ යැව්වාද. ඉදිරි වසර තුල එක් දිනයක් හෝ ඔබ බලාපොරොත්තු වූ ජීවිතය ගත කරන්නනම් ඔබට කොතරම් මහන්සි වන්න සිදුවනවාද!, අපතේ යැවූ කාලය නිස් පරිදි බාවිතා කලානම් මේ වන විට ඒ ජීවිතයට බොහෝ ලංවී සිටින්නට තිබ්බා නේද යන්න ඔබට සිතෙන්න පටන් ගනීවි.
අපිට ජීවත් වෙන්න කොපමන කාලයක් තිබෙනවාද යන්න අපි බොහෝ දෙනෙක් නොදන්නා නිසා අපිට අසීමිත කාලයක් තිබෙනවා වගේ අපි තත්පර , මිනිත්තු, පැය වගේම දින ගනන් නිකරුනේ වැඩකට නැති දේවල් වෙනුවෙන් අපතේ යවනවා!
නමුත් ඔබ හොදට මතක තියා ගන්න මේ ලෝකය හොල්ලපු මිනිස්සු, මේ ලෝකයේ ඉතා සාර්ථක වෙච්ච මිනිස්සු කලේ ඒ දේ අනිත් පැත්ත බව,
ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබස් හැමදාම දවස පටන් ගත්තේ අද තමන් ජීවත් වන අවසන් දවසනම් මොනවාද කරන්න ඕනේ කියන දේ කල්පනා කරලා.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් කවදාවත් තමන් අද අදින්නේ මොකක්ද කියලා හිතන්නවත් කාලය නාස්ති කලේ නෑ. ඒ නිසා ඔහු හැමදාම එක වගේ ඇදුම් අදින්න පුරුදු වුනා.
කෙටිකතා කරුවෙක් වන සිඩ්නි පෝටර් තමන්ගේ ජීවිතේ කල වැරදි නිසා හිරේ ගියා, ඒත් ඔහු වැරදි හදාගෙන සාර්ථක වෙන්න හිරෙන් එලියට එනකන් බලාගෙන හිටියේ නෑ. ඔහු හිරේ ඇතුලෙම දනවතෙක් බවට පත්වුනා, හොද විදිහට. ඔහු හිරෙන් එලියට ආවේ මිලියනපති කතුවරයෙක් විදිහට.
අද දවස පිලිබදව ඔබට සැලැස්මක් තිබෙනවාද? අද දවස තුල ලගා කරගත යුතුයැයි සිතන ඉලක්කයක් ඔබ සතුව තිබෙනවාද? නැත්නම් අද දවස ඔබ නිකරුනේ නාස්තිකර දමනවාද?
ඔබ තව ජීවත් වෙන්නේ අවුරුද්දයිනම් , අද දවස නාස්ති කලොත් ඔබට තව සාර්ථක වෙන්නත්, සාර්ථක වෙලා තමන්ට ඕනේ ජීවිතය ගත කරන්නත් තව ඉතිරි වෙලා තියෙන්නේ දවස් 364ක් පමනයි.
ඔබ අපතේ යවන සෑම මිනිත්තුවක්ම ඔබට සාර්ථක වෙලා ජීවත් වෙන්න තියෙන කාලය ඔබෙන් උදුරා ගන්නවා!
තවත් කාලය නාස්ති නොකර සාර්ථක වෙන හැටි හරියටම ඉගෙන ගන්න
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
Comments