බොහෝ දෙනෙකු සාර්ථකත්වය දෙස බලන්නේ ලගා කර ගැනීමට හැකි වේද නොහැකි වේද යන්න අවිශ්වාසයෙන් යුතුවය. තවත් සමහරෙකු සිතන්නේ ඒවා සිහින පමනක් බවත් ඒවා ලගා කර ගැනීම ප්‍රායෝගික නොවන බවත්ය.
නමුත් දැනට අවුරුදු 50කට 75කට පෙර පැවති ලෝකය ගැන සිතන්න, ඒ කාලයේ සිටි පුද්ගලයකුගේ කෝණයෙන් අද පවතින ලෝකය දෙස බැලුවොත් අද පවතින පරිගණක , සංනිවේදන, ප්‍රවාහන ක්‍රම ආදිය ඉතා විශ්මය ජනක වනු ඇත. වසර 50කට 75කට පෙර කවුරුන් හෝ ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකු සමග එම මොහෝතේම මුහුණට මුහුණ බලමින් කතා කල හැකි ක්‍රම වේදයක් පිලිබදව අදහස් පල කලොත් එය කිසිවෙකුවත් පිලිගැනීමට අකමැතිවනු ඇත.
ඒ කාලයේ කවුරුන් හෝ කීවොත් තමන්ට අභ්‍යවකාශයට ගොස් මාස කීපයක් ගත කල යුතුයයි කියා, එය අසා සිටින බොහෝ දෙනෙකු ඔහු හෝ ඇය උන්මත්තකයකු යයි සිතනු ඇත, නමුත් අද වන විට සිදු වී ඇත්තේ කුමක්ද? මේ සියල්ලම අදවන විට ප්‍රායෝගික ලෝකය තුල සැබෑවක්ව පවතී.
නැපෝලියන් හිල් පවසා ඇත්තේ මිනිස් මනස තුල ගොඩනැගිය හැකි ඕනෑම දෙයක් ප්‍රායෝගික ලෝකය තුලද ලගා කරගත හැකි බවය. මේ ලෝකය තුල කල නොහැකි, ලගා කරගත නොහැකි, ගොඩනැගිය නොහැකි සිහිනයක්,ඉලක්කයක් හෝ සාර්ථකත්වයක් ඇත්තේ නැත. ඔබගේ මනස තුල ඇතිවන සෑම සිහිනයක්ම, ඉලක්කයක්ම, සාර්ථකත්වයක්ම 100%ක් ප්‍රායෝගිකව සාර්ථක කර ගත හැකි දෙයක්ය. ඇතැම් විට බොහෝ පිරිසකට එය ප්‍රායෝගික නැති දේවල් ලෙස පෙනුනත් එය ඔබ නොසලකා හැරිය යුතුය. සීමා මායිම් නැතිව ඔබ බලාපොරොත්තුවන සාර්ථකත්වය ගැන සීහින දැකීමට ඔබ සූදානම් විය යුතුය.
ජීවිතයේ ඔබ දකින සිහිනයන් කොතරම් විශාල වුවත් ගැටළුවක් නැත. ඒ සියල්ලම 100% ප්‍රායෝගිකව ලගා කරගත හැකි දේවල්ය. ඔබට කුමන ආකාරයේ පුද්ගලයකු වීමට අවශ්‍යද? කුමන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට අවශ්‍යද යන්න පිලිබදව සීමා මායිම් වලට කොටු නොවී සැබවින්ම ඔබට අවශ්‍ය ලෝකය ඔබගේ මනස තුල ගොඩනගන්න. ඒ සියල්ලම ඔබට සැබෑ ජීවිතයේදීද ගොඩනැගිය හැකිය.
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
ජීවිතය දිනන ප්‍රායෝගික මග ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා Downlaod කරගැනීමට මෙම සබැදියට පිවිසෙන්න http://bit.ly/2JNZIcf
Comments