මේ ලිපිය මම ලියන්නේ ඔබව අභිප්‍රේරණය කරන්න හිතාගෙන නෙමෙයි. මොකද මම විශ්වාස කරන්නේ නෑ අභිප්‍රේරණයට ඔබව තාවකාලික මානසික සුවතාවයකට රැගෙන යනවා හැරෙන්නට එතැනින් එහාට දෙයක් කරන්න පුලුවන් කියලා..
මම ඊට වඩා විශ්වාස කරනවා, තමන්ගේ අඩුපාඩු හදුනා ගැනීමට සහ තමන්ට විය හැකි පුද්ගලයා නොවී එක තැන පල්වීමේ කාලකන්නි කම හදුනා ගැනීමට මිනිසුන්ව වෙනස් කරන්න පුලුවන් කියලා.
ඒ නිසා මේ ලිපියත් මම ලියන්නේ ඒ වෙනුවෙන්... ඔබ කැතයි නම්, ඒ වෙනුවෙන් කන්නාඩිය ඉස්සරහට ගිහින් "මම ලස්සනයි කියලා හිතන්න" කියන ආකාරයේ මනස රැවැටීමේ තාවකාලික සුබවාදී චින්තන ඉගැන්වීම මගේ ක්‍රමය නෙමේ.
මගේ ක්‍රමය වෙන්නේ, ඔබ කැතයි නම්, ඔබ කැත බව තව දුරටත් තහවුරු කරලා ඔබට කියන එක, ඔබට ඔබේ යතාර්ථය පිලිගන්වන එක, ඒ වගේම ලස්සන වෙන්න නම් කල යුතු දේ ඔබට කියන එක.
මොකද ඔබ ඔබේ අසාර්ථකත්වය සැබෑ ජීවිතය තුල පිලිගන්න සූදානම් නැත්නම්, එය හැමදාම ධනාත්මක චින්තනය, අභිප්‍රේරණය වගේ දේවල් වලින් වහගෙන ජීවත් වෙනවානම්, මම විශ්වාස කරන විදිහට ඔබට ගොඩ යෑමක් නෑ.
ඒ නිසා මේ ලිපිය මම ලියන්න ඒ ප්‍රායෝගික මට්ටමේ ඉදලා.
මේ ලෝකයේ ඕනෑම මිනිහෙක්ට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේනම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන්නේ කාරනා 3යි, ඒ කාරණා තුන තමයි,
01. තමන්ට ලබන්න අවශ්‍ය ප්‍රතිඵලය ලබන්න නම් තමන් මොනවාද, කොයි විදිහටද කරන්න ඕනේ කියන දේ තේරුම් ගන්න අවශ්‍ය දැනුම
02. කල යුතු දේ හරි විදිහට කරන්න අවශ්‍ය සූදානම
03. කල යුතු දේ හරි විදිහට කරන්න අවශ්‍ය විනය
මෙතැනින් එහාට ඔබේ ජීවිතය ඇත්තටම වෙනස් කරගන්න වෙන මුකුත්ම ඕනේ නෑ. ඒ වගේම මේ තුන නැතුව වෙන මොනවා තිබුනත් ඔබට එය කරන්න පුලුවන් කමකුත් නෑ.
මිනිස්සු බොහෝ වෙලාවට සාර්ථකත්වය කියන දේ මනින්නේ ධනාත්මක බව, අභිප්‍රේරණය වගේ දේවල් වලට සාපේක්ෂව, හැබැයි මම ඔබට කියන්නේ, මේ තුන හැරෙන්නට ඔය අභිප්‍රේරණයටවත්, ධනාත්මක බවටවත්, මාසේ අන්තිමට ඔබේ බිල් ටික ගෙවන්න හැකියාවක් නෑ කියලා.
ඒ නිසා, සුන්දර වචන හරබ, හිතට දැනෙන කතා එක්ක සාර්ථකත්වය හොයනවා වෙනුවට, මම ඔබට කියන්නේ සැබෑ ලෝකයට එන්න කියලා.
තමන්ට ඕනේ තැනට යන්න නම් තමන් මොනවාද කරන්න ඕනේ කියන දේ හරියටම තේරුම් ගන්න, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රායෝගික දැනුම හොයාගෙන යන්න. තමන්ට අවශ්‍ය තැනට ලගා වෙන්න තමන් කරන්න ඕනේ මොනවාද කියන දේ 100% තමන්ට පැහැදිලි වෙන තැනට තමන්ව වෙනස් කර ගන්න.
කොහොම හරි මොනවා හරි කරලා කවදා හරි සාර්ථක වෙනවා වගේ මොන්ටිසෝරි අභිප්‍රේරණයන් වෙනුවට, සැබෑ ලෝකයේ සැබෑ ප්‍රතිඵල ලබන්න මොනවාද කරන්න ඕනේ කියන දේ හොයන්න.
ඒ දැනුම, අවබෝධය එක්ක සැලසුම් සහගත වෙන්න,
ඔබට තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නේ කොහොමද කියන දේ ගැන, ඒ වෙනුවෙන් තමන් කරන දේවල් ගැන, ඒ දේවල් කරන දින වකවානු ගැන, පැහැදිලිව සටහන් වුන ලිඛිත සැලසුම්. එහෙම නැත්නම් මම ඔබට කියන්නේ, බොරුවට සාර්ථකත්වය ගැන හීන දකිනවාට වඩා අසාර්ථක මිනිහෙක් වගේ ජීවත් වෙන්න හිත හදා ගන්න එක හොදයි කියලා.
මේ කතාව එක්ක මට මතක් වෙන්නේ, මම මැලේසියාවේ ක්වාලම්පූර් ගුවන් තොටුපොලේ එක්තරා වෙලදසැලක දැක්ක, වෙලද දැන්වීමක්, එය කොන්ඩම් (උපත් පාලන කොපු) අලෙවිකරන ආයතනයකට අදාල දැන්වීමක්, එහි සදහන් වුන අදහස මෙන්න මෙහෙමයි,
"මේ ලෝකයේ අනපේක්ෂිත දරු උපත් කියා දෙයක් නැත, අනාරක්ෂිත එකතුවීමක් අවසානයේ දරුවන් ලැබෙනවා මිස ඔබට TV එකක් ලැබෙන්නේ නැත"
මට සැලසුම් ගැනත් ඔබට කියන්නට තියෙන්නේ මේ දේම තමයි, තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ගොඩනගා ගන්න, කල යුත්තේ කුමක්ද, කෙසේද, කොයි වෙලාවටද කියන දේ තේරුම් ගන්නෙත් නැතුව,
ඒ වෙනුවෙන් සැලසුමක් හදා ගන්නෙත් නැතුව ඔබට අසාර්ථක වෙනවා හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
එහෙම පුලුවන් නම්, කොස් ඇටයක් හිටවලා අඹ පැලයක් බලාපොරොත්තු වෙන්නත් පුලුවන් වෙන්න ඕනේ.
ඔතනින් එහාට ඔබට අවශ්‍ය කල යුතු දේ හරියට කිරීම වෙනුවෙන් වන විනය පමනයි.
මේ ලෝකයේ හැම දෙයක්ම අභිප්‍රේරණය සුබවාදී බව එක්ක ජයගත්ත මිනිස්සු නෑ. මනස මොනවා කිව්වත් කල යුතු දේ ඔබ දන්නවානම් ඒ දේ කරන්න ඔබට විනයක් තියෙන්න ඕනේ. මොකද අපේ මනස හැම වෙලාවෙදිම අපිට ධනාත්මක පෙලබවීම් කරන්නේ නෑ. ඔබ ධනාත්මකයි කියලා හිතන මිනිස්සුන්ගේ මනසවත් හැම වෙලාවෙම ධනාත්මක නෑ.
ඒ නිසා විනය වැදගත්
ඒ විනය ඔබ සතුයි නම්, ඔබට ජයගන්න බැරි කිසිවක් නෑ.
මේ මම කියන විනය මොනවගේද කියන දේ ගැන අදහසක් ඇතිකර ගන්න මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්, පසුගිය දවසක මා සමග නව වසර වෙනුවෙන් ව්‍යාපාර සැලසුම් සකස් කිරීම පිලිබද පෞද්ගලික උපදේශණ සේවාවකට සහබාගී වූ තරුණියක් සිටියා.
ඇය ඒ වැඩසටහනට සහබාගී වුනේ, ඇයගේ දරුවා ලැබීම වෙනුවෙන් ශල්‍යකර්මයකට සහබාගී වෙන්න පැය 2ක කාලයක් තියලා. ඇය මොන දේ තිබුනත්, සැලසුම් කල දේ සැලසුම් කල ආකාරයෙන් කරන්නට විනය පවත්වාගෙන ගියා.
ඔබ හිතනවාද එවැනි චරිතයක් ජීවිතේ අසාර්ථක කර ගනියි කියලා?
ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ ජීවිතය වෙනස් කරගන්න ඕනේනම් , මුලින්ම ඔබ වෙනස් වෙන්න කියලා...එහෙම වුනොත් ඔබව අසාර්ථක කරන්න මේ ලෝකයේ කිසිම දෙයකට ඇත්තටම බෑ
ඔහේ නැගිටින්නන් වාලේ උදේට නැගිටලා, තමන්ගේ අරමුණ වෙත යන්න අද දවසෙදි කරන්න ඕනේ මොනවාද කියන දේවත් හරියට නොදැන, ඔහේ දවස ගෙවලා, අඩියක්වත් ඉස්සරහට තියපු නැති මිනිහෙක් විදහට නින්දට යන මිනිහෙක්ට අසාර්ථකත්වය හැර වෙන දෙයක් ලැබෙන්නේ නෑ.
ඒ නිසා ඒ දේවල් වෙනස් කරගන්නේ නැතුව, සාර්ථකත්වය ගැන හිතනවානම් ඊට වඩා හොදයි හින දැක දැක කාලය කන්නේ නැතුව ඔය ගෙවන ජීවිතේම ගෙවන්න හිත හදා ගන්න එක.
ඒ නිසා වෙනස් වෙන්න... මම ඔබට කියපු කාරණා තුන එක්ක විතරයි ඔබට අනාගතයක් තියෙන්නේ. එතැන වෙනස් වුනොත් හැම දේම ඔබ හිතනවාටත් වඩා වේගයෙන් වෙනස් වෙන බව ඔබටම දැනෙයි.
ඇත්තටම ජීවිතේ වෙනසක් ඇතිකරගන්න ඕනේ මිනිහෙක්ට මේ ටික ඇති කියලා මම විශ්වාස කරනවා.
ඔබට ජය
සැලසුම් සහගතව, තමන්ගේ ජීවිතයේ අරමුණු හබා යන ආකාරය පිලිබදව මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින් සකස් කල, විශේෂ ඉලක්ක පිහිටුවීමේ හා සැලසුම් සකස් කිරීමේ අත්පොත හා වැඩපත්‍රිකා කට්ටලය, පහත සබැදිය හරහා Download කරගන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
💪❤️