නව වසර ඔබේ ජීවිතයේ සාර්ථකම වසරක් කර ගැනීම වෙනුවෙන්, අනිවාර්යයෙන්ම මේ පියවර 05 සිදු කරන්න. මේ පියවර 05 එක්ක ඔබට ඉදිරියට යන්න පුළුවන් නම්, නව වසර තුල බොහෝ ජයග්රහනයන් ඔබ සතු වෙනවා නියතයි.
අලුත් මානසිකත්වයකින් යුතුව නව වසරට අඩිය තියන්න
නව වසරක් උදා වෙනකොට අපි හැමෝම බාහිරින් අලුත් වීම අලුත් වීම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. හැබැයි ඒ බාහිර අලුත් වීමට වඩා අපිට නව වසරක් ජය ගැනීම වෙනුවෙන් වැදගත් වෙන්නේ අපේ අභ්‍යන්තර අලුත් වීමක් බව අමතක කරන්න එපා.
ඔබ මේ අවුරුද්දේදී, අලුත් විදිහට හිතලා, අලුත් දේවල් කරලා, අලුත් ප්‍රතිඵල ලබා ගන්න සූදානම් නැත්නම්, ඔබ අලුත් ඇදුම් ඇන්දට, මේ අලුත් අවුරුද්දත්, පරණ අවුරුද්ද වගේම එකක් වෙන එක කාටවත් වලක්වන්න බෑ.
ඒ නිසා, මුලින්ම, තමන්ව පස්සට ඇදලා දාපු, ඍණාත්මක සිතුවිලි, අදහස්, පුරුදු ඉවත් කරලා, අලුත් මිනිසෙක් විදිහට අභ්‍යන්තරයෙන් වෙනස් වෙන්න.
2. නව වසරට ඉලක්ක හදා ගන්න.
දෙවනුව, තමන් අලුත් අවුරුද්දේදී සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවාද කියන දේ නිශ්චිතව, පැහැදිලිව ඉලක්ක ගත කරන්න.
ඒවා අලුත් අවුරුද්දේ සාර්ථක කරගන්න "බලාපොරොත්තු" වෙන දේවල් කර නොගෙන, සාර්ථක කර ගන්න "ඉලක්ක" කරන දේවල් බවට පත් කර ගන්න.
3. ඉලක්ක වෙනුවෙන් පැහැදිලි සැලසුම් සකස් කර ගන්න
අලුත් අවුරුද්ද තමන්ගේ ඉලක්ක කොහොම හරි මොනවා හරි කරලා සාර්ථක කරගන්නවා කියන තැන ඉදලා පටන් ගන්න එපා. මොකද, එහෙම, මොනවා හරි, කොහොම හරි, කවදා හරි කරලා සාර්ථක වුන මිනිස්සු මේ ලෝකයේ නෑ.
ඉලක්කයක් ඇතිකර ගත්තා නම්, ඒ ඉලක්කය නිශ්චිත වශයෙන්ම සාර්ථක කරගන්නේ කොහොමද කියන දේ, ලිඛිත සැලැස්මක් විදිහට සකස් කර ගන්න.
සැලැස්ම දිහා බැලුවාම, තමන් තමන්ගේ ඉලක්කයට ලගා වෙන්න නිශ්චිතවම කරන්න ඕනේ මොනවාද? ඒ දේවල් කරන්නේ කවදාද කියන දේ පැහැදිලිව පෙනෙන්න ඕනේ.
අන්න ඒ පැහැදිලි බව එක්ක අවුරුද්ද පටන් ගන්න.
4. ජනවාරි 1 ඉදලාම සැලැස්මට අනුව වැඩ කරන්න
එක දවසක්වත් මග හරින්න එපා, තමන්ගේ සැලැස්මට අනුව, ජනවාරි 1 සිටම වැඩ කරන්න පටන් ගන්න. හැම පුංචි පියවරක්ම සාර්ථකව නිම කරන්න කටයුතු කරන්න.
මොකද ඕනෑම විශාල ගමනක් නිර්මාණය වෙන්නේ, සාර්ථකව තියන පුංචි පියවර දහස් ගනනක් එකතු වෙලා.
අන්න ඒ වගේම තමයි, වසරේ සාර්ථකත්වය නිර්මාණය වෙන්නේ, ඔබ හැම දවසකම කරන දේවල් එකතු වෙලා. ඒ නිසා, ජනවාරි 01 සිටම තමන්ගේ උපරිමයෙන් ඉලක්ක වෙනුවෙන් සැලසුම් අනුව වැඩ කරන එක කල යුතුමයි.
5. හැම දවසකම සාර්ථකත්වය මනින්න.
හැම දවසක් අවසානයේදීම තමන් තමන්ගේ සාර්ථකත්වයට ලගා වීම වෙනුවෙන්, සැලසුම් කරපු දේවල්, හරියට කලා ද නැද්ද යන්න පරික්ෂා කරලා බලන්න.
කොකතනදී හරි සැලසුම් කරපු විදිහට සාර්ථක වෙන්න බැරි වුනා නම්, නැවත ඒ අසාර්ථකත්වය සාර්ථකත්වයකට පෙරලන්න සැලසුම් කරන්න.
සාර්ථක අවුරුද්ද කියන අදහස අමතක කරලා, සාර්ථක දින 365ක් ගෙවන්න කටයුතු කරන්න. එතකොට හැම දවසකම සාර්ථකත්වය ඔබට ඉතා වැදගත් තැනකට ඔබ පත් වෙනවා.
එහෙම හැම දවසක්ම සාර්ථක දවසක් කර ගන්න වැඩ කරන මිනිසාගේ අවුරුද්ද විතරක් නෙමේ, මුලු ජීවිතයම සාර්ථක එකක් වෙන එක, මහා ලොකු අරුමයක් නෙමේ.
____
තවමත්, ඔබට අලුත් අවුරුද්ද වෙනුවෙන්, මෙහෙම නිශ්චිත ඉලක්ක සැලසුම් හා ඒ වෙනුවෙන් අවශ්‍ය නිවැරැදි මානසික වෙනස නැත්නම්, පහතින්, ජීවිතය දිනන ප්‍රායෝගික මග කෘතිය සහ එයට අදාල ඉලක්ක පිහිටුවීමේ හා සැලසුම් සකස් කිරීමේ වැඩ පත්‍රිකා Download කරගෙන, දැන්ම ඉහත පියවර 05 තුල සදහන් ආකාරයෙන්, ඔබව වෙනස් කර ගන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
Comments