New Life වැඩසටහන කියන්නේ, සාමාන්‍ය ධනාත්මක චින්තන හෝ මනෝවිද්‍යාත්මක වැඩසටහනක ආකෘතිය යටතේ සකස් වුන තවත් එක වැඩසටහනක් නෙමේ. මෙය ඔබේ ජීවිතය ප්‍රායෝගිකව වෙනස් කිරීම වෙනුවෙන්, ඒ වගේම ඔබට ප්‍රායෝගිකව දැනෙන වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සකස් කල විශේෂිත වැඩසටහනක්.
ඒ නිසාම මේ වැඩසටහනට සහබාගී වීමට කලින්, ඔබ හරි ආකාරයෙන් අවබෝධ කර ගත යුතු කරුණු කීපයක් තිබෙනවා. මේ ලිපිය ඒ වෙනුවෙන්.
ජීවිතයේ සාර්ථකත්වය ඇතිකර ගැනීම කියන්නේ කලාවක්, ඇත්තටම කිව්වොත් එය වෙනමම කලාවක්. මේ ලෝකයේ යම් කෙනෙක් ජීවිතය තුල සාර්ථකත්වයක් අත්විදිනවානම්, එහි අදහස තමයි, ඔහු හෝ ඇය, සාර්ථක වීම කියන කලාව තුල, එහෙමත් නැත්නම් විශය තුල දක්ෂයෙක් වෙනවා කියන එක.
මේ ලෝකයේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම, ජීවිතයේ සාර්ථකත්වය කියන දේ අපේක්ෂා කරනවා, නමුත් අපිට පැහැදිලිවම පෙනෙන දේ තමයි, හැමෝම සාර්ථකත්වය අපේක්ෂා කලාට, හැමෝම සාර්ථක වෙන්නේ නෑ කියන කාරණාව.
එහෙම වෙනකොට, බොහෝ දෙනෙක් හිතනවා, එහෙම වෙන්නේ, ඇත්තටම අපි සාර්ථක වෙන්න තරම් දක්ෂ නැති නිසා කියලා, ඒ වගේම සමහරු හිතනවා අපි සාර්ථක වෙන්න මහන්සි වෙන ප්‍රමානය හා උත්සාහවන්ත වෙන ප්‍රමාණය මදි කියලා, තවත් පිරිසක් හිතනවා, දැනුම, ඉගෙන ගත්ත ප්‍රමාණය මදි නිසා අසාර්ථක වෙනවා කියලා, ඒ වගේම සමහරු හිතනවා උවමනාව, උනන්දුව, අභිප්‍රේරණය වගේ දේවල් මදි නිසා තමන් අසාර්ථක වෙනවා කියලා..
හැබැයි මම ඔබට කියන්නේ, ඇත්තටම ඔබ තවමත් අසාර්ථක මේ කිසිම දෙයක් නිසා නෙමේ කියලා. මෙන්න මෙතැනින් තමයි New Life වැඩසටහන සාමාන්‍ය වැඩසටහන් වලින් එහාට ගිය වෙනස් විදිහේ වැඩසටහනක් බවට පත් වෙන්නේ.
ඒ නිසා වැඩසටහනට සහබාගී වෙන්න කලින් මේ කතාව හොදින් තේරුම් ගන්න..
මේ ලෝකයේ ඉන්න, තවමත් සාර්ථක වෙන්න බැරි වුන මිනිස්සු හැමෝම අදක්ෂ, මහන්සි වෙන්නේ නැති, උත්සාහයක් නැති, ඉගෙනගෙන නැති, කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු නෙමේ, මෙතන ඉන්න වැඩි පිරිසක් ඉන්නේ මේ සියල්ලම ප්‍රමාණවත් මට්ටමෙන් තියාගෙන අසාර්ථක වෙන මිනිස්සු.
එහෙම වෙන්න හේතුව තමයි, ඔවුන් සාර්ථක වීම කියන කාලාව ගැන නොදන්න කම.
ඇත්තටම අපි පොඩි කාලේ ඉදලා සාර්ථකත්වය ගැන ඉගෙන ගත්ත බොහෝමයක් දේවල් 100% වැරැදියි. ඒකට තියෙන පළමු හේතුව තමයි, අපි බොහෝ දෙනෙක් සාර්ථකත්වය ගැන ඉගෙන ගන්නේ, සාර්ථක නැති, සාර්ථක වෙන්න හීන දකින මිනිස්සුන්ගෙන් වීම.
අපිට බෑ කන්දක් උඩට නගින්නේ නැතුව, ඒ කන්ද නගින්න පුලුවන් විදිහ ගැන වෙන කෙනෙක්ට කියලා දෙන්න. අන්න ඒ වගේම තමයි, අපි කාටවත් බෑ, අපි නොලබපු සාර්ථකත්වයක් ගැන වෙන කාටවත් කියලා දෙන්න. එහෙම කරන්න යනවානම් එය අසාර්ථකයි.
අන්න ඒ විදිහට කාලයක් තිස්සේ එකතු වුන සාර්ථකත්වය සම්බන්ධ වැරදි, නොමග යවන සුලු අදහස් ගොඩකින් තමයි අපි බොහෝ දෙනෙක් "සාර්ථක වෙන්න නම් මොනවද කරන්න ඕනේ" කියන දේ හදුනාගෙන තියෙන්නේ.
මෙන්න මෙතන තමයි, හරියටම කිව්වොත් වැරදිලා තියෙන තැන.
අවුරුදු 10කට විතර කලින්, මගේ ජීවිතය දෙස බැලුවොත්, මමත් ඔබ වගේම සාර්ථකත්වය හොයන පුද්ගලයෙක්, මම ලංකාවේ බොහෝ තැන්වල පවත්වපු, බොහෝ පුහුණු වැඩසටහන් වලට උදේ පාන්දර නැගිටගෙන ගිහිල්ලා තියෙනවා. විවිද පොත්පත් කියවමින් ජීවිතේ ගොඩදාගන්න හැටි හොයලා තියෙනවා.
නමුත් මට ඒ හැම තැනකදිම හමුවුනේ, "කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක විය යුතුමයි, මට එය කල හැකියි" කියන අභිප්‍රේරනාත්මක හැගීම විතරයි. ඒ හැම වැඩසටහනක් අවසානයේදීම මම අලුතින් මගේ ගමන පටන් ගත්තා, හැබැයි හැම පාරම ඒ ජවය මා තුල තිබුනේ සතියක් දෙකක් වගේ කාලයක් විතරයි.
මෙන්න මෙහෙම ඉන්නකොට තමයි, විදේශීය රටක ජීවත් වෙන, අදටත් ඉතා සමීපව ඇසුරු කරන මගේ කල්‍යාණ මිත්‍රයකු හරහා, ඉතා ඉහල මිල ගනන් යටතේ පැවැත්වෙන මිලියනපති ව්‍යාපාරිකයන් හා පුහුණුකරුවන් කීප දෙනෙකුගේ වැඩසටහන් කීපයකට සම්බන්දවීමේ අවස්ථාව ලැබෙන්නේ.
මෙන්න මෙතැනදි තමයි ඇත්තටම මට තේරුණේ අපි බොහෝ දෙනෙක් ඇත්තටම ඉගෙන ගත යුතු දේ ඉගෙන ගන්නේ නැති බව තේරුනේ.
ඒ වෙනකොට මම පෞද්ගලික ආයතනයක රැකියාව කරන සේවකයෙක්, සැබැවින්ම සාර්ථකත්වය ගැන ඉගෙන ගත යුතු දේ ඉගෙන ගැනීමෙන් පසු, අදාල ආයතනය, දෙගූනයක වැටුපක් මට ගෙවන තැනට පත් කරගන්න මට ගියේ හරියටම මාසයයි.
ඊට පසු මාස කීපයකින්, මම රැකියාවට සමුදීලා ව්‍යවසායකයෙක් වුනා, අද වන විට මම ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක වෙන ආයතන තුනක කොටස්කරුවෙක්, උපදේශකවරයෙක්, කතුවරයෙක්, පියෙක්, ඒ වගේම සියල්ලටම වඩා සතුටින්, ස්ව අභිමතය පරිදි ජීවත් වෙන පුද්ගලයෙක්.
මෙන්න මෙතැන ඉදලයි, සාර්ථක වීම කියන්නේ වෙනමම කලාවක් බව මම ඔබට කියන්නේ..
මම ඔබට ඍජුවම කියන්නේ, අභිප්‍රේරණයට ඔබව වෙනස් කල නොහැකියි කියලා..
මම ඔබට ඍජුවම කියන්නේ, කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වෙනවාමයි කියලා හිතුවට ඔබ සාර්ථක වෙන්නේ නෑ කියලා..
මම ඔබට ඍජුවම කියන්නේ, සාම්ප්‍රධායික ධනාත්මක චින්තනය තුල ඔබට අවශ්‍ය වෙනස හදන මාර්ගය නෑ කියලා...
මම ඔබට කියන්නේ, ඔබට අවශ්‍ය වෙනස ඇතිකර ගන්න, ඔබ සතු දැනුම, හැකියාවන්, උත්සාහය, උනන්දුව හොදටම ප්‍රමාණවත් කියලා.
තියෙන එකම ගැටලුව ඔබ "සාර්ථක වීමේ කලාව" දන්නේ නැති එක විතරයි..
නිකමට වගේ ඔබ ඔබ ගැනම හිතලා බලන්න..
ඔබේ පාසලේ ඔබට අධ්‍යාපණයෙන් අසාර්ථක වූ චරිත, ඔබව පසුකර ගිහින් ඉතා සාර්ථක ජීවිත ගතකරන හැටි ඔබ කොයිතරම් දැකලා තියෙනවාද?
ඔබට වඩා සුදුසුමක්, අත්දැකීම් අඩු අය ඔබව පසුකර රැකියාවෙන් ඉදිරියට ගිහින් ඉහල වැටුප් ලබන ආකාරය ඔබ කොයි තරම් දැකලා තියෙනවාද?
ඔබට පසුව, ඔබට වඩා පහල තැනකින් පටන් ගත්ත ව්‍යාපාරිකයන් කී දෙනෙක් ඔබව පසුකර යනවා ඔබ දැකලා තියෙනවාද?
සමහර වෙලාවට මේවා දකිනකොට, ජීවිතේ හරි අසාදාරණයි කියලත් ඔබට හිතිලා ඇති.. නමුත් ඇත්තටම ජීවිතේ අසාදාරණ නෑ. තියෙන එකම ප්‍රශ්ණය, ඔවුන් සාර්ථක වීමේ කලාව ඔබට වඩා දන්නවා. ඒ නිසා මොන අඩුපාඩු තිබුනත් ඔවුන් ඔබව පසු කර යනවා.
New Life වැඩසටහන හරහා අපි ඔබට කියලා දෙන්නේ මෙන්න මේ සාර්ථක වීමේ කලාව ගැන..
මොකද මේ කලාව ඔබ දන්නවානම්, ඔබ සතු ඉතාම පුංචි හැකියාවක් වුනත් පාවිච්චි කරලා ඔබට සාර්ථකත්වය කියන දේ ගොඩනගා ගන්න පුලුවන්.
ඔබේ ජීවිතේ වෙනස් කර ගන්න මහා ලොකු කාලයක් අවශ්‍ය නෑ. ඇත්තටම දැනටමත්, ජීවිතේ හදා ගන්න කියලා, ඔබ වැඩි කාලයක් ගන්න එක තමයි තියෙන ප්‍රශ්ණය.
ඔබම නිකමට හිතලා බලන්න, ඔබට අවුරුදු 30 වෙනකොට ඔබ ආසන්න වශයෙන් ඔබේ ජීවිත කාලයෙන් බාගයක්ම ගෙවලා ඉවරයි. ජීවිත කාලයෙන් බාගයක්ම ගෙවලා, ඉතිරි බාගයවත් ඔබට සාර්ථක මිනිසෙක් විදිහට ජීවත් වෙන්න හැකියාවක් නැත්නම් ඒක කොච්චර ලොකු ප්‍රශ්ණයක්ද?
ඒ නිසා හොදට මතක තියා ගන්න, ඔබ සාර්ථක මිනිසෙක් වෙන්න උත්සාහ කරන හැම දවසක්ම, ඔබට සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවත් වෙන්න තියෙන දවසක් නැති කරනවා. ඒ නිසා, සාර්ථකත්වය කරා යන ගමන වේගවත් විය යුතුයි,
ආර්ථික වශයෙන්, වෘත්තීමය හෝ ව්‍යාපාරික වශයෙන්, ආදරය හා පවුල් ජීවිත තුලින්, සාමාජීය වශයෙන්, අධ්‍යාපණික වශයෙන්, අනිත් අතට, සෞඛ්‍ය හා ආධ්‍යාත්මික වශයෙන්, ඔබට අවශ්‍ය තත්වයන් ඉතාම ඉක්මනින් ඔබ ගොඩනගා ගත යුතුයි. ඔබ සාර්ථක වූ මිනිසෙක් ලෙස ජීවිතය විදින්නට පටන් ගන්නා දවසක් ඔබ ඉතාම ඉක්මනින් ඇතිකර ගත යුතුයි.
New Life වැඩසටහන ඔබව මෙහෙයවන්නේ අන්න එතැන්ට... ජීවිතයේ සියලු අංශයන්ට අදාලව දැනෙන වෙනසක් ඇතිකර ගන්නේ කොහොමද කියන දේ ඉතාම සරලව, පැහැදිලිව, පිලිවෙලට, මේ පැය 3 ඇතුලතදී ඔබට ඉගෙන ගන්න පුලුවන්.
ජීවිතය වෙනස් කර ගන්න ලෑස්තිද?
එහෙනම්, 11 වෙනිදා හවස 4-7 වෙලාවට වෙන කිසිම වැඩක් දා ගන්න එපා..
ඔබේ ටිකට් පත පහත සබැදියෙන් ලබා ගන්න.
ආයෝජණය රු. 2000 (10$)
අන්තර්ජාලය හරහා ටිකට් පත් ලබා ගන්න බැරි අයට, බැංකු ගිණුමට මුදල් බැර කරලා ටිකට් පත් ලබා ගනන් පුලුවන් ඒ වෙනුවෙන්, පහත ගිණුමට මුදල් බැර කරලා, ඔබේ ගෙවීම්ට අදාල රිසිට් පත 0764393624 අංකයට Whatsapp කරන්න.
Bank Details
Account Number : 100380005616
Account Name : Blue Whale Business Management
Bank : Nations Trust Bank
Branch : Malabe
Ez Cash Account Number : 0764393624
මෙම වැඩසටහන සදහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය, ජූලි 7 වෙනිදා බව කරුණාවෙන් සලකන්න.
Comments