#Motivation : ප්‍රශ්ණ කියන්නේ වචනයක් විතරයි (Video)
- Chathuska Amarasekara
- Mar 24, 2021
- 1 min read
Updated: Apr 12, 2021

Koh Panyee යනු තායිලන්තයේ ඇති කුඩා ධීවර ගම්මානයකි. ජලය මත පාවෙන ආකාරයෙන් ගෙවල් තනා ඇති මෙහි ලෑලි තට්ටු මිස ගොඩබිමක් තිබුනේ නැත.
ධීවර කර්මාන්තය හැරුනු කොට මෙම ගම්මානය වඩාත් ප්‍රසිද්දව ඇත්තේ පා පන්දු ක්‍රීඩාවටය. දැනට තායිලන්තයේ සිටින පා පන්දු ක්‍රීඩා සමාජ අතරින් ඉතාමත් දක්ෂ ක්‍රීඩා සමාජයක් ලෙස ඔවුන් නම් දරා ඇත.
නමුත් ගොඩබිමක්වත් නොමැති ගම්මානයක ඔවුන් පා පන්දු ශූරයින් වූයේ කෙසේද?
මෙම ගම්මානයේ බොහෝ තරුණ පිරිස් පා පන්දු ක්‍රීඩාවට ඇලුම් කලත් ඔවුන්ට ක්‍රීඩාංගනයක් හෝ ක්‍රීඩා කිරීමට කුඩා ඉඩක්වත් තිබුනේ නැත. නමුත් ඔවුන් තමන්ට තැනක් නෑ කියා , ක්‍රීඩාව අත් හැරීමට හෝ තම සිහින අතහැරීමට සූදානම් වූයේ නැත. එහෙයින් ඔවුන් එකතු වී සියලු දෙනා පුදුමයට පත් කරවන ආකාරයේ පාවෙන ක්‍රීඩාංගනයක් සාදා ඒ මත පුහුනු වීම් කලේය. එය මත ක්‍රීඩා කිරීම ඉතා දුශ්කර කටයුත්තක් වුවත්, ඔවුන් ඒ හරහා ඉතා අමාරු තත්වයන්ගේදී පවා ඉතා හොදින් ක්‍රීඩා කිරීමේ හැකියාව ලබා ගත්තේය.
මෙහි ප්‍රතිඵලය වූයේ 2004 ,2005, 2006, 2007,2008,2009 සහ 2010 වසර කීපය තුලම එක දිගට තායිලන්ත Youth Champions තරගාවලියේ ජය ඔවුන් සතු වීමයි.
ඇතැම් විට ඔබට ජීවිතයේ අවශ්‍ය සිහින හබා යාමට අවශ්‍ය ශක්තිය , හැකියාව ඔබ සතුව නොතිබෙන්නට පුලුවන්, නමුත් සිහින අත් නොහරින්න, එය සැබෑ කර ගැනීමට හැකි මාර්ගයක් නිර්මානය කර ගනිමින් හෝ ඉදිරියට යන්න. ඔබ ඒ තුලින් ලබන සාර්ථකත්වය සම කිරීමට බොහෝ මිනිසුන්ට බොහෝ කාලයකට නොහැකිවනු නොවනුමානය.
Koh Panyee ගැන කෙටි චිත්‍රපටය පහතින් නරබන්න.
Comentários