top of page

පොහොසතුන්ගේ සල්ලි රහස් #1 - වටිනාකම් මැවීමේ න්‍යාය

Updated: Jul 16


පොහොසතෙක් වෙන්න ඕනේ නම්, මුලින්ම පොහොසතෙක් වගේ හිතන්න ඕනේ කියන කතාව, ධනාත්මක චින්තනය ඇතුලේ අපි ඕනෑ තරම් අහලා තියෙන කතාවක්.


හැබැයි අපි පොහොසතෙක් වගේ හිතන්න ඕනේ කියලා ඉගෙන ගත්තාට, පොහොසතෙක් වගේ හිතන්නේ "කොහොමද" කියන දේ අපි ඇත්තටම ඉගෙනගෙන තියෙනවාද කියලා බැලුවොත්, අපි බොහෝ දෙනෙක්ට දෙන්න වෙන උත්තරය වෙන්නේ "නෑ" කියන එක.


ඒ නිසා මේ පොහොසතුන්ගේ සල්ලි රහස් ලිපි මාලාවෙන් අපි අදහස් කරන්නේ, පොහොසතෙක් වගේ හිතන්නේ කොහොමද කියන දේ ගැන ප්‍රායෝගික අදහසක් ලබා දෙන්න.


එයට අදාලව මේ ලිපියෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් වටිනාකම් මැවීමේ න්‍යාය ගැන.


වටිනාකම් මැවීමේ න්‍යාය කියන්නේ මෙන්න මෙහෙම එකක්....


සාමාන්‍ය මිනිසුන් බොහෝ වෙලාවට මුදල් කියන දේ දකින්නේ, වටිනාකම් හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් විදිහට. හැබැයි පොහොසතුන් ඒක දකින්නේ, "මානසික වටිනාකම්" හුවමාරු කර ගැනීමේ මාධ්‍යයක් විදිහට.


ඒ කියන්නේ අපි බොහෝ දෙනෙක් ගනුදෙනු කරන්නේ, යමක ඇත්ත වටිනාකම අනුව නෙමේ, ඒ දේ අපිට වටිනවායි කියලා හිතෙන වටිනාකම අනුව කියන එක.


ඔන්න ඔය නිසා පොහොසතුන් ආදායම් ඉපයීමේදී බලන්නේ, යමක් අනිත් කෙනාට කොච්චර වටිනවා කියලා දැනෙනවාද කියන දේ මත මුදල් උපයන්න. ඒ නිසා එයාට පුලුවන් වෙනවා, හැම වෙලාවෙදිම මිනිස්සු ගෙවන්න කැමති උපරිමය ආදායම් විදිහට ලබා ගන්න.


මේක සරලව තේරුම් ගන්න මෙන්න මෙහෙම හිතන්න.


රු 100ක දුරක් යනන් ඔබ සාමාන්‍ය වෙලාවකදී Taxi එකකට රු.100ට වඩා ගෙවන්න කැමති නෑ.


හැබැයි, ඔබට රු ලක්ෂ ගානක් වටින ගමනක් යන්න පරක්කු වෙලා තියෙන වෙලාවකදී, ඔබ රු.100 දුර යන්න, රු 1000ක් කිව්වත් යනවා.


ඔන්න ඔය මානසික වටිනාකම් වෙනස තේරුම් ගන්න පුළුවන් නම්, ඔබට පුලුවන් ටැක්සි රියදුරෙක් විදිහට රු.1000ක් ගන්න පුළුවන් කෙනාගෙන් රු.1000ක් ගන්න.


ඔන්න ඔය දේ තමයි, වටිනාකම් මැවීමේ න්‍යාය තුල තියෙන පදනම වෙන්නේ.


ඒ නිසා පොහොසතුන් කරන්නේ හැම වෙලාවෙම, මානසික වටිනාකම් වැඩි කරලා වැඩි මුදලක් ආදායම් විදිහට තමන් වෙතට ගෙන්න ගන්න එක.


ඔය නිසා තමයි, සාමාන්‍ය අවන්හලකින් මිලට ගන්න පුලුවන් රු 500ක කෑම එකක්, ඔබ තරු පහේ හෝටලයකින් මිලදී ගන්න රු 5000ක් ගෙවන්න ලැස්ති වෙන්නේ වෙන්නේ. එතැනදී ඔබ අමතර රු 4500ක්ම ගෙවන්නේ තරු පහේ හෝටලයකින් කෑම කනවා කියන මානසික වටිනාකම වෙනුවෙන්.


ඒ වගේම මේ නිසා තමයි, සාමාන්‍ය අවන් හලක ඉන්න සේවකයෙක්ට රු 50ක සන්තෝසම් මුදලක් දෙනකොට ඔබ තරුපගේ හෝටලයක සේවකයෙක්ට රු 500ක් දෙන්නේ.


මෙන්න මේ නිසා තමයි, එකම කර්මාන්තශාලාවේ හදන සපත්තුවක්, සන්නම් නාමයක් නැතුව මිලදී ගන්න රු 5000ක් ගෙවද්දි, Nike වගේ සන්නම් නාමයක් එක්ක මිලදී ගන්න රු 50000ක් ගෙවන්නේ.


ඔබ සමහර වෙලාවට දැකලා ඇති ඔබේ ආයතනයෙන් ඔබට ගෙවන මුදල වගේ කීප ගුණයක් ගෙවලා, ඔබ කරන වැඩේම කරන්න සේවකයෝ ගන්න හැටි. සමහර වෙලාවට ඔබ ඒවා නිසා කලකිරිලත් ඇති.


නමුත් තේරුම් ගන්න එතැන වෙලා තියෙන්නෙත් මේ දේම තමයි.


වැඩි වැටුපකට එන කෙනා දක්ෂ වෙලා තියෙනවා, මානසික වටිනාකම වැඩි කරලා, වැඩි මුදලක් වැටුප් විදිහට උපයන්න,


ඒ නිසා ඔබටත් මෙන්න මේ වටිනාකම් මැවීමේ න්‍යාය අනුව හිතන්න පුලුවන් නම්, ඒ වගේම හරියට මානසික වටිනාකම් ගොඩනගන කලාව හදුනාගෙන පාවිච්චි කරන්න පුළුවන් නම්, සමහර වෙලාවට ඔබ දැනට කරන දේම කරලා, දැනට උපයන මුදල වගේ කීප ගුණයක් වුනත් උපයන්න පුලුවන් තත්වයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා!


 

පොහොසතෙක් වගේ හිතලා වැඩකරන්න අවශ්‍ය මේ වගේ පාඩම් ගැන වැඩිදුර අවබෝධයක් ලබා ගන්න, පහතින් පොහොසත් බවේ රන්දොරටු eBook එක Download කරගෙන කියවන්න.



Download කරගැනීමට අපහසු අය මෙය email එකක් ලෙස ලබා ගැනීමට PBRD ලෙස සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න.


690 views

2 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Guest
Feb 12
Rated 5 out of 5 stars.

නියම ලිපියක් සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා!

Like

Guest
Feb 12
Rated 5 out of 5 stars.

ඉතා හොද ලිපියක්. ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා

Like
bottom of page