ලෝකයේ බොහෝ දෙනෙක් මුදල් කියන දේ වෙනමම විශයක් විදිහට හදුනා ගන්නේ නෑ, මෙන්න මේ නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ සැබෑ ජීවිතය තුල මුදල් කියන දේ ප්‍රශ්ණයක් බවට පත් වෙනවා.
ඔබ දන්නවා ගොවිතැන කියන්නේ වෙනමම විශයක්. ඒ විශය පිලිබද හරියටම දන්න කෙනාට තමයි, තමන් කරන වගාවෙන් උපරිම ඵලදාවක් ලබා ගන්න පුලුවන් වෙන්නේ. අපි ගොවිතැන කියන දේ විශයක් විදිහට හදුනා නොගෙන, කුමක් හෝ බීජයක් අපිට හිතෙන විදිහට, හිතෙන කාලෙක වගා කරලා, හිතෙන හිතන විදිහට සාත්තු කරලා අපිට කවදාවත් ඒ විශය පිලිබද දන්න කෙනෙක් ලබා ගන්න ඵලදාව වගේ ඵලදාවක් ලබා ගන්න ලැබෙන්නේ නෑ.
මොකද අපි ඒ ගොවිතැන කරන්නෙ අපි හරියි කියලා හිතන , අපිට පෙනෙන මූලිඛම සිද්දාන්ත අනුව පමණයි, ඒ හැරෙන්න අපි ඒ විශය තුල තියෙන පුංචි පුංචි , ඵලදාව වැඩිකර ගැනීම වෙනුවෙන් කලහැකි උපක්‍රම ගැන දන්නේ නැති නිසා අපි කරන දෙයින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව අපිට අහිමි වෙනවා.
උදාහරණයක් විදිහට සමහර බීජ වර්ග තියෙනවා, ඒවා වගා කල යුත්තේ වසරේ යම්කිසි කාල සීමාවකදී පමණයි. එහෙම නොකර වෙනත් කාලයක එම බීජය සිටෙවුවාට එයින් සරු ඵල ලැබෙන්නේ නෑ. ඒ වගේම සමහර බීජ වලට උපරිම ඵලදාවක් ලැබීම පිනිස හිරු එලිය ලැබිය යුතු විවිද ප්‍රමාණයන් තියෙනවා. ඒ දේවල් ගැන දන්නේ නැතුව අපි කොච්චර මහන්සි වෙලා වගාව කලත් අපිට එයින් නිසි ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙනවා.
මෙන්න මේ වගේම විශයක් තමයි මුදල් කියනෙත්, මෙන්න මේ විශය දන්නේ නැති නිසා බොහෝ දෙනෙක් , හරියටම බැලුවොත් ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 80% විතර තමන් වෙන මහන්සියට උපරිම මූළ්‍ය ප්‍රතිලාභයක් ලබා ගන්න බැරිව, තමන් ජීවිතේ බලාපොරොත්තු වෙන නිදහස් බව ලගා කරගන්න බැරිව නිකරුනේ දුක් විදිනවා.
ලෝකයේ අද වන විට සිටින අංක එක මට්ටමේ මූළ්‍ය උපදේෂකයකු වන රොබට් ටී කියොසකි දවසක් තමන්ගෙන් උපදෙස් ලබා ගැනීමට ආ පිරිසකගෙන් මෙහෙම ඇහුවා
" මෙතන මැක්ඩොනල්ඩ් (ලොව ප්‍රසිද්ද අවන් හලක් ) එකට වඩා රසවත්, හොද බර්ගර් හදන්න පුලුවන් අය කී දෙනෙක් ඉන්නවාද? "
එතැන සිටි සියලු දෙනාම වගේ අත් ඔසවා ඔවුන්ට එය කල හැකි බව පිලිගත්තා,
" එහෙමනම් ඇයි මැක්ඩොනල්ඩ් එක ඔයාලට වඩා මුදල් උපයන්නේ? " රොබට් පෙරලා ඔවුන්ගෙන් ප්‍රශ්ණ කලා.
මදක් නිදහසේ මිනිත්තු කීපයක් අරගෙන හිතලා බලන්න, ඔබේ ජීවිතයටත් වෙලා තියෙන්නේ මේ දේම නෙමේද?
ඔබ ඇත්තටම අසාර්ථක වෙලා තියෙන්නේ, කිසිම දෙයක් නොදන්න, කිසිම දෙයක් කර ගන්න බැරි, මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් නිසාද?
ඔබ අසාර්ථක වෙලා තියෙන්නේ ඇත්තටම ඔබ කිසිම දෙයක් කරන්නේ නැති, කරන්න බැරි, දුර්වල මිනිසෙක් නිසාද? ඔබ ඇත්තටම ජීවිතේ ජය ගන්න මහන්සි වෙන්නේම නැද්ද? උදේ නැගිට්ට වෙලාවේ ඉදලා හවස නිදියන තෙක්ම ඔබ කරන්නේ මුකුත්ම නොකර නිකන් බලාගෙන ඉන්න එකද?
එහෙම නැත්නම් වෙලා තියෙන්නේ මහන්සි වුනාට ප්‍රතිඵල නැති එකද?
හොදට ඔබ ගැනම කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බැලුවොත් ඔබට පෙනේවි ඔබ ඇත්තටම දක්ෂයෙක් වුනාට, ඔබ ඇත්තටම මහන්සි වෙනවා වෙනවා වුනාට, ප්‍රතිඵල නැති එකෙයි ප්‍රශ්ණය තියෙන්නේ කියලා.
හරියට රොබට් ඇහුවා වගේ ඇත්තටම ඔබට මැක්ඩොනල්ඩ් එකට වඩා බර්ගර් හදන්න අපි හැම කෙනෙක්ටම වගේ පුලුවන්. ඒ වුනාට ඒ වගේ මුදල් උපයන්න, සාර්ථක වෙන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා!
ඇත්තටම බැලුවොත් මේක අපි විසින්ම ඔලුවට දා ගත්ත වැරදි පණිවිඩයක් නිසා වුන වැඩක්. අපි බොහෝ දෙනෙක් කුඩා කල සිටම හිතන්න පුරුදු වෙලා තියෙනවා, දක්ෂයෙක් වුනොත්, මහන්සි වුනොත් තමයි, වැඩිපුර මුදල් උපයන්න, සාර්ථක වෙන්න පුලුවන් කියලා.
අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා, මුදල් හෝ සාර්ථකත්වය කියන්නේ හැකියාව, දක්ෂතාවය, ගුණාත්මක බව, සුදුසුකම් හා මහන්සිය නිසා ලැබෙන ප්‍රතිපලයක් කියලා. ඔන්න ඔතනයි අපිට ඇත්තටම වැරදුනේ.
ඇත්තටම ඔබට මුදල් උපයන්න පුලුවන් වෙන්නේ, ඔබ මුදල් ඉපයීම කියන විශය කොයි තරම් දුරට දන්නවාද යන්න මත මිස ඔබ කොතරම් දක්ෂද, මහන්සි වෙනවාද යන්න මත නෙමේ.
ඔබ හොදින් කල්පනා කර බලන්න ලෝකයේ වැඩිම මුදලක් උපයන, ඉතා ප්‍රසිද්ද ගායික ගායිකාවන් ගැන, ඔවුන් මේ ලෝකයේ දක්ෂම අයද? ඔවුන් ගයන්නේ ලෝකයේ ලස්සනම ගීතද?
ලෝකයේ වැඩිම මුදලකට අලෙවි වන භාන්ඩ හා සේවා දෙස බලන්න, ඒ සියල්ල ඇත්තටම ලෝකයේ හොදම ඒවාද? ඊට වඩා හොද ඒවා නැද්ද?
ඔබ හරියට මේ ගැන හොයා බැලුවොත් පෙනෙයි මේ අය හොදම දක්ෂම අය නෙමෙයි, තමන් සතු දේ හොදටම මුදල් ඉපයීමට හා සාර්ථක වීම වෙනුවෙන් මෙහෙයවන්න දන්න අය කියලා.
බර්නාට් නිව්මන් කියන්නේ ඇමරිකානු චිත්‍රශිල්පියෙක් ඔහුගේ එක් චිත්‍රයක් 2013 වසරේදී ඇ. ඩොලර් මිලියන 43.8 කට ඒ කියන්නේ ආසන්න වශයෙන් රු බිලියන 77 වඩා වැඩි අගයකට අලෙවි වුනා. නමුත් ඒ චිත්රයේ තියෙන්නේ නිල් පැහැති පසුබිමක හරි මැදින් ඇදි සුදු ඉරක් පමණයි. ඔබ නිකමට හිතලා බලන්න මීට වඩා අලංකාර, සාමාන්‍ය මිනිසෙකුට අදින්න තියා හිතන්නවත් බැරි තරම් සියුම් ලෙස ඇදි චිත්‍ර කොතරම් ප්‍රමාණයක්, ලංකාව තුල පමණක් ඇතිද? නමුත් ඇයි ඒවාට මෙතරම් මිලක් නොලැබෙන්නේ? ඔබම ටිකක් හොදින් කල්පනා කර බලන්න.
ඒ වෙනුවෙන් තියෙන්නේ එකම හේතුවයි, ඒ තමයි, අපි වැඩ කරන්න දන්නවා, මහන්සි වෙන්න දන්නවා, කල යුතු දේ උපරිම මට්ටමෙන් කරන්නත් දන්නවා, නමුත් අපි ඒ තුලින් මුදල් උපයන්න, සාර්තක වෙන්න දන්නේ නෑ. මොකද අපි හැමදාම හිතාගෙන හිටියේ, මහන්සි වුනාම, වැඩ කලාම, දක්ෂයෙක් වුනාම, ගුණාත්මක දෙයක් කලාම, සාර්ථකත්වය, මුදල් අපි ගාවට එනවා කියලා, ඒ නිසා අපි සාර්ථකත්වය මුදල් ඉපයීම වෙනමම විශයක් විදිහට හදුනා ගත්තේ නෑ,
අන්න ඒ නිසා අපි හැමදාම මහන්සි වෙවී ඉන්නවා නමුත් ඉදිරියට යන්නේ නෑ.
ඇත්තටම ඔබ මුදල් උපයන්න දන්නේ නැතුව මේ ලෝකයේ ඉන්න දක්ෂතම කෙනා වුනත්, මේ ලෝකයේ තියෙන වටිනාම දේවල් ඔබ සතු වුනත් වැඩක් නෑ. ඔබට එයින් මුදල් ඉපයීම, පොහොසතෙක් වීම, සාර්ථක වීම අනිවාර්යයෙන්ම අමාරු වෙනවා.
ලෝකයේ පළමු මෝටර් රථය නිපදවූයේ කාල් බෙන්ස් නැමති අති දක්ෂ නිර්මාණකරුවා විසින්. එවකට සතුන් උපයෝගී කරගෙන ගමනාගමනය සිදුවන යුගයක, ඔහු කල නිරමාණය ලෝකයේ විශිෂ්ඨ පෙරලියක් කල හැකි ගනයේ නිරමානයක් කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නමුත් ඔබ දන්නවාද ඔහු මේ කල නිර්මාණය තුලින් ඔහුට තබ සතයක්වත් උපයන්න බැරි වුන බව?
ඔහු මෝටර් රථය හදන්න පටන් ගත්තේ සාර්ථකත්වය පිලිබද ලොකු බලාපොරොත්තුවක් ඇතුව, ඔහු හිතුවා ලෝකයේ මෙතෙක් කිසිම කෙනෙක් නිපදවා නැති, ලෝකයේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කල හැකි මේ නිර්මාණය හරහා ඔහුට විශාල සාර්ථකත්වයක් ලේසියෙන්ම ලගා කරගන්න පුලුවන් කියලා. ඒ නිසා ඔහු ණය පවා අරගෙන, අවසානයේ තම බිරිදගෙන් දෑවැද්දට ලැබුන මුදලුත් වැය කරලා ඔහු මේ නිර්මාණය කලා. එහෙම හිතලා ඔහු තමන්ගේ නිර්මාණය අවසන් කලාට ඉන් පසුව ඔහු කොච්චර උත්සාහ කලත් සාර්ථක වුනේ නෑ.
හිතන්න, ඔහු ඉතා දුක් මහන්සි වී මේ ලෝකයම වෙනස් කල හැකි, ලෝකයේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කල හැකි මට්ටමේ වටිනා නිර්මාණයක් කරලත් ඔහුට එය හරහා මුදල් ඉපයීමටවත්, සාර්ථක වීමටවත් හැකි වුනේ නෑ. ඔහුට කල හැකි එකම දේ වුනේ වුනේ එය තමන්ගේ ගරාජයේ නතර කර දමන්නත්, පුලුවන් විදිහට වෙනත් ආකාරයන්ගෙන් කීයක් හරි උපයාගෙන, ඒ ලැබෙන ආදායම් වලින් තමන්ගේ ණය ගෙවා දැමීමත් පමණයි.
මොකද ඔහු අති විශිෂ්ඨ නිර්මාණයක් කරන්න දැනගෙන හිටියට ඔහු දැනගෙන හිටියේ නෑ එය තුලින් මුදල් උපයන්න හෝ සාර්ථක වෙන්න.
එය මිනිසුන් අතරට ගෙනිහින්, එය තුලින් සාර්ථක වෙන්නටත්, කාල් බෙන්ස් කියන නම ලෝකයේ ඉහල ස්ථානයකට ගෙන එන්නටත්, බෙන්ස් මෝටර් රථ සමාගම ව්‍යාපාරයක් ලෙස මුදල් උපයන තත්වයට පත් වෙන්නත් හේතු වුනේ ඔහුගේ බිරිද!
ඇයව කාල් බෙන්ස්ගේ නිර්මාණශීලී බව සමග සංසන්දනය කලොත් ඇය ඉතාම සාමාන්‍ය කාන්තාවක්. නමුත් ඔහු කල නිර්මාණය තුලින් සාර්ථක වීමට ඇති හැකියාව සංසන්දනය කලොත් කාල් බෙන්ස් ඉන්නේ ඇයට වඩා ඉතා පහලින්. සරලවම කීවොත් ඇය නොසිටින්න, කාල් බෙන්ස් හෝ බෙන්ස් රථ ගැන අපි තවම කිසි දෙයක් දන්නේ නෑ.
ලෝකයේ මූළ්‍යමය වශයෙන් අසාර්ථක වුන අයගෙන් 80% - 90% කගේම අසාර්ථකත්වයට හේතුව තමයි මේක. ඔවුන් බොහෝ දෙනෙක් මහන්සි වෙනවා, ඔවුන් බොහෝ දෙනෙක්ට දක්ෂතාවය, සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. නමුත් ඔවුන් දන්නේ නෑ, ඔවුන් කරන දේ මූළ්‍යමය වශයෙන් ප්රතිළාභ ලැබෙන ආකාරයෙන් කරන්න.
ලෝකයේ මුදල් අතින් සාර්ථක වූ ඕනෑම මිනිසෙක් දිහා බලන්න, ඔවුන් බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට විශාල හැකියාවන්ගෙන් යුත් අය නෙමෙයි. ඔවුන් තුල තිබුන එකම හැකියාව වුනේ ඕනෑම දෙයක් තුලින් උපරිම මූළ්‍යමය ප්රතිළාභයක් ගැනීම වෙනුවෙන් සිතුවිලි මෙහෙයවීමේ, තීරණ ගැනීමේ හා එම තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පමණයි,
ඇන්ඩෘ කානිගී කියන්නේ වානේ ව්‍යාපාර හරහා බිලියනපතියෙක් වුන චරිතයක්, ඔහුව ලෝකය හැදින්වූයේ වානේ රජු කියලා. නමුත් ඔහු වානේ ගැනත් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ වුනාට ඔහු වානේ ගැන දන්න දහස් ගනනකට නායකත්වය දෙමින්, ඒ අයගේ දැනුම, හැකියාවන් බාවිතා කරමින් එය තුලින් විශාල මුදලක් ඉපයූවා.
ස්ටීව් ජොබ්ස් පරිගණක ගැන විශාල දැනුමක් තිබුන කෙනෙක් නෙමේ. ඔහුගේ නිර්මාණ සියල්ල හැදුවේ ඔහුගේ සගයන් විසින් නමුත් ඔහු ඒ නිර්මාණ පාවිච්චි කරලා මුදල් ඉපයූවා. එයට ඔහුගේ අදහස් එකතු කරලා තම සගයන්ගේ නිර්මාණ ලෝකයේ බිලියන ගනනින් උපයන ව්‍යාපාරයක් බවට පත් කලා.
හෙන්ඩ්රි ෆෝර්ඩ්, ෆෝර්ඩ් මෝටර් රථ සමාගමේ නිර්මාතෘ. ඔහු මෝටර් රථ ක්ෂේත්රයේ පෙරලිකරුවෙක්. නමුත් ඔහු කලේ හිතේ ඇදෙන නිර්මාණ, එය නිර්මාණය කරන්න පුලුවන් අය ලවා සකසාගෙන මුදල් කිරීම. සරලවම කීවොත් ඔහු කලේ කාල් බෙන්ස් වගේ නිර්මාණ කරුවෝ සේවකයෝ විදිහට බදවාගෙන කාල් බෙන්ස්ගේ බිරිද කලා වගේ ඒ නිර්මාණ හරහා සාර්ථකත්වය ගොඩනැගීම, මුදල් ඉපයීම.
දැන් ඔබට තේරෙනවා ඇති මුදල් ඉපයීම, සාර්ථක වීම කියන්නේ වෙනම විශයක්, හැකියාවක්, මහන්සි වෙලා වැඩ කිරීම, කියන්නේ වෙනමම දෙයක්. ඔබ කොච්චර දක්ෂ වුනත්, කොතරම් ඉගෙනගෙන තිබුනත්, ඔබට කොතරම් හැකියාවන් තිබුනත්, ඔබ ඒ දේවල් පාවිච්චි කරලා සාර්ථක වෙන විදිහ දන්නේ නැත්නම් ඔබේ දැනුමෙන් කුමක් හෝ කරන්න ඔබට පුලුවන් වෙයි, නමුත් සාර්ථක වෙන්න හෝ එයින් ධනවතෙක් වෙන්න නම් හැකියාවක් නෑ.
නමුත් ඔබ සාර්ථක වෙන විදිහ ඉගෙන ගත්තොත්, ඔබ දන්නේ නැති දෙයක් තුලින් වුනත්, ඔබ අවට තියෙන දෙයක් පාවිච්චි කරලා හරි පොහොසතෙක් වෙන්න, සාර්ථක මිනිසෙක් වෙන්න ඔබට පුලුවන්
හොදට හිතන්න, මෙච්චර වතුර තියෙන රටේ, වතුර බෝතල් කියන්නේ මිලියන ගනනින් උපයන ව්‍යාපාරයක්. ඒක හරියට ඇස්කිමෝවරුන්ට අයිස් ක්‍රීම් විකුණනවා වගේ වැඩක්. නමුත් ඒ දේ අපේ ඇස් පනාපිට සිදුවෙනවා. මුලින්ම වතුර බෝතල් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නකොට හැමෝම හිතුවේ. නිකන් බොන්න පුලුවන් වතුර සල්ලි දීලා බොයිද කියලා. නමුත් එහෙම සල්ලි දීලා බොන්න පටන් ගත්තා. අද නොමිලේ බොන්න පුලුවන් කම තිබුනත්, සල්ලි දීලා වතුර බෝතලයක් බොන තත්වයට පත් වෙලා අවසන්. ඔබට පොහොසත් වෙන්න ඕනේනම්, ඔබට සල්ලි කියන දේ ප්‍රශ්ණයක් කර නොගෙන ජීවත් වෙන්න ඕනේනම් ඔන්න ඔය හැකියාව තමයි ඔබ දියුනු කර ගන්න ඕනේ.
ඔබම හිතන්න, වතුර නොමිලේ බොන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙන රටක මිනිස්සුන්ට වතුර විකුණලා මුදල් උපයන්න පුලුවන් මට්ටමට ඔබේ මනස නිර්මානය කරගන්න පුලුවන් නම්, ඔබට ඒ මට්ටමට හිතන්න පුලුවන්නම් ඔබට මුදල් ඉපයීම ප්‍රශ්ණයක් වෙයි කියලා ඔබ හිතනවාද?
____
මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප ගැන, ප්‍රායෝගික පියවරෙන් පියවර ඉගෙන ගැනීමට, පහත "පොහොසත් බවේ රන්දොරටු" ප්‍රායෝගික උපදෙස් පොත කියවන්න.
අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.
ඔබේ පණිවිඩය පහත Whatsapp බොත්තම මත Click කිරීමෙන් යොමු කරන්න.
Comments