top of page

පොහොසත් බව ගොඩනැගීමේ කලාව (i)

Updated: Dec 1, 2022



මේ ලෝකයේ ඉන්න මූළ්‍ය ගැටලු වලින් පෙලෙන මිනිස්සුන්ගෙන් 80%ක්ම ඒ ගැටලු වලට මුහුණ දෙන්නේ, ඇත්තටම සිතන විදිහේ ගැටලුවක් නිසා කියලා කීවොත් ඔබට එය පිලිගන්න පුලුවන්ද?


නමුත් ඇත්තටම එය එහෙම තමයි.


ඇත්තටම අපේ බොහෝ ප්‍රශ්ණ වලට විසදුම් තියෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරගැනීම තුලයි, මුදල් ප්‍රශ්නත් ඒ වගේම තමයි, ඇත්තටම ඔබට මුදල් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ ඔබට උපයන්න බැරි නිසාවත්, මුදල් උපයන්න අවස්ථාවන් නැති නිසාවත්, රටේ ආර්ථික තත්වය හොද නැහි නිසාවත්, ඔබ ඉගෙනගෙන නැති නිසාවත්, ඔබ උපතින්ම දුප්පත් නිසාවත්, ඔබ මහන්සි වෙලා වැඩ නොකරන නිසාවත්, වියදම් වැඩි නිසාවත්, දේෂපාලණයේ ප්‍රශ්ණ නිසාවත් , වෙන මොකක් හරි ප්‍රශ්ණයක් නිසාවත් නෙමෙයි, 100%ක්ම ඔබ හිතන විදිහේ ප්‍රශ්ණයක් නිසා.


මේ දේ තේරුම් ගන්න පුංචි උදාහරණයක් දෙන්නම් ඔබට,


* ඔබ රු 100ක් වියදම් කරලා කොමඩු ගෙඩියක් අරගෙන කෑවොත් ඔබට රු 100ක වියදමක් කරන්න පුලුවන්,

ඒ වගේම


* ඔබ රු 100ක කොමඩු ගෙඩිය කතා බහ කරලා රු 80කට අරගෙන තව කෙනෙක්ට රු 100ට විකුණුවොත් ඔබට රු 20ක් ලාභ ලබන්න පුලුවන්.


ඒ වගේම


* ඔබ රු 100කට කොමඩු ගෙඩියක් අරගෙන ඒක කපලා ඒ කෙන් යුශ හැදුවොත් ඒක කොමඩු ගෙඩියකින් යුශ වීදුරු 6ක් විතර හදන්න පුලුවන්, ඒ වගේම එක යුශ වීදුරුවක් රු 150ට වගේ අලෙවි කරන්නත් පුලුවන්, ඒ නිසා ඔබට එයින් රු 900ක් විතර උපයන්නත් පුලුවන්.


ඒ වගේම,


* ඔබට එහෙම උපයන රු 900යෙන් නැවත කොමඩු ගෙඩි 9ක් අරගෙන එයින් යුශ වීදුරු 54 හදලා ඒ රු 900 රු 8100ක් කර ගන්නත් පුලුවන්.


පේනවද කෙනෙක්ට රු100 වියදම් කරන්නත් තවත් කෙනෙක්ට ඒ රුපියල් 100න් රු 8100 දක්වා උපයන්නත් පුලුවන්. සල්ලි කියන්නේ හැම වෙලාවෙම Mind Game එකක්, ඒ කියන්නේ මනසින් කරන ක්‍රීඩාවක්.


මේ පුංචි උදාහරණයක් විතරයි, මුදල් සම්බන්දයෙන් මනස මෙහෙයවන්න ඕනේ විදිහ දන්නවානම් මීට වඩා ගොඩක් දේවල් ඔබට ඔබේ ජීවිතයේ මූළ්‍යමය අතින් කරන්න පුලුවන්, ආදායම් අතින් පමණක් නෙමේ වියදම් අතින් පවා එය එසේමයි, ඔබ යම් වියදමක් කරනකොට ඔබේ මනස වැඩ කරන ආකාරය අනුව තමයි ඔබ අනාගතයේදී දුප්පතෙක් වෙනවද, පොහොසතෙක් වෙනවද, මධ්‍යම පාන්තිකයෙක් වෙනවද යන්න පවා තීරණය වෙන්නේ, අන්න ඒ තත්වය වෙනස් කරගන්න පුලුවන්නම් ඔබේ දෛවයේ මොනවා තිබුනත්, ඔබේ කේන්දරයේ මොනවා තිබුනත්, ඔබේ වාසනාව මොන ආකාරයේ එකක් වුනත් ඔබට ඔබේ අනාගත මූල්‍ය තත්වය වෙනස් කරගන්න පුලුවන්.


බොහෝ මිනිස්සු ණය නිසා විශාල මානසික පීඩනයකින් පෙලෙනවා, සමහර වෙලාවට ජීවිතය පවා හානි කරගන්නවා, නමුත් ඔබ දන්නවාද හිතන විදිහ වෙනස් කිරීමෙන් පමණක්, ණය දෙස බලන ආකාරය වෙනස් කිරීමෙන් පමණක් ඒ ණය ගැටලු වලින් 80% - 90%ක්ම විසද ගන්න පුලුවන් බව?


ඔබ අහලා ඇති ලෝකයේ ධනවත්ම පුද්ගලයින් බොහෝ වෙලාවට අද්‍යාපණික වශයෙන් පවා අසාර්ථක වූ අය බව, සමහර වෙලාවට අද්‍යාපණික අතින් අසාර්ථක මිනිසුන් දිරි ගන්වන්න මේ කතාව බොහෝ දෙනෙක් කියනවා. නමුත් ඒක ඇත්තටම " වරල් නැතුව ගස් නගින්න පුලුවන් " කියනවා වගේ කතාවක්, ගස් නගින්න වරල් ඔනේ නෑ, වරල් ඕනේ පීනන්න. කවුරු හරි වරල් නැතුව ගස් නගින්න පුලුවන් කියනවානම් , ඒක එක්තරා විදිහක කියන්න ඕනේ නැති කතාවක්. මොකද අමුතුවෙන් කියන්න දෙයක් නෑ, කොහොමත් ගස් නගින්න වරල් ඕනේ නෑ. වරල් නැතුව ගස් නගින්න පුලුවන්.


අද්‍යාපණයක් නැතුව පොහොසත් වෙන්න පුලුවන් කියන එකත් ඒ වගේම තමයි, කාලයක් තිස්සේ අද්‍යාපණ ක්‍රමය හරහා මිනිස්සුන්ව හුරු කරලා තියෙනවා අද්‍යාපණය ලද මිනිස්සු තමයි ලෝකයේ ධනවතුන් හා සාර්ථකම මිනිසුන් වෙන්නේ කියලා. නමුත් වෙච්ච කෙනෙක් නැති තරම්, ලොව ධනවත්ම මිනිස්සුන්ගෙන් 99%ක්ම වගේ සාම්ප්‍රධායික අද්‍යාපනයෙන් ඉවත් වූ අය. මොකද ඇත්තටම ජීවිතේ සාර්ථක කරගන්න ඒ අද්‍යාපණය ඔබට ඕනේ නෑ.


ඔබ හොදින් මේ අද්‍යාපණ රටාවල් වල ආරම්භය ගැන බලන්න, මේ අද්‍යාපණ රටාව ආරම්භ වෙන්නේ, ආරම්භ කරන්නේ මේ ලෝකය පාලනය කරන මේ අද්‍යාපණ රටාව තුල ඉගෙන නොගත් ධනවත් පිරිස, මොකද ඔවුන්ට අවශ්‍යයි මේ ලෝකයේ ඔවුන් සකස් කරන ආයතන ක්‍රියාත්මක කරගෙන යන්න සේවක පිරිසක්.

ඔවුන් රෝහල් හදනවා, වෛද්‍ය විද්‍යාල හදනවා, ඒ වෙනුවෙන් අද්‍යාපණ ක්‍රමවේදයක් හදනවා, ඒ හරහා වෛද්‍යවරුන් බිහි කරලා රෝහල් ක්‍රියාත්මක කරවනවා. වෛද්‍ය විද්‍යාල ඇතුලේ සාමාන්ය මිනිසුන්ට වෛද්‍යවරු වෙන්න උගන්වන අතරේ ඒවා හදපු මිනිස්සු ඔවුන්ගේ දරුවන්ට උගන්වන්නේ වෛද්‍යවරු වෙන්න නෙමේ තව රෝහල් හා වෛද්‍ය විද්‍යාල හදන හැටි ගැන, එහෙම නැත්නම් තවත් මෙවැනිම විශය ක්ෂේත්‍රයක් ආරම්භ කරන හැටි ගැන.


මූළ්‍යමය වශයෙන් සාර්ථක වෙන්න ඇත්තටම ඔබට අවශ්‍ය ප්‍රායෝගික මූල්‍ය සාක්ෂරතාවය මිසක් , වෙන දැනුමක් නෙමේ.


ඔබ දන්නවා අපිට වාහනයක් එලවන හැටි, වාහනයක් අල්ලන්නේවත් නැතුව පැත්තක ඉදලා ඉගෙන ගන්න පුලුවන්. නමුත් එහෙම ඉගෙන ගත්තාට කවදාවත් ඔබට වාහනයක් එලවන්න බෑ. ඔබට එය එලවන්න පුරුදු වෙන්න නම් වාහනේ ප්‍රායෝගික්ව එලවලා පුරුදු වෙන්නම ඕනේ.


එලවලා පුරුදු වෙනවා කියන්නේ මොකක්ද? එලවලා පුරුදු වෙනවා කියන එකෙන් අපි කරන්නේ ඇත්තටම් අපි අපේ මනස හුරු කරනවා වාහනය පදවාගෙන යන අවස්ථාවේදී අවශ්‍ය තීරණ වේගයෙන් ගන්න. පළවෙනි දවසේ අමාරුවෙන් හිත හිතා වාහනය පදවාගෙන ගියාට , ටික දවසක් යනකොට ඔයාට ඕනේ තැනකින් එහෙන් මෙහෙන් දාලා, පොඩි ඉඩකින් වුනත් රින්ගලා, තමන්ට කැමති කැමති වේගයකින් යන්න පුලුවන් හැකියාව ලැබෙනවා.


ඒ වගේම තමයි මූල්‍ය සාක්ෂරතාවය කියන එකත් ඔබ විශයක් විදිහට ඉගෙනගෙන හරියන්නේ නෑ, ඔබ එය ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ, පුහුණු කල හැකි ප්‍රායෝගික මට්ටමකින් ඉගෙන ගන්න ඕනේ, ඒ දේ ඉගෙන ගත්තොත් ඔබව මූළ්‍යමය වශයෙන් අසාර්ථක කරන්න කාටවත් බැරි වෙනවා.

_____


මූල්‍යමය සාර්ථකත්වය ගොඩනැගීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප ගැන, ප්‍රායෝගික පියවරෙන් පියවර ඉගෙන ගැනීමට, පහත "පොහොසත් බවේ රන්දොරටු" ප්‍රායෝගික උපදෙස් පොත කියවන්න.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.

1,791 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page