top of page
Writer's pictureChathuska Amarasekara

මේ ටික කලොත් මේ මොහොතේ ඉදන්ම ඔබ සාර්ථක වෙන්න පටන් ගනීවි!



ඕනෑම දෙයක් සිදුවෙන්න හෝ නොවෙන්න හේතුවක් තිබෙනවා! කිසිම දෙයක් හේතුවක් නැතිව සිදු වෙන්නේවත්, නොවෙන්නේවත් නෑ!


අපි සෑම කෙනෙක් තුලම අපි සිහින දකින ජීවිතයක් තිබෙනවා. අපි සෑම කෙනෙක් තුලම ලගා කරගත යුතුයි කියා සිතෙන බලාපොරොත්තු තිබෙනවා. අපි මේ දේවල් ගැන සිහින දකිනවා , මේ දේවල් කොහොම හරි ලගා කරගන්නවා කියලා හිතලා යම් යම් අවස්ථාවල ඒ දේවල් ලගා කරගන්න විවිද උත්සාහයන්ගේ යෙදෙනවා. නමුත් ඇත්තටම එහෙම උත්සහ කරන දේවල් වලින් අපි බොහෝ දෙනෙක්ට සාර්ථකත්වයට පත්කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි.


සරලව තේරෙන සිංහලෙන් කීවොත් , කොච්චර සිහින බලාපොරොත්තු තිබුනත් සැබෑ ජීවිතයේදී ඒ දේවල් ඒ ආකාරයෙන්ම ලගා කරගන්න පුළුවං වෙලා තියෙන්නේ අපි අතරින් ඉතාමත් සුළු පිරිසකට විතරයි. අද වන විට මේ වසරේ 75%කට වඩා වැඩි කාලයක් අවසන් වී හමාරයි. ඒත් අපි ජනවාරි 1 වනදා , මේ වසරේදී ලගා කරගන්නවාමයි සිතපු දේවල් වලින් මේ වනවිට 75%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් සාර්ථකව නිම කරන්න පුළුවං වුන උදවිය ඉන්නේ ඉතාම සුළු ප්‍රමානයක් විතරයි!

නැපෝලියන් හිල් කියන දාර්ශණිකයා කියන විදිහට මිනිස් සිතේ ගොඩනැගෙන ඕනෑම දෙයක් ප්‍රායෝගික ජීවිතයේදීත් ලගා කරගන්න පුළුවන් දෙයක්, ඒ වගේම වෝල්ට් ඩිස්නි කියලා තියෙන විදිහට ඔබට සිහිනයක් තිබෙනවානම් ඒ දේ ප්‍රායෝගිකව ලගා කරගන්න හැකියාවකුත් ඔබ සතුව තිබෙනවා.


මනෝ විද්‍යාව තුල කියන්නේ ඔබේ සිත තුල තිබෙන පරිසරයට සාපේක්ෂ්ව ඔබේ සැබෑ ජීවිතයේ පරිසරය නිර්මානය වනවා කියලා. මේ කවුරු මොනවා කීවත් අපි සිහින දකින හෝ, අපේ මනසේ තිබෙන සාර්ථක ජීවිතය ප්‍රායෝගිකව ලගා කරගන්න අපි බොහෝ දෙනෙකුට හැකිවී තිබෙනවාද?


ඇත්තටම ප්‍රායෝගිකව අපි සිහින දකින ජීවිතය අපිට ගොඩනගා ගන්න නොහැකි වෙලා තිබෙන්නේ ඇයි? අපි ඒ ජීවිතය ගොඩනගා ගන්න නම් මොනවාද කරන්න ඕනේ? මේ ආකාරයෙන් අප බලාපොරොත්තුවන දේවල් අපිට ප්‍රායෝගික ජීවිතයේදී ලගා කරගන්න නොහැකි වෙන්න මූලිඛ වශයෙන් බලපාන හේතු කීපයක්ම තිබෙනවා...


1. සිහින හා ඉලක්ක පටලවා ගැනීම


අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිහින හා ඉලක්ක පටලවාගෙන. ඔබට සිහිනයක් තිබෙනවානම් ඔබට සිතෙන්න ගන්නවා කොහොම හරි මොනවා හරි කරලා එම සිහිනය ලගා කරගන්න ඕනේ කියන සිතුවිල්ල. නමුත් ඔබට තියෙන්නේ ඉලක්කයක්නම් , කොහොම හරි මොනවා හරි කරනවා කියලා හිතෙනවා වෙනුවට ඔබට නිරායාසයෙන්ම හිතෙන්න ගන්නවා ඔබ නිශ්චිතවම මොනවා කරලා, කුමන කාලයකදී ඔබ එතෙනට ලගා වෙනවාද කියන දේ! එම නිසා මුලින්ම ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් සම්බන්දයෙන් ප්‍රායෝගික සාර්ථකත්වයක් ලබන්න නම් , තමන්ගේ සිතේ තියෙන හීන ඉලක්ක බවට පත්කර ගැනීමට ඉගෙන ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුමයි.


2. සාර්ථකත්වය පිලිබදව නිවරැදි ආකල්ප නැතිකම.


අපි කවුරුත් ස්විස්ටර්ලන්තය වැනි යුරෝපා රටකට සංචාරය කිරීමට කැමැත්තක් දක්වන ආකාරයෙන් ඉතියෝපියාව වැනි රටකට සංචාරය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. එයට හේතුව වන්නේ අපි ඒ රටවල් ගැන, එහි මිනිසුන් , දේෂගුණය වැනි දේ පිලිබදව අසා දැක තියෙන දේ හරහා අපි අදාල රටවල් ගැන ඇතිකරගෙන තිබෙන ආකල්පයයි! මේ ආකාරයෙන්ම සාර්ථකත්වය සම්බන්දයෙනුත් බොහෝ දෙනෙක් අතරමග අත්හැර දැමීමට , අලුත් යමක් උත්සාහ නොකර සිටීමට , කැපවීමට අකමැතිවීමට , එකිනෙක පුද්ගලයා සතුව සාර්ථකත්වය සම්බන්දයෙන් වන ආකල්ප වල ස්වභාවය බලපානු ලබනවා.


ඒ හේතුවෙන් සාර්තකත්වය යන්න කුමන ආකාරයේ දෙයක්ද , එය වෙතට ගමන් කරන මාර්ගය කෙසේද යන්න පිලිබදව නිවරැදි ආකල්ප ඇතිකර ගැනීම ඔබට ප්‍රායෝගිකව සාර්ථක වෙන්න අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම අවදානය යොමු කල යුතුම කාරනයක්. එසේ නොවන්නට ඔබට කොතරම් ඉලක්ක තිබුනත් , ඔබ ඒවා අතරමග අත්හැර දැමීම , අළුත් දේ කිරීමට බිය වීම , එක දිගට උනන්දුවෙන් යුතුව ඉලක්ක හබාගෙන යාමට නොහැකිවීම ඔබට මග හරින්න හැකියාවක් නෑ!


3. ඔබ කව්ද ඔබේ ජීවිතයේ උපරිම තෘප්තිය කුමක්ද යන්න හදුනා නොගැනීම.


ඔබ කවුද? ඔබ ආර්ථික, පවුල් සබදතා, සාමාජීය තත්වයන්, ආද්‍යාත්මික තත්වයන් යන ආදී වශයෙන් විවිද ඉලක්ක පිහිටුවමින් ඉදිරියට යාමට ඔබ උත්සාහ කරන්නේ ජීවිතයේ කුමන ආකාරයේ තෘප්තිමත් බවක් ලගා කරගැනීම උදෙසාද යන්න තේරුම් ගැනීමට නොහැකි වීම , බොහෝ විට ඔබව අවදානම් වලට මුහුණ දෙමින් ඉදිරියට යාමට ඇති හැකියාම, දෛර්යය, උවමනාව ආදී දේවල් අඩු කිරීමටත් හේතු වෙනවා! ඕනෑම දෙයක් සතුටින් , ප්‍රබෝධමත්ව , දැඩි උනන්දුවකින් යුතුව හබාගෙන යාමට ඔබේ ජීවිතයේ ඔබ සොයන සැබෑ තෘප්තිය කුමක්ද යන්නතේරුම් ගෙන වැඩ කිරීම ඉතා වැදගත්. ලෝකයේ සාර්තක වූ සෑම මිනිසෙක්ම මේ ප්ලිබදව නිවරැදි අවබෝධයකින් සිටි බව අමතක නොකරන්න. එය ඒ තරම්ම සාර්ථකත්වය කෙරෙහි වැදගත් සාදකයක්.


4. ඔබ තුල වන ශක්තීන් හා ඔබට ඇති බාදක හදුනා නොගැනීම.


බොහෝ දෙනෙකු ප්‍රායෝගිකව සාර්ථක වෙන්න නොහැකි වීමට මීලගට බලපාන ප්‍රධාන කරනා 2 වන්නේ, තමන් තුල වන ශක්තිය හදුනා නොගැනීම, හා තමන්ට ඇත්තට මුහුන දීමට වන බාදාවන් හදුනා නොගැනීමත් කියන කාරනා 2ක. මේ හේතුව නිසා බොහෝ දෙනෙකුට කුඩා දම් වැලකින් බැදීම නිසා එකම තැන සිටින ශක්තිමත් අලියෙකු සේ ක්‍රියා කිරීමට සිදු වෙනවා. එහෙමත් නැත්නම් ජය ගැනීමට හැකි බොහෝ අවස්ථා තිබුනත් ඔබට එකම තැන රැදී සිටිමින් ජීවත් වීමට සිදුවෙනවා.


5. ඉලක්කයක් ප්‍රායෝගිකව සාර්ථක කරගැනීමට අවශ්‍ය මාර්ගය පියවර වශයෙන් නොදැනීම.


ඕනෑම දෙයක් කිරීමේදී ඒ සදහා යම්කිසි ක්‍රමයක් තිබෙනවා, ඔබ කෑමක් පිලියෙල කලත්, ඔබ වාහනයක් පදවාගෙන ගියත්, ඔබ ඇදුමක් සේදුවත්, ඒ සියලු දේ සම්බන්දයෙන් ඔබ මූලිකව අනුගමනය කල යුතු නිශ්චිත පියවර කීපයක් තිබෙනවා. ඔබ ලුණු නොදමා ව්‍යාංජනයක් පිලියෙල කලාට එහි නියම රස ලැබෙන්නේ නැහැ, ඔබ නොතෙමු ඇදුමක සබන් ගෑවට එය පිරිසිදු වන්නේ නැහැ. ඔබ වාහනයක් පන නොගන්වා අනෙක් සියල්ල කලත් වාහනය ඉදිරියට යන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම ජීවිතයේ ඕනෑම ඉලක්කයක් හබා යාමේදී එයට නිශ්චිත මූලිඛ පියවර සහිත පාරක් තිබෙනවා. ඔබට ප්‍රායෝගිකව සාර්ථක වන්නට අවශ්යනම් ඔබ ඔබේ ඉලක්කයට සාපෙක්ෂව එය තේරුම්ගෙන පියවරෙන් පියවර ඉදිරියට ගමන් කිරීම අනිවාර්යයෙන්ම කල යුතුයි.


6. නිශ්චිත සැලසුම් ඉලක්ක නොමැතිකම


නිශ්චිත කෙටිකාලීන, දිගු කාලීන සැලසුම් මෙන්ම ඔබට සාර්ථක වෙන්නනම් එකිනෙක දිනය වෙනුවෙන්ද සැලසුම් සත්‍ය ගැනීම හා එයට අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. එසේ නොවන්නට ඔබට මේ මොහොත වන විට ඔබ කොතරම් සාර්ථකත්වයට ලගා වී සිටිනවාද? ඔබ කොතරම් සාර්ථකද? අසාර්ථකද යන ආදිය පිලිබදව පැහැදිලි නිශ්චිත අවබෝදයකින් යුතුව ඉදිරියට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඔබට නිසි අවබෝධයකින් , විශ්වාසයකින් යුතුව පැහැදිලි ගමනක් ගොස් සාර්ථකත්වයට පිවිසීමටනම් කෙටි කාලීන සැලසුම් , දිගු කාලීන සැලසුම් මෙන්ම එකිනෙක දිනය වෙනුවෙන් සැලසුම් සහගතව ඉදිරියට යාම අත්‍යවශ්‍ය මෙන්ම අනිවාරයය කාරනයක්.

-----

නිවරැදිව ඉලක්කයක් පිහිටුවන්නේ කොහොමද, සාර්ථකත්වය පිලිබද නිවරැදි ආකල්ප මොනවාද? ජීවිතයේ අප හරිහැටි හදුනා නොගත් අප සොයන තෘප්තිමත් බව කුමක්ද? අප හදුනා නොගත් අප සතු ශක්තීන් මොනවාද? සාර්ථක වීම පිනිස සැබවින්ම අපට මුහුන දීමට වන බාදාවන් මොනවාද? ඒවා මග හැර ඉදිරියට යන්නේ කොහොමද? දිගු කාලීන කෙටි කාලීන සැලසුම් සකස් කර ඒ අනුව දෛණික සැලසුම් සකසා ගන්නේ කොහොමද? සෑම දිනක් තුලම ඉදිරියට යන තත්වයක් ගොඩ නගා ගන්නේ කොහොමද? අප ජීවත් වන පරිසරය අපේ සාර්තකත්වයට උදව් වන අයුරින් සකසා ගන්නේ කොහොමද? යන ආදී බොහෝ දේ සරලව පැහැදිලිව, උදාහරන හා ප්‍රායෝගික අභ්‍යාස සමගින් ඉගෙන ගන්න. Goal Setting Guide Book | Ebook එක දැන්ම ලබා ගන්න. (සිංහල භාෂාවෙන්)




634 views

Comentarios

Obtuvo 0 de 5 estrellas.
Aún no hay calificaciones

Agrega una calificación
bottom of page