top of page
Writer's pictureChathuska Amarasekara

ආකර්ෂණයේ නීතිය ගැන පැහැදිලි විග්‍රහයක්!

Updated: Dec 1, 2022




පසුගිය දවසක මාව අමතපු එක්තරා තරුණියක් මගෙන් ඍජු පිලිතුරක් බලාරොත්තුවෙන් එක ප්‍රශ්ණයක් ඇහුවා, මෙන්න මේ ප්‍රශ්ණය තමයි අද මම මේ ලිපියට පාදක කර ගන්නේ.


ඇය කාලාන්තරයක් තිස්සේ ආකර්ෂණයේ නීතිය කියන සංකල්පය හදාරපු, ඒ වගේම එම සංකල්පය තුල ක්‍රියාත්මක වුන කෙනෙක්, ඒ වගේම ඇය සදහන් කරන ආකාරයට ඇයට එයින් විවිධ විවිධ තත්වයන් ලගා කරගන්නත් පුලුවන් වෙලා තියෙනවා.


නමුත් පසුගිය දවසක ඇයට අහන්න ලැබිලා තියෙනවා එය සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා.

ඇය මගෙන් අහපු ප්‍රශ්නය වුනේ, මෙය ඇත්තටම ඇත්තක්ද, බොරුවක්ද කියන එක, ඒ වගේම ඇයට තිබුන ගැටලුව වුනේ, මෙච්චර කල් විශ්වාසයෙන් කරගෙන ආපු දේ මම තව දුරටත් කරගෙන යනවාද, එහෙමත් නැත්නම් නතර කරනවාද කියන දේ..


මෙන්න මේ ගැටලුව ඔබටත් තියෙනවානම්, පුංචි වෙලාවක් වෙන්කරගෙන, මේ ලිපිය හරියට කියවන්න.. මොකද මේ ගැටලුව ඔබට කිසිම දවසක ඇති නොවෙන්න අවශ්‍ය පිලිතුර මේ ලිපියේ තියෙනවා.

මුලින්ම අපි ආකර්ෂණයේ නීතිය ඇත්තක්ද, බොරුවක්ද කියන තැනින් පටන් ගනිමු.


ආකර්ෂණයේ නීතිය කියන දේ, බොහෝ දෙනෙක් හදුන ගන්නේ, ඔබ හිතන දේ ඔබ වෙතට ආකර්ෂණය වීමේ විශ්වීය නීතියක් විදිහට. බොහෝ වෙලාවට මේ දේ ගුරුත්වාකර්ෂණය වගේ නීතියක් විදිහටත් මේ ගැන කියලා දෙන අය හදුන්වනවා.


ඔබත් ආකර්ෂණයේ නීතිය ලෙස හදුනා ගන්නේ මෙන්න මේ දේ නම්, මම ඔබට ඍජුව දෙන පිලිතුර තමයි, ඒක බොරුවක් කියන එක..


හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි, මේ "බොරුවක්" කියන කතාව වලංගු වෙන්නේ, විශ්වීය නීතියක් හෝ විශ්වය විසින් ඔබට යම් යම් දේ ආකර්ෂණය කර දෙනවා කියලා කියන කාරණයට බව.


ඒ නිසා, හරියටම කිව්වොත්, ආකර්ෂණයේ නීතිය ඇත්තක්ද, බොරුවක්ද කියන දේට මගේ ඍජු පිලිතුර වෙන්නේ, ආකර්ෂණයේ නීතිය කියලා යමක් තියෙනවා, හැබැයි ඔබ ඔය තේරුම් අරගෙන ඉන්න එක නොවයි කියන එක.


මම හිතන්නේ, ඔය විශ්වය විසින් ආකර්ෂණය කර දීම කියන එක, ඇත්තම නව්‍යකරණය වූ මිත්‍යා විශ්වාසයක් කිව්වත් වරදක් නෑ. මොකද අතීතයේ මිනිස්සු හිතාගෙන හිටියා, දෙවියන්ට බාර වුනාම ඒ දේවල් තමන්ට දෙවියන් විසින් ලබා දෙනවා කියලා.


නමුත්, නූතන විද්‍යාවත් එක්ක, පරිගණක, තාක්ෂණය එක්ක නව්‍යකරණය වෙච්ච මේ සමාජයට ඒ අතීත විශ්වාස එතරම් ගැලපෙන්නේ නැති ස්වරූපයක් තියෙනවා. ඒ නිසා, මේ දේව සංකල්පයම විශ්වය ලෙස වෙනස් වුනා කියලත් අපිට හිතන්න පුලුවන්.


මොකද මේ දෙවියන් යැදලා, දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන එකෙයි, ආකර්ෂණයේ නීතියට අදාල අභ්‍යාස කරලා විශ්වයෙන් යමක් බලාපොරොත්තු වෙන එකයි දිහා මනෝවිද්‍යාත්මකව බැලුවොත් මේ දෙක අතර ලොකු වෙනසක් අපිට පෙනෙන්නේ නෑ. මේ දෙකම එකම කාසියක දෙපැත්ත වගේ.

ඒ නිසා, ආකර්ෂණයේ නීතිය කියන එක හරියට තේරුම් ගනන් එක ඉතාම වැදගත්...


ආකර්ෂණයේ නීතිය කියන්නේ ඇත්තටම මෙන්න මෙහෙම දෙයක්. අපේ මනස තුල තියෙනවා, සවිංඥාණික ක්‍රියාවලිය හා අවිංඥාණික ක්‍රියාවලිය කියලා දෙකක්.


සවිංඥාණික ක්‍රියාවලිය කියන්නේ, අපේ දැනීම හා පාලනය යටතේ සිදුවෙන ක්‍රියාවලියකට. උදාහරණයක් විදිහට ඔබ උදේ රැකියාවට යන්න කලින් කන්නාඩිය ඉස්සරහට ගිහින් කොන්ඩය හදනාවා නම්, ඒ ක්‍රියාවලිය සවිංඥාණික ක්‍රියාවලියක්. මොකද, ඒ ක්‍රියාවලිය තුල දැනීමක් හා පාලනයක් ඔබට තියෙනවා.


අවිංඥාණික ක්‍රියාවලිය කියන්නේ, ඔබේ දැනීම හා පාලනයෙන් තොරව සිදුවෙන ක්‍රියාවලීන්ට, උදාහරණයක් විදිහට, ඔබ වාහනයක් එලවන වෙලාවක් ගැන හිතන්න, එතැනදී අපි බොහෝ දෙනෙක් මේ වැඩේ කරන්නේ, විවිද දේවල් ගැන හිත හිත, රේඩියෝවට සවන් දිදී, නැත්නම් කාත් එක්ක හරි කතා කර කර, නමුත් වාහනය පැදවීමට අදාල දේවල් අපි තුලින් ඉබේම සිදු වෙනවා.


ආකර්ෂණයේ නීතිය කියන්නේ ඇත්තටම ඔය අවිංඥාණික ක්‍රියාවලිය යම් අරමුණක් සාර්ථක කර ගැනීම වෙනුවෙන් සකස් කිරීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් Unconscious Mind Reprogramming Method එකක්.


මෙන්න මේ අවිංඥාණික මනස අපි යම් අරමුණක් වෙනුවෙන් Programme කලාම, ඒ අරමුණ වෙත ලගා වෙන්න අපි තුලින් විය යුතු දේවල් ඉබේම වෙන්න පටන් ගන්නවා. එතකොට අපි දන්නේම නැතුව, අපිට අවශ්‍ය තත්වයන් නිර්මාණය වෙන්න පටන් ගන්න ස්වරූපයක් අපිට අත්විදින්න ලැබෙනවා.

ඇත්තමට ඔබ ආකර්ෂණයේ නීතිය කියලා අත්විදින්නේ ඔන්න ඔය දේ.


ඔබ ආකර්ෂණයේ නීතිය පිලිබද විවිධ දේ අත් හදා බලලා තියෙනවානම්, ඔබට දැනිලා ඇති සමහර අභ්‍යාස ක්‍රම වල ප්‍රතිඵල තියෙන බව, ඒ වගේම සමහර අභ්‍යාස ක්‍රම හරියන්නේ නැති බව.


මෙන්න මේකට හේතුව තමයි, ඔබේ අවිංඥාණික මනස හරියට Programme වෙන්න නම්, විශේෂ තත්වයන් 7ක් ඔබ තුල නිර්මාණය වෙන්න ඕනේ. යම් අභ්‍යාසයක් මේ තත්වයන් 7 නිර්මානය කරන්නේ නැත්නම්, ඒ අභ්‍යාසය සාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි, ඒ වගේම, යම් අභ්‍යාසයක් මේ තත්වයන් 7ම නිර්මාණය කරනවානම්, එය නියත වශයෙන්ම, සාර්ථක වෙනවා.


බොහෝ දෙනෙක් ආකර්ෂණයේ නීතිය ඉගෙන ගන්නේ මේ දේවල් දැනගෙන නෙමෙයි, ඒ නිසා, එක එක්කෙනා කියන දේවල් ඔහේ තත්හදා බලන්න ගිහින් නිකරුනේ ලොකු කාලයක් නාස්ති කරනවා. ඒ නිසා හැම වෙලාවේදිම තමන් යම් අභ්‍යාසයක් පුරුදු භාවිතා කරනවානම්, එය මේ තත්වයන් 7 ගොඩනගන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන ඒ අනුව මෙය තමන්ට ගැලපෙනවාද නැද්ද කියන දේ තේරුම් අරගෙන ඒ දෙවල් ක්‍රියාත්මක කරන එක ඉතාම වැදගත්


මොකද ඔබට ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගන්න කියලා මහා ලොකු කාලයක් නෑ. ඒ නිසා හරි පදනමක් ඇතුව කල යුතු දේ තෝරා ගන්න ඔබ දැනුවත් වෙන්න ඕනේ.


ඒ පදනම ඇතුව ඔබ ආකර්ෂණයේ නීතිය භාවිතා කරනවානම්, ඔබට එයින් ගන්න පුලුවන් ප්‍රයෝජණ අසීමිතයි.


ඒ නිසා මේ ආකර්ෂණයේ නීතිය ගැන සම්පූර්ණ කතාව, අපි අවුරුදු කීපයකට කලින් "ආකර්ෂණයේ නීතිය" - ප්‍රායෝගික උපදෙස් පොත හරහා ඔබට කිව්වා. විශේෂයෙන්ම අපි මේ පොත ලිව්වේ, ආකර්ෂණයේ නීතිය ගැන විවිධ පුද්ගලයින් කරන ඉගැන්වීම් එක්ක, ඒ වගේම රැවැටීම් එක්ක ඔබ අතරමන් වෙන එක නතර කරන්න..


හරියටම ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබ නිශ්චිතව මොනවද කරන්න ඕනේ සහ, ඒ දේවල් ඔබ කරන්න ඕනේ ඇයි කියන දේ පැහැදිලිව ඔබට කියලා දෙන්න...


තවමත් ඔබ එය කියෙව්වේ නැත්නම්, පහත සබැදියට ගිහින් මේ පොත ඔබට E- BOOK එකක් ලෙස Download කරගන්න පුලුවන්.



වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් 👉 +94764393624 අංකයට පහතින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න


1,198 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page