top of page

Law of Attraction #1 ආකර්ෂණය ශක්තිය යනු කුමක්ද ? එය ඔබේ ජීවිතයට වැදගත් ඇයි?

Updated: Aug 14, 2019



මේ ලෝකය තුල අප දන්නා මෙන්ම නොදන්නා විවිද වූ ශක්ති විශේෂයන් ක්‍රියාත්මක වන බව ඔබට අප අමුතුවෙන් සදහන් කල යුතු නැත. ගුරුත්වාකර්ශනය, ගුවන්විදුලි තරංග, රූපවාහිණී තරංග, දුරකතන තරංග වැනි විවිද වූ ශක්තීන් මේ මොහොත වන විටත් ලෝකය පුරා ක්‍රියාත්මක වන බව නොරහසකි. මේ ආකාරයෙන්ම මේ විශ්වය තුල ක්‍රියාත්මක වන , අපගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් යොදාගත හැකි එක් සුවිශේෂී ශක්තියක් ලෙස " ආකර්ෂණ ශක්තිය " හැදින්විය හැක


මෙම ආකර්ෂණ ශක්තිය යන්න පිලිබදව විශාල වශයෙන් ලෝකයේ අවදානයට ලක් වුනේ ලෝකයේ ඉතාමත් සාර්ථකත්වයට මෙන්ම මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වූ ඔප්‍රා වින්ෆ්‍රි , විල් ස්මිත් වැනි චරිත ආකර්ශණ ශක්තිය හා ඒ තුලින් තමන්ගේ ජීවිතයේ සථකත්වය ලගා කරගත් ආකාරය පිලිබදව කතා කිරීමට පටන් ගැනීමත් සමගය.


මෙයත් සමග ආකර්ශණ ශක්තිය දෙස ගුප්ත ක්‍රමයක දෘෂ්ඨි කෝණයෙන් බැලූ බොහෝ දෙනෙක් ඒ  පිලිබදව විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින් බැලීමට හුරුවූවා යයි කීවොත් නිවරැදිය. නමුත් මෙය අද ඊයේ සොයා ගත් දෙයක් නොවේ. ඉතා මෑතකදී මේ පිලිබදව ලෝකයේ දැඩි අවදානයක් යොමු වුවත්,ඈත අතීතයේ සිට වර්ථමාණය දක්වාම ලෝකයේ ඉතාමත් සාර්ථකත්වයට පත්වූ මිනිසුන් මෙම ශක්තිය ඉතා සාර්ථකව තම ජීවිත වල සුවිශේෂී සාර්ථකත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් බාවිතා කල ශිල්ප ක්‍රමයක් බව ඔබ දැන ගත යුතුය.


ආකර්ෂණ ශක්තිය යනු සරලව පැහැදිලි කලොත් මනස තුල වන සිතුවිලි වලට සාපේක්ෂව, එම සිතුවිලි මගින් විශ්වයට නිකුත්වන තරංග වලට සාපේෂව ඔබ වෙතට ආකර්ෂණය වන හොද හෝ නරක තත්වයන්ගේ ස්වභාවයකුයි.  සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත යනුවෙන් න්‍යායක් ඇත , ඒ ආකාරයෙන්ම සිතීමද අප විසින් සිදු කරන එක් ක්‍රියාවකි. එම සිතුවිලි වල තරංග සෑම විටම මේ විශ්වය වෙතට නිකුත් වේ. එමෙන්ම ඒ සෑම ක්‍රියාවකටම සාපේක්ෂව අපගේ ජීවිතයට විවිද තත්වයන් ආකර්ෂණය වීමක් සිදුවේ.


එමෙන්ම මෙය ක්‍රියාත්මක වන ආකාරය යම් අයෙකුට හදුනා ගත හැකිනම් , ඒ අනුව ක්‍රියාත්මක විය හැකිනම් . එම පුද්ගලයාට ඉතා පහසුවෙන් තම ජීවිතයේ , මූළ්‍ය , සෞඛ්‍ය, ආදරය හා සබදතා, ආද්‍යාත්මික ආදී සෑම අංශයකින්ම පහසු මෙන්ම ඉතා සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගැනීමට හැකිවනු ඇත.


* ඔබට මිලියනපතියෙක් වෙන්න අවශ්‍යද? * ඔබට හොද පවුල් ජීවිතයක් ගෙවන්න අවශ්‍යද? * ඔබට හොද සෞඛ්‍ය තත්වයක් ගොඩ නගා ගැනීමට අවශ්‍යද?


මේ ඕනෑම දෙයක් ප්‍රායෝගිකව පහසුවෙන් ලගා කර ගැනීමට ආකර්ෂණ ශක්තිය නිවරැදිව භාවිතා කිරීමට ඉගෙන ගැනීම නිසකවම උපකාරී වනු ඇත.


අප සිතන සිතන දේ අපට ලගා කරගත හැකි තත්වයක් අපගේ ජීවිතයේ උදාවනවානම් අපි එය වාසනාව ලෙස හදුන්වයි. බොහෝ දෙනෙකු සිතන්නේ වාසනාව යන්න ලැබිය යුතු දෙයක් ලෙසටය. නමුත් එය ලැබිය යුතු දෙයක් නොව, ඔබටම නිර්මානය කරගත හැකි දෙයක් යයි අපි ඔබට කීවොත් ඔබට විශ්වාස කල හැකිද? 


ඔබ ආකර්ෂණ ශක්තිය නිවරැදිව භාවිතා කරන්න ඉගෙන ගන්නවා යනු ඔබේ වාසනව ඔබම ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීමට ඉගෙන ගන්නවා වැනිය.


--

සැබවින්ම තමන් බලාපොරොත්තුවන ජීවිතය තමන් වෙතට තම මානසික ශක්තිය භාවිතා කර ආකර්ශණය කරගත හැකි ක්‍රමයක් තිබෙනවාද ? එසේනම් එය කල හැක්කේ කෙසේද? ලෝකයේ සාර්ථක වූ චරිත එය භාවිතා කලේ කෙසේද? ආදී බොහෝ දේ දැනගන්න. ඔබේ ජීවිතයේ වෙනසක් ප්‍රායෝගිකව අත්විදින්න.


අපගේ Law of Attraction Tips ලිපි සේවාව සමග සම්බන්ද වන්න, ඔබගේ Dialog හෝ Hutch දුරකතනයෙන්, REG හිස්තැනක් LOAT ලෙස සදහන් කර 77000ට SMS කරන්න.

දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.

 

ඔබ බලාපොරොත්තුවන ඕනෑම අරමුනක් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි හා එහි ශක්තිය ප්‍රායෝගික ජීවිතය තුල භාවිතා කරන හැටි සරලව ඉගෙන ගන්න, පහත සබැදිය හරහා " අසිරිමත් යටිසිත " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය PDF eBook එකක් ආකාරයෙන් ඔබත් Download කරගන්න.



Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page