top of page

ආදායම් (Income) වැඩිකර ගන්න පියවර 5ක්

Updated: Nov 4, 2022



මේ වෙලාවේ ඔබ ඉන්නේ අදායම් මදි වීමේ ප්‍රශ්ණයක නම්, ලබන ආදායම තමන්ට ප්‍රමාණවත් නෑ කියලා හිතමින් නම්, එහෙමත් නැත්නම් ආදායම් වැඩිකරගන්න මගක් හොයමින් නම්, මේ ලිපිය ඍජුවම ඔබ වෙනුවෙන්.


මේ ලිපියෙන් අපි කතා කරන්නේ ඔබේ ආදායම වැඩි කරගන්න ඔබ ක්‍රියාත්මක කල යුතු පියවර 5ක් ගැන. මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙක්ට, මේ පියවර 05 තමන්ගේ ජීවිතය තුල ප්‍රායෝගිකව සම්පූර්ණ කරන්න පුලුවන් නම්, එතැනින් එහාට ඒ කෙනාට සල්ලි කියන දේ ප්‍රශ්ණයක් නෙමේ.



පියවර අංක 01 - ඔබේ මනස මූල්‍යමය මනසක් (Money Mind) එකක් කර ගන්න.

ජීවිතේ අපි ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන ඕනෑම සාර්ථකත්වයකට අදාලව වැඩිම බලපෑමක් ඇතිකරන සාධකය වෙන්නේ අපේ මනස,


මුදල් , ආදායම් වගේ මාතෘකාවට අදාලවත් ඒක ඒ විදිහටම බලපානවා. ඒ නිසා, ඔබට වැඩි පුර මුදල් උපයන්න අවශ්‍යනම්, ඔබ මුලින්ම කරන්න ඕනේ දේ තමයි, ඒ වෙනුවෙන් ගැලපෙන විදිහේ මානසික ක්‍රියාකාරීත්වයක් සහිත මනසක් ඇතිකර ගන්න එක.


වෙනත් විදිහකින් කිව්වොත්, ඔබේ ආදායම් මට්ටම වැඩිකරගන්න ඕනේනම් ඔබ කරන්න ඕනේ පළමුවෙනි දේ තමයි, ඔබේ මනස මූල්‍යමය මනසක් බවට පත් කර ගන්න එක.


මූල්‍යමය මනසක් කියන්නේ සරලව සදහන් කලොත්, මූල්‍යමය අවස්ථා ඉතාම පහසුවෙන් හදුනා ගන්න පුලුවන් මනසකට. ඒක උදාහරණයකින් පැහැදිලි කලොත් මෙන්න මේ වගේ,


දක්ෂ පොලිස් නිලදාරියෙක්ට, වැරැදි කරුවන්ව ඉවෙන් වගේ හදුනා ගන්න පුලුවන්. සමහර වෙලාවට ඔබටත් අත්දැකීම් ඇති, වාහනයක් පදවන කොට, එයට අවශ්‍ය නෛතික ලියවිලි සහ බලපත්‍ර ඔක්කෝම අපි ලග තියෙන වෙලාවෙදි, ලේසියකට, පොලිසියෙන් නවත්වලා ඒවා පරික්ෂා කිරීමක් කරන්නේ නෑ.


හැබැයි එක දවසක් හරි ඒවා නැතුව පාරේ ගියොත්, එදාටම පොලිසියෙන් නවත්වනවා.


ඒකට හේතුව තමයි, වැරැදි කරුවන් හදුනා ගැනීම වෙනුවෙන්ම සකස් වෙච්ච මානසික ස්වභාවයක් පොලිස් නිලදාරීන් තුල පුහුණුව, අත්දැකීම්, එක්ක ගොඩනැගිලා තිබීම.


මූල්‍යමය මනසක් කියන්නෙත් අන්න ඒ වගේම දෙයක්. මූල්‍යමය මනසක් තියෙන කෙනෙක්ට, හරි ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් අවස්ථාවන් පෙනෙන්න පටන් ගන්නවා. ඒ නිසා, මේ වගේ මනසක් තියෙන අයට ඕනෑම තත්වයකදී, ආදායම් ඉපයීම කියන්නේ අමාරු දෙයක් නෙමේ.


මේකට හොදම උදාහරණය තමයි, ඇතැම් විට ඔබටත් මතක ඇති ටික කාලයකට ඉහත ලංකාවේ වට්ටක්කා අලෙවි කරන්න තිබුන හැකියාව ඉතාම ප්‍රබල විදිහට පහල වැටුනා. ඒ කාලයේ ලංකාවේ සුපිරි වෙලදසැල් ගොවියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, තමන්ගේ පාරිබෝගිකයින්ට වට්ටක්කා නොමිලේ දෙන්න පවා පටන් ගත්තා.


සමහර ගොවියෝ ඒ කාලේ තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න බැරුව, සියදිවි හානි කරගත්ත අවස්ථා පවා තිබුනා.


හැබැයි ඒ කාලෙම, වට්ටක්කා වලින් ටොෆී හදලා, ඒවා, වෙන රටවල් වලට ඩොලර් 20 -30ට අපනයනය කරලා, කෝටි ගනන් හොයපු මිනිස්සුත් මේ ලංකාවේම හිටියා.


පේනවාද එකම වට්ටක්කා ගෙඩිය කෙනෙක්ට විකුණගන්න බැරි දෙයක් විදිහට පෙනෙනකොට තව කෙනෙක්ට ඒක ඇතුලේ ඩොලර් 20-30ක් පේනවා. අන්න එහෙම අවස්ථාවන් ග්‍රහනය කරගන්න පුලුවන් මනසක් හදා ගන්න එක විතරක් කලත්, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ සල්ලි ප්‍රශ්ණ හරි ලේසියෙන් විසදන්න පුලුවන්.


පියවර අංක 02 - හරි ආදායම් මාර්ගයක් තෝරා ගන්න

ඔබට ඔබේ ආදායම් තත්වය වෙනස් කරගන්න ඕනේනම්, ඔබ සම්පූර්ණ කරන්න ඕනේ දෙවැනි පියවර තමයි, නිවැරැදි ආදායම් මාර්ග හරහා ආදායම් උපයන්න පටන් ගැනීම. නිවැරැදි ආදායම් මාර්ග කියන එකේ අදහස මෙහෙමයි,


මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට ආදායම් උපයන්න පුලුවන් විවිද ආදායම් මාර්ග තියෙනවා, ඒ ආදායම් මාර්ග වලින් සමහරක්, අපිට ඉහල ආදායම් මට්ටම් වෙත ලගා වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒ වගේම ඇතැම් ආදායම් මාර්ග, ඒ ආකාරයෙන් ඉහල ආදායම් මට්ටම් වෙත ලගා වෙන්න තියෙන අවස්ථාව සීමා කරනවා.


උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ යම් කිසි රෝහලක වැටුපට වැඩකරන වෛද්‍යවරයෙක් කියලා. එතැනදී, ඔබට අවශ්‍ය විදිහට ආදායම් වැඩිකරගන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. මොකද ඔබට එතැනදී ලැබෙන්නේ එකග වුන නිශ්චිත වැටුපක්.


නමුත් ඔබ එහෙම නැතුව, පෞද්ගලිකව වෛද්‍ය සේවාවන් ලබා දුන්නොත්, ඔබට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඔබ වෙතට ලබා ගැනීම වෙනුවෙන් යම් යම් දේ කරමින්, ඔබට අවශ්‍ය ලෙස ආදායම් වැඩි කර ගන්න යම් අවස්ථාවක් ලැබෙනවා.


මෙන්න මේ වගේ, අපි ආදායම් උපයන ක්‍රමයේ ස්වභාවය එක්ක අපිට කොතරම් උපයන්න පුලුවන්ද, අපිට කොතරම් පහසුවෙන් ආදායම් වැඩිකරගන්න පුලුවන්ද කියන දේ තීරණය වෙනවා.


අන්න ඒ නිසා දෙවනුවට ඔබ කරන්න ඕනේ දේ තමයි, හරි විදිහට, තමන්ට අවශ්‍ය මූල්‍ය තත්වයට ගැලපෙන විදිහට ආදායම් මාර්ග තෝරා ගැනීම හෝ දැනට ආදායම් ලබනවානම් ඒ ආදායම් මාර්ග ප්‍රති සැකසීම් (Restructure) වලට ලක් කිරීම.


පියවර අංක 03 - Income Plan එකක් හදා ගන්න

ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ඔබ සම්පූර්ණ කල යුතු තුන් වෙනි පියවර තමයි, Income Plan එකක් හදා ගන්න එක.


උදාහරණයක් විදිහට, අපි හිතමු ඔබට රු මිලියනයක මාසික ආදායමක් ඕනේ කියලා, මේක බැලූ බැල්මටම බොහෝ දෙනෙක්ට ටිකක් කරන්න අමාරු දෙයක් විදිහටනේ පෙනෙන්නේ. සමහර වෙලාවට කරන්න බැරි දෙයක් විදිහටත් පෙනෙයි


හැබැයි අපි හිතුවොත් රු 1390ක් වටිනා යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් දවසට 24 දෙනෙක්ට අලෙවි කරන්න පුලුවන්ද කියලා. එතැනදී අපිට ඒ වෙනුවෙන් ඕනෑ තරම් ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවන්.


හැබැයි , දවසට රු 1390ක් වටින දෙයක් 24 දෙනෙක්ට විකුණන එකයි, මාසෙකට රු මිලියනයක ආදායමක් ලබනවා කියන එකයි කියන්නේ, එකම දේ. (රු 1390 x 24 x 30 = 1000800 )


බොහෝ දෙනෙක්ට මේ විදිහට Income Plan කරන්න දන්නේ නැති නිසා, ගොඩක් වෙලාවට, තමන්ට ඉතාම පහසුවෙන් ලගා කරගන්න පුලුවන් ආදායම් මට්ටම් වලට පවා ලගා වෙන්න බැරි වෙනවා. ඒවා කවදාවත් ලගා කරගන්න බැරි දේවල් වගේ පෙනෙන්න පටන් ගන්නවා.


ඒ නිසා, හරියට Income Plan කරන්න ඉගෙන ගන්න එක සහ, ඒ අනුව හරියට Income Plan කරන එක ආදායම් වැඩිකරගැනීම වෙනුවෙන් පුදුම විදිහට වැදගත් වෙනවා.


පියවර අංක 04 - වටිනාකම් නිර්මාණය කරන්න

ඔබට ආදායම් වැඩි කරගන්න අවශ්‍ය නම් ඔබ වටිනාකම් මැවීමට දක්ෂයෙක් විය යුතුමයි. වටිනාකම් මැවීම කියන්නේ කලාවක්. එය පුහුණු විය යුතු දෙයක්. ඒ කලාව දන්නවා නම්, ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් හරහා ලගා කරගත හැකි උපරිම මූල්‍යමය වාසියකට ලගා වෙන්න පුලුවන්.


උදාහරණයක් විදිහට, ලංකාවේ පොල් කටු 4ක් විකුණුවොත් ඔබට කොපමණ මුදලක් ලැබෙයිද? ආසන්න වශයෙන් රු 20 වගේ ලැබෙයි. හැබැයි ඔබ අන්තර්ජාලයේ පොල් කටු විකුණුවොත් ඔබට ඩොලර් 9කට (ආසන්න වශයෙන් රු 3200) වැඩි මුදලක් හොයන්න පුලුවන්. පහත තියෙන්නේ ඒකට උදාහරණයක්.

මෙතන අමුතු දෙයක් කරලා නෑ. විකුණන විදිහ වෙනස් කිරීම විතරයි කරලා තියෙන්නේ. ඒ හරහා වටිනාකම් මැවීමක් (නිර්මාණය කිරීමක්) කරලා තියෙනවා.


මෙන්න මේ විදිහට ඔබට වටිනාකම් මවන්න පුලුවන් නම්, ආදායම් ඉපයීම එතරම් අමාරු දෙයක් නෙමේ. ඒ නිසා මේ විදිහට වටිනාකම් මවන්න පුලුවන් ක්‍රම ගැන ඉගෙනගෙන ඒවා ගැලපෙන විදිහට වටිනාකම් මවන්න පටන් ගැනීම ඔබ වැඩිපුර ආදායම් ලබන්න හිතනවානම් කරන්නම ඕනේ දෙයක්.


පියවර 05 - මුදල් ඉපයීමේ කලාවේ දක්ෂයෙක් වෙන්න

මුදල් කියන්නේ අපි කාටවත් හදන්න පුලුවන් දෙයක් නෙමේ, අපිට කරන්න පුලුවන් එකම දේ, මුදල් තියෙන කෙනෙක්ගෙන් ඒවා ලබා ගන්න එක විතරයි.


එහෙම කරන්න නම් අපිට පුලුවන් වෙන්න ඕනේ, මුදල් තියෙන කෙනෙක් අපිට මුදල් දෙන තැනට පොලබවන්න. ඒ හැකියාව නැත්නම්, සල්ලි හොයනවා කියන්නේ හීනයක්.


මුලින්ම ලංකාවේ වතුර බෝතල් අලෙවි කරන්න යනකොට, බොහෝ දෙනෙක් කිව්වේ, ඒක අසාර්ථක ව්‍යාපාරයක් කියලා. මොකද ඔවුන්ගේ අදහස වුනේ, මෙච්චර වතුර තියෙන රටේ, ඒ වගේම වතුර ටිකක් ඕනෑම කෙනෙක්ගෙන් නිකන් ඉල්ලගන්න පුලුවන් රටේ, මිනිස්සු සල්ලි දීලා වතුර බොන්නේ නෑ කියන එක.


නමුත් අද මොකද වෙලා තියෙන්නේ?


අද වතුර බෝතල් ව්‍යාපාරය කියන්නේ , විශාල ලාභ උපයන ව්‍යාපාරයක්,


හැබැයි අදටත් අපේ රටේ ඕනෑ තරම් වතුර තියෙනවා, ඒ වගේම, අදටත් අපෙන් කවුරු හරි වතුර ටිකක් ඉල්ලුවොත් අපි සල්ලි අරන් වතුර දෙන්නේ නෑ.


හැබැයි අද අපි එහෙම වතුර ඉල්ලන්න කැමැති නෑ. නොමිලේ ගන්න පුලුවන් වුනත්, සල්ලි දීලා ගන්න අපි කැමැතියි.


හිතන්න නිකන් ගන්න පුලුවන් දෙයක්, නිකන් ගන්නේ නැතුව, මිලදී ගන්න පෙලබවීම කියන්නේ කොච්චර ලොකු පෙලබවීමක්ද කියලා. අන්න ඒ කලාව තමයි මුදල් ඉපයීමේ කලාව කියන්නේ.


ඒක දන්න මිනිහට මුදල් ඉපයීම කියන්නේ හරිම ලේසි දෙයක්..


මේ නිසා මම ඔබට යෝජනා කරන්නේ, ඔබට සල්ලි ප්‍රශ්න තියෙනවානම්, වෙන කිසිම දෙයක් ගැන නොහිතා මෙන්න මේ පියවර 5 තමන්ගේ ජීවිතය තුල සම්පූර්න කරන්න බලන්න.


හිතනවාටත් වඩා වේගයෙන් සල්ලි ප්‍රශ්ණ විසදා ගන්න ඔබට පුලුවන් වෙයි!


මේ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කරන්න, පහත තියෙන, පොහොසත් බවේ රන් දොරටු පොත Download කරගෙන කියවන්න.


අන්තර්ජාලය හරහා Download කරගැනීමට අපහසුනම්, 0764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන්, eMail එකක් හරහා මෙම eBook එක ලබා ගැනීමේ හැකියාව පවතී.


ඔබේ පණිවිඩය පහත Whatsapp බොත්තම මත Click කිරීමෙන් යොමු කරන්න.




1 opmerking

Beoordeeld met 0 uit 5 sterren.
Nog geen beoordelingen

Voeg een beoordeling toe
Beoordeeld met 5 uit 5 sterren.

Very valuable information. Thank you for the guidance.

Like
bottom of page