සාර්ථකත්වයට සිටින ප්‍රධානම හා බලවත්ම සතුරා වන්නේ ඍණාත්මක බවයි. එය ඔබව සැම විටම පසු පසට ඇද තබයි, ඔබව ඔබ බලාපොරොත්තුවන සාර්ථකත්වයෙන්, සතුටින් ඈතට කර දමයි. ඔබට සැබවින්ම සාර්ථක විය යුතුනම් ඔබ කල යුතු ප්‍රදානම කරුනක් වන්නේ ඔබව ඍණාත්මක තත්වයන්ගෙන් නිදහස් කර ගැනීමයි. ඔබට ධනාත්මකව සිටිය හැකිනම් ඔබට ඕනෑම දෙයක් කල හැකිය.
බොහෝ විට මිනිසෙකු තුල ඍණාතමක මානසික තත්වයක් ඇති වන්නේ බිය, අත්ම විශ්වාසයෙන් තොර වීම, තරහව වැනි මානසික තත්වයන් නිසාය. යම් අයෙකුට මෙවැනි තත්වයන්ගෙන් මිදිය හැකිනම් ඔහුට හෝ ඇයට තම මනස ධනාත්මක තත්වයක් වෙත ගොඩ නැගිය හැක.
ඔබ ඔබතුල ඇතිවන ඍනාත්මක හැගීම් ඉවත් කල පසු ඒ වෙනුවට ආදරය සතුට, ආත්ම ශක්තිය හා අභිමාණය වැනි ධනාත්මක හැගීම් ඔබ තුල නිරායාසයෙන් ඇති වීමට පටන් ගනී. ඒ තුලින් ඔබට ඔබගේ සාර්ථකත්වයේ ගමනට අවශ්‍ය ජවය හා ශක්තිය නිරායාසයෙන්ම ලැබීමට පටන් ගනී. ලොව සාර්ථක වූ සියලු මිනිසුන් ධනාත්මක මිනිසුන්ය. ඍනාතමක මනසකින් යුතු කිසිදු මිනිසෙකු ජීවිතයේ සාර්ථකත්වය ලබාගෙන නොමැත.
මිනිසෙකු තුල තරහව, බිය, අත්ම විශ්වාසයෙන් තොර බව වැනි කරුනු ඇති කරමින් මිනිස් සිත තුල ඍණාත්මක තත්වයන් ඇතිවීමට බලපාන ප්‍රධානම කාරනාව වන්නේ ආකල්ප හා පුරුදුයි.
විස්ථරාත්මක බැලුවහොත් මූලික වශයෙන් මිනිසුන් තුල පවතින ආකල්පමය පුරුදු 4ක් ඔබ තුල ඍනාත්මක තත්වයන් ඇති කිරීමට හේතුවන අතර යම් අයෙකුට මෙම ආකල්ප 4 තම ජීවිතයෙන් ඉවත් කල හැකිනම් නියත වශයෙන්ම එම පුද්ගලයාට සාර්ථකත්වය වෙත වේගවත් ගමනක් ඇති කර ගත හැකිය.
1. සාදාරණීයකරණයෙන් ඉවත්වන්න
ඔබට ඔබගේ ඍණාත්මක තත්වයන් තුල සිටිය හැක්කේ ඔබ එය සාදාර්ණීයකරනය කරන තෙක් පමණි. යමෙකුට තරහ ගැනීමට හේතුවක් ඇත, නමුත් ඔහුට ඒ තුල රැදිය හැක්කේ එය සාදාර්ණීයකරණය කලහොත් පමණි. සාර්ථකත්වය වෙත ඔබට ලගා වීමට අවශ්‍යනම් ඔබ ඍණාත්මක බවෙන් අත් මිදිය යුතුමය. ඔබට ඔබ තුල ඇතිවන කිසිදු බියක්, තරහවක්, දුකක්, පරාජිත හැගීමක්, ආත්ම විශ්වාසය අඩු බවක් කිසිදු හේතුවක් නිසා සාදාර්ණීය කරනය කල නොහැක. ඔබගේ අසාර්ථකත්වයට කිසිදු සාදාරණ හේතුවක් නැත. ඔබ සාර්ථක විය යුතුය. ඒ හැරෙන්නට ඔබට අසාර්ථකත්වය කිසිදු විටක සාදාරණීයකරනය කල නොහැක.
2. නිදහසට කරුනු ඉදිරිපත් නොකරන්න.
සාදාරණීයකරනයේ මීලග පියවර නිදහසට කරුනු ඉදිරිපත් කිරීමයි. ඔබට සාර්ථක වෙන්නට අවශ්‍යනම් ඔබ ඔබ අසාර්ථක වීමට හේතු ඉදිරිපත් කිරීමෙන් වැලකිය යුතුය. ඔබට සාර්ථක නොවී සිටීමට කිසිදු හේතුවක් නැත. ඔබට එය අවශ්‍යනම් ඔබ එය ලබා ගත යුතුය. ආර්ථිකය, සාමාජීය කාරනා, දේශගුනය, දේශපාලනික තත්වයන් හෝ කිසිවක් ඔබගේ අසාර්ථකත්වයට හේතුවක් නොවේ. ඔබට ඇවිදීමට අවශ්‍යනම් ඔබට පාද අහිමි වීම ඔබ ඇවිද නොසිටීමට හේතුවක් නොවේ.
3. අන් මිනිසුන් ඔබ පිලිබද සිතන ආකාරය නොසලකා හරින්න.
බොහෝ මිනිසුන්ට ඔබ පිලිබදව බොහෝ දේ කිව හැකිය. බොහෝ දේ සිතිය හැකිය. නමුත් ඒ කිසිවෙකට ඔබ ඔබට අවශ්‍ය දේ වෙත ලගා වීම වලකාලන්නට ඉඩ නොතබන්න. වැදගත් වන්නේ ඔබ ඔබ පිලිබදව සිතන දේ මිස, අන් මිනිසුන් ඔබ පිලිබදව සිතන දේ නොවේ. අන් මිනිසුන් සිතන්නේ ඔවුන්ගේ සිතින්ය, යමක් කියන්නේ ඔවුන්ගේ කටින්ය. ඔබට එය ඇතැම් විට නවතා ලිය නොහැක. ඔබ එය නැවතීමට ගියහොත් සිදුවන්නේ ඔබගේ අරමුණ ඔබ තුලින් ගිලිහීමයි. සැම විටම ඔබගේ අරමුණ අංක 1 ස්ථානයේ තබා ගන්න. අන් මිනිසුන් ඔබ පිලිබදව දරන කිසිදු මතයක් මත ඔබගේ හැගීම් වෙනස් කර නොගන්න. ඔබට ඔබ පිලිබදව ආඩම්බර විය හැකි තත්වයක් පිලිබද පමණක් සිත යොමු කරන්න.
4. ඔබ තුල ඇතිවන කිසිදු ඍණාත්මක තත්වාකට කිසිවෙකුවත් වගකිව යුතු නැත.
ඔබ තුල ඇතිවන සෑම හැගීමක්ම ඇති වන්නේ ඔබ තුලයි. ඔබගේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය තීරණය කරන්නේ ඔබයි. ඔබට කුමන හෝ අපහසුතාවයක්, ගැටලුවක් , අසාර්ථකත්වයක්, තරහවක් හෝ ඔබව පසු පසට ඇද තබන ඕනෑම දෙයක් ඇති වන්නේනම් එයට වගකිව යුත්තා වන්නේ ඔබයි. ඔබ එහි වගකීම දරන්න. එවිට ඔබට එය වෙනස් කල හැක.
මෙවැනි ලිපි දිනපතා කියවන්න, ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනය හරහා Reg හිස්තැනක් Achiever ලෙස සදහන් කර 77000ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි.
Opmerkingen