ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම, එදිනෙදා කටයුතු සාර්ථක අයුරින් නිමකර ගැනීම වෙනුවෙන්, මනා මානසික ඒකාග්රතාවයක් ඇතිව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව කොතරම් වැඳගත් වෙනවාද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණක් නොවෙයි. එබැවින් මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ, ඔබේ ජීවිතයේ ඕනෑම කාර්යයක් ඉහල මානසික ඒකාග්‍රතාවයකින් යුතුව පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට අනුගමනය කල හැකි පියවර 05ක් ගැනයි.
මේ පියවර 05 අනුව වැඩ කිරීම තුලින්, ඔබටම ඔබේ මානසික ඒකාග්‍රතාවයේ ප්‍රබල වෙනසක් ඉතාම කෙටි කාලයකින් අත් විදීමට හැකියාව ලැබෙනු ඇත.
1. කාර්යයන් කුඩා පියවර වලට කඩා දමන්න:
මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස මෙය හදුනා ගත හැකියි. , මෙහිදී සිදුවන්නේ, ඔබේ රාජකාරිය හෝ ඉලක්කය, තුලා පියවර වලට කැඩීමයි.
මෙය කෙටි කාලීනව, ඉතා පුංචි පියවරක් කෙරෙහි මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යමින්, අවශ්‍ය දේ සාර්ථකව නිම කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන අතර. ඔබ එක් එක් කුඩා කාර්යය සම්පූර්ණ කරන විට එය ඔබට ප්‍රගතිය පිළිබඳ හැඟීමක් ලබා දෙයි, එය ඔබව ඉදිරියට යාම වෙනුවෙන් දිරිමත් කරන අතර ඔබේ රාජකාරිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අභිප්‍රේරනයක් ඇති කරයි.
2. Pomodoro Technique එක භාවිතා කරන්න:
Pomodoro Technique එක යනු යම් වැඩක් සිදු කිරීමේදී විනාඩි 25 ක් නොනවත්වා වැඩ කර, විනාඩි 05ක කෙටි විරාමයන් ලබා ගැනීමයි.
මෙය හරහා එක දිගට පැය කීපයක් වැඩ කිරීමට සාපේක්ෂව, වැඩි මානසික ඒකාග්‍රතාවයකින් යුතුව වැඩ කිරීමට ඇති හැකියාවක් ඔබ තුල නිර්මාණය කරයි. 3. සතිය පුරුදු කරන්න:
මෙහි අදහස වන්නේ, අතීතය හෝ අනාගතය ගැන නොසිතා, වර්ථමාන මොහොත කෙරෙහි අවදානය යොමු කිරීම වෙනුවෙන් මනස පුහුණු කිරීමයි. ඔබට මෙය දිනපතා, දිනකට මිනිත්තු 10-20 වැනි කාලයක් පුහුණු විය හැකි නම්, ඔබ ලබන පුහුණුවට සාපේක්ෂව ඔබට මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට ඇති හැකියාව දියුණු වේ. 4. උදෑසන ව්‍යායාම කරන්න:
දිනපතා සිදුකරන උදෑසන ව්‍යායාම, ඔබේ මානසික ඒකාග්‍රතා හැකියාවේ මට්ටම තීරණය කිරීමට ඍජුවම බලපෑම් ඇති කරයි. දිනපතා උදෑසන කාලයේ ඇවිදීම, දිවීම හෝ වෙනත් ශරීරය ක්‍රියාශීලී කරන ව්‍යායාම වල නිරත වෙන කෙනෙකුගේ මානසික ඒකාග්‍රතා හැකියාව සාමාන්‍ය කෙනෙකුට වඩා ඉහල මට්ටමකින් පවතී. 5. අවධානය වෙනතකට යොමු වීම් අවම කරන්න:
යමක් සිදු කරන විට ඔබේ කාර්යයෙන් ඔබේ අවධානය ඉවතට ඇද දැමිය හැකි ඕනෑම දෙයක් ඇත්නම් එවැනි දේ පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. මෙයට ඔබගේ දුරකථනයේ දැනුම්දීම් (Notification) ක්‍රියා විරහිත කිරීම, නිස්කලංක අවකාශයක වැඩ කිරීම, හෝ ශබ්දය අවලංගු කරන හෙඩ්ෆෝන් (noise-cancelling headphones) භාවිතා කිරීම වැනි දේ සිදු කල හැකියි.
මානසික ඒකාග්‍රතාවය ගොඩනගන ප්‍රබල ක්‍රම ගැන ඉගෙන ගන්න, මානසික ඒකාග්‍රතාවය දියුණු කර ගැනීම වෙනුවෙන් වන අභ්‍යාස හා වෙනත් උපක්‍රම ඇතුලත්, මානසික ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීමේ කලාව, කෘතිය පහතින් Download කරගෙන කියවන්න.
Online Download කර ගැනීමට අපහසු නම්, E-Mail එකක් ලෙස ගෙන්වා ගැනීමට, පහත සදහන් මෙම පොතේ Product Code එක, සදහන් කල පණිවිඩයක්, 0764393624 අංකයට Whatsapp හරහා යොමු කරන්න
Product Code : F232231
Comments