top of page
Writer's pictureChathuska Amarasekara

Easy English | Lesson No 5 - Good At


කලින් ලිපිය තුල අපි I am කියන පදය සමග At කියන පදය යෙදීමෙන් වාක්‍ය සකසා ගන්නා ආකාරය ගැන සදහන් කලා. අද අපි ඉගෙන ගන්න යන්නේ මේ ආකරයෙන්ම තවත් විශේෂ වාක්‍ය රටාවක් ගැන. අපි මේ වාක්‍ය රටාවේදීත්  I am හා At  කියන පද දෙක යොදා ගන්නවා. නමුත් අපි මෙහිදී මේ දෙක මැදට Good කියන වචනය යොදනවා. 


I am at කියන වාක්‍ය රටාවෙන් ඔබ සිටින ස්ථානයක් ගැන සදහන් කිරීම කල හැකි වුවත් , අපි ඒ මැදට Good කියන වචනය දැම්මොත් ඒ කියන්නේ I am good at කියලා කීවොත් එයින් අදහස් වෙන්නේ ඔබ යම් දෙයකට දක්ෂ බව.


උදාහරණ

"I'm good at drawing." "I'm good at video games." "I'm good at swimming." "I'm good at driving." "I'm good at reading." "I'm good at sports." "I'm good at writing." "I'm good at math." "I'm good at dancing." "I'm good at chess."


මෙහිදී ඔබ යම් ක්‍රියාවකට දක්ෂනම් ඔබට I am good at සමග එම ක්‍රියාවේ ing ප්‍රත්‍ය යෙදීමෙන් ඔබට , ඔබ එම ක්‍රියාවට දක්ෂයෙකු බව ප්‍රකාෂ කරන්න පුලුවන්.


උදාහරණ 

"I'm good at drawing."

"I'm good at swimming."


ඒ වගේම ඔබ යම් විශයකට හෝ ක්‍රීඩාවකට වැනි දෙයකට දක්ෂනම් ඔබට කෙලින්ම I am good at සමග එම විශය හෝ ක්‍රීඩාව සදහන් කිරීමේන් ඔබට එම අදහස නිවරැදිව ප්‍රකාෂ කරන්න පුලුවන්.


උදාහරණ 

I'm good at math.

I'm good at chess.

____

දිනපතා නිකුත් වන Easy English පාඩම් ලබා ගැනීමට ඔබත් ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් REG හිස්තැනක් ENGTIPS ලෙස සදහන් කර 77000ට SMS කරන්න.


දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි

590 views

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page