
අපි කලින් ලිපියේදී කතා කලා I am (අයි ඈම්) කියන පදය පාවිච්චි කරන ආකාරය ගැන. ඒ වගේම අපි සදහන් කලා ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්, මේක ප්‍රායෝගිකව පාවිච්චි කිරීමෙන් තමා නිපුනතාවය ලැබෙන්නේ කියන දේ. ඒ වගේම අපි ඊයේ දිනයේදී කුඩා අභ්‍යාසයක් ලබා දුන්නා I am (අයි ඈම්) කියන පදය යොදා තමන් ගැන, තමන්ට දැනෙන දෙයක් ගැන හෝ තමන් කරමින් සිටින දෙයක් ගැන තව කෙනෙකුට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියන එක ඔයාගේ ප්‍රායෝගික ජීවිතයට අදාලව හුරු වෙන්න. ඉතින් අපි හිතනවා අද ඔයා ඒ දේ උත්සාහ කරලා ඇති කියලා.
අද අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන තවත් වැදගත් වචන 3ක් ගැන. ඒ වචන තුන අපි ඊයේ ඉගෙන ගත්ත I am (අයි ඈම්) සමග එකතු කරලා අදහස් ප්‍රකාෂ කරන්නේ කොහොමද කියලා අද මම ඔයාට කියලා දෙනවා.
මේ වචන තුන තමයි In , At , On ,
IN
In ( ඉන් ) කියන වචනේ අපි බහුලව පාවිච්චි කරන්නේ යම් කිසි භෞතික ස්ථානයක් තුල සිටින බව හදුන්වන්න. උදාහරනයක් විදිහට කාමරයක්, ගොඩනැගිල්ලක් වගේ දෙයක් තුල ඔබ සිටිනවානම් ඒ බව හගවන්න ඔබට In ( ඉන් ) කියන වචනය පාවිච්චි කරන්න පුලුවන්.
උදාහරන
"I'm in the lobby."
"I'm in a car."
"I'm in a house."
"I'm in a school."
I'm සමග In යොදලා ඉන් පසු අදාල ස්ථානය යෙදීමෙන් මේ අදහස ඔබට ඉතා පහසුවෙන් ලබා දෙන්න පුලුවන්,
AT
At කියන පදය යොදා ගන්නෙත් ඔබ යම් ස්ථානයක සිටින බව හගවන්න, නමුත් මෙහි වෙනසක් තිබෙනවා, මෙහිදී අපි සාමාන්‍යයෙන් නොසිටින විශේෂ ස්ථානයක, මේ මොහොත වන විට රැදී සිටිනවානම් එය හගවන්න තමයි අපි At කියන පදය පාවිච්චි කරන්නේ.
උදාහරන
"I'm at the grocery."
"I'm at the mall."
"I'm at the doctor's office."
"I'm at the park."
"I'm at the airport."
ON
අපි ඉහත In, At කියන පද දෙකෙන්ම හැගවූයේ සිංහලෙන් ඉන්නවා , සිටිනවා කියන තේරුම, On කියන පදයෙනුත් අපි හගවන්නේ සිංගලෙන් ඉන්නවා , සිටිනවා කියන එකම තමයි, නමුත් මෙතනදී පොඩි වෙනසක් තියෙනවා. On කියන පදය අපි බාවිතා කරන්නේ අපි යමක් පාවිච්චි කරමින් ඉන්නවා , සිටිනවා බව හගවන්න,
උදාහරන
"I'm on the phone." "I'm on my computer." "I'm on a bus."
මේ වචන තුන හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගැනීමේදී හරිම වැදගත්, මොකද බොහෝ වෙලාවට අපි හැම කෙනෙක්ටම නිතර නිතර මේ වගේ අදහස් ප්‍රකාෂ කරන්න සිදුවෙන වාර ගනන ඉතා වැඩියි. ඉතින් මේ නිසා මේ ටික හොදට මතක තියාගෙන තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේදී බාවිතා කරලා හොදට හුරුවෙන්න.
____
දිනපතා නිකුත් වන Easy English පාඩම් ලබා ගැනීමට ඔබත් ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් REG හිස්තැනක් ENGTIPS ලෙස සදහන් කර 77000ට SMS කරන්න.
දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි,
コメント