top of page

Easy English | Lesson No 3 - I am



ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක් නමුත් අපි ඉගෙන ගන්න ආකාරය නිසා ඉංග්‍රීසි කියන දේ බහුතරයකට ඉගෙන ගන්න අපහසු , නීරස දෙයක් වෙලා තියෙනවා.


මෙන්න මේ නිසා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් දැනගත් යුතු පළවෙනි දේ තමයි, ඉංග්‍රීසි කියන්නේ සිංහල වගේම භාෂාවක් කියන එක. නමුත් අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ භාශාවක් ඉගෙන ගන්න ආකරයට නෙමේ. අපි බොහෝ දෙනෙක් කුඩා කල සිටම ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ විද්‍යාව, ගණිතය වගේ න්‍යායාත්මක විශයක් ආකාරයෙන්. මෙන්න මේ නිසා  එහි ප්‍රායෝගික තත්වයන් ගැන ඉගෙන ගන්නවාට වඩා අපි බොහෝ දෙනෙක් කරන්නේ ව්‍යාකරන වගේ න්‍යායත්මක කරුනු මුලින්ම ඔලුවට දාගෙන වැඩේ අවුල් කරගන්න එක. 


එහෙම ඉගෙනගෙන ඊට පස්සේ ඉංග්‍රීසි ප්‍රායෝගිකව කතා කරන්න යනකොට මේ මම කියන එක හරිද වැරදිද කියන එක ඔලුවට ඇවිත් ඉගෙන ගත්ත ටිකත් කතා කරගන්න බැරි වෙන එක නතර කරන්න අමාරුයි. 


භාශාවක මූලිකම අරමුන තමයි අදහස් සන්නිවේදනය කිරීම, මේ නිසා ඇත්තටම භාෂාවක ව්‍යාකරන කියන දේ කතාකරනකොට ඒ තරම්ම වැදගත් වෙන්නේ නෑ. නමුත් යම්කිසි විදිහක ලිඛිත ලියවිල්ලක් සකස් කරනකොට ව්‍යාකරන කියන දේ යම්කිසි මට්ටමකින් වැදගත් වෙනවා.


මේ නිසා මේ ලිපි පෙලේදී මම ඔබට ඉංග්‍රීසි වල ව්‍යාකරන කියා දෙනවා වගේම ව්‍යාකරන වලින් බැහැරව කතාකරනකොට මේ දේවල් පාවිච්චි කරන හැටිත් කියා දෙනවා. මේ නිසා මුල සිට අවසානය දක්වාම අපි එක්ක රැදී සිටින්න මම ඔබට ආරාධනා කරනවා.


එහෙමනම් අද පාඩම පටන් ගමු,


" I AM "

ඉංග්‍රීසි භාෂාවේදී I "අයි" කියන්නේ සිංහලෙන් මම කියන තේරුම. ඒ වගේම ඉංග්‍රීසියේදී අපි I "අයි" සමග AM "ඈම්" කියන වචනය යොදලා සිංහලෙන් මම හා මට කියන තේරුම් හදා ගන්න පුලුවන්. දැන් ඔබ බලයි I "අයි" කියන්නෙත් මම I AM "අයි ඈම්" කියන්නෙත් මම වුනේ කොහොමද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි, I AM කියන පදය අපි ඉංග්‍රීසියේදී පාවිච්චි කරන්නේ තමන් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනාම , ඒ කියන්නේ තමන් කවුද? තමන්ට දැනෙන දෙයක් ගැන, තමන් කරන දෙයක් ගැන විස්තර කරන්න අවශ්‍ය වුනාම තමයි අපි අයි ඈම් කියන පදය පාවිච්චි කරන්නේ.


උදාහරනයක් විදිහට 

මම අමිල - I am Amila මම වෛද්‍යවරයෙක් - I am a Doctor 

වගේ තමන් ගැන හැදින්වීමක් කරනකොට අයි ඈම් කියන පදය යොදා ගන්නවා.

ඒ වගේම තමන්ට දැනෙන දෙයක් ගැන විස්තර කරන්නත් මේක යොදා ගන්නවා.

මට මහන්සියි - I am Tired  මට සතුටුයි - I am Happy

ඒ වගේම තමන් දැන් කර කර ඉන්න දෙයක් ගැන කියනකොටත් අපිට සමග ඒ දේ කියන්න පුලුවන්.


උදාහරනයක් විදිහට  

මම ඉගෙන ගන්නවා / මම පාඩම් කරනවා - I am Studying ගන්න පුලුවන්.

මේක තමයි ව්‍යාකරන කොටස, හැබැයි දැන් මේක කටපාඩම් කලා කියලා ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්නේ නෑ. මේ නිසා ඔයා දැන් නිතර තමන්ට තමන් ගැන විස්තර කරන්න වෙන දේවල් ගැන පුංචි ලයිස්තුවක් හදා ගන්න ඕනේ. ටහ්මන් කවුද? තමන්ට දැනෙන දේවල් සහ තමන් කරමින් සිටින දේවල් ගැන නිතර කියන්න අවස්ථාව ලැබෙන වාක්‍ය ලයිස්තුවක් හදා ගන්න.


උදාහරනයක් විදිහට ඔයා රැකියාවක් කරන කෙනෙක්නම් , නිතර තමන්ව හදුන්වා දෙන්න, මට මහන්සියි, මට පරක්කුයි, මම කන ගමන් ඉන්නේ වගේ දේවල් කියන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් වල ලයිස්තුවක් හදාගෙන ඒ ටික I am යොදලා ඉංග්‍රීසියට පරිවර්ථනය කර ගන්න.


දැන් ඔයා මේ ටික නිතර නිතර තමන්ගේ ප්‍රායෝගික ජීවිතේදී පාවිච්චි කරන්න ඕනේ. 


තව දෙයක්,

අපි කර කර ඉන්න දෙයක් ගැන කියනකොට හැම වෙලාවෙම I am සමග එන ක්‍රියා පදය අගට ing එකතු වෙන්න ඕනේ, උදාහරනයක් විදිහට ඔයා කන ගමන් ඉන්නේ කියන්න I am Eat කියන්නේ නෑ, I am Eating කියලා තමා කියන්නේ. අන්න ඒ දේ හරියට මතක තියා ගන්න.


____

දිනපතා නිකුත් වන Easy English පාඩම් ලබා ගැනීමට ඔබත් ඔබගේ Dialog , Hutch හෝ Airtel දුරකතනයෙන් REG හිස්තැනක් ENGTIPS ලෙස සදහන් කර 77000ට SMS කරන්න.

දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදුගාස්තු පමණයි,

444 views

留言

評等為 0(最高為 5 顆星)。
暫無評等

新增評等
bottom of page