top of page
Writer's pictureChathuska Amarasekara

👑 ව්‍යාපාර සාර්ථකත්වය 01 | Business මනස

Updated: Jan 16, 2023


Business එකක සාර්ථකත්වයට වඩාත් වැදගත්ම වෙන දේ තමයි, ඒ Business එක සම්බන්දයෙන් තීරණ ගන්න කෙනාගේ මනස. මොකද ඒ මත තමයි Business එකක අනාගතය 90%ක්ම වගේ තීරණය වෙන්නේ. මේ නිසා අදින් පටන් ගන්න මේ ලිපි මාලාවෙන් අපි ඔබට කියලා දෙන්නේ, Business එකක් තුල අති සාර්ථක වෙන්න, තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ කොහොමද කියන දේ ගැන. ඒ වගේම එතැනින් එහාට Business Strategies ගැනත් ඉදිරියට මේ ලිපි පෙල හරහා ඉතාම ගැබුරෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා Business එකක් සාර්ථක කරගන්න තමන් ඉගෙන ගෙන තියෙන්න ඕනේ හැම දෙයක්ම වගේ මේ ලිපි මාලාවෙන් ඔබට ආවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා..


එහෙනම් ඒ ගමනේ ආරම්භයක් විදිහට අපි අද මුලින්ම Business Mind එක එහෙමත් නැත්නම් ව්‍යාපාර මනස ගැන ඉගෙන ගෙන වැඩේ ආරම්භ කරමු...


සාමාන්‍යයෙන් කලින් කියපු විදිහටම, ඔයාට සාර්ථක විදිහට Business එකක් කරන්න ඕනේනම් , ඒ වෙනුවෙන්, ඒකට ගැලපෙන මනසක් හදා ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ විදිහට මනස ගැන යමක් කියනකොට බොහෝ දෙනෙක් හිතන දේ තමයි, මේ කතා කරන්න යන්නේ ධනාත්මක මනසක් තියෙන්න ඕනේ කියන දේ ගැන කියලා.


නමුත් මම මේ කියන්නේ ඒ ගැන නෙමේ. ධනාත්මක මනසක් තිබීමයි, ව්‍යාපාරික මනසක් තිබීමයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්. ඔබට කොතරම් ධනාත්මක මනසක් තිබුනත්, ව්‍යාපාරික මනසක් නැත්නම් , ඔබ ව්‍යාපාරයක් තුල අසාර්ථක වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන, උත්සාහය, උනන්දුව, කැපවීම, අභිප්‍රේරණය වගේ දේවල් තියෙන ධනාත්මක මනසක් ගැන නෙමේ කියන දේ ඔබ තේරුම් ගන්න ඕනේ.


Business Mind එකක් කියන්නේ ඊට වඩා ඉතාම සුවිශේෂී මානසික ස්වභාවයක්.


Business Mind එකක තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි, හැම දේම ව්‍යාපාරික කෝණයකින් බලන්න පුලුවන් හැකියාව. එහෙම නැත්නම් ඕනෑම දෙයක් තුල තියෙන ව්‍යාපාරික අවස්ථාවන් හරියට හදුනා ගන්න තියෙන හැකියාව.


ඒක සරල උදාහරණයකින් කිව්වොත් මෙන්න මේ වගේ, අපරාද පරීක්ෂණය පිලිබද හොද දැනුමක් , අත්දැකීමක් තියෙන පොලිස් නිලදාරියෙක්ට, අපරාදකරුවෙක් හැරෙනකොට කියන්න පුළුවන්, ඔහු ඇත්තටම අපරාධකරුවෙක්ද නැද්ද කියන දේ.


ඔබ සමහර වෙලාවට අත්ව්දලා ඇති, වාහනයක් පදවන්න අවශ්‍ය ලියකියවිලි තියෙද්දි කවදාවත් නතර කරන්නේ නැති පොලිස් නිලදාරීන්, ඔබ අවශ්‍ය ලියකියවිලි නැතුව ගමන් කරන එකම එක දවසෙදී ඔබව නතර කරනවා. ඒ ඇයි? අත්දැකීම් තියෙන පොලිස් නිලදාරියෙකුට, ඒ වගේ වරදකරුවෙක් තුල, තමන් දැක්ක ගමන් සිදුවන පුංචි පුංචි වෙනස් කම් පවා ඉතාම හොදට දැනෙනවා. ඒ නිසා ඔබට ඉතාම පහසුවෙන් වරදකරුවන් හදුනා ගන්න පුලුවන්.


ව්‍යාපාර මනසක් කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්, ව්‍යාපාර මනසක් සහිත ව්‍යාපාරිකයෙක්ට , ව්‍යාපාර අවස්ථා ඉවෙන් වගේ දැනෙනවා. ව්‍යාපාරික වශයෙන් අනිත් මිනිස්සුන්ට පේන්නේ නැති දේවල් පෙනෙනවා


මම ඔබට ඒකට හොදම උදාහරණයක් කියන්නම්,


ලංකාවේ මුලින්ම බෝතල් කල පානීය ජලය ව්‍යාපාරයක් විදිහට නිකුත් වෙනකොට, හැමෝම කිව්වේ නිකන් බොන්න පුලුවන් වතුර කිසිම කෙනෙක් සල්ලි දීලා බොන්නේ නෑ කියලා. බොහෝ දෙනෙක් කිව්වේ ඒක ඇස්කිමෝවරුන්ට අයිස් ක්‍රීම් විකුණනවා වගේ, එහෙම නැත්නම් මාලදිවයිනට කරවල විකුණනවා වගේ වැඩක් කියලා.


නමුත් අදටත් වතුර සල්ලි දීලා බොන්න අපි කාටවත් අවශ්‍යතාවයක් නෑ. මේ රටේ ඕනෑම ගෙදරකින් බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් තාමත් ඔබට සතයක්වත් වියදම් නොකර වතුර ටිකක් බොන්න පුලුවන්. නමුත් එහෙම තියෙද්දිත් අපි අද වතුර සල්ලි දීලා ගන්නවා. ඒ විතරක් නෙමේ, සමහර වෙලාවට අපි විවිධ සන්නම් නාම යටතේ වැඩි මුදලක් වැය කරලත් වතුර බොනවා.


ඒක හරියටම බැලුවොත් ඇස්කිමෝවරුන්ට අයිස්ක්‍රීම් විකුණනවා වගේ වැඩක් ඒත් අවුරුදු ගානකට කලින් බොහෝ දෙනෙකුට පෙනුනේ නැති , ඒත් ව්‍යාපාරිකයන්ට පෙනුන දේ අද ඇත්තටම සිද්ද වෙනවා. මේක ව්‍යාපාරික මනස ගැන තේරුම් ගන්න හොදම උදාහරණයක්.


ඒ වගේම තවත් උදාහරණයක් කීවොත්,


මුලින්ම ජංගම දුරකතන සමාගම් විසින් SMS සේවා හදුන්වා දෙනකොට බොහෝ දෙනෙක් හිතුවේ ඒක අසාර්ථක වෙයි කියලා, ඒකට හේතුව වුනේ ලංකාවේ බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි බැරි වීම. නමුන් අති සාර්ථක සේවාවක් වුනා. ඒ හරහා ඉතා විශාල ලාභයක් දුරකතන සමාගම් විසින් උපයා ගත්තා.


ව්‍යාපාරික මනස තුල තියෙන සුවිශේෂී බව වෙන්නේ මෙන්න මේ දේ, ඔවුන් ලෝකය දකින්නේ, දකින දේවල් කියවන්නේ වෙනමම විදිහකට,


පහත උදාහරණය බලන්න, මේ තියෙන්නේ මේ ලිපිය ලියන මොහොතේදී , අන්තර්ජාලයේ වෙබ් අඩවියක පොල්කටු විකුණන්න තියෙන දැන්වීමක්. මෙහි සදහන් විදිහට පොල්කටු 4ක මිල $9.26 ඒ කියන්නේ රු.1800ක මුදලක්. ඒ වගේම මම මේ දැන්වීම බලන වෙලාව වෙනකොට ඔහු ඒ වගේ 29ක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ පොල්කටු විකුණලා රු 52000කට ආසන්න මුදලක් උපයලා තියෙනවා.

හොදට හිතලා බලන්න, ඔබට කවදා හරි හිතිලා තියෙනවාද, උදේට බිදින පොල් ගෙඩියේ කට්ට මේ තරම් වටිනවා කියලා. නමුත් ව්‍යාපාරික මනසක් තියෙන මිනිස්සු මෙන්න මේ දේවල් නිවරැදිව හදුනා ගන්නවා,


මෙන්න මේ තත්වයට මනස පත් කරගන්න එක තමයි, ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ කරන්න ඕනේ පළමු දේ.



228 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page