top of page

මානසික පීඩනය නැති කරන Brain Hacking ක්‍රම



මේ ගෙවෙන කාල පරිච්චේදය ලංකාවේ බොහෝ දෙනෙක්ට ටිකක් අමාරු කාල සීමාක් නිසා, මේ දවස් වල එන දුරකතන ඇමතුම් වලින් වැඩි ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ, මානසික පීඩනය සම්බන්දයෙන්.


සමහර වෙලාවට, රැකියාවේ තියෙන පීඩනය නිසා, නැත්නම් ගෙදර තියෙන ආර්තීක ප්‍රශ්ණ නිසා, එහෙමත් නැත්නම් ව්‍යාපාර වල තියෙන කඩා වැටීම් නිසා, බොහෝ දෙනෙක් මේ වෙලාවේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ මානසික පීඩනයක් එක්ක.


මේ නිසා මේ ලිපිය, මෙන්න මේ විදිහට ගොඩනැගෙන මානසික පීඩනය ඉතාම වේගයෙන් නැති කරගන්න භාවිතා කල හැකි Brain Hacking උපක්‍රම ගැන. ඒ නිසා මේ වෙලාවේ ඔබත් මානසික පීඩනයන් එක්ක දවස ගෙවන කෙනෙක් නම් මේ ලිපිය එතැනින් ගැලවෙන්න ඔබට නිසැකවම වැදගත් වෙයි.


ව්‍යවසායකයෙක් විදිහට මම ගත කරපු පසුගිය කාල සීමාව තුල මානසික පීඩනය කියන්නේ මට අමුතු දෙයක් නෙමේ, සමහර අවස්ථා වල ඒ පීඩනය ජීවිතයම එපා කරන තැනට ආපු අවස්ථාවනුත් කීපයක්ම මගේ ජීවිතයේ තියෙනවා.


මෙන්න මේ වගේ ඉතාම ඉහල මට්ටමේ මානසික පීඩනයක ඉන්න වෙලාවක වුවත්, මිනිත්තු කීපයක් තුල යතා තත්වයට පත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්, ඉතාම ප්‍රබල, නමුත් ඉතාම සරල ක්‍රම කීපයක් ගැන තමයි මේ ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ..ඒ නිසා, මේ දේවල් මේ ලිපිය කියවන ගමන් වුනත් අත් හදා බලන්න ඔබට පුලුවන්.


අපේ මානසික පීඩනයන්ට හේතු වෙන සිදුවීම් ඕනෑම ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. හැබැයි, අපිට සිදුවීම් නිසා අපිට මානසික පීඩනයක් දැනෙනවාද නැද්ද කියන දේ තීරනය වෙන්නේ, ඍජුවම අපේ මොලයේ ක්‍රියාකාරීත්වයත් එක්ක.


සරලවම කිව්වොත්, මානසික පීඩනයක්, එහෙමත් නැත්නම්, Stress එකක් නිර්මාණය වීමට අවශ්‍ය ශාරීරික රසායනික තත්වය ඔබ තුල නිර්මාණය වෙන්නේ නැත්නම්, ප්‍රශ්ණය කොතරම් ලොකු එකක් වුනත්, ඔබට Stress එකක් කියලා දෙයක් දැනෙන්නේ නෑ.


Brain Hacking කියන්නේ, මෙන්න මේ විදිහට, සිදුවෙන මොලයේ ක්‍රියාකාරීත්වය, අපිට අවශ්‍ය විදිහට පාලනය කරලා, අපිට අවශ්‍ය කරන තත්වයන් අපි තුල නිර්මාණය කර ගන්න භාවිතා කරන අපූරු ශිල්ප ක්‍රමයක්.


ඒ කියන්නේ, ස්වභාවිකව, අපි ගොඩක් Stress වෙන වෙලාවක වුනත්, අපිට අවශ්‍යනම්, මේ වගේ Brain Hacking ක්‍රම පාවිච්චි කරලා, කිසිම Stress එකක් නැතිව වැඩ කරන්න පුළුවන්.


Brain Hacking ගැන අදහසක් ඇති කර ගන්න, අපි පුංචි උදාහරණයකින් මේ දේ තේරුම් ගන්න උත්සාහ කරමු. මේ අභ්‍යාස ඔබ මේ ලිපිය කියවන ගමන්ම කරලා බලන්න.


අභ්‍යාසය 01. - මුහුණේ ඉරියව් සැකසීම


මුහුණට හොද හිනාවක් ගන්න. හිනා වෙනකොට දත් පේන්න හොදින් හිනා වෙන්න. ඉන්පසු ඒ හිනාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින්ම, දත් නොපෙනෙන සේ තොල් වසා ගන්න.


හරියට මේ ඡායා රූපයේ බැරැක් ඔබාමා ඉන්නවා වගේ.


ඔබ ලොකු Stress එකක ඉන්න වෙලාවක, මෙන්න මේ ඉරියව්ව මිනිත්තු 2-3 ක් වගේ පවත්වාගෙන යන්න.

එතකොට ඔබටම දැනෙයි, ඔබේ Stress එක වේගයෙන් නැති වෙලා යන හැටි, ඒ වගේම හිතට සතුටක් දැනෙන හැටි.


ඒකට හේතුව තමයි, මේ ඉරියව්ව, ඔබේ මොලයේ සතුට උපදවන්න අවශ්‍ය රසායනිකයන් නිර්මානය කරවන එක. ඒ වගේම මෙහෙම ඉන්න ගමන්, ඔබට දුක හිතෙන හෝ මානසික පීඩනයක් ගෙන දෙන දෙයක් ගැන හිතන්නට උත්සාහ කරන්න.


එතකොට ඔබට දැනෙයි, මේ ඉරියව්වෙන් ඉන්න වෙලාවට එහෙම දේවල් හිතන්න හරිම අමාරු බව.


අභ්‍යාසය 2 - අක්ෂි ස්ථානගත වීම් වෙනස් කිරීම


මනස තුල සිදුවෙන ඕනෑම හැගීමක් ඇති වෙන්න, අපි ඒ හැගීම ඇතිවෙන්නට බලපාන දේවල් ගැන සිතීම ලොකු දායකත්වයක් ලබා දෙනවා. කිසිම වෙලාවක අපි නොසිතන දෙයක් ගැන අපිට දුක, සතුට, හෝ වෙනත් ආකාරයක හැගීමක් ඇති වෙන්නේ නෑ.


සාමාන්‍යයෙන් අපි යමක් ගැන හිතන කොට ඒ සිතන දේට අදාලව සකස් වෙන අක්ෂි ස්ථාන ගත වීමක් තියෙනවා. (ඇස් යොමු වෙන දිශාවක් තිබෙනවා) ඒ ස්ථාන ගත වීම ඔබට පහත රූපයෙන් තේරුම් ගන්න පුලුවන්.

මේ රූපයේ VC කියන්නේ නිර්මානය කල චිත්ත රූප කියන එක. ඔබ ඉදිරියට වෙන්න තියෙන නමුත් තවමත් වෙලා නැති සිදුවීමක් විය හැකි ආකාරය ගැන කල්පනා කරන්න පටන් ගත්තොත්, එතැනදි ඔබේ ඇස්, VC කියන ඉරියව්වේ ස්ථාන ගත වෙනවා.


AC , නිර්මාණය කල ශබ්ද කියන එක. ඔබ කවුරුහරි ඉදිරියට කියයි කියලා හිතන දෙයක්, කියන ආකාරය ගැන හිතුවොත්, එහෙමත් නැත්නම් ඔබට කියන්න ඕනේ දෙයක් කියන ආකාරය ගැන හිතුවොත්, ඔබේ ඇස්, AC කියන ඉරියව්වේ ස්ථාන ගත වෙනවා.


K කියන්නේ, දැනීම් කියන එක. ඔබ රසක්, සුවදක්, ස්පර්ශයක් වැනි දෙයක් ගැන හිතන්න පටන් ගත්තොත්, ඔබේ ඇස්, K කියන ඉරියව්වේ ස්ථාන ගත වෙනවා.


VR කියන්නේ, මතකයන්ට අදාල චිත්ත රූප කියන එක. උදාහරණයක් විදිහට, කලින් සිදු වුන දෙයක් , සිදු වුන විදිහ ගැන ඔබ චිත්ත රූප දකිනවා නම්, ඔබේ ඇස් VR ඉරියව්වේ ස්ථාන ගත වෙනවා.


AR කියන්නේ, මතකයන්ට අදාල ශබ්ද කියන එක. ඔබ කලින් ඔබ කවූරු හරි කියපු දෙයක් හෝ ඔබ කියපු දෙයක් ගැන කල්පනා කරනවා නම්, ඔබේ ඇස් ස්ථාන ගත වෙන්නේ AR කියන ඉරියව්වේ.


A කියන්නේ වචන කියන එක. මේ ඉරියව්වේදී ඔබ කරන්න වචන මතක් කරන එක. (මේ ඉරියව් සමහර වෙලාවට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වමත් පුද්ගලයින්ගේ මේ ඉරියව් වල වෙනසක් තියෙන්න පුලුවන්)


අක්ෂි ස්ථානගත වීම් වෙනස් කිරීම කියන්නේ මෙන්න මේ ඉරියව් හදුනාගෙන ඒ අනුව මානසික පීඩනයන්ට උදව් වෙන ඉරියව් පාලනය කරන එක.


උදාහරණයක් විදිහට අපි හිතමු. ඔබට කාර්යාලයේ වැඩක් අතපසු වෙලා හිත රිදෙන තරමට ප්‍රදානියාගෙන් බැනුම් අහන්න වුනා කියලා. ඒ වගේම ඔබට ඒ කියපු වචන මතක් වෙනකොට මානසික පීඩනයක් ඇති වෙනවා කියලා.


මෙන්න මේ වගේ තත්වයකදී, ඔබ ඔබේ මේසයේ වම් පසට වෙන්න ඔබේ පරිගණක තිරය තියාගෙන වැඩ කරන්න ගත්තොත්, එතැනදී ඔබ පරිගනක තිරය දිගා බලන්න ඇස් වමට හරවන නිසා, ස්වභාවිකවම, ඔබේ ඇස් වල ඉරියව්ව, AR කියන ඉරියව්වට යනවා.


AR කියන්නේ, ශබ්ද මතක් කිරීමේදී පවතින ඉරියව්ව. ඒ නිසා, එහෙම වැඩ කරනකොට, ඔබේ ප්‍රධානියා බැනපු වචන ඔබට මතක් වෙන ප්‍රමාණය වැඩි වෙන්නත්, ඒ හරහා ඔබ වැඩි වැඩියෙන් මානසික පීඩනයට ගොදුරු වෙන්නත් තියෙන ඉඩකට වැඩියි.


ඒ වගේම ඒ වගේ මොහොතක ඔබ ඔබේ පරිගණක තිරය දකුණු පැත්තෙන් තියාගෙන වැඩ කරන්න පටන් ගත්තොත්, ඔබ ස්වභාවිකවම AC කියන ඉරියව්ව පවත්වාගෙන යන්න පටන් ගන්නවා. එතැනදී, "ඔබට බනිනකොට මට මෙහෙම කියන්න තිබ්බා" වගෙ ඔබ විසින්ම සකස් කර ගන්න ශබ්ද ගැන සිතන්නට ලැබෙන අවකාශය වැඩි වෙනවා. එය සමහර වෙලාවට (අවස්ථානුකූලව) සිත රිදුන එක නැවත යතා තත්වයට පත් වෙන්න හේතු වෙන්න පුලුවන්.


මෙන්න මේ විදිහට, අපේ මොලයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පාවිච්චි කරන්න පුලුවන් උපක්‍රම හරහා අපේ මානසික තත්වය, ක්ෂණික වෙනස් කම් වලට භාජණය කරලා, අපිට අවශ්‍ය මානසික තත්වය පවත්වාගෙන යාම තමයි, Brain Hacking හරහා වෙන්නේ.


ලෝකයේ බොහෝමයක් සාර්ථක මිනිසුන්, මේ වගේ Brain Hacking උපක්‍රම බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය නිවැරැදිව මෙහෙයවීම වෙනුවෙන් භාවිතා කරනවා.


උදාහරනයක් විදිහට ඔබ හිතන්න, ඔබ ඇමරිකාවේ ජනාදිපති වගේ කෙනෙක් වුනා කියලා. එතැනදී සමහර වෙලාවට, ලොකූ මානසික පීඩනයක් දරන්න වෙන ප්‍රශ්ණයක ඉදලා, ඊලග මොහොතෙදී, මිනිස්සු එක්ක හිනා වෙලා, අත වනලා , බොහොම සතුටින් ආචාර කරන්න වෙන අවස්ථා එන්න පුළුවන්.


එතැනදී, ඔබට වෙනස් වෙන්න තියෙන්නේ සමහර වෙලාවට තත්පර ගානයි. එතැනදී, සාමාන්‍ය මට්ටම අභිබවා ගිහින් ඒ වෙනස් කම් ඇති කර ගන්න මේ ක්‍රම හරිම වැදගත්.


මෙන්න මේ විදිහට Brain Hacking හරහා, ඔබේ මානසික තත්වයන් වෙනස් කරගෙන සාමාන්‍ය තත්වයන් අභිබවා යන හැටි ගැන වැඩි දුර ඉගෙන ගන්න ඔබත් කැමති නම්, මේ වසරේ පලවෙනි Brain Hacking වැඩසටහන " Brain Hacking for Stressless Life" වැඩසටහන මාර්තු 26 වෙනි ඉරිදා සවස 4.30 - 6.30 දක්වා Online වැඩසටහනක් ලෙස පැවැහ්වෙනවා.


සහබාගී වීමට අවශ්‍ය අය BRAIN ලෙස සදහන් කල පණිවිඩයක් 0764393624 අංකයට යොමු කරන්න.




 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page