අපි බොහෝ දෙනෙක් සාර්ථකත්වය සම්බන්දයෙන් දරන ප්‍රබල වැරදි මතයක් තමයි, අපිට සාර්ථක වෙන්න බැරි අපි තුල අභිප්රිරණයක් (Motivation) නැතිකම කියලා සිතීම.
සාමාන්‍යයෙන් අපි අපගේ වැඩමුළු පැවැත්වීමේදී වුවත් බොහෝ දෙනෙක් පැමිනෙන්නේ "මට සාර්ථක වෙන්න ඕනේ ඒ සදහා මට පොඩි Motivation එකක් ඕනේ" කියන දේ කියාගෙන. ඇත්තටම අපිට ප්‍රායෝගික ජීවිතයේදී සාර්ථක වෙන්න බැරි මෙන්න මේ එක නැති කමද? Motivation එකක් තිබූ පමණින්ම කෙනෙකුට සාර්ථක වෙන්න පුලුවන්ද?
මම ඔබට කීප වරක්ම කියලා තිබෙනවා සාර්ථකත්වය කියන්නේ ඉතාමත් ප්‍රායෝගික දෙයක් බව! එය තමන් වෙත විශ්මිත ආකාරයෙන් වාසනාව මත හෝ වෙනත් කිසිවක් නිසා ලගා නොවෙන බව. එය යම් පුද්ගලයකුගේ මානසිකත්වය හා ක්‍රියාකාරකම් මත පමනක් ලගා වෙන්නක් බව.
සාමාන්‍යයෙන් Motivation කියන්නේ මෙන්න මේ ආකාරයෙන් සාර්ථකත්වය කරා යම්කිසි නිශ්ඡිත මාර්ගයක යන පුද්ගලයෙක් තුල යම් කිසි විදිහකින් මානසික කඩා වැටීමක් සිදු වුවහොත් එවැනි පුද්ගලයන් නැවත නගා සිටුවීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක්.
නමුත් ඇත්තටම එකක් තුලින් සාර්ථක වෙන්න අපි මේ විදිහට යම්කිසි නිශ්චිත මාර්ගයක ස්ථිර ගමනක් යනවාද කියන දේ අපි අපෙන්ම ප්‍රශ්ණ කරගත යුතුයි! ඔබ නිවසක් තැනීමෙදී ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතුයි, ඒ ආකාරයෙන්ම ඔබත් සාර්ථක වෙන්නනම් ඔබටත් මූලික වශයෙන් ශක්තිමත් මානසික වගේම චර්යාත්මක අත්තිවාරමක් තිබිය යුතුයි. එතැනින් එහාට ඔබට ලැබෙන, ඔබ ගොඩනගන සියලු දේ තීරණය වෙන්නේ මෙන්න මේ අත්තිවාරම කොතරම් ශක්තිමත්ද යන්න මත පමණයි.
මේ ලිපිය කියවන ඔබ ඇතැම් විට ඉගෙනීමෙන් ඉහලට යන්න සිතන විශ්ව ව්ද්‍යාල සිසුවෙක්, පාසල් සිසුවෙක්, තම සිසුවන්ගේ සාර්ථකත්වය අපේක්ෂා කරන ගුරුවරයෙක්, මූල්‍යමය දියුනුවක් අපේක්ෂා කරන ව්‍යාපාරිකයෙක්, ආයතනයක සේවකයෙක්, ස්වයං රැකියාවක නිරතවන්නෙක්, රැකියාවෙන් ඉහලට යන්න සිතන කෙනෙක්, පවුලේ සතුට අපේක්ෂා කරන බිරිදක්, සැමියෙක් ආදී කවුරුන් හෝ වෙන්න පුලුවන්.
ඔබ මේ කවුරු වුනත්, ඔබ අපේක්ෂාකරන සාර්ථකත්වය කුමන ආකාරයේ එකක් වුවත් මේ ලගා කරගැනීමට සිතන අපේක්ෂාවන් ලගා කරගැනීම වෙනුවෙන් මූලිඛවම ඔබට අවශ්‍ය කරන මානසික හා චර්යාත්මක ශක්තීන් ඔබ සකස්කරගෙන තිබෙනවාද යන්න, මදක් සැලකිල්ලෙන් කල්පනා කර බලන්න.
මදක් ඔබ පිලිබදව සිතන්න,
1. ඔබ අද උදෑසන අවදි වුනේ ඔබේ ඉලක්ක මොනවාද යන්න හරි ආකාරයෙන් දැනගෙනද?
2. ඔබ කවදා වන විට ඔබේ ඉලක්කයට ලගා වෙනවාද යන්න පිලිබදව ඔබට අවබෝධයක් තිබෙනවාද?
3. ඔබ ඔබේ ඉලක්කයට ලගා වීම පිනිස අද දවස තුල කලයුතු වන්නේ කුමක්ද යන්න පිලිබදව ඔබට අවබෝධයක් තිබෙනවාද?
4. ඔබට ඔබේ බලාපොරොත්තුව ඉටුකරගැනීම වෙනුවෙන් කල යුතු දේවලෙවල් හා ක්‍රියාකල යුතු ආකාරය ගැන නිශ්චිත පැහැදිලි ලිඛිත සැලසුම් තිබෙනවාද?
5. ඔබ ඔබේ දවස පටන් ගන්නේ ඔබේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම පිනිස සැකසූ සැලැස්මක් සහිතවද?
6. ඔබේ ජීවිතයේ සෑම අංශයකම සාර්ථකත්වය වෙනුවෙන් එක හා සමානව, ජීවිතයේ සමබරතාවය රැකෙන ආකාරයේ සැලැස්මකට අනුව ඔබ ක්‍රියාත්මක වෙනවාද?
7. සෑම දවසක් අවසානයේම ඔබ නින්දට යන්නේ ඔබ ඔබේ ඉලක්ක වලට කොතරම් ලගා වූවාද යන්න පිලිබදව හරි අවබෝධයක් ඇතුවද?
එසේත් නැත්නම් ඔබ තවමත් කරන්නේ කවදා හෝ කෙලෙස හෝ සාර්ථක විය යුතුයි කියන බලාපොරොත්තුව ඇතිව හරි සැලැස්මක් නැතිව ,තමන් යන ගමන ගැන හරි හැටි අවබෝධයක් නැතිව ක්‍රියා කිරීමද?
මේ දේවල් සිදුවෙන්නේ ඔබට Motivation එකක් නැති නිසා නෙමෙයි! අත්තිවාරම ශක්තිමත් නැතුව බිත්ති බදිනකොට කඩාගෙන වැටෙනවා වගේ, මෙන්න මේ මූළිඛ මානසික හා චර්යාත්මක වෙනස්කම් ටික නැතුව ඔබට තමන්ගේ ගමන එක දිගට යන්න අභිප්‍රේරණයක් ( Motivation ) ඇතිවන්නේත් නෑ.
මේ නිසා ඔබ කවුරු වුනත් , ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය කුමක් වුවත්, ධනාත්මක ආකල්පමය වෙනසත් වගේම චර්යාත්මක වෙනසක් ද ඇතුව ඔබ ඔබේ ගමන යාමට පටන් ගන්නේ නැත්නම්, ඉලක්ක සැලසුම් සහිතව යන ගමනක් නෙමේනම් ඔබ යන්නේ ඔබ පමනක් ගත්තාට ඔබට එය තාවකාලික සහනයක් වනවා විනා, ඔබ සාර්ථක පුද්ගලයකු වීමට හේතුවක් වන්නේ නෑ
සටහන මානව හැකියා හා පුහුණු උපදේෂක : චතුස්ක අමරසේකර
ඔබේ සාර්ථකත්වයේ පදනම ශක්තිමත්ව සකසා ගන්න හැටි නිවරැදිව ඉගෙන ගන්න, ඔබේ සිතේ තියෙන ඕනෑම බලාපොරොත්තුවක් වෙනුවෙන් ඉලකයක් නිවරැදිව පිහිටුවන්නේ කොහොමද, නිවරැදිව සැලැස්මක් සකසා ගන්නේ කොහොමද, සකසා ගන්න සැකැස්ම නිවරැදිව ධනාත්මක මනසකින් යුතුව ක්‍රියාත්මක කරගෙන යන්නේ කොහොමද, අදී ඔබගේ ගමන ප්‍රායෝගිකව ආරම්භ කරන්න ඔබ දැනගත යුතු සියලුම දේ සරලව, උදාහරණ හා ප්‍රායෝගිකව ක්‍රියාතමක විය යුතු ආකාරය පියවර සමගින් ඉගෙන ගන්න. " ජීවිතය දිනන ප්‍රායෝගික මග " ප්‍රායෝගික උපදෙස් පොත හා වැඩපත්‍රිකා කට්ටලය පහතින් PDF eBook එකක් ආකාරයෙන් Download කරගන්න.
コメント