top of page
Writer's pictureChathuska Amarasekara

කෙටි කාලයක් තුල ඔබේ ජීවිතය වෙනස් කරන මනෝවිද්‍යාත්මක පියවර 4ක්

Updated: Dec 23, 2021


සාර්ථක වෙන්න අපි හැමෝම කැමතියි, ඒ වගේම සාර්ථකත්වය සම්බන්දයෙන් විවිද, එකිනෙකට වෙනස් බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ආකාරයෙන් ඔයාගේ හිතේ තියෙන මූළ්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සෞඛ්ය, සාමාජීය ජීවිතය, ආද්‍යාත්මික ජීවිතය වැනි ඕනෑම ආකාරයක සිහිනයක් , බලාපොරොත්තුවක්, ප්‍රායෝගික ජීවිතය තුල, ඔබට පෙනෙන දැනෙන අනාගතයක් තුල ප්‍රායෝගිකව ලගා කරගන්න බාවිතා කල යුතු ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක පියවර 4ක් ගැන.


ඔබට පෙනෙන්න ඇති මෙතනදී මම " ප්‍රායෝගික " කියන වචනය වැඩි වශයෙන් පාවිච්චි කලා, අපි බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් කියවන්නේ යම්කිසි අභිප්‍රේරණයක් ලබා ගැනීමේ අරමුණින්, නමුත් මේ ලිපියේ අරමුන වන්නේ ඔබට අභිප්‍රේරණයක් ලබා දීම නෙමේ. මෙහි අරමුණ ඔබ යා යුතු නිවරැදි මාර්ගය ඔබට එලි පෙහෙලි කර දීම. මොකද ඔබ කොතරම් අභිප්‍රේරණයකින් යුතුව සිටියත් ඔබේ සිහින ප්‍රායෝගික ජීවිතය තුල ලගා කර ගන්නේ නැත්නම්, ඔබේ සාර්ථකත්වය කවදා වන විට ලගා කරගන්න පුලුවන් වෙයිද කියලවත් ඔබට කියන්න බැරිනම්, ප්‍රායෝගිකව ඔබේ සිහින ලගා වෙන තත්වයක් ගැන ඔබට පෙනෙන්නේ නැත්නම් එයින් වැඩක් වන්නේ නෑ.


මේ නිසා මේ ලිපිය තුල ඔබව අභිප්‍රේරණය කරනවා වෙනුවට , නිශ්චිතව කල යුත්තේ කුමක්ද යන්න අනාවරනය කිරීමටත්, ඔබව ප්‍රායෝගිකව ප්‍රතිඵල ලගා කරගන්න පුද්ගලයකු බවට පත් කිරීම වෙනුවෙන් මෙහෙයවීමටත් මා පරිස්සම් වෙනවා.


ප්‍රායෝගික ජීවිතය තුල ඔබ සාර්ථක වෙන්නනම් ඔබ බාවිතා කල යුතු පියවර 4 තමයි,

1. ඉගෙන ගන්න

2. අත්හදා බලන්න

3. හුරුවෙන්න

4. ක්‍රියාත්මක කරන්න , කියන්නේ..


දැන් ඔබට මීලගට හිතට එන ප්‍රශ්නය තමයි, "මොනවද" කියන එක.


1. මොනවද ඉගෙන ගන්න ඕනේ?

2. මොනවද අත්හදා බලන්න ඕනේ?

3. මොනවද හුරු වෙන්න ඕනේ?

4. මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ?


අපි මේ පැටලිල්ල මෙහෙම ලෙහා ගමු,


සාර්ථකත්වය කියන්නේ හැම වෙලාවකම අපි සිතන ආකාරය හා ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපිට ලැබෙන ප්‍රතිඵලයක්. අපි අද ගෙවන ජීවිත සාර්ථක වුනත් අසාර්ථක වුනත් එය සිදුවෙලා තියෙන්නේ අපි මෙතෙක් සිතුවිලි මෙහෙයවපු ආකාරය හා ක්‍රියාත්මක කරපු ආකාරය අනුව. ඒ කියන්නේ අපි මේ ගෙවන ජීවිතයට වඩා වෙනස් ආකාරයක, වඩා උසස් සාර්ථක ජීවිතයක් අවශ්යනම් අපි කරන්න ඕනේ එකම දේ වෙන්නේ අපි සිතන ආකාරය හා ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් කරන එක.


අපි ඉදිරියටත් හිතන්නේ, ක්‍රියාකරන්නේ මෙතෙක් හිතපු ක්‍රියා කරපු ආකාරයටමනම්, අපිට ලැබෙන්නෙත් මෙතෙක් ලැබුන ප්‍රතිපලම තමයි. නමුත් අපි මේ දේවල් වෙනස් කලොත් අපිට ලැබෙන ප්‍රතිඵලත් ඒ අනුව වෙනස් වීම සිදුවෙනවා.


සාර්ථක වෙන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් මේ පිලිබදව දන්නවා, තමන් සිතන ආකාරය හා ක්‍රියාකරන ආකාරය වෙනස් කිරීමෙන් තමන්ට ජීවිතය වෙනස් කල හැකි බව විශ්වාස කරනවා. නමුත් මේ බොහෝ දෙනෙක් නොදන්න කාරනය තමයි මෙන්න මේ ආකාරයෙන් සිතන හා ක්‍රියාකරන ආකාරය වෙනස් කරන්න ඕනේ කොහොමද කියන දේ.


මෙන්න මේ නිසා බොහෝ දෙනෙක් මම වෙනස් වෙන්න ඕනේ කියලා හිතුවට ඒ දේ තමන්ට ලගා කරගන්න අවශ්‍ය සාර්තකත්වය ලගා කරගැනීමට අවශ්ය පරිදි වෙනස් කරගන්න ඕනේ ආකාරය නොදන්න නිසා, ප්‍රායෝගික ජීවිතය තුල අසාර්ථකව, සාර්ථකත්වය ගැන හීන දැක දැක් ජීවත් වෙනවා.


මෙන්න මේ නිසා ඔබ ඇතුලුව මේ ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට සාර්ථක වෙන්න අවශ්‍යනම් ඔවුන් කල යුතු පළමුවෙනි දේ වෙන්නේ තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ලබාගැනීම වෙනුවන් තමන් තමන්ගේ සිතුවිලි හා ක්‍රියාකාරකම් වෙනස් කරන ආකාරය නිවරැදිව ඉගෙන ගැනීම. මොකද කවුරු හරි කෙනෙක් මම අද ඉදලා වෙනස් වෙනවා කියලා හිතුවට එහෙම ලේසියෙන් වෙනස් වෙන්න බෑ. කාලයක් තිස්සේ අපි පුරුදුකරගෙන ආපු සිතුවිලි රටාවන් එහෙම එක පාර වෙනස් වෙන්නේ නෑ. මේ නිසා මේ දේ හරියට කරන්නේ කොහොමද කියන එක හරියට ඉගෙන ගන්න අවශ්‍යයි. මෙන්න මේ දේ තමයි අපි කලින් " ඉගෙන ගැනීම" කියලා අදහස් කලේ.


මෙන්න මේ ආකාරයෙන් ඉගෙන ගනිද්දී ඔබ මූළිඛ කරුනු 5ක් ගැන ඉගන ගන්නම අවශ්‍ය වෙනවා. ඔබ අහලා ඇති ලෝකයේ සාර්ථක වූ චරිත බොහෝමයක් පාසල් හා විශ්ව විද්‍යාල අද්‍යාපනය තුල අසාර්ථක වුන චරිත බව. නමුත් ඔබ මතක තියා ගන්න මොන දේ ඉගෙන නොගත්තත් ඔවුන් සෑම කෙනෙක්ම මෙන්න මේ කරුනු 5 ගැන හොද අවබෝධයක් තිබුන බව. ඒ සෑම කෙනෙකුගේම සාර්ථකත්වයේ රහස වන්නේ මේ කරුණු 5 නිවරැදිව බාවිතා කිරීම බව.


මොනවද මේ කරුණු 5?


1. ධනාත්මක ආකල්ප ඇතිකරගන්නා ආකාරය

2. නිවරැදිව ඉලක්ක පිහිටුවන ආකාරය

3. ඔබේ ඉලක්ක වලට නිවරැදිව සැලැස්මක් සකසා ගන්න ආකාරය

4. නිවරැදිව සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය

5. ඔබ ජීවත් වන පරිසරය ධනාත්මක එකක් කරගන්න ආකාරය


1. ධනාත්මක ආකල්ප ඇතිකරගන්නා ආකාරය


ධානාත්මක සිතුවිලි හා ධනාත්මක ආකල්ප කියන්නේ කාරනා දෙකක්, බොහෝ දෙනෙක් මේ කාරනා දෙක හරි හැටි තේරුම් ගන්නේ නෑ, මේ නිසාම බොහෝ දෙනෙක් ධනාත්මක ආකල්ප වෙනුවට ධනාත්මක සිතුවිලි ඇතිකරගන්න උත්සාහ කරනවා. ධනාත්මක සිතුවිලි තාවකාලිකයි, විවිද ගැටලු , ප්‍රශ්ණ , අභියෝග ඇති වෙනකොට ඔබ ආකල්පමය වශයෙන් ධනාත්මක නැත්නම්, ඔබ කොතරම් ධනාත්මක සිතුවිලි සමග සිටියත් නැවත ඔබ තුල පවතින ඍණාත්මක බව මතුවෙන්න පටන් ගන්නවා.


ධනාත්මක ආකල්ප සහිත පුද්ගලයා සෑම විටම ධනාත්මක සිතුවිලි නිරායාසයෙන්ම නිපදවනවා, ඔනෑම දෙයක ධනාත්මක කාරනා ඉතා පහසුවෙන් ග්‍රහණය කරගන්න ධනාත්මක පුද්ගලයාට පුලුවන්. ඔබ අහලා ඇති තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරය ගිනිගත් වෙලාවකදී ඔහු ඒයින් වූ හානිය ගැන සිතනවා වෙනුවට මේ ඇතිවූ ගින්න මෙතැන නැති වෙනත් කෙනෙකුට පෙන්විය හැකි ආකාරයක් කල්පනා කර, තමන්ට වූ හානි දායක සිදුවීමත් ධනාත්මකව පාවිච්චි කර කැමරාවක් නිර්මාණය කල බව.


මේ වගේ සිතුවිලි රටා ඇතිවීම ධනාත්මක ආකල්ප ඇති පුද්ගලයන්ගේ ලක්ෂණයක්. ඔවුන් නිරායාසයෙන්ම ධනාත්මකයි. ඔවුන්ට නිරායාසයෙන්ම සිතෙන්නේ ධනාත්මක සිතුවිලි. නමුත් ධනාත්මක ආකල්ප රහිතව ධනාත්මක සිතුවිලි ඇසුරු කිරීමෙන් වෙන්නේ තාවකාලික අභිප්‍රේරණයක් ඇතිවීම පමනයි. ප්‍රශ්න ගැටලු ඇතිවෙනකොට ඔවුන් නිරායාසයෙන්ම නැවත කලින් සිටි ඍණාත්මක තත්වයට පත්වෙනවා. මේ නිසා ඔබ ප්‍රායෝගිකව සාර්ථක වෙන්නනම් ධනාත්මක ආකල්ප යනු මොනවාද ඒවා තමන් තුල ස්ථාපණය කල යුත්තේ කොහොමද කියන දේ ඉගෙන ගන්න අවශ්‍යයි.


2. නිවරැදිව ඉලක්ක පිහිටුවන ආකාරය


බොහෝ දෙනෙක් හීන හා ඉලක්ක කියන්නේ එකක් කියලා හිතාගෙන ජීවත් වෙනවා. මේ නිසා තමන්ගේ ඉලක්ක මොනවද කියලා ඇහුවොත් බොහෝ වෙලාවට, පෝසතෙක් වීම, හොද ගෙයක් හදා ගැනීම, ව්‍යාපාරයෙන් ඉදිරියට යාම, රැකියාවෙන් ඉදිරියට යාම, වාහනයක් ගැනීම, සතුටින් ජීවත් වීම වගේ දේවල් ප්‍රකාෂ කරනවා. නමුත් මේ දේවල් ඉලක්ක නොවන බව ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ වගේ සිතුවිලි ( සිහින ) සෑම වෙලාවකම ඔබව පොලබවන්නේ කවදා හරි කොහොම හරි මේ දේවල් ලගා කරගන්න ඕනේ කියලා හිතන්න. හොදින් හිතලා බලන්න පොහොසතෙක් වෙන්න ඕනේ කියලා හිතුනොත්, ඊලගට සිතේ ඇති වෙන්නේ කවදා හරි කොහොම හරි එතැනට යන්න ඕනේ කියන දේ.


නමුත් ඔබ මේ සිහින ඉලක්කයක් බවට පත්කර ගත්තොත් ඔබට කවදා හරි කොහොම හරි ලගා කරගන්න ඕනේ කියල සිතන්න තියෙන හැකියාව නැති වෙනවා. ඔබේ සිතුවිලි රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඔබ නිශ්චිතවම මේ දේ ලගා කරගන්නේ කොහොමද, කවදා වෙනකොට ලගා කරගන්නවාද යන්න සිතන්න වගේම සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් ඔබව පෙලබවීමක්, ඉලක්ක විසින් සිදුකරනවා.


ඕනෑම සිහිනයක් නිශ්චිත ප්‍රායෝගික ඉලක්කයක් කරගැනීඅම් වෙනුවෙන් නිශ්ඡිත මනෝවිද්‍යාත්මක ක්‍රියා පිලිවෙතක් තිබෙනවා. ප්‍රායෝගිකව සාර්ථක වෙන්න නම් ඔබ එය නිවරැදිව ඉගෙන ගැනීම දෙවනුව කල යුතු වෙනවා.


3. ඔබේ ඉලක්ක වලට නිවරැදිව සැලැස්මක් සකසා ගන්න ආකාරය


ඉලක්ක තිබුනට ඒ ඉලක්ක වෙත යන්නනම් ඔබට නිශ්චිතවම සැලැස්මක් තියෙන්න ඕනේ. සැලැස්මක් නැතිව කිසිම දෙයක් ප්‍රායෝගිකව ලගා කරගන්න හැකියාවක් නෑ. මේ නිසා තමන්ගේ ඉලක්ක වලට ප්‍රායෝගික සැලැස්මක් සකසා ගන්න ආකාරය ප්‍රායෝගිකව සාර්ථක වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවානම් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු වෙනවා.


4. නිවරැදිව සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය


සැලසුම් කිරීම හා සැලසුම් ක්‍රියාත්මක කිරීම කියන්නේ කාරනා දෙකක්. කොච්චර හොද සැලසුමක් වුනත් එය නිවරැදිව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එයින් ප්‍රතිඵලයක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ නිසා හරියට සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය ඔබ ඉගෙන ගත යුතු වෙනවා.


5. ඔබ ජීවත් වන පරිසරය ධනාත්මක එකක් කරගන්න ආකාරය


සැලසුමකට අනුව වැඩ කරනකොට ඔබට ඇතිවෙන මූලිඛම බාදාවන් ටික ඇතිවන්නේ ඔබ ජීවත් වෙන පරිසරයේ තිබෙන විවිද සාදක නිසා. මේ නිසා ඔබේ පරිසරය ධනාත්මකව තබා ගැනීම ඔබේ සැලසුම් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් පහසුවෙන් ඉදිරියට යාමට විශාල ශක්තියක් සපයනවා. මෙන්න මේ නිසා ඔබ පරිසරයේ මොන මොන දේවල් , කුමන ආකාරයෙන් වෙනස් කරගත යුතුද කියන දේ ඔබ නිවරැදිව ඉගෙනගත යුතු වෙනවා.


මීලගට ඔබ මේ ඉගෙනගත් දෙය අත්හදා බැලීමටත් , එය ඔබේ ජීවිතයේ හුරුවක් කරගනිමින් ක්‍රියාත්මක වීමටත් පටන් ගත යුතු වෙනවා. එසේ නොවන්නට ඔබේ ජීවිතයේ ප්‍රායෝගික වෙනසක් ඇතිකර ගැනීම කිසි ලෙසකින්වත් ප්‍රායෝගික දෙයක් වන්නේ නෑ.


 

මේ සියලු දේ ගැන පියවර වශයෙන්, ප්‍රායෝගික උදාහරණ හා අභ්‍යාස සමගින් ඉගෙන ගන්න, ආකල්ප ඇතිකරගැනීම, ඉලක්ක පිහිටුවීම, සැලසුම් සැකසීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම, පරිසරය වෙනස් කිරීම ඇතුලුව, මූල්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සෞඛ්ය ආදී ජීවිතයේ ඕනෑම ඉලක්කයකට අදාලව ප්‍රායෝගික සාර්ථකත්වයක් සහතිකර ගැනීම වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු " ජීවිතය දිනන ප්‍රායෝගික මග - ප්‍රායෝගික උපදෙස් පොත " Ebook පිටපත දැන්ම ඔබත් Download කර ගන්න.






2,168 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page