
ඔබ සිතන ආකාරය වෙනස් කලොත් ඔබේ ජීවිතය වෙනස් වන බව අපි ඔබට මීට පෙර ලිපි ගනනාවක් හරහා පැහැදිලි කර තිබෙනවා. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ සිතුවිලි වෙනස් කරගන්න බාවිතා කරන්න පුලුවන් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ගැන.
සාමාන්‍යයෙන් අපි කාලයක් තිස්සේ හිතන්න, සිතුවිලි මෙහෙයවන්න හුරු වෙච්ච විදිහක් තියෙනවා. මේ නිසා අපි කාට හරි හිතන විදිහ වෙනස් කරන්න කියූ පමණින් කිසිම කෙනෙක්ට තමන් හිතන්න පුරුදු වෙච්ච රටාව වෙනස් කරන එක ලේසි වැඩක් නෙමේ. මෙන්න මේ නිසා ඒ වෙනුවෙන් සැකසුනු මේ ආකාරයේ අභ්‍යාස හරහා තමන්ගේ ජීවිතය වෙනස් කරන්න උත්සාහ කරනවානම් ඒ හරහා වේගවත් උසස් ප්‍රථිඵල ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා.
අද අපි ඔබට කියා දෙන මෙම අභ්‍යාසයෙන් කරන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය ගැන හිතන ආකාරය වෙනස් කරන එක. ඒ හරහා ඔබ සැබෑ ජීවිතය තුල ප්‍රතිඵල ලගාකරගන්නා පුද්ගලයෙක් බවට පත්කරන එක.
ඔබට ඔබේ සාර්ථකත්වය ගැන මේ මොහොතේ තියෙන සිතුවිල්ල , හැගීම, බලාපොරොත්තුව මොකක්ද?
ඒ අදහස මේ ලෝකයේ බොහෝ දෙනෙක් තුල තිබෙන ආකාරයේ , කවදා හරි කොහොම හරි මම සාර්ථක වෙනවා, පොහොසතෙක් වෙනවා, හොද ගෙයක් හදා ගන්නවා, හොද රැකියාවක් කරනවා, හොද කාර් එකක් මිලදී ගන්නවා, හොද පවුල් ජීවිතයක් ගත කරනවා වැනි අදහසක්ද?
එය එසේනම් එම සිතුවිලි රටාවේ ප්‍රතිඵලය වෙන්නේ ඔබ කවදා හෝ කොහොම හරි, මොනවා හරි කරලා තමන්ගේ හීනයට යා යුතුයි කියන හැගීමෙන් ඔබට ජීවත් වෙන්න අවස්ථාව ලැබීම. ඒ වගේම මේ සිතුවිලි රටාව හරහා ඔබේ හිතට යම් අභිප්‍රේරණයක් ( Motivation ) ලැබීම සිදුවෙනවා. අපි මේ සිතුවිලි රටාව හදුන්වනවා සිහින දැකීමේ සිතුවිලි රටාව කියලා.
දැන් අපි බලමු මේ සිතුවිලි රටාව වෙනස් කරන්නේ කොහොමද ? ඒ තුලින් ඇතිවෙන වෙනස මොකක්ද කියලා. මේ දේ වඩා හොදින් තේරුම් ගැනීම වෙනුවෙන් " මම කවදා හෝ කොහොම හරි පෝසතෙක් වෙනවා " යන සිතුවිලි රටාව අපි වෙනස් කරලා බලමු.
මේ සිතුවිලි රටාව වෙනස් කිරීමේදී අපි එය සිදු කරන්නේ නීති 3ටක යටත්ව. ඒ තමයි
1 ) නිශ්චිත බව
2 ) මැනිය හැකි බව
3 ) කාල සීමාවකට යටත් බව
"පොහොසතෙක් වෙනවා" කියන සිතුවිල්ල තුල ඔබ නිෂ්චිතවම ලගා වෙන්නේ කුමක් වෙතටද යන්න පිලිබදව සිතෙන්නේ නෑ, ඒ වගේම "පොහොසතෙක් වෙනවා" යන සිතුවිල්ල සමග ජීවත් වීමෙදී ඔබට කවදාවත් " හරි දැන් මම පොහොසත් වුනා" යන ආකාරයෙන් ඔබ එම බලාපොරොත්තුව ලගා කරගත්තාද නැද්ද යන්න මනින්න හැකියාවක් නෑ.
නමුත් අපි මේ සිතුවිල්ල " 20XX දෙසැම්බර් 31 වන විට රු මිලියන 10ක් උපයනවා " යන ආකාරයෙන් වෙනස් කලොත් මේ සියලු දේ එක මොහොතකින් වෙනස් වෙනවා. පොහොසතෙක් වෙනවා කියනවාට වඩා 20XX දෙසැම්බර් 31 වන විට රු මිලියන 10ක් උපයනවා " කියන එක නිශ්ඡිතයි, ඔබට මේ සිතුවිල්ල තුල ඔබ නිශ්චිතවම ලගා විය යුත්තේ කුමක් වෙතටද යන්න පැහැදිලිව පෙනෙන්න තියෙනවා. ඒ වගේම " පොහොසතෙක් වෙනවා " කියන එක ලගා කරගත්තාද නැද්ද යන්න මනින්න නොහැකි වුනාට, රු මිලියන 10 යන්න , ලගා කරගත්තාද නැද්ද නිශ්චිතවම මනින්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ හරහා ඔබට පියවරෙන් පියවර ඉදිරියට යාමේදී ඔබ ඔබේ බලාපොරොත්තුවට කොතරම් ලගා වූවාද යන්න පවා මනින්න හැකියාව තියෙනවා. උදාහරනයක් විදිහට ඔබ රු මිලියන 5ක් උපයපු මොහොතේදී ඔබ ඔබේ බලාපොරොත්තුවට 50%ක් ලගා වී ඇති බව ඔබට පැහැදිලිව දැන ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබ "පොහොසතෙක් වෙනවා" යයි සිතුවොත් ඔබට එම හැකියාව ලැබෙන්නේ නෑ.
ඒ වගේම " 20XX දෙසැම්බර් 31 වන විට රු මිලියන 10ක් උපයනවා " යන්න තුල ඔබ ඔබේ බලාපොරොත්තුව වෙත ලගා වීම සදහා ගත කල යුතු කාලය සීමා කිරීමක් සිදුකරනවා. මේ නිසා මම කවදා හරි කොහොම හරි සාර්ථක වෙනවායයි කියා සිතන්න ඔබට හැකියාවක් නෑ. ඔබ නිශ්චිතවම අදාල දිනයට පෙර තමන්ගේ බලාපොරොත්තුවට ලගා වෙන්න කුමක් කල යුතුද යන්න නිශ්චිතවම සිතිය යුතු වෙනවා. එනම් මේ සිතුවිලි වෙනසත් සමග ඔබට ප්‍රායෝගික සැලසුමකට අනුව වැඩ කරන්න සිදු වෙනවා.
දැන් ඔබම සිතන්න , කවදා හරි කොහොම හරි සාර්ථක වෙනවා කියලා හින්න දකින කෙනාද, හරියටම නිශ්චිතව තමන්ගේ බලාපොරොත්තුවට යන්න ඕනේ ආකාරය සැලසුම් කරන කෙනාද ප්‍රායෝගිකව සාර්ථක වෙන්න වැඩි ඉඩ ප්‍රස්ථාවක් තියෙන්නේ?
හොදින් බලන්න, සිතන ආකාරය වෙනස් කිරීමෙන් පමනක් ඔබේ ජීවිතය සම්පූර්නයෙන් වෙනත් මගකට හරවන්න, සිහින දකිමින් සිටින පුද්ගලයා ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සිතන, ප්‍රායෝගික ගමනක් යන්න සූදානම් පුද්ගලයකු කරන්න පුලුවන්. මේ ආකාරයෙන් ඔබ හරියට සිතුවිලි වෙනස් කරන්න දන්නවානම්, පුංචි සිතුවිල්ලක වෙනසකින් ඔබට ඔබේ ප්‍රායෝගික ජීවිතය තුල විශාල වෙනසක් ඇති කරගන්න පුලුවන්.
අපි මේ අභ්‍යාසය හදුන්වන්නේ ඉලක්ක පිහිටුවීමේ අභ්‍යාසය කියලා, මේ ආකාරයෙන් ඔබ තුල ධනාත්මක ආකල්ප ඇතිකරගැනීමේදී, සැලසුම් සකස් කිරීමේදී, දවසේ කාලය කලමනාකරනය කරගැනීමේදී වැනි බොහෝ කාරනා වලදී ඉතා ඉහල සාර්ථකත්වයක් ලබා ගැනීම වෙනුවෙන් කල හැකි ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක හා කලමණාකරන ක්‍රම රාශියක් තිබෙනවා. ඔබ ඒ දේවල් ඔබේ ජීවිතය තුල ප්‍රායෝගිකව බාවිතා කරනවානම් ඔබ බලාපොරොත්තුවන බොහෝ දේ ඉතා පහසුවෙන් ඔබේ ප්‍රායෝගික ජීවිතය තුලදී ලගා කරගන්න පුලුවන්.
මේ ආකාරයෙන් ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමට උදව් වෙන මනෝවිද්‍යාත්මක උපක්‍රම රැසක් ඔබට පහත ebook හරහා අධ්‍යයන කල හැකියි.
මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමේ හැකියාව, ඉතාම ඉහල මට්ටමක් දක්වා රැගෙන ඒම වෙනුවෙන් ඔබ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන, පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ඉලක්ක පිහිටුවීම, සැලසුම් සකස් කිරීම, සැලසුම් හරි ආකාරයෙන් ක්රියාක්තම කිරීම, කාල කළමණාකරණය, අභිප්‍රේරණය වැනි මානසික තත්වයන් කළමණාකරණය කර ගැනීම පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ඔබේ මුදල්, ආදායම්, වියදම්, වඩාත් නිවැරැදිව කළමණාකරණය කරගෙන, මූල්‍යමය ස්ථාවර බව හා නිදහස් බව ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම හා සැලසුම් පිලිබද පියවර සහිත උපදෙස් හා අභ්‍යාස ඇතුලත් උපදෙස් පොතකි.
ධනාත්මක මානසිකත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම පිලිබද ඍජු පාඩම් සහිත ප්‍රායෝගික උපදෙස් පොතකි
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න