මුදල් ප්‍රශ්ණ කියන්නේ අද වන විට බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක්, ජීවත් වෙන්න අමාරුයි, අමාරුවෙන් ජීවත් වෙන්නේ, හැමෝටම ප්‍රශ්ණ, සල්ලි එනවා යනවා විතරයි ඉතුරුවක් නෑ, බඩු මිල දවසෙන් දවස ඉහල යනවා ලැබෙන මුදල හැරෙන්නවත් මදි, වගේ වැකි මේ දවස් වල හැම තැනම වගේ නිතර අහන්න ලැබෙන දේවල්.
ඇත්තටම මෙයින් මිදෙන්න මගක් නැද්ද?
අද අපි මේ ලිපියෙන් ඉදිර්පත් කරන්නේ තමන්ට වදයක් වෙලා තියෙන ආර්ථික ප්‍රශ්ණ වලින් මිදෙන්න ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ගැන.
හැබැයි මේ ක්‍රමය ඉගෙන ගත්තා කියලා ඔබ ඔබේ ප්‍රායෝගික ජීවිතයේදී මේ දේවල් අත්හදා නොබැලුවොත්නම් කොයි තරම් ලේසි ක්‍රමයක් වුනත් ඔබට සැබෑ ජීවිතයේදී ප්‍රතිඵලයක් ලබා ගන්නනම් ලැබෙන්නේ නෑ. මේ නිසා ඉගෙන ගන්නවා වගේම ක්‍රියාත්මක කරන්නත් අනිවාර්යයෙන්ම හිතට ගන්න එක ඉතාමත් වැදගත්.
ආර්ථික ප්‍රශ්ණ ඇතිවෙන්නේ ඇයි?
ආර්ථික ප්‍රශ්ණ ඇතිවෙන්නේ ඇයි කියන ප්‍රශ්ණෙට ඔබට එක එක පිලිතුරු ඇති. නමුත් ඔබ මොන හේතු හිතුවත් ඇත්තටම ඔබට ආර්ථික ප්‍රශ්ණ ඇතිවෙන්නේ එකම එක හේතුවක් නිසා පමනයි, ඒ තමයි ඔබට ඔබට වියදම් කරන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් නොඉපයීම. හොදට තේරුම් ගන්න , ඉපයීමට වඩා වියදම් කිරීම නෙමෙයි, වියදම් කරන්න අවශ්‍ය ප්‍රමානයට වඩා නොඉපයීම. මේක කාරනා දෙකක්.
නමුත් බොහෝ දෙනෙක් මේ දේ තේරුම් ගන්නේ නෑ, ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ ආදායමට වඩා වියදම වැඩි නිසා ආර්ථික ප්‍රශ්ණ , මුදල් ප්‍රශ්ණ ඇතිවෙනවා කියලා. මේ නිසා හැමෝම කරන්නේ තමන්ගේ වියදම් කපා හරිමින් ආර්ථික ගැටලු වලින් මිදෙන්න හදන එක.
මේ නිසා ඔබට බඩු මිල වැඩි වුනොත් , යම් දෙයකට වැඩිපුර වියදමක් කරන්න සිදුවුනොත් ඔබට දැනෙනවා එය ආර්ථික ප්‍රශ්ණ ඇති වෙන්න හේතුවක් ලෙසට. මෙය එක්තරා විදිහකට කරන්න දේවල් තියෙද්දී ඔබ ඔබවම අසරණ කර ගැනීමක්. මොකද ඔබ ඔබට පාලනය කරන්න බැරි දෙයක් ඔබේ ප්‍රශ්ණ වලට හේතුව කියලා සිතීමෙන් ඔබ ඔබේ ප්‍රශ්ණ වල වගකීම වෙන කෙනෙක්ට පවරනවා. ඔබට කල හැකි දෙයක් නෑ කියන තැනට ඔබ ඔබවම පත්කර ගන්නවා.
නමුත් ඇත්තටම ඔබට මුදල් ප්‍රශ්ණ ඇති වෙන්නේ වියදම් වැඩි වෙන නිසා නෙමෙයි, ඔබ උපයන ප්‍රමාණය වැඩි නොවීම. වියදම් කරන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා නොඉපයීම. බඩු මිල වැඩිවීම , වියදම් වැඩිවීම වගේ දේවල් සාමාන්‍යයෙන් සෑම රටකම සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එය නතර කරන්න පුලුවන් දෙයකුත් නෙමේ. ඔබ නිකමට සොයල බලන්න පසුගිය වසර 20 -30 ඇතුලත බඩු මිල අඩු වුන එක රටක්වත් තියෙනවාද කියලා. එහෙම වෙන්නේ නෑ.
එහෙමනම් එතැන නෙමේ ප්‍රශ්ණේ තියෙන්නේ අපි ලග කියන දේ ඔබ තේරුම් ගන්න ඕනේ, ප්‍රශ්ණය තියෙන්නේ වියදම් තුල නෙමේ ආදායම් තුල. ආදායම් වැඩි කරගන්න ඔබ යමක් නොකිරීම තමයි ප්‍රශ්ණය.
ඔබ නිකමට ඔබ ඔබ ගැන හිතලා බලන්න. හැම මාසයකම යම්කිසි මුදලකින් මාසයක් ජීවත්වීම වෙනුවෙන් ඔබ මිලදී ගන්න බඩු වල මිල වැඩි වීම සිදුවෙනවා. ඔබ එය දන්නවා. ඔබ එය අත්විදිනවා. නමුත් ඔබ එයට මුහුණ දීම වෙනුවෙන් වැඩි ආදායම්ක් උපයන්න කුමක් හෝ සිදු කලාද? කරන රැකියාවට අමතරව යම් අමතර යමක් පටන් ගත්තාද?
ඔබේ ආර්ථික ප්‍රශ්ණ වල වගකීම ඔබ බාර ගන්න. එය තමයි ඔබට ආර්ථික ප්‍රශ්ණ වලින්, මුදල් ප්‍රශ්න වලින් මිදෙන්නනම් කල යුතු එකම දෙය.
මේ වියදම් දරා ගන්න බෑ කියනවා වෙනුවට මේ වියදම් කරන්නේ කොහොමද කියලා හිතන්න පුරුදු වෙන්න.මොකද මේ රටේ ඔබ කොච්චර අමාරුයි කියලා හිතුවත් ඔබ හිතනවාටත් වඩා හොදින් ජීවත් වෙන, සුකෝපබෝගී ජීවිත ගත කරන ,දවසනි දවස දියුනු වෙන මිනිස්සු , ආර්ථික වශයෙන් ඉහලට යන මිනිස්සු, ඕනෑ තරම් ඉන්නවා.
හොදයි කොහොම හරි දැන් අපි හිතමු ඔබ මේ විදිහට ඔබ හිතන විදිහ වෙන කලා කියලා, ඔබ ප්‍රායෝගිකව එහෙම කලොත් ඔබට මීලගට ඇතිවෙනවා තවත් එක ප්‍රශ්ණයක්. ඒ තමයි ආදායම් වැඩිකරගන්න අවශ්‍යයි කියලා හිතුවට , ආදායම් වැඩිකරගත හැකි ආකාර ගැන ඔබේ මනස තුල අදහස් ඇති නොවීම.
ඔබට මුදල් හොයන්න අවශ්‍යනම් ඒ වෙනුවෙන් ඕනෑ තරම් අවස්ථාවන් හා මාර්ග මේ මොහොත වෙනකොටත් ඔබ අවට තිබෙනවා. නමුත් මේ දේවල් ග්‍රහනය කරගන්න පුලුවන්, මුදල් ඉපයීම වෙනුවෙන් සැකසූ මනසක් තියෙන කෙනෙකුට විතරයි. ඔබට පොඩ්ඩක් එලියට බැහැලා ගස් වල තියෙන කොල ටිකක් කඩාගෙන ආවත් , කොලකැද හදලා දවසකට රු 1500ක් 2000ක් හොයන්න පුලුවන්, ගෙදර එකතුවෙන කොලරොඩු ටික , පොල් මුඩු ටික එක මාසයක් එකතු කලත් පොහොර විදිහට ඒ ටික විකුනලා සැලකිය යුතු ආදායමක් ලබන්න ඔබට පුලුවන්, මේ වගේ ක්‍රම ඕනෑ තරම් ඔබ වටේ තියෙනවා.
ඒ වගේම ඔබ මේ දේවල් ටිකක් ලස්සනට කලානම් ආදායම දෙගුන කරන්නත් ඉතා ලෙසියෙන් පුලුවන්. ඔබ දන්නවා එකම කැද වීදුරුව පාරේ විකුණන ගානයි, තරු පහේ හෝටලයක විකුණන ගානයි වෙනස්. නමුත් එහි පිරිවැයේ විශේෂ වෙනසක් නෑ. එම වටිනාකමේ වෙනස ඇතිවෙන්නේ ඔවුන් එය ඉදිරිපත් කරන ආකාරය නිසා. සරලවම කියනවානම් මාකට් කරන විදිහ නිසා.
සල්ලි හොයන්න ඔබ හිතන තරම් අමාරු නෑ. අද වන විට තාක්ෂණය කියන දේත් හරි දියුනුයි. ඔබට එයින් ඔබ හිතනවාට වඩා විශාල මුදලක් උපයන්න ඕනෑ තර අවස්ථාවන් තියෙනවා. අද වන විට ලෝකයේ සංසරනය වන මුදල් වලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් හුවමාරු වෙන්නේ අන්තර්ජාලය හරහා. මේ නිසා සල්ලි හොයන එක වර්ථමාණ ලෝකයේ කිසිම කෙනෙකුට අමාරු නෑ. අමාරුනම් අමාරු වෙන්නේ ඔබේ මනස මුදල් උපයන්න තියෙන අවස්ථා ග්‍රහණය කරගන්න හැකි ආකාරයෙන්, මුදල් ඉපයීම වෙනුවෙන් නව අදහස් ඇතිවෙන ආකාරයෙන් සකස් කරගෙන නොසිටීම නිසා පමනයි.
මූළ්‍යමය සාර්ථකත්වය වෙනුවෙන් මනස සකස් කරගන්නේ කොහොමද?
මේ වෙනුවෙන් බොහෝමයක් ක්‍රම තියෙනවා, නමුත් ඔබට ඉතා පහසුවෙන් ඉක්මනින් ප්‍රතිඵ්ලයක් ලබා ගන්නනම් ඒ වෙනුවෙන් කල හැකි සරලම දේ තමයි ඔබේ යටි සිතේ ශක්තිය භාවිතයට ගැනීම. මෙය ඉතා පහසුවෙන් ඔබේ මූළ්‍යමය ඉලක්ක වෙනුවෙන් ඔබේ මනස තුල තිබෙන සංවේදීතාවය (Alertness) වැඩිකරගන්න තියෙන ඉතා හොද ක්‍රමයක්. මේ යටි සිත බලගැන්වීමේ අභ්‍යාස වල ඔබ හරියට නිරත වුනොත් ඉතා කෙටි කාලයක් තුල ඔබ වටා තියෙන , මුදල් ඉපයිය හැකි අවස්ථාවන් රාශියක් නිරායාසයෙන්ම පෙනෙන්න පටන් ගන්නවා. ඔබේ මනසට අලුත් අදහස් ගලාගෙන ඒම සිදුවෙන්න පටන් ගන්නවා. ඔබ හැමදාම දැකපු දේවල් වෙනස් විදිහකට පෙනෙන්න පටන් ගන්නවා.
මීට වසරකට පමණ පෙර මාගේ දේෂණයකට එක්තරා පෞද්ගලික බැංකුවක පිරිසිදු කිරීමේ සේවකයෙක් සහබාගී වුනා. ඔහුට උවමනා කරලා තිබුනේ තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න යම් සහනයක් ලබා ගන්න. සැබවින්ම ඔහු බලාපොරොත්තුවෙන් පැමිනියේ නිශ්චිතවම කල හැක්කේ කුමක්ද යන්න පිලිබද අදහසක්, නමුත් ඒවැන්නක් ප්‍රකාෂ කරනවා වෙනුවට මනස බලගැන්වීම හරහා තමන්ට ගැලපෙන දෙයක් තමන්ටම හොයා ගන්න පුලුවන් ක්‍රමයක් අත්හදා බලන්න මට ඔහුව කැමති කරගන්න පුලුවන් වුනා.
වැඩසටහන අවසානයේ ඔහුටත් අන්සියලු දෙනාටම ලෙසින් , මූල්‍යමය ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් යටි සිත බලගන්වන ආකාරය උගන්වා මම ඔහුව පිටත් කර හැරියා. මාස 3කට පමන පසු නැවත ඔහු මට දුරකතන ඇමතුමක් දුන්නේ තම ගැටලු විසදා ගන්න උදවු කලාට ස්තුති කිරීමේ අරමුණින්. අදාල කාලය තුල විශාල දේෂණ ප්‍රමාණයක් පැවැත්වූ නිසා ඔහු මා අමතන වෙලාවේදී ඔහු සැබවින්ම කවුද යන්න මගේ මතකයේ තිබුනේ නෑ, ඒ නිසාම මම ඔහුගෙන් ප්‍රශ්ණ කලා මම ඔහුගේ ගැටලු විසදන්න උදවු වුනේ කොහොමද කියන දේ ගැන.
" මම බැංකුවක පිරිසිදු කිරීමේ සේවකයෙක්, මට මීට මාස 3ට කලින් ලැබුන පඩිය, මගේ ගෙදර වියදම් පියවන්නවත් මදි. ඒ නිසා තමයි මම ණයට සල්ලි ඉල්ලගෙන සර්ගේ වැඩසටහනට ආවේ. ඇත්තටම මම ආවේ මනස ගැන ඉගෙන ගන්න නෙමේ, සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ටිකක් ඉගෙන ගන්න. නමුත් සර්ගේ දේෂණය තුල එහෙම දෙයක් තිබුනේ නෑ, මම එහෙම ක්‍රම ටිකක් කියලා දෙන්න බැරිද කියලා සර්ගෙන් ඇහුවම සර් කීවේ, එහෙම ක්‍රමයක් කියනවා වෙනුවට තමන්ට හරියන ක්‍රම හොයා ගන්න ක්‍රමයක් කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ සර් මුදල් වෙනුවෙන් යටි සිත බලගන්වන හැටි ගැන කියලා දුන්නා.
පළවෙනි දවසේ නම් ඇත්තටම මේක හරියයි කියලා විශ්වාසයක් තිබුනේ නෑ, එත් සර් එහෙම හරි ගිය අය ගැන කියපු විස්තරය නිසා උත්සාහ කරලා බලන්න හිතුනා. උදේම නැගිටලා සර් කියපු අභ්‍යාස කලා. සතියක් විතර යනකොට සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගැන මට එක එක අදහස් හිතට එන්න පටන් ගත්තා. මම ඒ අදහස් වලින් සර් කියපු විදිහට ලේසියෙන්ම පටන් ගන්න පුලුවන් අදහස පටන් ගත්තා.
මම මේ බැංකුවට එන්න කලින් මේ ලග තියෙන කීපයකම වැඩ කලා, ඒ හැම එකකම දියවැඩියාව තියෙන අය 4ක් 5ක් වත් ඉන්නවා. මම දවසක් නිවාඩු දාලා ඒ හැම එකකටම ගිහින් එහම දියවැඩියාව තියෙන අයට කතා කරලා සුවදුක් විමසුවා. අන්තිමට මම එයාලට කීවා , කරවිල දියවැඩියාවට හොද බෙහෙතක්, උදේට කරවිල වීදුරුවක් බීවොත් දියවැඩියාව ඉක්මනින් පාලනය කරගන්න පුලුවන්, මම පොඩි ව්‍යාපාරයකුත් කරනවා දිය වැඩියාව තියෙන අයට උදේට බොන්න කරවිල හදලා මම විකුනන්වා, සර්ලටත් ඕනෙනම් මට උදේට එකටම ගෙනත් දෙන්න පුලුවන් කියලා. මට එක දවසින් මම වැඩකරපු වලයි, ඒ සර්ලා දන්න වෙන වල කීප දෙනෙකුයි එක්ක 28 දෙනෙක් හොයා ගන්න පුලුවන් වුනා කරවිල ඕනේ අය.
මම කරවිල කෝප්පයක් විකුනන්නේ රු 80කට, එක කරවිල කෝප්පයකට වියදම රු 10ක් වත් යන්නේ නෑ, එදා ඉදලා මම මාසෙකට රු 50000ක් විතර අමතරව හොයනවා. මෙච්චර කල් මම කලේ ප්‍රශ්ණ ගැන හිතපු එක මිසක් සර් කියනවා වගේ පිලිතුරු හොයන්න මනසට ඉඩ දීපු එක නෙමේ. මම මෙච්චර මේ මිනිස්සු එක්ක ඉදලත් මට කවදාවත් හිතුනේ නෑ මෙහෙම දෙයක් ගැන. සර්ගේ අභ්‍යාස කරන්න පටන් ගත්තාම පුදුම විදිහට මගේ ප්‍රශ්ණ විසදන්න පුලුවන් ක්‍රම මගේ හිතට එන්න පටන් ගත්තා. දැන් මම හිතාගෙන ඉන්නවා තව කෙනෙක්ව වැඩට අරගෙන මේක ටිකක් දියුනු කරගන්න. මගේ ඉලක්කය මීලග මාස 6 ඇතුලත ආදායම රු 150000 -200000ක් කර ගන්න. "
මෙන්න මේ ආකාරයෙන් යටි සිත බලගැන්වීම තුලින් තම ආර්ථික ප්‍රශ්ණ වලට විසදුම් සොයාගත් මිනිසුන් පිලිබද විස්තර ලංකාව තුලින් මෙන්ම , ලොව සාර්ථකම මිනිසුන්ගේ ලයිස්තුව තුලිනුත් ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්. අපි කියන නිසාම පිලි ගන්නේ නැතුව ඒ දේවල් ඔබම අද්‍යයනය කර බලන්න. ඔබේ මනස තුල , ඔබේ බොහෝමයක් ගැටලු ලේසියෙන් විසදා දීමේ විශ්මිත හැකියාවන් රාශියක් සැගව තිබෙනවා. ඔබ එය කරන්න ඔබේ මනසට ඉඩ දුන්නොත් එහි ප්‍රතිඵ්ල ඔබටම වැඩි කාලයක් නොයවාම අත් විදින්න පුලුවන්.
මම ඔබට මේ මොහොතේම ඔබට මනස බලගැන්වීම තුලින් ඔබට සිදුවන දේ පිලිබදව යම් අත්දැකීමක් ලබන්න , කුඩා අභ්‍යාසයක් ලබා දෙන්නම්. මෙය ප්‍රායෝගිකව උත්සාහ කර බලන්න.
කුඩා කොල කැබලි 7ක් ගන්න, එහි නිල් , රතු, කොල, සුදු, දුබුරු, කලු, කහ ලෙස සදහන් කරන්න. ඒ කොල කැබලි තුල ලියූ දෙය නොපෙනෙන පරිදි එකිනෙක කොල කැබැල්ල වෙන වෙනම ගුලි කරන්න
ඔබෙ නිවසේ තිබෙන කාමරයකට යන්න , එහි මිනිත්තු කීපයක් ගත කරන්න. නැවත වෙනත් කාමරයකට ගොස් ඔබ ලග තිබෙන කොල ගුලි වලින් එකක් ගෙන දිග හරින්න.
දැන් කලින් ඔබ සිටි කාමරයේ තිබූ ඔබේ කොලයේ ලියා තිබෙන වර්ණය සහිත දේවල් ගැන සිහි කරන්න.
මිනිත්තු කීපයක් එලෙස ආවර්ජනය කර, නැවත කලින් ඔබ ගිය කාමරයට යන්න, ඔබ ගිය සැනින් ඔබේ අවදානව එම වර්ණය සහිත තැන් වලට වේගයෙන් යොමු වේ. බොහෝ විට ඔබට ආවර්ජනය කරගත නොහැකි වූ බොහෝ ස්ථාන වල එම වර්ණය තිබූ බව ඔබට පෙනෙන්නට පටන් ගනීවි.
මුදල් වෙනුවෙන් යටි සිත නිවරැදිව බලගැන්වූ කෙනෙකු තුලත් මුලින්ම සිදුවන්නේ මෙවන් දෙයක්, ඔහුට මේ ආකාරයෙන්ම මෙතෙක් නොදුටු මුදල් ඉපයිය හැකි අවස්ථාවන් ඉතා වේගයෙන් පෙනෙන්න පටන් ගන්නවා. එය තමයි මූලිඛම අවස්ථාව, එයත් සමග එතැනින් එහාට නිර්මාණශීලී අදහස් ඇතිවීම, වගේම ඔහුගේ ඉලක්කයට යාමට අවශ්‍ය පුද්ගලයන්, උදවු උපකාර , භෞතික දේවල් ඇතුලු බොහෝ දේ ඔහු වෙතට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එය ආකර්ශණ නීතිය ලෙස හදුන් වනවා. මෙයත් සමග ඕනෑම කෙනෙකුට මූල්‍යමය අතින් සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගැනීම ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.
ප්‍රායෝගික ජීවිතය තුල ඔබේ ඉලක්ක ලගා කරගැනිනීම වෙනුවෙන් යටි සිතේ ශක්තිය භාවිතා කරන්නේ කෙසේද යන්න නිවරැදිව ඉගෙන ගන්න, " ආකර්ෂණයේ නීතිය " ප්‍රායෝගික උපදෙස් පොත පහතින් PDF eBook එකක් ආකාරයෙන් බාගත කරගන්න.
මූල්‍යමය සාර්ථකත්වය ගොඩනගා ගැනීමේ තවත් ක්‍රම ගැන ඉගෙන ගැනීමට "පොහොසත් බවේ රන් දොරටු" කියවන්න.
වෙබ් අඩවිය හරහා බාගත කර ගන්න අපහසු අයට, අපගේ බැංකු ගිණුමට මුදල් බැර කර පොත eMail එකක් ආකාරයෙන් ලබා ගන්නත් පුලුවන්. ඒ වෙනුවෙන් +94764393624 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
I want to join this program